Thursday, October 30, 2014

හඳුන්වාදෙන තොරතුරු හා විවිධාංග බ්ලොග් එකක් "කලාහිත Kalahitha"

කොස්ලන්දද නාය ගියේය...

 
 
කොස්ලන්දද නාය ගියේය...

පොඩි උන් දෙන්නාත් බිරිඳත් උගසට තබා පැමිණ කොළඹ සිට ලියමි...

කොස්ලන්දත් නාය ගියේය.. මහ වැසි මැදම හිමිදිරියේ කොස්ලන්ද දෙමළ විදුහලට ජීවිතයට නව අකුරක් සොයා ගිය පොඩි එවුන් හැත්තෑපස් දෙනෙකු මහ වැසි මැදම ආපසු පැමිණ පොලොවේ පස් කකා වැලපෙනු දුටිමි. උන්ගේ දෙමව්පියෝ ඒ පස් යට පනපිටින් වැලලී උන්හ.

අයෙක් දෑත් හිස මත බැඳගෙන පස්යට වැළලී තම ඥාතියා හෝ ඥාතී සමූහයා ගැන විලාප දෙති.
අයෙක් කම්ම්මුලේ අත්ගසා ගෙන සිදුවූ අහස පොළොව නුහුල්ලන අපරාධය විශ්වාසකොට ගත නොහී ලතවෙති.

මාධ්‍ය අතවැසියෝ එකා පරයා එකා 'බ්‍රේකින් නිව්ස්' අප්ඩේට් කිරීම සඳහා ෆොටෝ අල්ලමින් හා බාගෙට මැරී ගොඩ ආවුන් ගෙන් ප්‍රශ්ණ විචාලමින් දුව යති. 

මේ අතර ෆෝ වීල් ඩ්‍රයිව් වාහන වලින් අමාරුවෙන් කන්ද තරණය කර මෙහි ආ සමහර මහත්වරු 'ටැලිෆෝන්' මගින් තම තමන්ගේ ලොක්කන් සමග සිදුවී ඇති සිදුවීම හා ආකාරය ඇනලයිස් කරති..

1815 කන්ද උඩරට පාවාදීමත් සමග ලාංකිකයන්ගේ ශිෂ්ඨාචාරය හා සභ්‍යත්වය නාය ගියේය..
 
 පිවිසුම
 
 
 
 
 
 
 
 
 
 
 

තවත් විචාර, විවිධාංග බ්ලොග් එකක් "වචන ටැක්සි"

හකාවති දායකත්ව ඇගයීම්|ගෞරවාදරණීය ස්තුතිය

2014 ඔක්තෝබර් මස 28 වැනිදා

ආදරණීය සහෘදයින් වෙත,
 
ගෞරවාදරණීය ස්තුතිය
 
හකාවති කෘතිය පිළිබඳ සංවාදය සඳහා තම කාලයෙන්
 
 බිඳක් වැය කර පැමිණි සියල්ල ඉතා ආදරයෙන්
 
 පිළිගනිමි.
 
හකාවති කෙටි කතා ලියන්නට සහ එම කතා සංග්‍රහය 
 
මුද්‍රිත මාධ්ය ය වෙත යොමු කරන්නට මා හට 
 
අවස්ථාව උදාකර දුන් 
 
සහෘදයන් සිහිගන්වන්නට මෙය අවස්ථාවක් කර 
 
ගනිමි.
 
