Saturday, August 30, 2014

විවිධාංග හා විචාර බ්ලොග් එකක් "කෙනිත්තුන සහ කෙනිත්තුව විට අවදි වුණු චිත්තය "

වාරියපොලෙන් කොළඹට 

 පහු ගිය කාලයෙ හරියට වැඩ තිබුණා.නාට්‍යය මාව හිර කරලා තිබ්බා.ඒ බරෙන් සම්පූර්නයෙන් නිදහස් නැහැ.මිනිස්සුන්ගෙ ආදරය සෙනෙහස එකතු කරලා මගේ වේදිකා නාට්‍ය්‍ය හීනයක් නොවී වේදිකාව මත පණ ලැබුවා.දැන් තව බරක්.මේ ඉපදෙච්චි එකා නඩත්තු කරන්නෙ කොහොමද? ඒකට වැඩ පිළිවෙලක් කතා කරන අතරෙ මට අමතක කරන්න බැරි උදව් කරපු බ්ලොග් මිතුරන්ට ශීර්ෂ ප්‍රනාමය දක්වමින් අතපසු වූ දෙයක් ලියන්න හිතුවා.

 

 පිවිසෙන්න

chiththapata.blogspot.com 

 

Thursday, August 28, 2014

තවත් විවිධාංග හා ශාස්ත්‍රීය බ්ලොග් එකක් "තෙලිදිය"

විහිලුව සහ හිංසනය

බෙහෝම අවිවේකී මාසයක් මේක. ලැබුණු ඉඩ කඩකින් බ්ලොග් කියවන කොට දැක්ක මාතලන්ගේ පෝස්ටුවක්. වාරියපොළ සෙල්වා කියල. ඕං ඒකට කොමෙන්ටුවක් දානකොට මට තේරුනා කොමෙන්ටුව දිග වැඩි වේගන එනවා කියල. ඔන්න ඉතින් හති නොබලා මේ පෝස්ටුව අන්තර්ජාල ගත කලා. කාලයක් තිස්සෙ මේ මාතෘකාව කතා කරන්න හිතේ තිබුණට අවස්ථාවක් වෙලාවක් ලැබුනෙ නෑ නෙව.




විහිලු තහලු වලට තියෙන්නෙ ඉතා දීර්ග ඉතිහාසයක්.  කොටින්ම කියතොත් කවට කම් වලට අපේ අතීතයේ රාජ්‍ය අනුග්‍රහයත් ලැබිල තියෙනවා. ඒ විතරක්ද රජ වාසල කවටයා කියල බොහොම ගරු සරු තණතුරු පවා තිබුන නෙව.

 ඉතින් විහුලුව නැත්නම් කවට කම් එක්ක නිතැතින්ම බැඳිච්ච දෙයක් තමා නාරි ලාලිත්‍යය කියන්නෙ. සුද්ද සිංහලෙන් කියනව නම්, අතීතයේ සිටම කවට කම් එක්ක ගෑණු උදවියත් සම්බන්ධ වෙලා තිබුනනේ.


            කට කැඩි කලයයි ගෙනෙන්නේ...
            වැරහැලි රෙද්දයි අඳින්නේ....
            කොයිබද උදයම දුවන්නෙ.....
            රොඩීකෙල්ල වාගේ..

මෙහෙම කීවෙ රූකාන්ත නේ. අන්දරේ කීවෙ මෙහෙම..

            කට කැඩි කලේ දිය උකුලේ තබා ගෙන
            ලොට තන් දෙකක් ගෙරි සමකින් වසා ගෙන
            තඹත් ලෝකඩත් දෙවගේ පැලඳගෙන
රොඩී කෙල්ල කොහි යනවද උදෑසන

එහෙමයි කියල ඉතින් කාන්තාවන් කියන්නෙ විහුලුවට ලක්වන දෙයක් කියල වැරදි අර්ථ කතන දෙන්ට උවමනා නෑ.

            ඉතින් මෙහෙම විහිලු තහලු කරද්දි දුක් වුණ කේන්ති ගිය ගෑණු උදවිය ඒ කාලෙත් හිටිය නොවැ.

බොහොම හොඳට රන්කම් කළ වැඩක්      වගෙයි
දේවතුමට මහ බඹු දුන් ලියක්               වගෙයි
ලෝකෙ ඉන්න පඬිහට පිස්සුවක්            වගෙයි
කොහොඹ ගහට කරවිල වැල ගියා          වගෙයි

රජ බිසවට මේහෙම කරවිල වැල කීව කියල බිසව හොඳටෝම ඇඬුවලු.  හැබැයි ඉතින් මේ කවිය කියපු අන්දරේට බිසවුන් දැ අත උස්සන්න ගියේ නෑ. රජතුමාට කියල ආයෙ සැනසිලි කවියක් අන්දරේගෙ කටින් කියව ගත්තලු.
පිවිසුම

Wednesday, August 27, 2014

තවත් තොරතුරු තාක්ෂණ බ්ලොග් පිටුවක් "black9tricks"

Android app pc එකේ run කරන්න software පහක්




Android වලින් ගොඩක් වැඩ කරන්න පුලුවන්.මොනා
කරන්නත් android phone එකක් තියෙන්න එපැයි.

Android app PC එකේ run කරන්න පුලුවන්
 software පහක් මට හම්බවුණා.

ඕනම Android app එකක් මේවගෙන් වැඩ කරනවද
 කියල බලන්න පුලුවන්.

