Sunday, January 31, 2016

සාහිත්‍යමය රසවින්දනය පිරි විවිධාංග බ්ලොග් එකක් " අපූරුමල් "

දහය: ඉනුයා



ආයුබෝවන්!

ඔන්න ඉතින් මම අපේ අම්මිගෙ පින්තූරයනේ අන්තිමට ඇන්ඳේ. ඒත් අනේ මගේ හිත තාමත් කනස්සල්ලෙන්, මොකද කියනවනං ඊට කලින් ඇඳපු ඉනුයගෙ (කං ඉන් උ ගෙ) පින්තූරෙ අවුල් ගියානේ. පිපෙන්න බලාගෙන මගේ ලැයිස්තුවේ තව බර ගානක් මට බැන බැන හිටියත්, ඉනුයට වෙච්ච අසාධාරනේ මට ඉවසන්න බැරිව ගියා. ඒත් එක්කම මට මෙහෙම හිතුනා:

"වැඩක් කරනවනම් හරියට කරන්න ඕනි, වැරදීම් වෙනවා, එතකොට ඒවා හරිගස්සගන්න ඕනි ඊලඟ පියවරට යන්න කලින්" 

ඒ නිසා මම තීරණය කලා ඉනුයව අඳල තමයි මොනවා කෙරුවත් කොරන්නෙ කියල. කලින් සැරේ මට වැරදුනේ මම තෝරගත්ත මුල් පින්තූරෙ ඉනුය ලාවට හිනාවෙලා හිටපු නිසානේ. ඕං ඒ නිසා හොඳට හිනාවෙලා ඉන්න එකක් තේරුවා. මේ මුල් පින්තූරය හොයාගත්තෙ, 'ගන්මෑන් ඉන් ජොසන්' (gunman in Joseon, 조선 총잡이 ) නම් කොරියානු ටෙලි නාටක මාලාවේ එන 'කිම් හො-කිඔං', 김호경, කියන චරිතයෙන්. මේ චරිතයට පණ පොවන්නෙත් 'කං ඉන් උ' චරිතයට පණදුන් 'හන් ජු වොන්',
한주완 නැමති ආදරණීය රංගන ශිල්පියා. 

කං ඉන් උ ඉන්න 'හ්වාජුං' කථාවත් මේ කථාවත් හාත්පස එකිනෙකට වෙනස් උනත්, හන් ජූ-වොන් චරිතයේත් කං ඉනු චරිතයේත් පුදුමාකාර සමානකම් තමයි තියෙන්නෙ. දෙන්නම ආදරේ කරන ගෑණු ළමයා ආදරේ වෙන කෙනෙකුට, දෙන්නම තමන්ගෙ හිතේ තියෙන ආදරේ නිසාම ඒ ආදරේ හිතේම තියාගෙන ගෑණු ළමය කැමති කෙනා එක්ක එකතු වෙන්න උදවු කරනවා. දෙන්නගෙම පියතුමන්ලා සටකපට ආත්මාර්ථ්කාමීන් (තම රට වුනත් පාවා දෙන සයිස්) දෙදෙනක් වන අතර, මේ චරිත දෙකම පියතුමාලාගේ ක්‍රියාකලාපයට දැඩිසේ විරුද්දයි, ඔවුන් නීතියේ රැහැනට අල්ලාදිමට කටයුතුකරන,.....ආදී සිද්දීන් ගණනාවක්ම තියෙනවා. කොහොම නමුත් ඉතාමත් දුඛිත ජිවිතයක් ගතකරන මේ චරිත දෙකම හරිම අවාසනාවන්ත ඉරණමකට මූණ දෙනව. ඒ නිසා කිම් හො-කිඔංටත් මම කියන්නෙ 'ඉනුය' කියල.

කොහොමින් කොහොම හරි චිත්‍රය ඇන්ඳා, මේං මේ විදියට තමයි අන්තිමට ඒක නිම උනේ.

..............................................

පිවිසුම

Saturday, January 30, 2016

කාලීන සිදුවීම් විචාර රසවින්දනය සමග එන ශාස්ත්‍රීය බ්ලොග් එකක් " මනෝගේ ලෝකය "

පොතක් සහා කතාවක්.