1. හකාවති ලියන්නට මා පෙළඹ වූ බූන්දියේ 
 
නිර්මාතෘ 
 තරංග ජයසේන සහෘදයාට 

2. මගේ කතා කියවා එහි අඩුපාඩු දොස් දැක මා
 
 නිවැරදි කරන්නට පෙළඹුන හෂිත අබේවර්ධන සහ 
 
සචී පනාවල යුවලට
 
3. මගේ හකාවති ලියැවිලි බොහොමයක සෝදුපත්
 
 කියවා ඒවා බ්ලොගයට දැමීමට සුදුසු මට්ටමට සකස් 
 
කරන්නට ඉදිරිපත් වූ කල්පනා ඇම්බ්රෝස් සොයුරියට
 
4. මුද්‍රිත මාධ්‍යයට ගෙන ඒමේ දී මට සහෘදාත්මක දෑත්
 
 දිගු කළ මංජුල වෙඩිවර්ධන සහ සනත් බාලසූරිය 
 
දෙපලට
 
5. සියලු මුද්‍රණ කටයුතු වගකීමෙන් කරට ගත් සම 
 
ප්‍රකාශන අධිපති සංජීව වඩිගමංගාව සොයුරා ඇතුළු 
 
ඩිසයින් සිස්ටම්ස් මුද්ර්ණාල සේවක මඩුල්ලට
 
6. හකාවති බ්ලොගයේ මෙන්ම හකාවති සංවාදයේ ද 
 
සියලු ග්‍රැෆික නිර්මාන කටයුතුවලින් මට උපකාරී වූ 
 
ලිෂාන් පුවක්ඕවිට සොයුරාට
 
7. හකාවති කෘතියේ කවරය නිර්මානයේදී මගේ 
 
සිතුම් 
වටහාගෙන මා සිතැඟි ලෙස කවරය නිමකරවා දුන් 
 
සුසන්ත මූණමල්පේ සොයුරාට
 
8. හකාවති බ්ලොගය කියවා එහි කොමෙන්ටු දමමින් 
 
  
9. මුහුණු පොතේ නොයෙකුත් ප්‍රතිචාර දක්වමින් මෙම
 
 වැඩසටහන දිරිමත් කළ සියළු දෙනාට
 
10. හකාවති සංවාදය පිළිබඳ ප්‍රචාරක කටයුතුවලට 
 
සහය දැක්වූ විද්යුිත් මාධ්ය සහ මුද්‍රිත මාධ්ය සියල්ලට ද
 
මගේ අවංක ආදර ස්තුතිය පිරිනමමි.
 
එමෙන්ම මේ සංවාදය මා ලංකාවේ නොමැති 
 
අවස්ථාවක සාර්ථකව ඉදිරිපත් කරන්නට උර දුන් 
 
බන්දුල ජයවීර-චූලානන්ද සමරනායක-හෂිත 
 
අබේවර්ධන-සචී පනාවල-කේ කේ සමන් කුමාර-
 
ලිෂාන් පුවක්ඕවිට-කාංචනා අමිලානි-කසුන් යන
 
 සොහොයුරු සොහොයුරියන් ට මම සදා ණයගැති 
 
වෙමි.

මීට හිතවත්

ඩෝසන් ප්රී ති
 
 
 පිවිසුම
 

Sunday, October 26, 2014

තවත් විවිධාංග බ්ලොග් පිටුවක් "විදානේ ගේ මළදානේ"

පඹහින්න ගම, ටිකිරා අයියාගේ සමපෝෂ සංග්‍රහය සහ බස්සිට අදහසක්..... 

පහුගිය සතියේ බස්සි ලියල තිබ්බ බෝඩිම් කට්ට (tips for boarding life - 1) පොස්ට් එක කියෙව්වම හිතුනු දෙයක් තමයි බොඩිමක් විතරක් නෙවයෙි හොස්ටල් ජීවිතේ ගැනත් යමක් කියන්න ඕන කියලා.
කොළඹ බදුල්ල පාරේ කිලෝ මීටර් 156 ක් විතර ගියාම බෙලිහුල්ඹය තියනවා, ගොඩාක් අයට ඉතිං බෙලිහුල්ඔය කිව්වම මතක් වෙන්නේ ටිකක් සිසිල්, සුන්දර පරිසරයක්.. ඔය සබරගමුව විශ්වවිද්‍යාලය පිහිටල තියෙන්නේ කලින් කියපු බෙලිහුල්ඔය ඉඳන් තවත් කිලෝමීටර් හතරක් විතර ගියාම මුණගැහෙන පඹහින්න කියන ගමේ.. හැබැයි පඹහින්න ගමට මේ විශ්වවිද්‍යාලයක් කියන එකක් ආවේ අමුතුම ආකාරයකට..

