Wednesday, April 30, 2014

අපගේ බ්ලොග් දර්ශකය මෙතෙක් පැමිණි ගමන් මග

සුමාන තුනකටත් අඩු ඉතා කෙටි කාළයක් තුල අපගේ බ්ලොග් දර්ශකය බෙහෙවින් සාර්ථක ලෙස ඉදිරියට පැමිණ ඇත. අනෙකුත් මුද්‍රිත මාධ්‍ය ඇතුලු පරධාන පෙලේ සෙසු ජන මාධ්‍ය වල නැති පුළුල් පරාසයක අදහස් ප්‍රකාෂ කිරීමේ නිදහසක් හා විචාරාත්මක බවක් අන්තර්ජාලය තුල තිබේ. ඒ බව මීට ටික කළකට පෙර හැඟී ගිය අපට ශ්‍රි ලාංකික, විශේෂයෙන් සිංහල බ්ලොග්කරුවන්ගේත් අන්තර්ජාල බ්ලොග් පාඨකයාගේත් පහසුව තකා මෙම බ්ලොග් දර්ශකය සකස් කර ප්‍රචාරය කිරීමට හැකි විය. මේ වනවිට එයට මෙරට බ්ලොග්කරුවන් හා පාඨකයන් විශාල පිරිසක් සම්බන්ධ වෙමින් සිටිති. ඉදිරියේදී තවත් පිරිස් අප සමග සම්බන්ධ වනු ඇත. අප සමග මෙතෙක් සම්බන්ධ වූ බ්ලොග්කරුවන් වන අපගේ මිතුරු මිතුරියන්ට අපගේ ගෞරවපූර්වක ස්තූතිය පිරිනැමෙන අතර අන්තර්ජාලය තුලින් අපට ලැබෙන සන්නිවේදන තාක්ෂණයේ පහසුකම් උපයෝගී කරගනිමින් වඩා යහපත් විචාරශීලීත්වයක් ගොඩනැගීමට එක්වන ලෙස අප සමග මෙතෙක් සම්බන්ධ නොවූ සියලු දෙනාටද ඇරයුම් කර සිටිමු.

"ඇවිද්ද පය"

ATM කාඩ්පත මිතුරන්ට දී මුදල් ගෙන්වා ගන්නා අයටයි. Those who send others to ATM 

 

 

 අද උදේ ලාස්ට් රෝ එකේ සටහනක් කියවත්දී තමයි මේ සටහන තබන්න අදහස ආවේ. ඒක ටිකක් හාස්‍යය පදනම් වෙච්ච කතාවක්. මීට කලින් දේශ් සටහනක් තියලා තිබුනා කාඩ්පත හොරකම් කරපු සිද්ධියක් ගැන. "යාලුවෙකුට දීලා සල්ලි ටිකක් ගෙන්න ගත්තම මොකද වෙන්නේ ?  යාලුවා මට විශ්වාස නම්" ඔබට එහෙම හිතෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් ලංකාවේ බොහෝ දෙනෙක් මේ වැරදි වැඩේ කරනවා. වැරදි වැඩේ නෙවේ නීති විරෝධී ක්‍රියාවක්. බොහෝ බැංකු වලින් නිකුත් කරන කාඩ් වල පිටුපස ඒ බව සඳහන් කරලා තියෙනවා. ඒත් සමහර බැංකු ඒ බව කෙළින්ම සඳහන් නොකර "කාඩ්පත සමග නිකුත් කල නීති-රීති වලට එකඟව මෙය භාවිතා කල යුතුය" වැනි අදහසක් මුද්‍රණය කර තිබෙනවා. මම සේවය කරන මහජන බැංකුව නිකුත් කරපු කාඩ්පතේ පිටුපස ඡායාරුපයක් පහතින් බලන්න

කියවන්න

http://awidda-paya.blogspot.com/2014/04/atm-those-who-send-others-to-atm.html 

බ්ලොග් අඩවියට පිවිසුම

http://awidda-paya.blogspot.com/ 


 

Sunday, April 27, 2014

"ප්‍රියාගේ සිතුවිලි"