පි කිව්වේ "මාමා" කියලා. සමහරු "අප්පච්චි" කිව්වා.ජනවාරි අට වැනිදායින් පස්සේ "අප්පච්චි මලා"කියලාත් සමහරු කිව්වා.
ඒ අප්පච්චිගේ පුතාව අප්පච්චිගෙන් පස්සේ රජ කරවන්න සමහරු බලන් හිටියා.
හැබැයි වැඩේ වැරදුණා!
ඒගොල්ලෝ කිව්වේ "ශ්‍රේෂ්ඨ රජ්‍ය නායක සහෝදර"කියලා.  ශ්‍රේෂ්ඨ රජ්‍ය නායක සහෝදර පුතාට කිව්වේ "ආදරණිය නායක" කියලා හිටං.
දැන් ඒ රට කරන්නේ අර කියපු "ශ්‍රේෂ්ඨ රජ්‍ය නායක සහෝදරයාගේ" මුනුබුරා.තාත්තාගෙන් පුතාට සිහසුන යන ජනතාව පාලකයින්ගේ යටත් වැසියෝ වෙලා ඉන්න රාජාණ්ඩු ක්‍රමයෙන් අපි ගැලවුණත් තාමත් ඒ රටේ මිනිස්සුන්ට එහෙම වාසනාවක් නැහැ. 

මේ උතුරු කොරියාවේ අදටත් තියෙන තත්වය.


 

...............................................
පිවිසුම 

Thursday, January 28, 2016

කාලීන සිදුවීම් තොරතුරු පුවත් විචාර ඇතුළු විශේෂාංග රැසක් රැගත් බ්ලොග් එකක් " LANKA TEAM "

ඇඹිලිපිටිය ඒ. එස්‌. පී සහ ඕ. අයි. සී ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගන්න යෑයි ඇඹිලිපිටිය අතිරේක මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කර තිබිණි. ඊයේ (28දා) සියලුම පුවත්පත්වල මුල් පිටුවේ ප්‍රධාන පුවත බවට පත්ව තිබුණේද එයයි. ඇඹිලිපිටිය සිදුවීම රටේම අවධානයට ලක්‌ව තිබුණු ආන්දොaලනාත්මක සිදුවීමක්‌ වී තිබීම ඊට හේතුවිය. කොහොමත් පොලිසිය සම්බන්ධයෙන් ලැබෙන ප්‍රවෘත්ති ගැන රටේ ජනතාව මේ දිනවල බොහෝ සෙයින් උනන්දුය.

පොලිසිය ඇදගෙන නොව කුණු වළකටම බැස හිතේ හැටියට නාගන්නා බව පෙනේ. මේ නා ගැනීමේ නොව පොලිසිය තුළම කැත කිරීමේ අසමඡ්ජාතිකම බොහෝ දුර අතීතයක සිට ක්‍රමයෙන් ව්‍යාප්ත වූවකි.

එහෙත් ආසන්නතම මතක ඇති සිදුවීම් අතර මෙහිදී කොරළවැල්ල ප්‍රදේශයේදී තරුණයන් දෙදෙනකු ඝාතනය කිරීමේ වරදට මරණ දඬුවම හිමිවූ පොලිස්‌ නිලධාරීන් පිරිසගේ සිද්ධිය රටම හෙල්ලූ වග කිව යුතුය. පොලිසියේ උදවිය එම සිදුවීමෙන් හෝ පාඩමක්‌ ඉගෙන ගෙන නැති බව කිව යුතුය. පොලිසියේම සමහර උදවිය මෙවැනි නසරානි අන්දමට මිනිසුන්ට චණ්‌ඩිකම් පෙන්වන්නේ ඇයිදැයි යන්න නිවැරදිව තෝරාබේරා ගැනීමට හැකියාවක්‌ නැත. දුටුතැන පොලිසියට පහර දෙන්නට වුව රටේ ජනතාව පෙළඹී සිටින්නේ පොලිසියම හත්පොලේ ගාගෙන ඇති නිසාය.

..................................