කැමති එකක් පහලින් download කරගෙනම
 බලන්න.
 පිවිසුම

Tuesday, August 26, 2014

අළුත් තොරතුරු තාක්ෂණ හා විවිධාංග බ්ලොග් එකක් " V "

අන්තර්ජාල බැංකුකරණය - e-Banking 

 

e-banking එහෙම නැත්නම් Internet Banking ගැන අහලා ඇති හැමෝම වගේ. Online Banking, Home Banking ආදී වශයෙන් වාණිජ්‍ය අධ්‍යාපන විෂයය ධාරාවේ වෙන් වෙන්ව දක්වා ඇතත් මේ හැම නමින්ම කියවෙන්නේ එකම සේවාවක් තමයි.
අන්තර්ජාලය භාවිතා කරන ඕනිම කෙනෙකුට ලබාගතහැකි මෙය ඉතාම වටිනා බැංකු සේවාවක්. වර්තමානයේ වාණිජ බැංකු සියල්ලම පාහේ මේ සේවාව සපයනවා. ඒ වගේම මෙම සේවාව නුදුරැ අනාගතයේදී තව තවත් දියුණු වී පහසුකම් රැසක් සලසනු ඇති. ඔබට තවදුරටත් බැංකුවට යාමට අවශ්‍ය නොවේවි.
ඊ බෑන්කිං මගින් සේවාවන් ලබාගත හැකියි.

පිවිසුම

Sunday, August 24, 2014

විචාරාත්මක විවිධාංග බ්ලොග් එකක් "අමාවක"

වතුර තිබහ නම් බීපියව්.......? 

තිබහක් වෙලා මා ගිය කල රජු ලඟට

මැනලා දින 6ක් දුන්නැයි ගිනි අව්වේ  වැඩ

ගන්දෝ නොගන්දෝ කියලා හිතුනි මට

මැනලද රජෝ චන්දේ දුන්නේ උඹට

 පිවිසුම

 http://bitternight.blogspot.com/

 

Wednesday, August 20, 2014

අළුත් රසවින්දනාත්මක බ්ලොග් එකක් "හදවත"

ඒකමතිකව වෙරිමත වෙනවා...!!!! 

 

සිනි  ඊස්ට්  කටු කම්බි සමග කටුස්සො 
ගොඩා බැරල් වලින්
පෙරාලා
හැංගි හැංගි
සදන
කසිප්පු,
කලවිටි  බඩවැටි
අතරින් රිංගා
බිලා වැටෙන
තුන්වෙනි පන්තියෙ
අප්පුහාමිලා…………
 
 පිවිසුම

Tuesday, August 19, 2014

තවත් විවිධාංග බ්ලොග් පිටුවක් "ඔමාගේ හීන"

I want to be a strong mast| තාත්තා එක්ක හැන්දෑවක් 

දෙවියන්ට මාව කුඹගහක් කරන්න ඕනේ වෙලාද කියලත් හිතෙනවා...සෙල්ලං නැහැ පස්න හෙනටම.... ඉතින් ඔන්න පැත්තක තියලා ලියන්න හිතුවා බඩ්ඩක්,,,තාත්තා ගැන ලීවම ඔක්කොම ප්‍රශ්න මෙවුවා වෙලා යනවා :D

ඉස්සර පොඩි කාලේ තාත්තා කියපු කතාවක් මතක් වුණා එක පාරට . අම්මා රට ඉද්දි තාත්තා මාව නිතරම බීච් එකට එයාපෝර්ට් එකට එක්කන් ගියා.,මේ කියන්න යන්නේ දවසක් ගාල්ලේ ගිය වෙලාවක මුහුද අයියේ ඉද්දි අපි දෙන්නා කතාකරපු දෙයක්.

මං ඇහුවා

" රුවල් නැව් වල කුඹ ගහ හදලා තියෙන්නේ මොනවා වලින්ද" කියලා


එතකොට තාත්තා මට කිවුවා ඒක ගැන ලස්සන කථාවක්,... ඇත්තද බොරුද දන්නේ නැහැ නමුත් ඒ කථාව අද මගේ හිතට ලොකු ශක්තියක් වුණා.

තාත්තා කීවේ මෙන්න මෙහෙම

"පුතා ඔය කුඹගස් හදන්නේ ගොඩක් හයිය ගහකින්"


මම ," මොන ගහකින්ද තාත්තේ?"

පිවිසුම

http://omageheena.blogspot.com/ 

Sunday, August 17, 2014

කාන්තාවන් වෙනුවෙන්ම වෙන්වූ අතිශය විවාදාත්මක බ්ලොග් එකක් "සොඳුරු ලියක මහිම"