ගොඩක් අය දන්නවා ඇති සමනල වැව, ඔය වැව ගැන සිංදු එහෙමත් ලියලා තියනවා අපේ සහෝදර බ්ලොග් සෙට් එකක් වන කුරුටු ගෑ ගී පවුරේ (ආඬි එකොලොස් දෙනාගෙ බ්ලොග් එකේ) ඈයොත් මෙන්න මෙකවිය කුරුටු ගාල තිබුනෙත් ඕං ඔය කියන සමනල වැවගැන සිදුවීමක් ගැන තමයි. කොහොමින් කොහොම හරි ඔය කියන සමනල වැව සහ ඒ ආශ්‍රිත විදුලි යෝජනා ක්‍රමය හදන්න ආපු සේවකයනට නවතින්න ගොඩනැගිලි සංකිර්ණයක් ඉදිකරල තියනවා. ඒ ගොඩනැගිලි සංකීර්ණයේ ආපන ශාලා, කුඩා ක්‍රීඩා පිටියක්, 100*20 ගොඩනැගිලි කිහිපයක්, නිළධාරීන්ට නවාතැන් සඳහා නිළ නිවාස, කාර්යාලයක්, පිහිනුම් තටාකයක් වගේ දේවල් වලින් යුක්ත වෙලා තියනවා. 
 
                    සමනල වැවැ කදුමුනට පෙනන අයුරු

 පිවිසුම
http://cvpsur.blogspot.com/ 

 

Tuesday, October 21, 2014

තවත් ජනප්‍රිය විවිධාංග බ්ලොග් එකක් "අටම්පහුර"

යකාගේ අයියා සල්ලි 

 ඉස්සර මං චුට්ටං කාලේ මට ඔයා මාර පොරක් සල්ලි
ඒ කාලේ මට ඕන ඔනම දෙයක් ඔයා දෙනවනේ සල්ලි
හම්බ නොකෙරුවට මං  සල්ලි
තාත්තගේ සාක්කුවෙන් ගිහින් ගෙනත් දුනා සල්ලි
අම්මගේ පර්ස් එකෙන් මං කොච්චර උස්සල ඇද්ද සල්ලි
අක්කට දෙන බස්ගාස්තුවේ ඉතුරු සල්ලි
කැටෙන් කොච්චර උස්සනවද සල්ලි
අහල පහල ඇන්ටිලගේ ඉතුරු සල්ලි
අංකල්ලගේ සිකරට් සල්ලි
ගෙදර ඉතුරු සල්ලි
බෝගහේ බැදපු බාර සල්ලි
කොච්චර ගැලෙව්වද මං සල්ලි
අනුන්ගේ පුවක් විකුනපු සල්ලි
හොර පොල් වල සල්ලි
කැට ගහපු ජිල් ගහපු සල්ලි
කුට්ටං පොලේ පිටවාසි අල්ලපු සල්ලි
පහලවේ මල විසිපහට වික්ක සල්ලි
මන්තර කාරයොත් එක්ක අන්දල ගත්ත සල්ලි
කරපු වැඩේට මස් රාත්තල ඉල්ලපු සල්ලි
ඒ කාලේ මා එක්කම උන්න සල්ලි
අද මාව දාල යන සල්ලි
මට කෙලවන සල්ලි
අසරණ කරන සල්ලි
මාව හිර කරන සල්ලි
දෙයියන්ගේ මල්ලි නෙමෙයි සල්ලි
යකාගෙ අයියා නේද සල්ලි 


පිවිසුම

http://atampahura.blogspot.com/


Sunday, October 19, 2014

හඳුන්වාදෙන විචාර හා විවිධාංග බ්ලොග් පිටුව "ෂැගියාගේ චින්තනය"

අන්තවාදී සමානාත්මතාව


අපේ සමාජයේ තියන මහම මහා පිළිලයක් වගේ දෙයක් කියලා මට හිතෙන දෙයක් ගැන කියාගෙන යන්න ඕනි කියලා මන් හිතුවා. මේක මන් ගමේ , නගරයේ පාසලේ , පන්තියේ විතරක් නෙමේ සරසවිය ඇතුලෙත් දැකපු දෙයක් ඒ තමයි අගේ නොකිරීම සහ අන්තවාදී සමානාත්මතාවය, නිසි තැනද සම තැනද හරි කියලා පස්සේ බලමු. ඒ වගේම සමානාත්මතාවය කියන්නේ හොඳ දෙයක් ඒත් කොයිදේකත් අන්තවාදය හොඳ නෑ වගේම මේ දේ වුනත් එහෙමමයි කියලා මට හිතෙන්නේ.
අන්න ඒ නිසා තමා වැටිලා ඉන්න මිනිහා දිහා අනුකම්පාවෙන් බලන යුක්තිය සාධාරණත්වය ඒ වෙනුවෙන් ඉටුකරන්න හදන අපේ වුන් දියුණු වෙන්න හදන එකාගේ කකුලෙන් අදින්නේ. ඇති හැකි අයව සතුරන් සේ දකින්නේ. දියුණු වුවන් තමන්ගේ සමාජීය වගකීම ඉටුකලයුත්තාසේම අපිට කිසිම අයිතියක් නෑ ඔවුන්ගේ දියුණුවට බාධා කරන්න.
මනුස්සයෙක් නැගිටිනවා දැක්කොත් සමාජයක් කියන්නේ ඔහෝම හම්බ කරලා කාට ගෙනියන්නද, පිදුරුසේවිකල පැල්පතේ ඇති සාමේ නැහැ මහා මන්දිරේ වගේ කතා ඒත් පිදුරු පැලේ ඉන්න මිනිහා විතරයි දන්නේ 

