Monday, May 30, 2016

තොරතුරු විචාර විවිධාංග සමගින් රස වින්දන ගෙනෙන අළුත් බ්ලොග් පිටුවක් " පිරේ ගේ අච්චාරුව - The PiRe Mix "

අපි රි"ලව්"



"ලැදි මන බන්දනා
පැහැබර් සිනා රුස්නා
කතක් හි තොස්නා
මණි අකුස් හි ලය් ගන්නා"



කියන පද වැල
සීගිරි කැටපත් පවුරෙ
මොකෙක් ද උලමෙක්
හූරලා තිබුණා ය කියාලා
පරණවිතාන මහත්තැං
හොයාගත්ත විත්තියක්
පුංචි කාලෙ
සිංහල අච්චුපොතක
තිබුණැහෙ මතකයි ඕං!!

ඒමැයි කීවට ඉතිං
ඒක සත්තකයි කියාලා
තේරෙන්න
ප්‍රායෝගිකව ම
අත්විඳිනකල්
ඉන්න වුණා නෙව ඉතිං!!!

....................................................

පිවිසුම
http://piresoft.blogspot.com/ 

Friday, May 27, 2016

තොරතුරු විචාර හා කාලීන සිදුවීම් සමග විවිධාංග ගෙනෙන අළුත්ම බ්ලොග් එකක් " දුයිෂෙන්ගේ අඩවිය "

දුයිෂෙන්ගෙන් පන්නරය ලැබූ ගුරු ජීවිතය

මම ගුරුවරයෙක් හැටියට අවුරුදු දහයක් සේවය කර තිබෙනවා. මගේ දේශපාලනය හින්දා ඒ කාලේ හිටිය ඉහල දේශපාලන නායකයන් හා නිළධාරින් මට ලබා දුන්නේ දුෂ්කරම පාසලක්.  ඔවුන්ට දුෂ්කර පාසැලක් වුනාට මම එය දුෂ්කර  පාසලක් ලෙස  එම පාසැල සැලකුවේ නෑ.  මම මාරුවීම් ඉල්ලපු අවස්ථාත් තිබුණා. එත් මටනම් මාරුවීම් ලැබුනේ නෑ. එහෙම කියලා  මම මාරුවීම් පසු පස හඹා ගියෙත් නැහැ.  ඒ නිසා මම වසර දහයක් ඉගැන්වීම් කළේ මහියංගනය ආසනයේ කන්දක් මුදුනේ තියෙන රිටිගහඅරාව නම් පාසලේ.  එතන වසර දහයක් ගුරුවරයෙක් ලෙස සේවය කරල තමයි මම දේශපාලනයට ආවේ.



රිටිගහඅරාව පාසලට යන්නට මට උදේට කිලෝ මීටර පහක්  පයින් යෑමටත් හවසට කිලෝ මීටර පහක්  පයින් ඒමටත් සිදුවුණා.  මිනිස් වාසය අඩුවුනත්  ගස් කොලන් වලින් වටවුනු පාසල දක්වා මා පයින්ම  ගිය ඒ ගමන  හරි මිහිරියි. එම පාරේ යද්දී නෙත ගැටෙන  ගස්කොලන් නිසාත්, සතා සීපාවාගේ විවිධ හඩවල් නිසාත් මගේ හිතට  දැනුනේ ලොකු  සතුටක්.  ඒ ආකාරයට  මම වසර පහක් පමණ පයින්ම  පාසැල් සේවයට ගියා .පසුව මම  පා පැදියක් මිලට ගත්තා පාසලට යන්න එන්න.  ඒත් කඳු නිසා  කිලෝ මීටර දෙකක් විතර තමයි  බයිසිකලය පැදලා යන්න පුළුවන් උනේ. ඉතිරි  කිලෝමීටර තුනක් විතර ගියේ බයිසිකලේ තල්ලු කරගෙන.  ආපසු එනකොටත් දැඩි පල්ලම බයිසිකලයෙන් බහින්න අපහසුයි යන්න එන්න හරි හමන් පාරක් තිබ්බෙත් නෑ.  ඒ නිසා කිලෝ මීටර තුනක් විතර තල්ලු කරන්නත් කිලෝ මීටර දෙකක් විතර බයිසිකලේ  නැගලා යන්නත් පුලුවන් වුනා.



පාසල් ගුරු ජීවිතය ගැන කියනවනම්, එම පාසලේ විදුහල්පතිතුමා ඒ  ප්‍රදේශයේම අයෙක්. එයා කරුණාරත්න  කියල මහත්මයෙක්. දැනටත් ඒ මහතා මහනුවර ප්‍රදේශයේ පාසලක සේවය කරනවා. මම රිටිගහඅරාව පාසලට යනකොට සිසුන් අසුවකට ආසන්න ප්‍රමාණයක් තමයි එහි ඉගෙනගත්තේ. ආචාර්ය මණ්ඩලයේ  මාත් ඇතුළුව පස් දෙනෙකු සේවය කළා. පළමු ශ්‍රේණියේ සිට අට  වන ශ්‍රේණිය දක්වා පන්ති තිබුණා. මේ පාසලේ අධ්‍යාපන කටයුතු බොහොම දුර්වල මට්ටමක තමයි තිබුණෙ.