වනචර බාප්පට පාඩමක් ඉගැන්නූ වීර කෙල්ල 

 කාන්තාවන් වෙනුවෙන් හඬ නගන වනිතා හඬ 

Facebook ගිනුම ආරම්භ කළ පසු ඒ තුල සැරිසරන

 අතරේ හමු වූ වැදගත් පුවතක් බ්ලොග් එකටත් 

දමන්නට සිතුනි මට. මේක වැදගත් වෙන්නේ 

විශේෂයෙන් කාන්තාවන්ට හා ගෑනු ළමයින්ට. අද 

කාලේ ගෑනු ළමයෙක් සමාජයේ අනෙක් පිරිමින්ගෙන්

 කෙසේ වෙතත් තමන්ගේම ඥාති වැඩිහිටි 

පිරිමියෙකුගෙන්වත් ආරක්ෂා කරගන්න බැරි 

තත්වයකුයි රටේ තියෙන්නේ. එහෙම එකේ මේ 

ඉන්දියානු කෙල්ල කරපු වීර ක්‍රියාව ලෝකෙටම 

ආදර්ශයක්. මේ පහතින් දක්වලා තියෙන්නේ 

Facebook එකෙන් උපුටාගත් කතාව. ගෑනු 

ළමයින්ට තාත්තලත් අතවර කරන මේ රටේ එහෙම 

එවුන්ට මේ වගේ නියම පාඩම් උගන්නන්න තරම්

 එඩිතර කෙල්ලන් අපේ රටේ නැති එකනම් 

ඇත්තෙන්ම කනගාටුවට කාරනයක් වෙනවා. මේ 

කතාව කියවලාම බලන්නකෝ.

 පිවිසුම 

http://sondhuruliyakamahima.blogspot.com/

Friday, August 15, 2014

තවත් එක් සාහිත්‍යමය රසවින්දනාත්මක බ්ලොග් එකක් "කුරුටු ගෑ ගී පොත"

සදානන්දකර වූ.... (10)

(මුල සිට කියැවීමට පිටුවේ දකුණු පස ඉහළින් ඇති නෙළුම් මලට කොටන්න :-)

හයිකු දේශන මාලාව ද ඇරඹුණේ ය. අලුත් සර් ගේ දේශන පැය ද මට දැනුණේ සුඟකින් හුඟක් කී හයිකුවක් මෙනි. බහුතරය කැට ව්‍යාපාරයේ නියැලුණු දිනෙක, යළිදු ඉදිරි පෙළ නියෝජනය කිරීමේ වරම අපට හිමි විය.

"මොනවද අපි ගිය සතියෙ කළේ?"

මම බිම බලා සිටියෙමි. සියල්ලෝ නිරුත්තර ය.

"මතක නෑ?"
"සර් අර හයිකුවලින් සොබාදහම නිරූපණය වෙන හැටි...." කටහඬ අවදි කළේ මහීකා ය.
"ඔව්. අපි කොතනින්ද නැවැත්තුවෙ? දෙන්න බලන්න සටහනක්."

අලුත් සර් වේදිකාවෙන් බැස අප හිඳ සිටි පේළිය ඉදිරියට පැමිණියේ ය. මම බිම බලා සිටියෙමි. සාමාන්‍යයෙන් මා සටහන් තබනුයේ කොළවල විනා පොතක නො වේ. මා ගේ සටහන් කියැවීම ද බොහෝ දුරට කළ හැක්කේ මට පමණි. එදා සටහන් කරන ලද කොළ අද ළඟ නැත. චතුරි එදා දේශනයට සහභාගී නොවූ බව මතක ය. මහීකා ද පොත ගෙනවුත් නැතුවා මෙනි.

"ඒකත් නෑ?" අලුත් සර් පෙරළා වේදිකාවට ගොඩ විය. අප පිළිබඳ ව ඔහු ගේ සිතෙහි කවරාකාර ආකල්පයක් ජනිත වන්නට ඇති ද?

දේශනය සුපුරුදු පරිදි ම පැවැත්විණි. අන්තයේ දී බෂෝ ගේ හයිකුවක් සටහන් කළ ඔහු, 

"මේ හයිකුව කාගෙද කියල දන්න කෙනෙක් නොබියව අත උස්සන්න බලන්න" යනුවෙන් පැවසී ය. කිසිදු ප්‍රතිචාරයක් නැත. මම හිසො'සවා අලුත් සර් දෙස බැලීමි. 

"කාගෙද?" ඔහු විමසුවේ ය. මුහුණෙහි සිනාවක් ඇඳී තිබිණි. මම වහා බිම බලා ගතිමි. මගේ මුව අගුළු වැටී ඇත. එදා අසන්නටත් පෙර පිළිතුරු දුන් මට, මෙදා වචනයක් කතා කර ගත නොහැකි විය.

"ලබන සතියෙ හොයන් එන්න ඕනෙ. මට මතකයි කවුද හිටියෙ කියල. මං ඊළඟ සතියෙ අහනව."
 
 
මෙතෙක් නුදුටුව සහන් එළියක්
ඔබේ හසරැල්ලේ දැනේ
සුදිලි පින්බර සුමුදු එළියෙන්
පහන් දැල්වේ සිත් ලෙනේ

මම දිනපොතේ කුරුටු ගෑවෙමි
 
පිවිසීම

Wednesday, August 13, 2014

රසවින්දනාත්මක සාහිත්‍යමය බ්ලොග් එකක් "මදෙවු විල"

හංස ගීතය

 

කාරණාවට බහින්ට කළිං පොඩි කතන්දරයක් කියල දෙන්ට යි ලෑස්තිය...

ඕන්න ළමයිනේ ඉස්සර කාලෙ දඹදිව හිමාල වනයට ළඟින් තිබුණ නිෂධ නමින් හැමෝම දන්න ආශ්චර්යමත් රාජ්‍යයක්.  මේ රාජධානියෙ රජතුමා වුණේ පොඩි, එත් හොඳ බුද්ධිමත් ඇමැති මණ්ඩලයක් එක්ක දැහැමින් සෙමෙන් රාජ්‍ය පාලනය කරපු නල රජතුමා.