පිවිසුම
http://www.lankateam.com/ 

Wednesday, January 27, 2016

සාහිත්‍ය කලා රසවින්දනය පිරි විවිධාංග බ්ලොග් එකක් " සිනහා කඳුළු "

නිදහස


නිදහස කියන්නේ  මේ ලෝකේ ජීවත් වෙන හැමෝටම උරුමකම් කියන්න පුළුවන් දෙයක්. මේ දේ ඕණවට වඩා දුන්නමත් ප්‍රශ්න නැති උනාමත් ප්‍රශ්න. නිදහස කියන්නේ ඇස්ටොනිෂ් පෞද්ගලිකවම මේ ලෝකෙන් ආසම දේ වගේම ඕණවට වඩා ඇස්ටොනිෂ්ට තියෙන එකම දේ කිව්වත් හරි. ළමයෙකුට ගෙදරින් නොදෙන විදියේ කැලෑ නිදහසක් බුක්ති විදින නිසාමද කොහේ පුංචී කාලේ ඉඳන්ම අද වෙනකන් තියෙන නිදහස දිගටම පවත්වන් යනව මිස නිදහසට අඹ මල් රේණුවක් තරම්වත් කඩ කිරිමක් කරන්න අකමැති නිසාවෙන් හුගාක් සැලසුම් සහගතව නිදහස පවත්වන් යනවා.

 ඇස්ටොනිෂ්ගේ හුඟාක් යාළුවන්ට නැතිම දේ තමයි නිදහස කියන්නේ මගේ නම් ආකාල්පය නිදහස විශ්වාසය එක්ක බැදිලා තියෙනව ඒ නිසයි ගෙවල් වලින් සීන් දාලා නිදහස තර කරන්නේ. අපේ අතීතයේ හැසිරීම් රටා අනුව තමයි අපිව අනාගතයෙදි  මනින්නේ වගේම නිදහස වගේ දේවල් නැතුව යන්නේ. ඉතින් යාළුවෝ එක්ක අඩියක්වත් එහාට මෙහාට යන්න නොදෙන එක සාධාරණයි. නිදහසත් විශ්වාසය වගේම උපය ගන්න ඕණ දෙයක්. දෙමාපියෝ තමන්ගේ දරුවන් මත තියෙන විස්වාසයේ මට්ටමට තමයි නිදහස බුක්ති විදිමට දෙන්නේ ඒකේ  සාධාරණත්වය පිළිබඳව ගැටලුවක් නෑ මොකද මේ ලෝකේ අපිව තමයි අපේ දෙමාපියනට වැඩියෙන්ම වටින්නේ.
ළමයින්ට නිදහස නොදීම කූඩු කරලා තියන් හිටියම වෙන්නේ පොඩි හරි නිදහසක් ආවා ගමන්ම පියාබලා යන ඒක.
අපි ඕණ තරම් ඔය වගේ කතා ගැන අහලා තියෙයිනේ. සමහර ළමයින්ගේ ජීවිත වල තමන් තෝර ගත්ත කිසිම දෙයක් නෑ එලේවල් සබ්ජෙක් තොරන්නෙත් දෙමාපියෝ ඉතින් අකමැත්තෙන් වගේ කරන කොයි වඩේද හරි යන්නේ. ළමයින්ට තමන් කැමති විශයවත් ඩු ගානේ තෝර ගන්න නිදහස දෙන්න ඕණ. තෝරා ගැනිම් කියන්නෙ ඩිසිෂන් මේකින් දැන් ඉන්න අයට නැතිම දේ හරියට දෙයක් තෝර ගන්න බැරි එක. එක එක්කෙනා කරන දේවල් කර කර කාලේ නාස්ති කරනව.
..........................................................