රිටිගහඅරාව ගමේ මිනිසුන් බොහොම දිළිඳු මිනිස්සු. ප්‍රධාන ආදායම් මාර්ගය වුණේ හේන් ගොවිතැන. වසරකට එක පාරයි හේනක් කොටන්නෙ. ඒ ප්‍රදේශයේ ප්‍රධානම ආහාරය බත් නෙවෙයි ඉරිඟු තලප. 
හේන් කොටන කාලයට, එනම් ඊසාන දිග මෝසමෙන් වැස්ස ආරම්භ වීමට පෙරාතුව ගම්මු වැඩ ආරම්භ කරනවා. සාමාන්‍යයෙන් ජුලි අගෝස්තු වගේ කාලවකවානුව තුළ කැලෑවේ මහ ගස්, පොඩි ගස් සියල්ල කපා බිමට සමතලා කරනවා. හොඳටම පායන කාලයේ දි එනම් අගෝස්තු වගේ මාසයක දි හොඳට පායන වේලාවක් බලා මේ මහ කඳුවලට ගිනි තියනවා. කඳු පුරා  ගිනි ඇවිලිලා අවසන් වුනාට පසු අලු තට්ටුවක් කඳු බිම් පුරා තැන්පත් වෙනවා. ඊළඟට පළමු වැස්සේදීම ඉරිඟු හිටවනවා. මෑ ඇටත් හිටවනවා. ඒ ආකාරයට හේන් වගාව ආරම්භ කරනවා.




හේන් ගොවිතැන් කාලයේ දි පාසලට ළමුන් එන්නෙ බොහොම අඩුවෙන්. ඉහළ ශ්‍රේණිවල ළමුන් නම් එන්නෙම නැතිතරම්. මේ නිසා එකොළහ දොළහ වසරවල සිටිය යුතු වයසේ සිසුනුත් අට ශ්‍රේණියේ හිටියා. හේන් කොටන කාලෙට මේ ළමුන් පාසලට එන්නෙ නැහැ. රිලවුන් අඹන්න, ගිරවුන් එළවන්න, පැල් රකින්න ආදී හේන් වැඩ සඳහා යනවා. ගැහැණු ළමුන්ටත් හේන් කටයුතු භාර වුණා. මේ නිසා පාසලේ ඉගෙනීමේ කටයුතු ඉතාම දුර්වල මට්ටමක තමයි පැවතුනේ.
 
 
......................................................
 
පිවිසුම
 


Thursday, May 26, 2016

කාර් ගැන උනන්දු අයට අළුත් කාර් බ්ලොග් එකක් "අලුත් කාර් "

Mahindra e2o- කැතට අලුත් අරුතක්






ඔබ සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රික් කාර් ගැන ටිකක් විතර උනන්දු කෙනෙක් නම් Reva හෝ G-Wiz කියන නම් අහලා ඇති. 2009 අවුරුද්ද වෙනකල්ම සමස්තයක් විදිහටම අලෙවි වුණු ඔක්කොම මාදිලි එකතු කළාම ලෝකයේ වැඩියෙන්ම අලෙවි වෙන ඉලෙක්ට්‍රික් කාර් එක (මේක ඇත්තටම යුරෝපයේ සහ ඇමරිකාවේ  'කාර්' කියන කැටගරියට වැටුණේ නැහැ) විදිහට තිබුණේ මේ Reva කාර් එකයි. 2001 සහ 2012 අතර මේ කාර් 4,600 ක් විතර ලෝකේ පුරා විකිණිලා තියනවා. 
ඔන්න දැන් G-Wiz එක Mahindra e2o විදිහට ආයෙත් මතුවෙලා. මේක ඉලෙක්ට්‍රික් කාර්වලට කැමති අයට හොඳ ආරංචියක් වගේම ඉලෙක්ට්‍රික් කාර් වලට අකමැති අයට බකස් ගාලා හිනා යන ආරංචියක්.  හැබැයි මේක අද ඊයේ ආපු එකක් නෙමෙයි. මේක ඉන්දියාවට හඳුන්වලා දුන්නේ 2013 දී.
මේ ඊ-ටූ-සීරෝ නෙමෙයි; ඊ-ටූ-ඕ. රේවා ඉලෙක්ට්‍රික් කාර් සමාගම නිර්මාණය කළේ චේතන් මයිනි කියන ඉන්දියානු ජාතිකයා. 2010 දී මහින්ද්‍රා සමාගම ඒ සමාගමේ 55.2% කොටස් මිලදීගත්තා. සමාගම 'මහින්ද්‍රා රේවා ඉලෙක්ට්‍රික් කාර් පුද්ගලික සමාගම' විදිහට නම්කෙරුණේ ඊට පස්සේ. 
Reva එක බ්‍රිතාන්‍යයේ අලෙවි කෙරුණේ G-Wiz කියන නමින්. මේක ඒ රටවල හයිවේ එකේ දුවන්න පුළුවන් වාහනයක් විදිහට සැලකුණේ නැහැ. ඇමරිකාවේදී මේක අයිති වුණේ Neighborhood Electric Vehicle (NEV) කියන කාණ්ඩෙට. යුරෝපයේ මේක Quadricycle කියන කාණ්ඩෙට අයිති වුණා. මේ නිසා සාමාන්‍යයෙන් කාර් වලට අදාළ වෙන සුරක්ෂිතතා පරීක්ෂණ Safety tests මේකට අදාළ වුණේ නැහැ. G-Wiz එකට තිබුණු ලොකුම විවේචනයක් තමයි ඒක. උදාහරණයක් විදිහට බ්‍රිතාන්‍යයේ කැපීපෙනෙන විද්‍යාඥවරියක් වුණු ජූඩිත් නඩාල් 2011 වසරේදී තමන්ගේ G-Wiz රථය පදවාගෙන යද්දී ස්කෝඩා ඔක්ටාවියා කාර් එකක හැප්පිලා එතනම මියගියා. අනතුර පරීක්ෂා කරපු රසපරීක්ෂකවරයා කිව්වේ අනතුරකින් මේ තරම් දරුණු විදිහට වාහනයක් විනාස වෙලා තියෙනවා දැක්කේ පළවෙනි වතාවට කියලයි. 
........................................................