වර්ශ දෙකදහස් විස්සක් වූ අප්‍රේල් මස විශි අත් වන ඉරිදා දින සවස……………

"තාම මැච් එකද බලන්නෙ? දාන්න දාන්න නිවුස්."
"අනේ තාත්ති හොදම හරිය… තව ඕවර් දෙකයි…"
"ඕවර දෙක බලලා කණට දෙකක් කන්න ඕනද? යන්න පාඩම් කරන්න"
"ආ ආ බලාගන්න…"

………………………………………

මෙන්න දවසේ පුවත……
ඊයේ දවල් සිදුවූ අංගොඩ බැංකු මංකොල්ලයේ CCTV වීඩියො පට මාධ්‍යට නිකුත් කෙරේ… යතුරුපැදි දෙකකින් කොල්ල කල්ලිය පැමිණ ඇත්තෙ සාමාන්‍ය ආකාරයෙ හෙල්මට් දමා යතුරුපැදි ධාවකයින් දූවිල්ලෙන් බේරීමට ගැටගසන ආකාරයට ලේන්සුවකින් මුහුණ ආවරණය කර ගැනීමෙන් බවට එම දර්ශණ වල සටහන්ව තිබේ… පසුගිය තෙමස තුල මෙසේ හෙල්මට් සහ ලේන්සු දමාගෙන් සිදු කල හැත්ත හත් වන මංකොල්ලය මෙය වන අතර මීට වසර හයකට පෙර ෆුල්ෆේස් හෙල්මට් තහනම් කිරීමට මුල් වූවේද මෙවන් හේතුවකි.

කියවන්න
http://rscpriyashad.blogspot.com/2014/04/blog-post_27.html 

බ්ලොග් පිටුවට මෙතැනින්
http://rscpriyashad.blogspot.com/ 

Friday, April 25, 2014

තවත් ජනපියතම බ්ලොග් අඩවියක් "යකාගේ අඩවිය"


අපි කතන්දර ඇසීමට කැමැත්තෙමු. අපට යමක් තේරුම් ගැනීමට සංගත තනදරයක් අවශ්‍යය.ඇතැම් කතන්දර ටයිපින් මිස්ටේක් වැනිය.මිස්ටේක් එක දුටුවද එයින් වෙනත් අර්ථ එන බැවින් නිවැරදි නොකර සිටිනවා සේය.මානවයා කතන්දර ඇසීමට කැමතිවූ නිසා මානවයන් අතරින් සමහර මානවයෝ කතන්දරකීමට ඉදිරිපත් වූහ. මානව ඉතිහාසය ඇරඹුන දා සිටම මෙසේ කතන්දරකාරයෝ සිටියහ.

කතන්දරයක් කියන්නේ කුමක් ගැනද කියා බලමු. එක්වරම නොතේරෙන යම් ගූඩ බවක් තිබෙන ඕනෑම දෙයක් ගැන කතන්දරයක් කීමට පුළුවන.එකයි එකයි දෙකයි කී විට ඒ ගැන වෙන කෙනෙකුට කීමට දෙයක් නැත. එහෙත් ලෝකය නිර්මාණය වීම ,මෝක්ෂය වැනි කරුණු ගැන සිත ගැන කතන්දර නිර්මාණය කළ හැක. එහෙත් මෙසේ කතන්දර නිර්මාණය කළත් ඒවා පවතින්නට නම් අධිපති මතවාදය හා බද්ධ විය යුතුය.

කියවන්න

http://yakaageadaviya.blogspot.com/2014/04/blog-post_23.html

Thursday, April 24, 2014

"අරුණි ශපීරෝ‍ වෙතින්"

නිව් යෝර්ක් පොලීසිය අනාගත් හැටි



ලංකාවේ දුම්රිය පොළක දී අහිංසක මගියෙකුට

 පොලීසිය පහර දුන් විඩියෝ පටය අන්තර්ජාලයෙන්

 ලෝකය පුරා ඉන්නා ශ්‍රී ලාංකිකයන් අතර පැතිර යද්දී

 නිව් යෝර්ක් පොලීසිය අනාගත් හැටිත් 

අන්තර්ජාලයෙන් ලොව පුරා පැතිර ගියේය.