පිවිසුම
http://shaggiyagechinthanaya.blogspot.com/ 

Thursday, October 16, 2014

තවත් විවිධාංග බ්ලොග් එකක් "chef-architect "

නොඉඳුල් 

 

 

ලඟදි පත්වීම ලද
බඳින වයසත් පහුවුන
දිග කලිසම් ඇඳි
තාමත් කවුරුවත් නොහඳුනන
කෑම පැයේ අඳුරු මුල්ලට වී
තනිවම බත් පත බුදින
කල්‍යානි...

කෑම පැයේ කුනු බඳුනේ
එකතුවෙනා ඉඳුල්
ඔබ අතින්ම අනා
මැද මිදුලේ පෙරලි පෙරලි
පෙරලි කරන බලු රෑනට
එය කවනා ඔබ
කල්‍යානි...
 
පිවිසුම

Tuesday, October 14, 2014

තවත් ජනප්‍රිය සමාජවාදී බ්ලොග් එකක් " W3 Lanka "

අතුරලියේ රතන හා අංගම්මන සුමන 

 පිවිතුරු හෙටක් ජාතික ව්‍යාපාරය හරහා අතුරලියේ රතන හිමියන් අල්ලන්නට යන අඩව්ව තරමක් සැක සහිත ය. 


අධික වියදමක් දරමින් කොළඹ බංඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වුණු සම්මන්ත්‍රණයකදී ඔහු පැවසුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් නො කර ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන්නේ නම්, ඔහු පැරදවීමට සියලු දේ කරන බවයි. 
රතන හිමියන්ගේ මූලිකත්වයෙන් සරත් නන්ද සිල්වා විසින් සම්පාදනය කර තිබෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ද මෙම සම්මන්ත්‍රණයේදී ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
ස්වාධීන කොමිෂන් සභා අහෝසි කරමින්, ජනාධිපතිවරයකුට නැවත තේරී පත් විය හැකි වාර සංඛ්‍යාව පිළිබඳ සීමාවන් ද ඉවත් කළ 18වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට තම පක්ෂය සහාය දීම වැරදි බව ද රතන හිමියන්ට දැන් තේරී තිබේ. 
කොහොම වුණත්, රතන හිමියන් ඉදිරිපත් කරන කරුණුවල යම් වැදගත්කමක් තිබේ. ව්‍යවස්ථා විප්ලවයක් කරන්නට තරම් මහජන පෙළගැස්මක් මේ රටේ ඇති බවක් අපට නො පෙනේ. අනෙක් පැත්තෙන්, පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා අවශ්‍ය මහජන සංවාදය සඳහා සුදුසු ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් ද දැනට මේ රටේ නැත. යම්, යම් ප්‍රායෝගික ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ ඔස්සේ යළි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට පියවර ගැනීම කෙරෙහි ප්‍රමුඛතාව දිය යුතු ය. 

පිවිසුම
http://www.w3lanka.com/

Monday, October 13, 2014

විශ්වය ගැන කුතුහලයෙන් පිරුනු විවිධාංග බ්ලොග් එකක් " මන්දාකිණියෙන් ඔබ්බට "

පියවරක් ඉදිරියට...