පිවිසුම
http://aluthcar.blogspot.com/

Wednesday, May 25, 2016

කාලීන සිදුවීම් තොරතුරු විචාර සමග අළුත් විවිධාංග බ්ලොග් එකක් " කහ සල්ලි "

නෑ.......









ස්භාවික විපත් වලට පාටක් නෑ
ආගමක් ජාතියක් කිසිවක් නෑ
පණපිටින් වැළලුනු මිනිසුන්ට කිසිවක් ඇහෙන්නේ නෑ
පිරිත් නුල් පොලව යටට දිග නෑ
සංවේදී කමට වහලක් නෑ
කරුණාවට පතුලක් නෑ
ආධාර පෝලිම් වල කෙළවරක් නෑ
රැල්ලට හදවතක් නෑ
රැල්ලෙන් පැන්නොත් ආත්මයක් නෑ
විනෝදය සේදුනේ නෑ 
ගං වතුරට ගහගෙන ගියේ නෑ  
හිතන්න වෙලාවක් නෑ
කිවුවත් ඇහෙන්නේ නෑ
ස්භාවික විපත් වලට පාටක් නෑ
ස්වාභාවික විපත් ස්වාභාවිකත් නෑ 
...........................................
පිවිසුම

Tuesday, May 24, 2016

සාහිත්‍ය කලා රස වින්දනය ගෙනෙන අළුත්ම බ්ලොග් පිටුවක් " මම එරන්දී... I'm Erandi "

අවජාතක දුවකගේ කතාව

අවජාතක දුවකගේ කතාව 


ඉතිං මම ලියමී ජීවිතය ඉඩකඩ සොයා වෙහෙසුන අසන්නකු හමු නොවූ ඔබේ කථාව.........
පස්මහ බැළුම් නොබලාම පිලිසිදී සුළං කෝඩයට නතුව තැළුණු දෑසමන් මල් කදුළකින්  ඉපැදුණ රළු අහසක  "අරුන්දතී "
ඔබට කියන්නට කථාවක් තිබුණද අසන්නට ආසහිතෙන කථාවක් මා නමින් ලියන්නට අමතකව ගිය අම්මේ.........!!
කටු පැදුරු ඇහැරී බලං උන්නා මා පෙළන්නට යව්ල් සේ උල්වී    දෙපා ගල්වී හදවතේ දුක ඇහි දාර ඉරුවත්  තරහ නෑ මං අම්මේ.....
පියෙකු නැතිව අතරමං වීමං මුලාවන පාර කියා දී මං හැරදා ඔබ ගිය මුත් තාත්තේ  
සොයුරුදම් සගවා තනිව දුක්ගිනි ලොදියේ මං ගිලුණා 
මං මියැදිලා දුවෙකුට - පියෙක්දං දුන්නා......
නුඹට වැරදුණ පාර දුටුවෙමී දුර ඉදං ඉං පලා ආවේමී  
අම්මේ......
තිත්ත කාඩිය එක උගුරකට බී "කිරිය" මං ගම රටට බෙදුවා.....
මලෙන් නූපන් පතිනිමුත් මං සළඹ ගෙන නුවරිනුත් ආවා......
ඉතිං මම  දුක සැප සම සමවගෙන එක පතට සිද සුවපත් වන්ට බීවා ජීවිතේ..........
වරද වරදය අළුයට ගිණි පුපුරුමය 
අම්මේ......
ජිවිතේ ගග සිදී යන්නට බවුන් වඩමුද 
අම්මේ..........
නිරා ගින්නේ කුමට දැවෙනු ද එගොඩ වෙයන් නුඹ 
අම්මේ......
 

................................................

පිවිසුම
 https://buddhikaerandijayasinghe.blogspot.com/

ඔබ මට කී "ඔබේ ජිවිත කථාව" 
මම එරන්දී


ඔබ මට කී "ඔබේ ජිවිත කථාව" 
මම එරන්දී

Monday, May 23, 2016

තොරතුරු කාලීන සිදුවීම් හා රසවින්දනය සමග තවත් අළුත් බ්ලොග් එකක් " කෑ ගහන හිත "