(සෙමෙන් කිව්වෙ සාමයෙන් කියන එක. එහෙම නැතුව එතුමට ඉහෙන් බහින ලෙඩක් තිබුණෙ නෑ ඕං). මේ රජතුමා එසේ මෙසේ පොරක් නෙවෙයි. අස්සයො පිටේ යන්ට රජ බඩුවක්. ඒ වගේ ම තමයි ඕං කාය සත්තිය. දෙතුන් දෙනෙක් එක්ක වුණ ත් පොරබදල උන්ව මෙල්ල කොරගනීවි කිසි ම මහන්සියක් නැතුව.


ඒත් ඉතිං අපරාදෙ කියන්ට මේ නල රජතුමා කෙහොම හයි හත්තිය තිබුණ වුණත් නිරපරාදෙ කාටවත් දුකක් කරදරයක් වෙන්ට ඉඩ තිබ්බෙ නැති උත්තමයෙක්. උන්නාන්සෙගෙ කරුණාවත් බව මුළු රාජ්‍ය විතරක් නෙවෙයි අසල්වැසි රාජ්‍ය වල මිනිස්සු ත් දැන හිටිය. මේ කරුණාවන්ත බව නල රජතුමාගෙ මූණෙනුත් පෙනුණ. ඒ පින්පාට ඔහු ගෙ සිරුරෙ කඩවසම් බවට එකතු වෙලා ඔහු ව මිහිපිට ඉන්න දෙවි කෙනෙකු ගෙ රුවට සම කරල පෙන්නුව.

පිවිසුම
http://chamikaya.blogspot.com/ 
















Tuesday, August 12, 2014

හඳුන්වාදෙන නවක බ්ලොග් පිටුව "නදීගේ සිතුවිලි"

සිතුවිලි වියමන.. 

 

එකින් එක ගුලි උන
සිතුවිලි එක්තැන් කර
බෙදාගමු එකට හිඳ
එන්න එක්වෙන්න
මගේ සිතුවිලි දැහැනට....

 

පිවිසුම

http://nadeegesithuwili.blogspot.com/ 

 

 

 

Monday, August 11, 2014

රසවින්දනාත්මක විවිධාංග බ්ලොග් පිටුවක් "හුදෙකලා රස්තියාදුව"

අලි අඩියන්ගේ Percussion සංගීතය.. 

 මක්කැයි මේ පර්කෂන් කියන්නෙ..? මං දන්න විදිහට විස්තරයක් කරොත් Percussion සංගීතය කියන්නෙ මොකක්හරි සංගීත භාණ්ඩයක් ඝට්ටනය(strike) කරල හරි කම්පනය කරල ලබා ගන්න රිද්මයට. එතකොට හැම සංගීත භාණ්ඩයක්ම වගේ Percussion නෙ. මොකද ගොඩක් සංගීත භාණ්ඩ වලින් ශබ්දය ලබා ගන්නෙ කම්පනය කරල. එහෙම වුනාට Percussion වලට වැඩියෙන් ගන්නෙ බෙර වර්ග. එතකොට අපේ දවුල, තම්මැට්ටම, ගැට බෙරය, යක් බෙරය, උඩැක්කිය.. ඒවත් Percussion තමා.. 

 මේ ෆොටෝ කෑල්ල බලපුවාම තේරෙයි..

 සංචාරකයට ඔය බෙර ජාති වලට ඉස්සර ඉඳන්ම හෙන ආසාවක් තිබ්බෙ.. දන්න පදයක් නැති වුනාට ඔය කොංගො එකක් වගේ ගන්න හෙන ආසයි. කොහෙදෑ ඉතින් එව්වල ගණං අහපුවාම උඩ යනවා.  Percussion කිව්වාම හැමෝටම මතක් වෙන්නෙ අප්‍රිකානු සංගීතය නෙ.අප්‍රිකාව විශේෂ වුනාට ලෝකෙ ඕනම රටක සංගීතයෙ උපත Percussion මියුසික් තමා.

අපි ඉන්න දිහාවෙ ඒ කියන්නෙ කඩුවෙල රංකඩු දේවාලෙ එහෙම ගම්මඩු දෙවොල්මඩු පටන් ගත්තාම මං හෙන ආසාවෙන් යන්නෙ. මොකද අන්තිම දවසෙ ගිනි පාගල උත්සවේ ඉවර වෙනකං හැම දවසෙම නැටුම් නටනවා. ඔය වන්නම් වල නම්නං මං දන්නෑ ඕං. නැටුමට වැඩිය මං ආස බෙර සද්දෙට. මේ සැරේ පටන් ගන්නෙ අගෝස්තු 16 ද කොහෙද..
දන්නෙම නැතුව කතාව පිට පැන්න නොවැ..
 
ලංකාවෙත් Percussion මියුසික් තරමක් ජනප්‍රියයි. ඒ අතරින් ලංකාවෙ Percussion මියුසික් බෑන්ඩ් වලින් හොඳටම ජනප්‍රිය හික්කඩුවෙ Elephant Foot සහ Naadro. හැබැයි නාද්‍රො ටක්ගාල මාර්කට් වුණා. දෙගොල්ලොම මරු වුනාට මංතුමා ගොඩක් කැමති Elephant Foot හෙවත් අලි අඩියන්ට.. 