 

මාස 10ක් ගත වී තිබේ. නොවැළැක්විය හැකි හේතූන් නිසා සම්පූර්ණ කාලය තුළ අඛණ්ඩව ලිපි පළ කළ නොහැකි වුවද, මේ ආ මග තුළ මන්දාකිණියෙන් ඔබ්බට වටා එක් වූ පිරිස බොහෝ ය. ලැබූ ප්‍රතිචාර බොහෝ ය.
බ්ලොග් අඩවියේ පෙර තිබූ ස්වරූපය දැන්  සම්පූර්ණයෙන්ම වෙනස් කර ඇති බව ඔබ දකින්නට ඇත. බාහිර ස්වරූපයේ පමණක් නොව අඩවි අන්තර්ගතයේද වෙනසක් ඉදිරියේදී සිදුවන බව දැනුම් දෙනුයේ සතුටිනි.           



මන්දාකිණියෙන් ඔබ්බට බ්ලොග් අඩවිය මූලික වශයෙන් පිටසක්වළ ජීවය හා ඊට අමතරව පොදුවේ තාරකා විද්‍යාව වෙනුවෙන් වෙන් කරන ලද්දක් වුවද, මෙතෙක් පළ වූ ලිපි සියල්ලම පාහේ පිටසක්වළ ජීවයට පමණක් සීමා වීම එක් අතකින් බලන කල අඩුපාඩුවක් විය. එනිසා මින්පසු විටින් විට තාරකා විද්‍යාත්මක ලිපි ද මෙහි පළ වනු ඇත. කලෙකදී සංවර්ධිත රටවලට පමණක් සීමා වී තිබී දැන් දෙවන හා තෙවන ලෝකයේ රටවලට ද ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින තාරකා විද්‍යා විෂයය ලංකාවේ ද ප්‍රචලිත කිරීමට යම් පමණකින් හෝ දායක වීමට ලැබීම ම මහඟු භාග්‍යයකි. එහෙත් එම මෙහෙවරෙහි යෙදෙනු ලබන පළමුවැන්නා මන්දාකිණියෙන් ඔබ්බට බ්ලොග් අඩවිය නොවේ. එහි ලා පුරෝගාමීත්වය ගත්, ශ‍්‍රී ලංකාවෙන් ලොවට බිහි වූ ශ්‍රේෂ්ඨ තාරකා විද්‍යාඥයන්, ස්වාධීන පර්යේෂකයන් හා තාරකා විද්‍යා ලේඛකයන් ගෞරවයෙන් යුතු ව සිහිපත් කළ යුතුමය. 
පිවිසුම

 

Saturday, October 11, 2014

තවත් තොරතුරු විවිධාංග බ්ලොග් පිටුවක් " SN ගේ දින සටහන්....... "

ඉතින් අවසරයි ජිවිතේ තවත් එක් හැරවුමකට 

 හ්ම්ම් ඉතින් කාර්යබහුල කාලෙකට පස්සේ ලැබුණ දිග නිවාඩුවේදී තමයි ආයෙත් blog ලෝකේ පැත්තේ එන්න හම්බුණේ ..හැබැයි එද්දී එතකොට මට මුණගැසුණ පරණ යාලුවෝ නෑ .. දැන් ඉන්නේ අලුත් පිරිසක් :)   එත් මොනදේ උනත් blog කලාව තාමත් ඉදිරියටම ගමන් කරනවා අභිමානයෙන් ...
අහ්හ් දැන් ඉතින් තව පොඩ්ඩෙන් කියන්න ගිය දේත් අමතක වෙනවනේ ..කොහෙද ඉතින් :)
මෙන්න මේකයි   මම දැන් ඉන්නේ කටුබැද්දේ තියෙන විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ නේ .. ඉතින් මාස  4 ක් විතර ඉගෙන ගත්ත අපිව අපේ ජිවිතේ තීරණය කරනවයි කියන විභාගයකින් පස්සේ විවිධ department  වලට අපි කැමති විදියට දානවලු ..
මෙන්න මේවා තාම  අපේ uni  එකේ තියෙන්නේ
Chemical and Process Engineering
Computer Science and Engineering
Civil Engineering
Electrical Engineering
Electronic and Telecommunication Engineering
Materials Science and Engineering
Mechanical Engineering
Bio  Medical Engineering

 

පිවිසුම 

http://snimalka.blogspot.com/ 

Thursday, October 9, 2014

හඳුන්වාදෙන තවත් විවිධාංග බ්ලොග් එකක් " SEEMITHA NAWATHUMA "

50 යි...ඉවරයි.. 