කඩෙන් ගෙනාපු වෙසක්


මල්ලී වෙසක් කූඩුවක් අමාරුවෙන් අටවගන්න ඉගෙන ගන්නකම්ම අපිට නම් වෙසක් තිබුණෙ නෑ. ඉතින් අපේ අම්මටනම් කොහොමටත් කූඩු හදන්න බෑ. වෙසක් බලන්නත් අපිව එක්ක යන්න බැරි නිසා වෙසක් දා හවසට අම්ම කරන්නෙ අපි වෙසක් බලන්න ඕන කියල කරදර කරන්න කලින්ම “යන්ද අපි වෙසක් බලන්න ?” කියල අපෙන් අහන එක. ඉතින් අපිත් උඩ පැනල හා කීවාම අම්ම අපිත් එක්ක ගේ ඉස්සරහ පාරෙ උඩහට ඇවිදගෙන යනවා. යන ගමන් “අන්න අන්න අර දැක්කද ලස්සන වෙසක් කූඩුවක්. හරිම ලස්සනයි . අර දැක්කද අර පාට පාට නිවෙන පත්තුවෙන බල්බ්. හරිම ලස්සනයි නේද” කියල කිය කිය අපිටත් වඩා ඒවා වර්ණනා කරනවා. ඉතින් අපිටත් හරි සතුටුයි. පාර දිගේ වෙසක් බලල අපි ගෙදර එන්නෙ හරි සතුටෙන්.
ඊට සෑහෙන කාලෙකට පස්සෙ තමයි මං දැනගත්තෙ ඇත්තටම වෙසක් කියන්නෙ ගෙවල්වල එල්ලන වෙසක් කූඩුවකට බල්බ් වැලකට වඩා හරි ලස්සන දෙයක් කියලා. යන්තමට වෙසක් කූඩුවත් ගැටගහගන්න පුළුවන් වුණ දා ඉ‍‍‍දල මල්ලි හැම වෙසක් පෝයටම කූඩුවක් හදනවා. හතර පස් දෙනාම එකතුවෙලා අමාරුවෙන් ගැටගහන කූඩුව හුගක් වෙලාවට අලවන්නෙනම් මම. ඉතින් පස්සෙන් පහු මේ හැමදේම කරදරයක් වගේ දැනෙන්න පටන් ගත්ත. ඇයි වදේ මං එපැයි තනියෙම වෙසක් කූඩු අලවන්න. 
............................................
පිවිසුම
http://kegahanahitha.blogspot.com/ 

Saturday, May 21, 2016

කාලීන සිදුවීම් තොරතුරු විචාර සමගින් ශාස්ත්‍රීය බ්ලොග් පිටුවක් " නිදහස් සිතුවිලි "

415. මානසික ආබාදිතයින්ගේ නවක වදය හෙවත් මහා උප සඟිස්කුරුත නාඩගම

Daily Mirror Cartoon - Awantha Artigala

නවක වදය පිළිබඳව මේ සටහන අඩක් ලිව්වේ සති දෙකකට හෝ තුනකට හෝ ප්‍රථමය. නවක වදය පිළිබඳ ආන්දෝලනය මදකට හෝ වියැකී යෑම සහ වෙනත් කරුණු පිළිබඳව ලිවීම නිසා මේ සටහන පළකිරීම අතපසුවිය. මේ සටහන සම්පූර්ණ කොට පළකල යුතුයැයි මට හැඟුනේ නවක වධකයින් පෙලෙන මානසික ව්‍යාධීන් සහ නවක වධයට පක්ෂපාතීව අදහස් දක්වන ඊට ගොදුරු වූවන් පෙලෙන ව්‍යාධිය පිළිබඳ ලිපියක් වෛද්‍ය රුවන් ජයතුංග මහතා දින දෙකකට පෙර ඔහුගේ වියුණුවෙහි පලකිරීමෙන් පසු ඊට ලැබී ඇති ප්‍රතිචාර කියවූ පසුවය.

*********************************************

විස්ස විජ්ජාල වලට කොල්ලෝ කෙල්ලෝ එන්නේ ඉගෙන ගන්ටය. එහෙත් එහෙම නොවෙන වෙන වෙන නියාය පත්තර ඔලුව ඇතුලේ තියාගෙන ඔතෙන්ට එන බම්මන්නලා කොටසක්ද සිටිති.එතනට එනවිටම ඔවුන්ගේ ඔලුවලට අං තට්ටු පැලඳවෙයි. සිරි ලංකාවෙ සිස්සයිංගෙං බුද්දිමත්ම සීයට අහවල් ගානට තමංද අයිතිවන බව ඔවුන්ගේ සිත්තුල මහමෙරක් වගේ පැලපදියම්ව ඇත. එනිසා ඒ මාන්නයෙන් උදම්ව සිටින ඔවුන් විස්ස විජ්ජාල තුලදී කරන්නෙ රට හදන්ට හදන එකය. නැතහොත් තමංද අඳෝ සංසාරයක් නොදන්නා නිදහස් අජ්ජාපනය රැකගන්ට පුක විකාගෙන දඟලන එකය.
..............................................................
 
පිවිසුම
http://ranrandil.blogspot.com/ 

සුබ වෙසක් මංගල්ලයක් වේවා


පින්බර වෙසක් පෝය දිනය සියල්ලන්ට යහපත උදාවේවා. සියළු ආපදා දුරු වේවා. අයහපත් කාලගුන තත්වයෙන් විපතට පත් සියළු දෙනාට සෙත ශාන්තිය උදා වේවා.

Thursday, May 19, 2016

කතා විනෝද රසවින්දන පිරි විවිධාංග වෙබ් පිටුවක් " Gappiya's Journal "

Gappiya’s Medical Leave

Hello boys and girls how are you all? I heard it’s raining cats and dogs in Sri Lanka. (I don’t know where that expression came from but I would imagine a rain of cats and dogs would be a very terrifying thing to watch.) Anyway I hope you guys are safe and please stay out of danger as much as possible. Last time I was in Sri Lanka we were traveling back from Jaffna and somewhere around Anuradhapura I remember seeing a clear dry highway and the next minute it was a bloody tank. Tropical monsoon climate has it’s own beauty but hey I would rather watch a bunch of “Ginger Boys” and “Lazzies” coming down the sky.
So what’s being happening at Gappiya Pictures? Lots! I think most of you already heard about the shoulder accident. If anyone of you are concerned, it is getting better. Having to live with a one arm really made me appreciate all my good working limbs. I can’t even imagine having to live without an arm or leg for the rest of your life. It must be terrifying news! More terrifying than seeing hundreds of cats and dogs falling through the sky. Anyway luckily we haven’t had any interruptions to our weekly video uploads. So that’s nice.
Speaking of nice things we had a guest staying with us the last two weeks. Gappiya’s very own “twin” sister – Gappi nangi came for a short holiday. I am not sure if it’s good timing or not but Gappiya nangi came to visit Australia for the first time right after Gappiya got his shoulder dislocated. So she could cook, clean and care of her brother. That’s nice. Universe is nice to us sometimes. Anyway it’s nice to have your family around because after living away for too long you forget how much annoying they can get. (Just kidding! – even though it is the truth). Since a man with a broken arm can’t do much he should just sit and talk, talk and talk with his sister. Eat, eat and eat Sri Lankan sweets his mother sent him. Watch, watch and watch “Pirates of the Caribbean”.
Ok…usually the Friday video is ready whenever I do a blog update. This Friday video is not ready and hopefully it will be ready on time. Err…I don’t have a title for this one yet so…yeah…just think of this week’s like a surprise video week. Just like that cats and dogs rain you see out the window. That’s it from me for now. If you are in Sri Lanka remember to take an umbrella if you are going out or you can always pretend you don’t have an umbrella and share a stranger’s one if that stranger is cute enough. 
...................................