 

පිවිසුම

http://rasthiyaduvak.blogspot.com/ 

 

 

 

 

 

 

 

 

 

තවත් තොරතුරු විවිධාංග බ්ලොග් පිටුවක් "අහසසේ"

63.ලතින් භාෂාවෙන් දෙවන පිරිහීම හෙවත් පොම්පේ නගරය 

 

  මේ දවස් ටිකේම වැඩ කරන තැනින් මුහුදු ඇවිත් ඉන්න නිසා දවල් කාලෙදි වැඩ තිබුනත් රෑට එහෙමට කරන්න වැඩක් නෑ හැබැයි ඉතින් මම පාවිච්චි කරන දුරකථන සම්බන්දතාවයට  සිග්නලුත් නෑ.ෆේස්බුක් ,වයිබර් නැති නිසා  රෑට කරන්නේ හිතෙන දෙයක් ලියලා notes  වල සේව් කරලා සිග්නල් ලැබුන ගමන් බ්ලොගි ගත කරන එක.....ඉතින් මන් හිතුවා මාස දෙකකට කලින් ගිය පොම්පේ නගර සංචාරේ ගැන බාගෙට ලියපු ලිපියක් සම්පුර්ණ කරලා ඔයාල එක්ක බෙදා ගන්න.


       පොම්පේ කියද්දි හුළන් පොම්පේ මතක් වෙනවා නේද?;)
              පොම්පේ කියන්නේ නගරයක්. පොම්පේ කියන නම ගත්තොත් ලතින් භාෂාවෙන් හඳුන්වන ආකාරයට  "දෙවන පිරිහීම" යි.Thoedor Kraus  ,අනුව පොම්පේ කියන වචනයේ මූලය ප්‍රකාශයට අදාල වෙන්නේ  ඔස්කන්(oscan) භාෂාවට අනුව පහ(5) යන ඉලක්කම හදුන්වන වචනයයි. 


පිවිසුම 

 

 

 

 

Sunday, August 10, 2014

තොරතුරු විශේෂාංග බ්ලොග් එකක් "තොටුපොළේ රාළ"

සා දුකින් පෙළෙන උන් දැන් ඉතින්......???? 

 

 

  සා දුකින් පෙළෙන උන් දැන් ඉතින් නැගිටියව් අන්තිම සටනට සැරසියව් මේක වැඩ කරන උන්ගේ ලොකුම සටන් පාඨයක් ඒ ඉස්සර  දැන් කම්කරුවන්ට නැගිටින්න බෑ ඔලුවට තොප්පි වැටිලා නිකම් තොප්පි නෙමේ පාට පාට තොප්පි අද නැගිටලා ඉන්නෙ මේ තොප්පිවල අයිතිකාරයෝ අද කම්කරුවෝ කියන්නේ තොප්පි අයිති කාරයන්ගේ රූකඩ උන්ට ඕන විදියට මුන් නැටවෙනවා

 

 පිවිසුම

http://thotupolerala.blogspot.com/

 

 

 

 

 

 

Friday, August 8, 2014

හඳුන්වාදෙන සාහිත්‍යමය බ්ලොග් පිටුව "තනිතරුව"

දිල් පීචං ක්‍යා හේ - අවසාන කොටස 

 