කියවන්න

Wednesday, April 23, 2014

"පුංචි කැකුළු මල්"



ගීයේ හිමිකරුවා ඔබයි ...




ජීවිතයේ සොඳුරු කවියේ

 විසිරුණු පද වැල් එක් කොට

පද වැල් එකිනෙක ඇමිනූ

මනහර රන් පන්හිඳ ඔබ


කියවන්න


Monday, April 21, 2014

"නිහිංසා" බ්ලොග් පිටුවෙන්

විරාගික වූ අරවින්ද 

 සිය ඇතුලන්තයට වී ජිවත් වූ අරවින්ද ජීවිතය කෙබදු ආකාරයට දුටුවේදැයි සිතීම සංකීර්ණය . මනුෂ්‍ය සිතුවිලි වෙනස් බැවින් , ඔහු ආස කලේ මොනවටද යන්න , ගුප්ත චරිතයකින් වටහාගත නොහැක . මේ ඔහු පිළිබද මද විවරණයකි .


'අරවින්ද උප්පත්තියෙන් ලත් උපාසකකම නොහොත් භක්තිය ඇත්තෙකි . ගිහියකු මෙන් ජිවත් වී , මියගිය එකකු වුවද , ඔහු ලං වෙන්නේ තේරගථාවෙන් ,තමාගේ අද්ධ්‍යත්මය ඍජුව හෙලිකල පැරණි තෙර කෙනෙකුට හෝ තම ගිහි ජීවිතයෙහි දුසිරිත් හෙලිකල පැරණි තවුසෙකුටය ' 

කියවන්න
http://nihinsa777.blogspot.com/2014/04/blog-post_19.html

බ්ලොග් අඩවියට පිවිසුම 
http://nihinsa777.blogspot.com/

"කැඩපත" බ්ලොග් පිටුවට පිවිසෙන්න



විසිරි අතු අග - හිරුට නොපෙනෙන 

සැඟව සුපිපුණු - මලක් වේනම්
සිනිදු මල දැක - කලල් බිඟු කැල

රොන් උරන්නට - පොර බඳියි නම්



Saturday, April 19, 2014

මාතලන්ගේ බ්ලොග් පිටුවෙන් ලිපියක්


මාතලන් ඔබ අප කවුරුත් දන්නා බ්ලොග් අඩවියක්. අමුතුවෙන් හඳුන්වාදෙන්න අවශ්‍ය වෙන එකක් නෑ මම හිතන්නේ.

අලුත් ලිපිය සමග මෙතෙක් හඳුනා නොගත් අය හඳුනාගන්න.
http://maathalan.blogspot.com/

"පතුල" වෙබ් පිටුවෙන් ලිපියක්



ඤානසාර හිමියෝ ජයග්‍රාහි වනු නිසැකය. —ගාමිනී ඒකනායක

කියවන්න
http://www.pathula.com/index.php/archives/12122

Sunday, April 13, 2014

සුහද ඇරයුමයි


ශ්‍රී ලාංකීය බ්ලොග් කරුවන්ට උපකාරයක් වශයෙන් මෙන්ම පාඨකයන්ට පහසුවක් වන ලෙස බ්ලොග් දර්ශකයක් හදන්න අදහස් කළා. ඔන්න ඔබත් දන්න කියන ශ්‍රී ලංකික බ්ලොග් පිටු විශේෂයෙන් සිංහල බ්ලොග් පිටු ගැන අපට දන්වන්න. එතකොට ඒ බ්ලොග් අඩවි මෙම දර්ශකයට ඇතුල් කරන්න පුලුවන්. අන්තර්ජාල සයිබර් අවකාශය වර්තමානයේ වඩාම සංවාදශීලී මෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ පුළුල් නිදහස් වාතාවරනයක් සහිත සන්නිවේදන මාධ්‍ය බවට පත්වී තිබෙනවා. එයින් නිසි ප්‍රයෝජනය ගන්නට අපේ සහෝදර බ්ලොග් කරුවන්ට හා පාඨක හිතවතුන්ට අතහිත දීම මෙහි අරමුණයි. ඔබේ බ්ලොග් අඩවිය පහත විද්‍ය්ත් තැපැල් ලිපිනය වෙත එවන්න.

ajith.kumara192@gmail.com