පිවිසුම
http://gappiya.com/ 

Tuesday, May 17, 2016

සාහිත්‍යමය රසවින්දන සමගින් අළුත් විවිධාංග බ්ලොග් පිටුවක් " පොකුරු වැහි "

මරණ මංචකයේදී බිරිඳක කී කව...






හිත බැඳුන බැමි ලිහිල් නොකරම 
යන දවස ඉක්මනින් ආ හැටි  ලියන්නට කියලා හිතා උන්  කතා කිසිවක් තව ඉවර නැති...
මෙතැන් සිට එය ලියා ගන්නට                සොඳුර දිරි ඇති නුඹ සිතට හැකි              ඉඳහිටක පටලැවුන තැන්වල කොතෙක් නුඹ හැදුවාද ඉස්පිලි...                            
මේ ටිකත් මං මෙහෙම ඉන්නම්                බදා ඉස්සර වගේ නුඹ ළය                       එදා රහසින් ඇසුන ස්වරයම                   උස් හඬින් අද ඇසෙනවා මට...     
..................................................

පිවිසුම
http://pokuruwahi.blogspot.com/ 

Monday, May 16, 2016

කාලීන සිද්ධි තොරතුරු විචාර පිරි විවිධාංග බ්ලොග් එකක් " Marcus Priyantha Perera "

තමිල්නාඩු මැතිවරණය සහ දෙමළ ජාතිකවාදය

තමිල්නාඩුවේ ප්‍රාන්ත සභා මැතිවරණය හෙට, එනම් මැයි 16වෙනිදාට යෙදේ. ඒ සමග දකුණු ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේද දෙමළ ජනයා අතර දෙමළ ජාතිකත්වය පිළිබදව උනන්දුවක් ඇතිබව පෙන්වන ප්‍රකාශනවලට යම් මාධ්‍ය වටිනාකමක් ලැබී ඇති බවද පෙනේ. 
එහෙත් එලෙස ජාතිකත්වය පිළිබද කතිකාවක් තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණය තුල  ඉස්මතුවූයේද? එය එසේ වූයේනම් ඒ කෙතෙක් දුරටදැයි යන්න විමසා බැලීමට මම වඩා උත්සුක විය.
......................................

පිවිසුම
http://marcuspriyanthaperera.blogspot.com/ 

Sunday, May 15, 2016

සංගීතමය රසවින්දනය සඳහා විශේෂ වූ අපූරු බ්ලොග් පිටුවක් " තීර්ථය "

තීර්ථය වැඩසටහන හඳුන්වාදීමේ රූපවාහිනී සංවාදය - ජාතික රූපවාහිනිය නුග සෙවණ වැඩසටහන

"අපේ පාසල් වියේ, සරසවි කාලයේ ගීතය, සංගීතය කොහොමද අපේ ජීවිතවලට බලපෑම් කළේ, අපි කොහොමද ගීතය වින්දෙ කියල අපි කතාබහ කළා. අපි ගීතය එක්ක ආදරය කළා. ගීතය එක්ක විරහව වින්දා. ගීතය එක්ක ජීවිතය වින්දා. ක්ෂණික ආවේග, ප්‍රචණ්ඩකාරී හැසිරීම් වගේ දේවල් අපේ ජීවිතවලින් ඈත් කරන්න ගී රස වින්දනයෙන් ලැබුණු ශික්ෂණයත්, සංයමයත් අපිට උදව් වුණා. අද අලුත් පරම්පරාවට ඒ අත්දැකීම ලැබෙනවද කියන ප්‍රශ්නය මේ සංවාදයෙදි මතුවුණා.”
"ඒ වගේම ගීතයෙන් සමාජ වගකීමක් ඉටුකරන්නෙ කොහොමද කියල අපි අත්දැක්කා. ඒ අවස්ථාව අද පරපුරට ලබාදෙන්නෙ කොහොමද කියන සාකච්ඡාවෙදි මේ වගේ වැඩසටහනක් කරන්න ලැබුණොත් ඒක අද ටත්, හෙටටත් ලොකු සේවයක් වේවි කියල හිතුණා. අපේ වගකීමක් යුතුකමක් ඉෂ්ට කිරීමක් වගේ හැඟීමක් දැනුණා"   ‘‘ඒ වගේම 70, 80 දශකයන්වල නිර්මාණය වුණ අර්ථවත්, රසවත් කලා නිර්මාණ රසවිඳීමේ භාග්‍යය ලැබුණු පරපුරක් අපි. විශේෂයෙන්ම ගීතය අපේ ජීවිතවලට ගොඩක් සමීපවුණා. අද තරුණ පරපුරට ඒ අවස්ථාව අහිමිවෙලා තියෙනවා. අද සියල්ල තීරණය වෙන්නෙ මුදල මත. ගීතය වුණත් වෙළඳ භාණ්ඩයක්. එහි සාහිත්‍යමය, සංගීතමය, සමාජමය අර්ථයට වඩා මතුවෙන්නෙ වාණිජ වටිනාකම. අසංවේදී සමාජයක් බිහිවෙන්න සාහිත්‍ය කලාවේ මේ පිරිහීමත් බලපානව කියල අපි හිතනවා. ඒ නිසා සමාජ යහපත වෙනුවෙන් යම් දායකත්වයක් අපෙනුත් ලැබිය යුතුයි කියල අපි විශ්වාස කරනවා. මේ කරුණු තමයි සුභාවිත ගී වැඩසටහනක් කරන්න අපිව යොමුකරන්නෙ.”
.........................................................

