Tuesday, January 27, 2015

අධ්‍යාපනික විවිධාංග බ්ලොග් එකක් "Management in Sinhala "

කළ ගුණ (අතීතය) නොසළකා යහපාලනය (අනාගතය) පැතීම

අවසන් වූ ජනපතිවරණය තරම් අපේක්ෂකයින් වියදම් කළ මැතිවරණයක් තිබුනේ නැත. එයිනුත් පැරදුනු අපේක්ෂකයා වියදම් කළ ප්‍රමාණය අතිශයින් විශාල ය. මුලින්ම කට්අවුට් වැසි වැස්සේ ය. ඊළගට තොරතෝංචියක් නැති ගුවන්විදුලි හා රූපවාහිනී දැන්වීම් දොරෙ ගලා ගියේ ය. රැස්වීමක් තිබුනේ කොතැන ද ලංකාවේ නන් දෙස තිබූ ලංගම බස් එතැනට එක් රැස් වුනේ ය. වියලි ආහාර ද්‍රව්‍යවලට අමතරව කෑම පැකට් බත් දන්සැල් අරක්කු හා මත වැනි කාබී අහවර කරන දේ ද ඊටත් අමතරව බිත්ති ඔරලෝසු අතේ බදින ඔරලෝසු ටී ෂර්ට් කැප් තොප්පි මෝටර් සයිකල් ඈ කී නොකී ස්ථාවර භාණ්ඩද වලින් ජන්දදායකයන්ට අඩුවක් නැතිවම සංග්‍රහ කෙරුනේ ය. ඇත්තටම ඒවා සියල්ල බෙදා හැරීමටවත් හරි හමන් වෙලාවක් තිබුනේ නැත.

සංවර්ධනය ද යහපාලනය ද යන මාතෘකාව අවසානය වන විට වෙනස් වී තිබුනේ ය. අවසානයේ වැඩිපුරම නැගුණු ප්‍රශ්නය වූයේ කළගුණ සැළකීම ද යහපාලනය ද යන්න ය. ඊට අමතරව දන්න යකා ද නොදන්නා දෙවියා ද යන ප්‍රශ්නය ද ඉතිරි වුනේ ය.
අවසාන ප්‍රශ්න දෙකම අපේ ජන විඥානය හා සම්බන්ධ ප්‍රශ්නයන් ය.
කළ ගුණ සැළකීම අපේ ප්‍රබල ආචාර ධර්මයක් ය. බුදුන්ට බුදු වීමට සෙවන දුන් බෝ ගස බෝධීන් වහන්සේ කෙනෙක්ව හැම පන්සලකටම සෙවන සැලසුවේ කළ ගුණ දක්වන්නට බුදුන් සත් සතියෙන් එහැම පිටින්ම එකක් වෙන් කළ බව අපට හැම විටම මතක් කරමිනි.
.............................

පිවිසුම
https://managementinsinhala.wordpress.com/ 

 

Wednesday, January 21, 2015

අළුත් තොරතුරු විවිධාංග බ්ලොග් පිටුවක් "comeege Dinapotha"


Laptop Drivers හොයා ගන්න අමාරුද....? අනම් මනම් නැතිව Manufacturer ගෙන්ම ගන්න Part 01 [DELL]



Dell Laptop Drivers Download By Comeege Dinapotha
 කොහොමද කට්ටියටම ඹක්කොමල හොදින් ඇති කියලා හිතනවා. වැඩ කටයුතු අස්සේ අද කියන්න යන්නේත් Laptop තියන අයට වැදගත් දෙයක්. ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමා Laptop එක Format කරල Drivers දාගන්න ගියාම Drivers හොයාගන්න බැරි එක. මම දැකලා තියනවා කට්ටිය එක එක Drivers Searching Tools දාගෙන දගලනවා. එවා දාගත්තම Internet Log කරපු ගමන් විකාර ගොඩයි අරක මේක Download වෙනවා ඇඩ් කරදර ගොඩයි සමහර විට ඒ අස්සේ Virus ඇවිත්. මේ ඔක්කොටම හරියන්නේ Manufacturer ගෙන් Drivers ගන්න එක මොකද විශ්වාසදායී බව හා හොදටම ඒ Drivers ගැලපෙනවා. අන්න ඒ නිසා අරක මේක දාගන්නේ නැතිව කෙලින්ම Manufacturer ගෙන් Drivers Download කරගන්න අද මම Link ටික දානවා. පහලින් ගිහින් එහෙනම් තමන්ගේ Dell Laptop එකට ගැලපෙන Drives ටික Download කරගන්න. අනිත් Laptop වලටත් තව ලිපියකින් දානවා.
 පිවිසුම

 

 

Thursday, January 15, 2015

හඳුන්වාදෙන තවත් එක් විචාරාත්මක බ්ලොග් පිටුවක් "විචාරකගේ අඩවිය"