පිවිසුම

Tuesday, January 26, 2016

හොල්මන් කතා සමග අළුත්ම රසවින්දන විවිධාංග බ්ලොග් එකක් " කැරකෝප්පුව "

කැරකෝපුව ගෙන පොඩියට & එම්බාම් කිරීම

කැරකෝප්පුව

කැරකෝප්පුව කියලා නම දැම්මේ හොල්මන් කතා ටිකක් තියෙනවා ඒ ටික ලියලා දාන්න. හොල්මන් කතා තිබුණු අඩවි ගණනාවක් දැන් අප්ඩේට් වෙන්නෑ. දැන් හොල්මන් කතාවලටම කියලා තියෙන්නේ අඩවි කිහිපයක් පමනි. ඒවාත් මේ අවුරුද්දේ තාම කිසිම පෝස්ට් එකක් පලවෙලා නැහැ(මම දන්න තරමින්) 
මම ගොඩක් කැමති හොල්මන් කතාවලට ඒකනිසා තමයි මේ වගේ එකක් මටත් හදාගන්න ඕන කියලා හිතුවේ..
මමත් තාම කතා හොයනවා හොය හොය තමයි පෝස්ට් කරන්න වෙන්නේ. මම දන්න කතා ටිකයි තියෙන්නේ..හැබැයි අදනම් පෝස්ට් එකක් දාන්න වෙන්නේ නම්...
හොල්මන් ගෙන විස්තර කරන්න ඉස්සර වෙලා එම්බාම් කිරීම ගැන පොඩ්ඩක් විස්තර කරන්න හිතුවා...මනුස්සයෙක් මැරුණට පස්සේ මල් ශාලාවේ ගෙදර තමයි එම්බාම් කරන්නේ. මේ කියන්න යන්නේ මල් ශාලාවේ කරන විදිය.මල් ශාලාවට ගෙනාවට ගෙනාවට පස්සේ මල් ශාලාවේ තියෙන විශේෂ මැශින් එකක තියෙන බටයක් මිනියේ යටි පතුලේ හයි කරන්නේ කකුලේ තියෙන ප්‍රධාන ශිරාවකට ඊට පස්සේ අර මැශින් එක දානවා එතකොට එකේ තියෙන පවර් එකට ශිරාව දිගේ ඇගේ තියෙන කැටි ගැහැච්ච ලේ ඔක්කොම ඇදිලා එනවා.ඊට පස්සේ හොදට නාවනවා.නෑව්වට පස්සේ මිනියේ මුලු ඇගටම ක්ලෝරෆෝම් ස්ප්‍රේ කරනවා.ඉන් පසුව මිනිය වේලෙන්න කලින් ටිෂූ එකක් වගේ කොලයක් අලවනවා. ක්ලෝරෆෝම් වේලුනාට පස්සේ එතන කොලයක් තියෙනවද කියලා පේන්නෑ.ඒ කොලේ විනිවිද පේන්න ගන්නවා.ඊට පස්සේ ඇදුම් අන්දලා ඇදුම ටින්ටස් ඇන වලින් හයි කරනවා.මම කියනදේ ගැන පොඩි හරි සැකයක් තියෙනවනම් මල ගෙදරකට ගිහිල්ලා මිනියේ මූන ටිකක් නියපොත්තකින් හූරලා බලන්න.

ප.ලි.
•මල ගෙදරට ආපු මිනිස්සු ඔබ පිස්සෙක් කියලා ගල් ගසා එලෙව්වට වග කියන්නේ නැත(මිනියේ මූන සීරීමට ගොස්)
•එම්බාම් කිරීම ඔක්කොම දැකලා නෑ.සමහර කරුනු අසා දැනගෙන ඇති කරුනුත් ඇතුලත් කර ඇති බවද සලකන්න 





......................................................

පිවිසුම

Saturday, January 23, 2016

කාලීන සිදුවීම් තොරතුරු විචාර විශේෂාංග ඇතුළත් විවිධාංග බ්ලොග් එකක් " මේනකයාගේ ගොඩේ කතා "

මරණ ගෙදර 01

“ඒයි..........

“ඒයි.............“

“ඒයි.....................“

උඩවෙල පුංචි උදේ පාන්දර පාරට ඇවිල්ලා කෑ ගහනවා.

“ඇයි උඩවෙල?????“

“බාරොන් අයියා මැරිලලු බන්“

“නැහ්.... මොකද බං මේ පෝලිමේ මැරෙන්නේ. දැන් ඉතිං මරණ සමිතියට තවත් එකසිය පනහක් හොයපල්ලකෝ“

“ඒක තමයි බං.. පව් නේද බාරොන් අයියා“

“වරෙන් කහට එකක්කත් බීලා යන්න“

“බෑ බං වැඩ. තව උදේට ඉව්වෙවත් නෑ“

කිය කිය උඩවෙල පුංචි හෙමින් හෙමින් පඩිපෙල බැහැගෙන එනවා.