 

2013 නොවැම්බර් දහවෙනිදා සුබ මොහොතක් නැතුව් වුනත් පටන් ගත්තු මේ සීමිත නැවතුම තුල මේ ලියවෙන්නේ 50ස් වෙනි පොස්ටුවයි.



ගතවුණු මාස 11 ඇතුලේ හිට්ස් 5154 ක් ලබා ගනිමින් මේ කරගෙන ආපු මේ බ්ලොග් වැඩේ  හරි අපූරු අත්දැකීම් ලැබුණු අලුත්ම තැනක් වුනා..



කිසිම කමෙන්ට් එකක් නැති පොස්ට් ම 20 ක් තියෙනවා.



අලුතෙන් බ්ලොග් අටෝන හැමෝටම මාතලන් ගෙන් ලැබෙන උපදෙස තමයි හිට්ස් කමෙන්ට් බලන්නේ නැතිව දිගටම ලියන්න කියන එක,



ඒ උපදෙස ඉස මුදුනින් පිලි අරගෙන කිසි ලෙසකින් සැලෙන්නේ නැතිව දිගටම ලිව්වා. එක එක විදියට. කවි ලිව්වා.. විචාර ලිව්වා. විශ්ලේෂණ ලිව්වා..පින්තුරු දැම්ම..





මම මේසීමිත නැවතුම  ඇතුලේ එක එක එක්ස්පෙරිමන්ට් කළා. හිට්ස් කමෙන්ට් බලන්නේ නැතිව හිතට එන හැම දේම එක එක ආකෘති වලින් එලියට දැම්ම..



ඒ හැම එකකින්ම අලුත් අලුත් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුනා..


පිවිසුම

Wednesday, October 8, 2014

හඳුන්වාදෙන තොරතුරු තාක්ෂණ හා දැනුම බ්ලොග් එක "Thambaru's Blog "

සබැඳිව ජාලබෝංචි (Netbeans)වල පරිදිම කේත ලියන්න

 
ලැපෙන් කේත කාව්‍ය අනන්ත ලිව්වට, ආදරේ වැඩිකොමට මං වැඩිය ඕක දාගෙන ඉන්න ආසාවක් නෑ. ඒකටත් නිවාඩුවක් එපැයි. මට කවි නොලියත් බෑ, අළුත් දේවල් අත්හදා බලන්නත් ඕන. ඒත් ඉතින් ගෙදර සුපර් කම්පූටරේට ජාලබෝංචියි, ක්සෑම්ප්නුයි දාලා වඩාත් සුපර් වුණොත් මේ පෝස්ට් එකේ ඉතිරි ටික අපේ නංගිගෙන් තමයි ඔහෙලට අහගන්න වෙන්නෙ. :P ඒ හින්දා මට ඕනැ උනා Online Code ලියන්න, compile කරන් පුළුවන් ‘රැවුල සහ කැඳ’ ක්‍රමයක්.

මුලින් ම නෙට් ගියපු දවස්වල (හය වසරෙදි විතර) හෙන උනන්දුවක් තිබුණා කොහොමද මේ වෙබ් සයිට් වැඩ කරන්නෙ, මම කොහොමද එකක් හදන්නෙ කියලා. ඒ වෙනකොට Host කරන්නෙ කොහොමද, අඩුගාණෙ Domain කියන්නෙ මොකද්ද Host කියන්නෙ මොකද්ද, කියලාවත් තේරුමක් තිබුණෙ නෑ. ඇත්තට ම මම හිතං හිටියෙ මැසිමෙ තිබුණාම සේර ම හරිය කියලා :P ඒක Off කරාම කොහොමද අනිත් අයට පේන්නෙ කියලාවත් ඔන්න මොළේ කළඳක් තිබුණෙ නෑ අසරණ මං සූටිබබාට. හැබැයි FrontPage පාවිච්චි කරලා පට්ටම පට්ට, හරියට ම කිව්වොත් මෙලෝ රහක් නැති pages හැදුවා. Forms දානවා, textbox, submit button පුරවනවා, හැබැයි Data Handle කරන්නෙ කියලාවත් කිසිම අදහසක් තිබුණෙ නෑ. FrontPage වල තිබුණු ලොකුම මැජික් එක තමයි, මම ඒවා add/resize කරනකොට code එක ඉබේ ම ලියවෙන එක. :D ඊට පස්ස‍ෙ ටික ටික ඒ ආසාව නැතිවෙලා 8-9 පන්තිවලදි Visual Basic වලින් වැඩදාපු එක තමයි කරේ. .NET එහෙන් මෙහෙන් කළාට කොහොමහරි ඒකෙන් ලොකු දෙයක් කරගන්න බැරිවුණා, අනික O/Lවලට ඒක ඕන නෑ කියලා ගුරුතුමෙක් දාපු ෂේප්න්‍යායකට අහුවෙලා VB වලින් ගමන කෙළවර කළා.