49b94b9561a90   මේ ලිපිය ආරම්භයේදීම පහත දැක්වෙන කරුණු අවධාරණය කරනන්ට කැමතියි. ඔබ දන්නවා, පසුගිය අවුරුදු තුන පුරා, මා මෙම අඩවියේ වැඩිපුරම ලියා තිබෙන්නේ, හමුදාව පිලිබඳ ලිපි. ඒ මගින් මා අදහස් කළේ, ඔබේ හමුදා දැණුම දියුණු කරන්නයි. මෙම ලිපියත්, එවැනි, හමුදා දැණුම සම්බන්ධ ලිපියක් විනා, කිසිදු ආකාරයකින්, දේශපාලන අදහස් ගැබ්වූ ලිපියක් නොවේ. එබැවින්, මෙම ලිපියට අදාළ නොවන, ශ්‍රී ලංකාවේ දැනට පවතින රජයට පක්ෂව හෝ විපක්ෂව ඉදිරිපත් කෙරෙන, කුමන ආකාරයක හෝ දේශපාලන අර්ථකථන සහිත පාඨක අදහස් හෝ, ප්‍රස්තුතයට අදාළ නොවන අදහස්, ඉවත් කිරීමට සිදුවන බව, කාරුණිකව දැනුම් දෙනවා.
    අද උදෑසන (2015/01/14) රූපවාහිණී ප්‍රවෘත්තියක සඳහන් වුණා, හිටපු හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, (Chief of Defence Staff = CDS) සරත් ෆොන්සේකා මහතා, ෆීල්ඩ් මාර්ෂල් Field Marshal තනතුරට උසස් කිරීමේ අදහසක්, රජය තුළ පවතින බව. සමහරවිට ඔබ, ‘ෆීල්ඩ් මාර්ෂල්’ යනුවෙන් හමුදා නිළයක් ඇති බව දන්නවා ඇති. සමහරවිට නොදන්නවාත් ඇති. දන්න අයගේ මතකය අලුත් කිරීමටත්, නොදන්නා අයට දැණුම ලබාදීමත් සඳහායි, මේ ලිපිය ලියවෙන්නේ. මීට පෙර, මා ඔබට ත්‍රිවිධ හමුදාවේම සියලුම නිළ පිළිබඳව, සරලව කියාදී තිබෙනවා. මතක නැති අය මෙන්න මෙතනින් ගිහින් බලලා එන්නකෝ. එතකොට මේ ලිපිය තේරුම් ගන්න වඩාත් පහසුයි.
   දැන් මතකද කතන්දරේ. අපේ රටේ ත්‍රිවිධ හමුදාවේ මෙතෙක් තිබුණු ඉහලම නිළ තමා, 

පිවිසුම

Monday, January 12, 2015

තවත් රසවින්දන විවිධාංග බ්ලොග් පිටුවක් "මගේ තැන"

වයසයි මා දැන් ටික ටික වැහැරි යනවා


ඇවිදිනු හිදිනු බෑ පා යුග වෙව්ලනවා
අහු වෙන්නෑ කිසිවක් අත් වෙව්ලනවා
සවිබල නෑ ගතද දැන් වක් වී යනවා
වයසයි මා දැන් ටික ටික වැහැරි යනවා

දිදුලුණු සමත්  ටික ටික ‍රැලි ගැන්වෙනවා
දත් ටික වැටිලා මුහුණත් ටික ටික වැහැරෙනවා
සවිමත් ගතත් දැන් ටික ටික දුබලව යනවා
වයසයි මා දැන් ටික ටික වැහැරි යනවා


පිවිසුම
http://gihan55.blogspot.com/ 

Friday, January 9, 2015

නව විචාරාත්මක හා සංවාදශීලී බ්ලොග් පිටුවක් " Transylvania "

නිකොලායි ඔව්ස්ට්‍රොව්ස්කි හා පාවෙල් කොර්චාගීන්


  


වෛද්‍ය රුවන් එම් ජයතුංග


 නිකොලායි  ඔව්ස්ට්‍රොව්ස්කිගේ වානේ පන්නරය ලැබුණු හැටි  කෘතියේ එන පාවෙල් කොර්චාගීන් චරිතය බොහෝ දෙනෙකුට විශාල බලපෑමක් ඇති කල බව  කීවේ  නම් නිවැරදිය.  අප පාවෙල් කොර්චාගීන් හඳුනා ගත්තේ දැදිගම වී රොද්‍රිගු හරහාය.    පවෙල් කොර්චාගීන්ට   අපි දශක ගණනාවක් පුර ආදරය කළෙමු.  සැබවින්ම ඔහු අපගේ වීරයා  සහ  පරමාදර්ශය විය .  ඔහු ජීවත් වුයේ කෙටි කාලයකි.  එහෙත් පරාර්ථය , කැපවීම   සහ නොපසුබස්නා උත්සාහය   ජීවිතයේ හරයන් කරගත්  පාවෙල් මිනිසුන්ගේ හදවත් තුල තවමත් ජීවත් වේ. 

පාවෙල් කොර්චාගීන්  යන    සාහිත්‍යම චරිතය සහ නිකොලායි  ඔව්ස්ට්‍රොව්ස්කි යන සැබෑ චරිතය බොහෝ දුරට එක සමානය. ඔව්ස්ට්‍රොව්ස්කි වානේ පන්නරය ලැබුණු හැටි  කෘතිය තුලින් ඉදිරිපත් කලේ  ඔහුගේම  චරිතයයි. එම නිසා  පාවෙල් කොර්චාගීන් සහ නිකොලායි  ඔව්ස්ට්‍රොව්ස්කි එක අයෙකු ලෙසට සැලකුවාට වරදක් නැත. 
...................


පිවිසුම
http://transyl2014.blogspot.com/ 

Thursday, January 1, 2015

සුභ නව වසරක් වේවා.

වසර 2014 ගෙවී අවසන්ව අදින් 2015 වසර ඇරඹුනා. බ්ලොග් ලියන අපේ හිතවතුන්ටත් සියළු බ්ලොග් පාඨකයන්ටත් සර්වප්‍රකාරයෙන් සිතුම් පැතුම් ඉටුවන සුභම සුභ නව වසරක් වේවා කියා අජිත් කුමාර අපේ බ්ලොග් දර්ශකය තුලින් ප්‍රාර්ථනා කරනවා.