දැන් ඉතිං බාරොන් මාමගේ අල ගිය මුල ගිය තැන් උන්දැගේ කවදාවත් නොතිබිච්ච ගුණධර්ම අපේ කුස්සියේ කතිකා වෙනවා. නිවාඩු මාසේ ගෙදෙට්ට වෙලා ඉන්න අපිත් ඉතිං මළගෙදර රාත්‍රීන් ගතකිරීමේ කුහුලෙන් පහු වෙනවා.උඩවෙල පුංචිට කහට කෝප්පයක් වක්කරල දීලා අම්මා මිදුලට බැහැලා උළු ගෙදර දිහා බලාගෙන

“චන්ද්‍රාණී“

“චන්ද්‍රාණී“

“චන්ද්‍රාණී“ 

කියලා කෑගහනවා.

“ඇයි නැන්දා“

“බාරොන් මල්ලි මැරිලලු“

“නෑ.....?“

ඉතිං ඔහොම මරණෙ ගැන ආරංචිය ගමේ උඩහටයි පහලටයි තටු ඇවිල්ලා ඉගිලෙනවා. පැයක් දෙකක් යද්දි මරණෙ ගැන ගමම දැනගන්නවා.

“නෑ මිනිය ගෙනල්ලලුද?““කොහෙද .. අද හවසවත් වෙයි මිනිය කපලා ගේනකුට“

ඉතිං මිනිය ගෙනාවත් නැතත් මිනිස්සු එකා දෙන්නා බාරොන් මාමලාගේ ගෙදර දිහාවට හිමීට හිමීට ඇදෙනවා. අපේ අම්මයි උඩවෙල පුංචියිත් පඩිපෙල නැගං නැගං බාරොන් මාමලා ගෙදර යන්න පිටත් වෙද්දි අපිත් එකා දෙන්නා වසයෙන් අම්මලගේ පස්සෙන් වැටෙනවා.

“පලයල්ලා ගෙදර යන්න. උඹලට කවුද එන්න කිව්වේ. ගෙදර බල්ලෙක්වත් නෑ.මම කියලා තියෙනවා මගේ පස්සෙන් රෝන්දෙ යන්න එන්ඩ එපා කියලා“ 

අම්මා අපිව එළවගන්නවා.

“ගෙදර ගිහිං ආච්චිට කියපං. උන්දට කියන්න අමතක වුනා.“

අපේ ගමන එතනම ලොප් කරගෙන අපි ආපහු ගෙදෙට්ට එනවා.ආච්චි සීතලේ වකුටු වෙලා තාම මර නින්දේ පහු වෙනවා.

...................................................

පිවිසුම

http://menakaya.blogspot.com/ 

Wednesday, January 20, 2016

අළුත් කලා සාහිත්‍යමය රසවින්දන බ්ලොග් එකක් " ආඩම්බරකාරී "

ahanna aadaree

ai?? wenada nathi paaluwak danune
dukkak hitha yata hitha thalanne
matath mage hitha hadagannata ba
nubath nihadai mata kiyanneth na

kalath api pem bahak naththe
hithin pem rasa horen winde
dhethana thaniyen kavi liyanne
hamuwenna dhina na
oyaa enneth na
aadare adu na 

...........................

පිවිසුම
http://admbarakari.blogspot.com/ 

Tuesday, January 19, 2016

ආගමික හා පුන්‍ය කටයුතු පිළිබඳ වැදගත් බ්ලොග් එකක් " සසුන "

 
 

හෙළයේ අසිරිමත් පුදබිම - බුදුරැස් විහිදෙන ඓතිහාසික සෝමාවතී රජමහ වෙහෙරට රු ලක්ෂයකට ආසන්න වියදමක් දරා කප්රුක් හා අටපිරිකර පූජාවක් සිදුකල වගයි ...