පිවිසුම
http://www.theerthaya.info/ 

Saturday, May 14, 2016

Friday, May 13, 2016

තොරතුරු විචාර විවිධාංග කාලීන සිදුවීම් සමග සාහිත්‍යමය රසවින්දනය රැගෙන එන අළුත් බ්ලොග් පිටුවක් " සයිමගේ සිතුවිලි "

බලාපොරොත්තුව


ජීවිතයේ ආලවට්ටම්
සොයනා බහුතරය'තර
ඔබ නොමැති බව දුටිමි


තුරු අතර කඳු මුදුන්වල
ඔබේ දෝංකාරය ඇසුණි
වළාකුළු පිසිමින් හැමූ
ඔබේ සුවඳ හඹා ගියෙමි
සප්ත මහා සාගරයේ ඉපිලෙමින්
ඔබේ සළකුණු සොයා ආවෙමි
පාළු අඳුරු හුදෙකලා තැන් වල
ඔබ එනතුරු බලා සිටියෙමි


සමාජයේ ප්‍රවාහයට හසු වුණු
ජීවී මළවුන් හට සිනාසෙන
සාපේක්ෂ රාමු වලට පිටින් ඉන්නා
ඔබව සෙව්වෙමි

තවමත් හමුනොවූවත්
ඔබත් මා සොයමින්
සිටිනා බව දනිමි!
..................................
 
පිවිසුම

Thursday, May 12, 2016

රස කතා සමග අළුත්ම විවිධාංග බ්ලොග් පිටුවක් " කතා පෙට්ටගම "

තාත්ත නොවුණ නං ඔබන්නෙ වෙලේ...



මේ කියන්ට යන්නෙත් අර අපේ චන්ඩි සීයා ගැන කතාවක්ම තමයි ඕං.

මට මතක හැටියට මේ සංගෑදිය වුණේ මං පැංචි සංදියේ. අර ජම්බු ගහෙන් වැටෙන්ට ඔන්න මෙන්න කාලේ. හරියටම කියනවා නම් අර පුෂ්පකුමාර රට කොරපු කාලේ.

මේ කාලේ වෙනකොට අපේ මාමණ්ඩි ඒ කියන්නේ අම්මගේ බාලම මලයා හිටියෙ විස්ස විජ්ජාලේ. අර විස්ස විජ්ජාලේ යන එක දැලි පිහියෙන් කිරි කනවා වගේ කාරියක් වෙච්ච සංදියෙයි ඕං.

මතක හැටියට 1988 වරුසයේ තිබුණා නොවැ රටේ මහා උන්නැහේ තෝරා පත්කොර ගන්න ඡන්දයක්.

මේ වෙනකොට විස්ස විජ්ජාල දින නියොමයක් නැතිව වහලා දාලා නොවැ තිබුණේ. ඉතිං අපේ  මාමණ්ඩිත් ගෙදර.

...........................................

පිවිසුම
http://storybox2016.blogspot.com/ 

Wednesday, May 11, 2016

කාලීන සිදුවීම් තොරතුරු විචාර සමග රසවින්දනය ගෙනෙන අළුත් බ්ලොග් එකක් " සඳ වියමන් "

සකුරා සුවඳ 7 (පොදු ස්ථානයන් භාවිතය)