පිවිසුම

Tuesday, October 7, 2014

අළුත් තාක්ෂණික අධ්‍යාපණික බ්ලොග් පිටුවක් " Education "

Difference between GPRS,EDGE,3G,HSDPA and 4G LTE GPRS,EDGE,3G,HSDPA,HSPA+,4G LTE අතර වෙනස.


GPRS (general packet radio service)
This is a 2g technology network that support a download speed up to 114 kbps

EDGE (enhanced data GSM evolution)
This also 2g network technology. Download speed up to 384kbps.

3G
This is 3g network download speed up to 3.1 Mbps

HSDPA (high speed downlink packet access)
It based on 3g network and enhancement of 3G download speed can be up to 14Mbps

HSPA+ (evolved height speed packet access)
This is a 4g technology that allows download at a rate up to 168Mbps

4G LTE ( loan term evolution)
This is 4g communications standard that support download speed up to 299.6 Mbps

GPRS (general packet radio service)
මෙය 114kbps දක්වා ඩවුන්ලෝඩ් වේගයක් ලබා දෙන 2g තාක්ෂණයකි

EDGE (enhanced data GSM evolution)
මෙයත් 384kbps දක්වා ඩවුන්ලෝඩ් වේගයක් ලබාදෙන 2g ජාලයකි

3G
මෙය 3.1Mbps දක්වා ඩවුන්ලෝඩ් වේගයක් ලබාදෙන 3g ජාලයකි.

HSDPA (high speed downlink packet access)
මෙයත් 3g ජාලයේ වැඩිදියුණු අවස්තාවකි. මෙහි ඩවුන්ලෝඩ් වේගය 14Mbps දක්වා වේ.

HSPA+ (evolved height speed packet access)
මෙය 168mbps දක්වා ඩවුන්ලෝඩ් වේගයක් ලබාදෙන 4g ජාලයකි.

4G LTE ( loan term evolution)
මෙය 299.6ක් දක්වා ඩවුන්ලෝඩ් වේගයක් ලබාදෙන 4g සන්නිවේදන ප්‍රෙමිතියකි.




 පිවිසුම

Sunday, October 5, 2014

හඳුන්වාදෙන අළුත් තොරතුරු විවිධාංග බ්ලොග් එක " wishwaya sinhalen "

වහව පීඩන උනුදිය උල්පත්. 

Wahawa pressure hot water spring.
මෙය අම්පාර දිස්ත්‍රීක්කයේ පදියතලාව නගරයේ සිට කිලෝමීටර් 13ක් කෝමාණ දෙසට පිහිටා තිබේ. මෙ‍ය මුලින්ම නළ ලිදක් ඉදිකිරීම සඳහා පොලව හාරන විට මතුව ඇත.
මෙහි උශ්නත්වය සෙල්සියස් අංශක 67 පමණ වේ.
මෙය ලංකාවේ ඇති එකම පීඩන උනු දිය උල්පත වන අතර මේ මගින් අඩි 13 ක් පමණ පොලවේ සිට ඉහලට ජලය විදිනු ලබයි.
පෘතිවි අභ්‍යන්තර පීඩණය නිසා මෙලෙස ජලය ඉහලට තල්ලු වේ. මෙලෙස උණු දිය උල්පත් ඇති වන්නේ අතීතයේ ගිනි කඳු තිබූ ස්ථාන වලයි.
මෙයට යාබදව තවත් උනුදිය ලිදක් ඇති අතර එය ජලය ඉහලට විදීමක් නොකරයි.
මෙම ජලයෙන් එම ප්‍රෙදේශයේ කුබුරු වගා කරණු දක්නට ලැබේ.