4වන කොටසට
20වෙනි රූප රාමුව: රාජ් රොකීගේ ගෙදර බැල්කනියේ වාඩිවෙලා කම්මුල අත ගගා ඉන්නවා...පපායි පවුලූෂායි රොකීයි එයාව හොයාගෙන බැල්කනියට එනවා...
"පුතා.."
"පපාජී.."
"අපි හෙට කෝච්චියේ ශිම්ලා යමු පුතා.."
රාජ් හිටි තැනින් උඩට විසික්වෙනවා..
"හෙට?? ශිම්ලා? අනේ පපාජි සප්නාව දාල යන්න බෑ.." රාජ් පුංචි කාලේ ඩොක්ටර් ලඟට යමු කිව්වම වගේ පින්සෙණ්ඩුවෙලා කියනවා..
පපා ඔළුව වනනවා...
"ඒ ගැන අමතක කරන්න පුතා..ඔය මැර ධනරාජ්ගිර් එක්ක හැප්පෙන්න දුප්පත් අපට බැහැ..අම්මා මළාට පස්සේ අපිට ඉන්නේ අපි විතරයි...අපි යමු පුතා...අපි යමු.." පපා කවදාවත් නැතුව රාජ්ගේ ඇස් මග ඇරලා කතා කරනවා..
රාජ් ටිකක් වෙලා පපා දිහා බලා ඉන්නවා..එයාගේ මූණ වෙනස්වෙනවා...එයා හැරිලා ගිහින් බැල්කනි වැටට අත් දෙක තියන් උරිස් හතරැස් කරන් පාර බලන් ඉන්නවා...
"පපා..ඒකම නෙවෙයි නේද හේතුව..?" රාජ් බාගෙට තරහෙන් බාගෙට දුකෙන් අහනවා...
පපා කලබල වෙනවා..
"ඒක තමයි පුතා හේතුව...කෙල්ලෙක් නිසා මට මගේ පුතාව නැතිකරගන්න බෑ.." පපා ලඟට ඇවිත් රාජ්ගේ පිටට අත තියනවා.."අපි යං"
"පපා..එදා පපා කිව්ව කතාවෙ හිටිය කෙනා සප්නාගේ අම්මා නේද? අම්මාව හම්බවෙන්න කලින් පපා ආදරේ කළේ එයාට නේද?" රාජ් මේ පැත්ත හැරිලා පපාගේ උරිස් දෙකෙන් අල්ලං මූණට එබිලා අහනවා...
පපා පුදුම වෙලා රාජ්ගේ මූණ බලනවා..හරියට මූ කොහොමද ඒක දන්නේ කියලා...රොකීගේ කට ඇරිල අයාලේ යන මැස්සෙක් ඒකට රිංගගන්නවා..එය තුක් ගාල කෙළගැහුවම මැස්සා මැරිලා බිමට වැටෙනවා...පවුලූෂා කරකියාගන්න දෙයක් නැතුව ඇවිදන් ඇවිත් රාජ්ගේ සපෝට් එකට පැත්තකින් හිටගන්නවා...
පපා  තටම තටම ටපල ටපල මොනාදෝ කියන්න උත්සහ කරලා රාජ්ගේ අත්දෙක අතෑරලා හැරෙනවා...
"පපා මට ඇත්ත කියන්න පපා..ප්ලීස්.."
"ඔව්..පුතා..." පපා බැරිම තැන කතාව කියන්න ගන්නවා...
"පුතා... මම එදා කිව්වා වගේ මම අවුරුදු ගාණකට පස්සේ සාවිත්‍රිව දකිනකොට එයා හිටියේ පොඩි ළමයෙක් එක්ක...ඒ ගෑණු ළමයෙක්...ඒ සප්නා නම් එයා ඔයාට වඩා සෑහෙන්න වැඩිමල් වෙන්න ඕන..ඒ කියන්නේ මේ කසාදේ කොහොමවත්ම කරන්න බෑ නේ පුතා.."
රාජ් මාර විදියට අප්සෙට් වෙනවා..එයා ගෙදරින් එළියට දුවනවා...පාර දිගේ ඔහේ දුවනවා...කට්ටිය එයා පස්සෙන් දුවලා නවත්තගන්න හදනවා ඒත් එයාල යද්දිත් රාජ් පාරට ගිහිං ඉවරයි...
පපා අවුලෙන්, රොකී පුදුමෙන්, පවුලූෂා දුකෙන් ඒ දිහා බලං ඉන්නවා...



21වෙනි රූප රාමුව:

 පිවිසුම

http://tharuwehi.blogspot.com/ 
 

විවිධාංග බ්ලොග් පිටුවක් "විනිවිද ලෝකය"

ඇතුළාන්තය.......... 

 මේ පහතින් දැක්කේ වෙන්නේ එදිනෙදා මට හමුවෙන මිනිසුන්ගේ ඇතුළාන්තයයි...
1. ප්පේ කොහොමද ඉතිං 30 අපේ අයියා අද කටිටිය ටිකක් අඩුයි වගේ නේද ? ආ ඔව් මලයෝ අද වැස්සත් එක්ක නේ සීතල කාල ගුණය හි හි අයියාට සීතල කාළගුණය අල්ලන්නේ නැ නේද ? රස්නේ වැඩියි නමි නියමයි නේද ? අයියා දැන් අවුරැදු 2ක් විතර නේද පටන් අරන්ගෙන තවත් පොට් එකක් දැන්මා නියමයි නේද ? ඔව් දාන්න අදහසක් නමි තියෙනවා කටුබැද්ද පැත්තේ එක්ක පටන් අරන්නේද?  අයියලා දැන් ලබන අවුරැදේ වෙසක් වලට දන්සැලක් දෙනවා කිවා නේද ? අප්පේ කවිද එහෙම දෙන්නේ මේ කඩ සෙටි එකම එකතු වෙලා දෙනවා සරැවත් එකක් . අපෝ ඒ මොකද දෙන්න පලතුරැ බීම දන්සැලක් . අපි එනම් උදව්වට .  මේ ගෙනියන්න බැයි ජුස් ආ !! අපෝ මොකද බැරි මල්ලී මේ තියෙන්නේ ටෙක් එවේ දේවල් ඉතිං අයියේ පොඩි බෝඩ් එක්ක දාන්න එපැයි . 
නැ මල්ලී හෙමින් දිගු ගමනක් යන්න පුළුවන් නේ මලයෝ !!.ඔව් එකත් නම් ඇත්ත තමා . එහෙමනම් මම ගියා අයියා සුබ රැයක්!!
(මේ ඇතුළාන්තයට කැම්පස් එකේ බැක් එකේ ජුස් කඩේ අයියාගේ ඇතුළාන්තයනේ ස්වල්පයක්)


පිවිසෙන්න

http://winiwidalokaya.blogspot.com/

 

Wednesday, August 6, 2014

හඳුන්වාදෙන ශාස්ත්‍රීය බ්ලොග් අඩවියක් "හදපතුල"

සුබ ගමන්..! 

 

මං සමනොල කන්ද මුදුණින් ඉපැදුණේ මගේ 

උවමනාවට කියලා එහෙම හිතන්ට එපා.. 

  මං පහලට ගලාගෙන ගියේ ඉහලට ගලන්ට මට 

ආසාවක් ඇති වුණේ නැති නිසා නොවෙයි.. අනෙක

 මං ගලපු පාර වුණත්.. මං ආසා කරපු පාර ම 

නෙවෙයි.