සකුරා සුවඳ 1 (පිවිසුම ) අද මා සකුරා සුවඳින් ගෙන එන්නට බලාපොරොත්තු වන්නේ පොදු ස්ථානයන් භාවිතයේදී ජපන් ජාතිකයන් අනුගමනය කරන සිරිත් විරිත්ය. මෝටර් රථ වාහන නිෂ්පාදනයේ පුරෝගාමින් මොවුන්ය. අනෙකුත් බොහොමයක් දියුණු රටවල මෙන්ම ජපානයේද මෝටර් රථයක මිල ඉතා අඩුය. ජපන් රජයෙන් ලැබෙන ශිෂ්‍යත්ව මුදලකින් ජීවත්වන මට වුවත් උවමනා නම් මෝටර් රථයක් මිලට ගන්නට පුළුවන. ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්රේලියාව වැනි රටවල ඉගෙන ගන්නා මගේ මිතුරු මිතුරියන් කියන්නේ වාහනයක් නොමැතිව රටවල වැඩකටයුතු කරගැනීම අපහසු බවය. නමුත් ජපානයේ තත්වය ඊට ඉදුරාම වෙනස්ය.මගේ විශ්ව විද්යාලයේ ඉහලම නිලය දරණ සභාපතිවරයාගේ සිට පහලම නිළය දරණ පිරිසිදු කිරීමේ නිළධාරියා දක්වාම වු සියළු දෙනාම භාවිතා කරන්නේ පොදු ප්රවාහන සේවාය. නැතිනම් තමාගේ දෙපයේ පිහිටය. දිනපතා කිලෝමීටර් පහ හයක් වැනි කෙටි දුරක් ගමන් කරන්නන් භාවිතා කරන්නේ පාපැදිය. පයින් ගමන් කිර්රමද මෙහි නිරන්තරයෙන් දැකිය හැකි  ලක්ෂණයකි .
අප මෙහි පැමිණි මුල් කාලයේ නිතර එහෙ මෙහෙ යාමට සිදුවන විට මා සමඟ මිතුරියක් පැවසුයේ ත්රී රෝද සේවාවේ සැබෑ වටිනාකම ඇය අවබෝධ කරගත්තේ මෙහි පසු බවය. ජපානයේ හොද කුලී රථ සේවාවක් තිබුනද සේවා ලබාගැනීම වියදම් අධිකය. මුල් කිලෝමීටර දෙක සදහා අය කරන මුදල යෙන් 780 කි. එය රුපියල් දහසකට ආසන්න මුදලක් වන අතර අඩි දහය දොළහක් ගමන් කලත් ගෙවන මුදලේ වෙනසක් නැත.
මා දිනපතා විශ්ව විද්‍යාලයට යන්නේ උමං දුම්රියකිනි. මගේ ගමනට වරකට විනාඩි 30-40 ත් අතර කාලයක් ගතවේ. එය මෙසේය. දුම්රියේ මා ගමන් කළ යුතු කාලය හරියටම තත්පර 150 කි (එක් දුම්රිය ස්ථානයක දුර). දොර ඇරීමට ගත වන කාලයද සලකා මෙය විනාඩි තුනක් ලෙස ගත හැක. මේ විනාඩි තුන තුලදී දුම්රිය තෝක්යෝ බොක්ක යටින්ද සැලකිය යුතු දුරක් ඉතා වේගයෙන් ගමන් කරයි. උමං දුම්රියට නැගීම සදහා මා මගේ කාමරයේ සිට කිලෝමීටර 1.1 ක දුරක් පැමිණිය යුතුය.සෑම විනාඩි හතරකටම වරක් දුම්රියක් පැමිණෙන නිසා දුම්රිය ස්ථානයට ළඟා වු වෙලාවේ සිට විනාඩි 7-8ක් ඇතුළත මට ඊළග දුම්රිය පොළට යා හැක.එතැන් සිට මගේ විද්‍යාගාරයට මා තවත් කිලෝමීටර් එක හමාරකට ආසන්න දුරක් පයින් යා යුතුය. එවිට මා දිනපතා කිලෝමීටර් පහක් හෝ ඊට වැඩි දුරක් පයින් යා යුතුය.
 

...................................................


පිවිසුම
http://sandamalisakunthala.blogspot.com/

Tuesday, May 10, 2016

කාර් ගැන විශේෂයෙන් උනන්දු වෙන අයට කාර් බ්ලොග් එකක් " කාර් පිස්සුව "

මගේ දෙවෙනි ෆොක්ස්වැගන් බීට්ල් ප්‍රොජෙක්ට් එක



ප්‍රොජෙක්ට් ෆොටෝස්වලටකවදත් කාර් පිස්සෝ අතර ලොකු ඉල්ලුමක් තියනවා. වාහනයක් අලුත් පණක් ලබනවා දකින එක අපි කාටත් ලොකු සතුටක්. අද මම පෝස්ට් කරන්නේ මගේ 9 ශ්‍රී 5333 කාර් එකේ ප්‍රොජෙක්ට් එකේ පින්තූර. මේ කාර් එක තමයි දැනට මම මගේ එදිනෙදා වාහනේ හැටියට පාවිච්චි කරන්නේ. ළඟට, දුරට වගේම බීට්ල් හිමිකරුවන්ගේ සංගමේ වැඩසටහන්වලටත් මමත් මගේ බිරිඳත් යන්නේ මේකේ.

මම මේ කාර් එකේ ලියාපදිංචි අයිතිකාරයා. මම මේක ගත්තේ මීට කලින් මේක අවුරුදු 6 ක් තමන්ගේ ප්‍රධාන වාහනය හැටියට පාවිච්චි කරපු කෙනෙක්ගෙන්. වාහනේ තියෙන්නේ ඔරිජිනල් එන්ජිම සහ චැසිය. ගන්නකොට ගැටලුවකට තිබුණේ පේන්ට් එක සැලකිය යුතු දුරකට අප්සට් වෙලා තිබීම විතරයි. නමුත් ටිකක් කල් දුවනකොට වාහනේ තෙල් ලීක් එකක් ආවා. එතකොටත් අපි වාහනේට ගොඩක් ආදරේ කරන්න පටන් අරන් තිබුණු නිසා අපි එන්ජිම overhaul කරන්න තීරණය කළා. එන්ජිමට අවශ්‍ය සියලුම කොටස් ගත්තේ ලංකාවෙන්. හොයාගන්න කිසිම ගැටලුවක් වුණේ නැහැ. අලුත්ම අලුත් 1600 පිස්ටන් සහ සිලින්ඩර් සෙට් එකක් එක්ක සියලුම දේවල් අලුතින් දාලා අපි එන්ජිම හැදුවා. ඊට පස්සේ වෙනස් විදිහේ two tone පේන්ට් එකකට ගියා.

පල්ලෙහා තියෙන්නේ ප්‍රොජෙක්ට් එකේ පින්තූර කීපයක්. එන්ජිම හදන ඒවා ගැනකවුරුවත් එච්චරම උනන්දුවක් නැති නිසා පේන්ට් එකේ පින්තූර විතරයි දාන්නේ.