 

 

 පිවිසුම 

http://wishwayasinhalen.blogspot.com/ 

 

Friday, October 3, 2014

හඳුන්වාදෙන ඉලෙක්ට්‍රොනික් අධ්‍යාපනික බ්ලොග් පිටුවක් " Electronic පන්තිය "

විදුලියේ ප්‍රභේද - ප්‍රත්‍යාවර්ථ ධාරාව (AC)

 

සුභ දවසක් වේවා..!

කොහොමද  ඉතින් කට්ටියට, ගිය සතියේ ලිපියෙන් මම  'සරල ධාරාව'  ගැන කරුණු වගයක් ඕගොල්ලන්ට කිව්වනේ. ඒ හින්දා අද මම කතා කරන්න යන්නෙ 'ප්‍රත්‍යාවර්ත ධාරාව' නැතිනම් ගෘහස්ත විදුලිය ගැනයි. දැන් අපි ඒ ගැනත් කතා කරමුකෝ..

ප්‍රත්‍යාවර්ථ ධාරාව (Alternating Current)


'ප්‍රත්‍යාවර්ථ ධාරාව' කියලා කියන්නේ විදුලිය ගමන් කරන දිශාව මාරු කරමින් ගලායන විදුලි ප්‍රභේදයකටයි. ඒකියන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාව තුලදි (+)ධන හා (-)ඍණ යන ආරෝපණයන් ගමන් කරන දිශා මාරුවෙමින් ගමන්කිරීම සිදුවන බවයි. අන්න ඒනිසයි අපි ප්‍රත්‍යාවර්ථ ධාරාව කියලා මේ ධාරා විශේෂය හදුන්වන්නේ, ඒමොකද කියනවනම් 'ප්‍රත්‍යාවර්ථ' කියන එකේ තේරුම ඉතින් දෙපසට චලනය වෙනවා කියන එකනේ.
ප්‍රත්‍යාවර්ථ ධාරාව අපි ඉංග්‍රීසියෙන් Alternating Current කියලා හදුන්වනවා, ඒක අපි භාවිතයේ පහසුව තකා 'AC' ‍යන කෙටි නාමයෙන් හදුන්වනවා.

ප්‍රත්‍යාවර්ත ධාරාව තුල (+) හා(-) භේදයක් නෑ කියලා ඕගොල්ලෝ අහලත් ඇති. මොකද ප්‍රත්‍යාවර්ත ධාරාව තුල ඒ ආරෝපණ දෙවර්ගයම මිශ්‍ර වෙලානේ තියෙන්නේ. ඉතින් ඒනිසා ප්‍රත්‍යාවර්ථ ධාරාව ගෙනියන රැහැන් අපි, සරල ධාරාව ගෙනියන රැහැන් (+) හා (-) වශයෙන් නම් කරනවා වගේ නම්කරන්නේ නෑ. ඒනිසා අපි ප්‍රත්‍යාවර්ථ ධාරාව ගෙනියන රැහැන් වර්ග දෙක සජීව(Live) හා උදාසීන(Neutral) වශයෙන් තමා නම් කරන්නේ.

හරි දැන් අපි බලමු ප්‍රත්‍යාවර්ත ධාරාවක් දෝලනේක්ෂයක් ආධාරයෙන් බැලුවම ඒකේ තරංගමය ස්වරූපය පේන්නෙ කොහොමද කියලා.



පිවිසුම
http://electronicpanthiya.blogspot.com/ 

Thursday, October 2, 2014

සංගීත අධ්‍යාපනික බ්ලොග් පිටුවක් " Sinhala Song Chords "

Athugala Wehera - Chamara Weerasinghe


Athugala Wehera 


Song Title : Athugala Wehera   
Artist : Chamara Weerasinghe   
Chord Key : G Major  



Lyrics



Chorus
        
Athugala wehera wadina ath kanda lihini reena //
Nuba gena kiyana wachana uhula ganna beruwa                                    
Ath kanda wehera maluwe mannn nnnnn
Heduwemi dukata rattaran             
Ath kanda wehera maluwe mannn nnnnn
Heduwemi dukata rattaran 
           
Verse 1
  
Ranthaliya wewa langa un kalaya matakada       
Ateeta mataka aran nuba giya duraka tarama   
Wewa pamula langa idagena mannn
Heduwe dukata rattaran 
 
Verse 2

Athugala kanda tawama sanda sipa ganna tarama                         
Deka deka inna beruwa mage hitha gini wedunama 
Kurunegala ahasath dennnn
Hadavi dukata rattaran


පිවිසුම