  වංගු අතරින්.. ගල් වල වැදි වැදී.. මං ගියෙ දුෂ්කර 

ගමනක් විතරක් නෙවෙයි.. මට යන්ට කිසිම 

උවමනාවක් නොතිබුණු ගමනක්.

..  ඒත් මිනිස්සු නම් කියන්නෙ.. එහෙම යනකොට මං 

හරි ලස්සනයි කියලා.. පහලට ගලං යන්ට යන්ට.. මං 

ලොකු උනා.. ශක්තිමත් උනා..

  ඒත් මට.. මට ඕන දේ කරන්ට නම් ඉඩක් 

ලැබුණේම 

නැති තරම්.. 

  ඔයාලා හිතනවද මට ඕන උනා කියලා.. 

අහිංසකයින්ගෙ ගෙවල් කඩලා දාන්න..?

  මට ම මාව පාලනය කරගන්ට බැරි වුණු නිසයි 

එහෙම

 දේවල් සිදු වුණේ.. 

  තව තවත් දුරට යද්දි මගේ ගැඹුර සහ පළල දෙක ම

 වැඩි වුණා.. 

  ඊළඟට මට ලුණු රහ දැනෙන්ට ගත්තා.. මං දැන 

ගත්තා මගේ ගමනාන්තය කිට්ටුයි කියලා.

මට හඬන්ට කඳුළු වත්.. හෙලන්ට සුසුම් වත් 

තිබුණෙ

 නෑ.. මං මගේ ගමන හමාර කළා.. 

  දැං මට තියෙන්නෙ අලුත් තැනක්.. එතැනට කිවුවෙ 

මුහුද කියලා.. 

  මට ආයෙමත් ගඟට එක්කාසු වෙන්ට නං 

කාලාන්තරයක් යයි.. 

  ඒ අතර කොයි කොයි ඉසවු වලට යන්ට වෙයි ද? 

අනේ මංදා..!

 

 පිවිසෙන්න

http://hadapathula.blogspot.com/

 

Tuesday, August 5, 2014

තවත් අළුත් ශාස්ත්‍රීය හා සාහිත්‍යමය බ්ලොග් පිටුවක් "පැහැසරණී"



ඊළඟ දිනයේ ඔහු එනතුරු සුරංගී මඟ බලමින් සිටියාය. නමුත් ඔහු ආවේ නැත...
 
 


 සුරංගීට දුක සිතුනේ   බොහොමත් කාලයකට පෙරය. ඇගේ දුකට ගැලු කඳුළු ගංගාවක් දිගේ මහ මුහුදට ගලා ගොස්  මුතු බෙල්ලෙකු කුසයේ රැදුනි. කල් ඇවෑමෙන් ඒ කඳුළු මුතු විය. ඒ මුතු කන්වල පැළඳ සිටින මුත් සුරංගී තවමත්  දුකිනි . මේ සුරංගී, සුරංගී ද අල්විස්ය. කඳුළු මුතු බවට පත්කළ ඇගේ  පියා ප්‍රේමකීර්ති ද අල්විස් ඇයට අහිමිව ගොස්  අදට වසර විසිපහකි. "අම්මා කියන විදියට මේ ගීතය ලියලා තියෙන්නේ මං   වෙනුවෙන්. ඒ අවදියේදී මගේ කන විදලා තිබිලා නැහැ. මට මතකයක් නැතත්  කරනවා ඔහු ඉදිරියට සිදුවන්නට තිබෙන සිදුවීමක් ගැන මවා ගනිමින් මේ  සින්දුව ලියන්නට ඇති කියලා," සුරංගී තම නැසී  ගිය පියාගේ මතකයන් අවදි කළාය. 

පිවිසෙන්න

Monday, August 4, 2014

තවත් ජනප්‍රිය විවිධාංග බ්ලොග් එකක් "ඉවාන් පවුලූශා"

ක්‍රෂ් ක්‍රෑෂ් වීම ... Crashed Crush 

 " ශ්...ශ්... මල්ලි මල්ලි ..."


" උඹ නේද ප්‍රගීත් කියන්නේ "

" ඔ.. ඔව් අයියේ .... ඇයි ... ?"

" පොඩ්ඩක් වරෙන්කො මෙහෙට බය වෙන්නේ නැතුව ...තෝව ගිලින්නේ නෑ "

උසස් පෙළ අවසාන වසරේ හිටපු අයියලා හතර දෙනෙක් මම ඉස්ල්කොලේ ඇරිලා ගෙදර යද්දී ,කතා කළා ..
මට එක සැරේම බැලුනේ  මගේ අතිජාත මිත්‍ර මෝරා දිහා. 

"යමං ගිහින් බලමුකෝ ...එහෙම කියපු මෝරා ඉස්සර වුනා ..

" තෝ මොකද? කවුද උගුඩුවො තොට බුලත් දුන්නේ ...? පල යන්න කන පලාගන්නේ නැතුව .."

මෝරා බය වෙච්ච පාර ඉබේම නැවතුනා , 

"උඹ වරෙන් මල්ලි ..තෝ ඔතන හිටපිය මේකව එවනකන්, අපෙන් මැරුම් නොකා  " මෝරාට ආපහු තග දාපු අයියලා මාවත් ඇදගෙන ඉස්කෝලෙට පහලින් තිබ්බ ඔරලෝසු කනුව ඉස්සරහ තිබ්බ කඩේ අස්සට යන්න හැදුවා 

" අනේ අයියේ ඔය කඩේ ඇතුලට යන්නනම් බෑ ..."