........................................................ 

පිවිසුම
http://carpissuwa.blogspot.com/

Monday, May 9, 2016

තොරතුරු විවිධාංග සමග රසවින්දන රැගත් තවත් බ්ලොග් පිටුවක් " Il Modo di Una Povera Pazza "

Heidi ! (Eternal love with cartoons)






                     කාටුන් බලන එක සාමාන්‍යයෙන් මම නිදහසේ නැගිටින ඕනෙම උදේ ක කරන දෙයක්. හිටිගමන් උදේ වැඩටත් නොයා කාටුන් බලන අවස්ථා තියෙනවා ඉස්සර තිබිලත් තියෙනවා.  ඒ විතරක් නෙමෙයි මම කැමති තාලේ කාටුන් ෆිල්ම් එකක් ආවමත් අනිවාර්යෙන්ම  සිනමා ශාලාවකට ගිහින් බලන එකත් ඒ කොච්චර බැලුවත් ආයේ ඒක ටී වී එකේ  පෙන්වද්දි බැලුවෙ නැත්නම් මට නිකම් කෑවෙ නෑ වාගේ.  සෑහෙන කාලයක් තනියම ජීවත් එව්ච්ච මට මටම කියලා වෙන්වෙච්ච රූපාවාහිණීයකුත් තිබුන හින්දා එච්චරම ප්‍රශ්න වුනේ නෑ. ඒත් ඉස්සර එරික් හා ඩැරන් මා එක්ක නිදාගන්න ආව දවසට විනාඩි පහක් දහයක් මට ප්‍රවෘති බලන්න ලැබුනට ඉන් එහාට මට ටී වී එක ගැන කිසිම අයිතියක් නැති කාලෙ මම හිතන්නේ මම වැඩියෙන් කාටුන් වලට ඇඩික්ට්වුනා වෙන්නැති. එරික් රිමෝට් එක අත හරින්නේ "ආන්ටි, ඔයා මට ගොඩාක් ආදරෙයි නේ ඉතින් ඔයා ආදරය කරන කෙනෙකුගේ හිත රිදෙන දේවල් කරන්නේ නෑ" කියලා.  ඉතින් නිකමටවත් එයා බලන කාටුන් චැනල් එක මාරු කරන්න හිතෙන්නේ නෑ. (ඒක බලෙන් වෙන දෙයක්. )

..................................................................


පිවිසුම
http://burubabe.blogspot.com/

Sunday, May 8, 2016

විසල් පරාසයක රසවින්දනය ගෙනෙන බ්ලොග් එකක් " Nobody's Edge "

කාත් කවුරුවත් වෙද මට නුඹ පමණ






රෑත් ගණඳුරෙත් මඟ තරු ලකුණ වුන
දෑත් සිඹින, තුරු හිස වී මල්    හෙලන
තාත්තා වෙවී උර දී ගිම්           නිවන
කාත් කවුරුවත් වෙද  මට නුඹ පමණ
.......................................
පිවිසුම

Saturday, May 7, 2016

තොරතුරු කාලීන සිදුවීම විචාර රැගත් ශාස්ත්‍රීය බ්ලොග් එකක් " ගවේෂක "

ගෞතම බුදුන් වහන්සේ

1.බුදුන් වහන්සේ රජෙකු නොවේ.
                                                                           
2.රාජ මාලිගාවක නොවිසූහ.
                                                                                
3.උන්වහන්සේට සිංහාසනයක් නොවීය.
                                                                                   
4.ඔටුන්නක් නොවීය.
                                                                                   
5.රාජ්‍ය පාලනය නොකළහ.
                                                                                   
6.නීති නොපැනවූහ,නඩු නොඇසූහ.
                                                                                
7.දඬුවම් නොකලහ.
                                                                                
8.උන්වහන්සේ රජෙකුට වඩා උසස්   ශාස්තෲන් වහන්සේ නමකි.
                                                                                 
9.කුමාර ජීවිත ගතකළත් බුද්ධ පුත්‍රයන් කුමාරවරුන් නොවේ.
                                                                                
10.එහෙයින් උන්වහන්සේ බුදු රජානන් වහන්සේ නොව බුදුන් වහන්සේය,තිලෝගුරුය.
                                                                                  
11.බුදුවීමට පෙරත් බුදු වීමෙන් පසුත් අතිශයින්ම මිත්‍ර වූ බිම්බිසාර රජු සහ ඔහුගේ පුත් අජාසත්ත අතර වූ ආරවුල විසදීමට මැදිහත් නොවූ බුදුන් වහන්සේ ලංකාවේ පැවති ආරවුල් විසදීමට වැඩියෙයැයි ව්ශ්වාස කළ හැකිද?
                                                                             
12.බුදුන් වහන්සේට රජවරුන්ට මෙන්  අන්තඃපුරයක් නොවීය.,ඒ හෙයින් ශේෂ්ඨ ශාස්තෲ වරයෙකු වූ බුදුන් වහන්සේට බුදුරජානන් වහන්සේ කීම අපහාසයකි.
                                                                                 
13.බුදුන් වහන්සේ දෙවි කෙනෙකු,මැවුම් කරුවෙකු හෝ මැජික් කරුවෙකු නොවේ.එහෙත් යකුන් පලවා හැරීම සඳහා දිවයිනක් මැජික් බලයෙන් ලංකාව ලඟට ගෙන ආ බවක් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. 

................................................

පිවිසුම
http://gaweshshaka.blogspot.com/