Sunday, September 28, 2014

දර්ශකයට ඇතුල් කර ඇති බ්ලොග් කතුවටුන් වෙත කෙරෙන කාරුණික දැනුම් දීමයි.



අපගේ බ්ලොග් දර්ශකය තුලට මෙතෙක් ඇතුල් කර ඇති සියළුම බ්ලොග් අඩවි දෙස බැලීමේදී පෙනෙන්නට තිබෙන දෙයක් නම් ඇතැම් බ්ලොග් අඩවි මාස ගණනක් තිස්සේ යාවත්කාලීන නොවීමයි. එය අපට ගැටළුවක් නොවන අතර එසේ වූ පමණින් එම බ්ලොග් අඩවි කිසිවක් දර්ශකයෙන් ඉවත් කිරීමටද කටයුතු කර නැත. ඇතැම් විට වසරකට වැඩි කලක් තිස්සේ අත් හැර දමා තිබෙන බ්ලොග් අඩවි ඉවත් කිරීමට සිදුවන්නට පුළුවන. එසේ වුවත් එම බ්ලොග් කතෘවරුන්හට ඔවුන්ගේ බ්ලොග් පිටු නැවත යාවත්කාලීන කරනුලැබූ කලක නැවතත් දර්ශකයට ඇතුල් කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව තිබේ. කෙසේ නමුත් අප මෙතෙක් කල් අනුපිළිවෙලින් බ්ලොග් අඩවි හඳුන්වා දීම ලිපි මගින් සිදු කළත් මින් ඉදිරියට එසේ බ්ලොග් අඩවි හඳුන්වාදීමේදී වඩා ඉක්මනින් යාවත්කාලීන වන බ්ලොග් පිටු සඳහා ප්‍රමුඛත්වයක් ලබාදීමට කටයුතු කරන්නට අදහස් කර ඇත. මේ කටයුත්ත අප සහෝදර බ්ලොග්කරුවන් හරියාකාරව තේරුම්ගනු ඇතැයි අප උදක්ම බලාපොරොත්තු වන්නෙමු.

6 comments:

  1. ඉතින් අපිට පුකද........

    ReplyDelete
    Replies
    1. මම මේ දැනුම්දීම කරන්නේ මේ බ්ලොග් දර්ශකයට සම්බන්ධ බ්ලොග්කරුවන්ට මිස වෙනත් අයට නෙවෙයි. අනවශ්‍ය කමෙන්ට් දදා කාලෙ නාස්ති කරන්නේ නැතිව වෙන වැඩක් කරගන්න.

      Delete
  2. අජිත්, කල්ලි කන්ඩායම් වලට විශේෂයක් නැතුව නිහඬව උඹ කරන වැඩේ අපි හැමදාමත් අගය කරනව. ජය!

    ReplyDelete
    Replies
    1. මම කරන්න යන දේ හරියට තේරුම්ගත්ත එක ගැන සතුටු වෙනවා. ස්තුතියි කමෙන්ට් කළාට.

      Delete