" ඇයි මොකද තෝ මහා ඒජන්තගේ පුතාද වර යන්න , " මගේ බෙල්ලෙන් අල්ල ගත්ත එකෙක් මාව කඩේ ඇතුලටම ඇදගෙන ගියා .  
මං ඔය කඩේ අස්සට යන්න බෑ කිව්වේ වෙන මොකවත් නිසා නෙවෙයි ,ඔතන තමයි ඉස්කෝලේ කොල්ලෝ සිකරට් බොනවා කියලා ලේබල් වැදිච්ච තැන . අපේ විනය පාලක හාමුදුරුවොත් ඔතන ඉස්සරහ ටික වෙලාවක් ඉඳලා කට්ටියව නෝට් කරගෙන තමා හැමදාම ඉස්කෝලේ ඇරුනම යන්නේ .
ඉතිං යකෝ මම වගේ සුරා සූදුවෙන් තොර සත් ගුණවත් අහිංසකයෙක් කොහොමද ඔය කඩේ ඇතුලේ ඉඳන් මාට්ටු වුනාම ..උදේ රැස්වීමේ ඉස්සරහට ගෙනත් කින්ඩිය දාද්දි ආයේ වසලා හමාරයි .

*******
 
 පිවිසුම

Sunday, August 3, 2014

බ්ලොග් දර්ශකය වෙත සම්බන්ධවී ඇති හා අනෙකුත් පාඨකයන් වෙත කෙරෙන දැනුම්දීමයි !



මෙතෙක් ඔබ සියළු දෙනා විසින් අපගේ බ්ලොග් දර්ශකයට බ්ලොග් අඩවි ඇතුල්කිරීමට ඉදිරිපත්කළ ඉල්ලීම් සියල්ලට ප්‍රතිචාර වශයෙන් ඒවා සියල්ලම මෙම බ්ලොග් දර්ශකය තුලට ඇතුල් කිරීමට පියවර ගෙන ඇත. බ්ලොග් දර්ශකයට ඇතුල් කිරීම සඳහා අප වෙත යොමුකළ ඉල්ලීම් පරිදි ඒ බ්ලොග් අඩවි තවමත් බ්ලොග් දර්ශකයට ඇතුල් වී නොමැතිනම් බ්ලොග් පිටු වල ලින්ක් නැවත අප වෙත යොමු කරන ලෙස එම බ්ලොග් අඩවි පවත්වාගෙන යන හිතවත් බ්ලොග්කරුවන්ගෙන් අප කාරුණිකව ඉල්ලා සිටිමු.

ajith.kumara192@gmail.com

හඳුන්වාදෙන නවක බ්ලොග් අඩවියක් "විභීෂණ අඩවිය"

ඇත්ත එලියට | ඒගොල්ලෝ ඉතිහාසය වෙනස් කර ඇත. 

 ඊයේ ලංකාදීප පත්තරේ තනි පිටුවක් පුරා ආණ්ඩුවේ මෙගා දැන්වීමක් විය.  මට කියවන්න ලැබුනේ ලංකාදීපය විතරක් නිසා අනිත් පත්තර වල තිබුනාද දන්නේ නැත.  සහතික වශයෙන්ම තිබුනා විය යුතුය . ආණ්ඩුවේ වැඩ(ප්‍රචාරක ) එහෙමය. කිසිම ජනමාධ්‍යකට අඩුවෙන් සලකන්නේ නැත. හැම පත්තරේටම තමන්ගේ මෙගා දැන්වීම ලොබ නැතිව දෙන්නේ අදහස් ප්‍රකාශ කිරීම( තමන්ගේ ) මූලික අයිතිවාසිකමක් කියල කොහෙද මන්ද ලියල තියෙන නිසාය. 
මේ මෙගා දැන්වීම් කලාව තනි පිටුවට නොව මැද පිටු දෙකම අල්ලගන්නා අවස්ථාද දුලබ නැත. ඒවා "මෙගා " නොව "ගිගා" විය යුතුය. ඒ වගේ දැන්වීම් මහා ඡන්දයක් කාලෙට හොඳහැටි දැකිය හැකිය.
විභීෂණ  දන්නා තරමට ලෝක ඉතිහාසය ඇතුලේ පත්තර ඉතිහාසය පුරාම පත්තරේ දිග ඇරියම  අත් දෙකටම අල්ල ගන්න පුළුවන් පිටු දෙකක් පමණය. එක පිටු තුන හතරක් වෙලා තිබුන නම් ඉතින් අපිට දෙවි පිහිට පමණක්මය.  මොකද එහෙම වුනත් අපේ පින්බර බදු මුදල් වලින් ඒ පිටුත් පුරවන්න මේ ජනතාවාදී පප්පල සැට් එක පසුබට වෙන්නේ නැත.
මෙගා හෝ ගිගා දැන්වීම වල මිල ගණන් ඇහුවම , ඒ වගේ දැන්වීම් දාන්න සල්ලි තියෙන අයට තමන් ව තෝරා පත් කරපු මහජනතාවට බොන්න වතුර ටික දෙන්න ප්‍රතිපාදන හිඟ වෙන්න හේතුව නම් මහා අබිරහසක් වගේ අපිට තේරුම යන්නේය. 

පිවිසුම

http://vibheeshana2.blogspot.com/