2016 ජනවාරි 16 වැනිද බුදුරැස් විහිදෙන සෝමාවතියට කප්රුක් හා අටපිරිකර පූජාවක් සිදුකලා. පහත නම් සදහන් පින්වත් මිතුරු  ඒ වෙනුවෙන් දායකත්වය ලබාදුන්නා.
...................................
 
පිවිසුම
 
 

Monday, January 18, 2016

හෙළයේ නොලියවුනු ඉතිහාස කරුණු අප වෙත ගෙනෙන වැදගත් බ්ලොග් එකක් " හෙළ යුගය "


අටමඟල

2 අටමඟල



අටමගල කියන වචනෙ ඇහුණ ගමන් ඔළුවට එන්නෙ කොහොම අදහසක්ද? ගොඩක් වෙලාවට, නිතරම කැඩෙන කසිකබල් යන්ත්‍රයක්. වැඩකට නැති, නැතුවත් බැරි දෙයක් හෝ බොහෝ වෙලාවට මොකක් හරි වරදක් තියෙන දෙයක්.

ඒත් පුරාණයේ අටමඟල කිව්වෙ මීට වඩා වෙනස් දේකට. ඇත්තටම අටමඟල කියන වචනෙ තේරුම “අෂ්ඨ මංගල වස්තු” කියන එකයි. එහෙම බැළුවම වර්තමාන ව්‍යවහාරයේ එන්නෙ සම්පූර්ණයෙන්ම වෙනස් අර්ථකථනයක් නෙ. අපි අතින් ලොකු වැරදීමක් වෙලා වගේ නේද? මංගල කටයුතු, එහෙමත් නැත්නම් සුභ කටයුතු වලදී මෙම අටමඟල අතීතයේදී යොදාගැණුනා වගේම අදටත් භාවිතා වෙනවා. මේ අෂ්ඨ මංගල වස්තු වලට අයත් වෙන්නෙ

* ස්වස්ථික
* පුන් කලස්
* චාමර
* ප්‍රදීප
* ඡත්‍ර
* දර්පණ
* ශංඛ සහ
* ශ්‍රී වත්ස යන සලකුණුයි

......................................

පිවිසුම 
http://helayugaya.blogspot.com/

Friday, January 15, 2016

සාහිත්‍යමය කලා රසවින්දනාත්මක බ්ලොග් පිටුවක් " කුරුටු "

චිත්‍රාවියකගෙන් හසුනක්...

සැළලිහිණියෙක්, ගිරවෙක්
අඩුම තරමේ කපුටෙක්
සොයාගන්නට නොමැත පෙම්වත
හිත මිතුරු දූතයෙකු ලෙස..
ඉතින් මේ වගතුග
අමුණා එවමි සුළඟක...
කපු තෙම වඩින තුරු
වාසලේ හරි කලබල
මහළු බමුණන් නිබඳ
කියත් කේලම් විස්තර..
අඟුටු වාමන සෙනග
බීඩි දුම් උර උර
සරත් නිරතුරු
එක්ටැම් කුළුණ පාමුල..
විටෙක මුර බල්ලන් ද
හතිලන හඬ ඇසෙයි වටපිට...
ඈත වෑ කන්ද මුල
එදා අප සක්මන් කල තැන..
"සිකියුරිටි" නා රජු ද නිරතුරු
පෙන ගොබ සතම පුප්පයි,
මේ කුටිය අවටින් හමන
සුළඟට පවා සසැලිව..
ඉතින් පෙම් කුමරුවනි
පිපුණු මල් දුටුව පසු,
ඔහොමයි මෙහෙ අලුත් විස්තර...
..................................

පිවිසුම

Monday, January 11, 2016

අළුත් සාහිත්‍යමය කාලා රසවින්දනාත්මක බ්ලොග් එකක් " බ්ලොක් ගලක් උඩ කලු ගලක් "

කෝ කලාව


කෝ කලාව? සැබවින්ම කලාවේ උපත කොතනද? කලාවට අයිති මොනවද? කවුරුන්ද මේ කලාකරුවා?



  විටක හෑම වස්තුවක්ම කලු ඉගිරියාවට අසු වෙද්දිත්,තවත් විටක හෑම දෙයක්ම නොපෙනී වැසී යද්දිත් බලා හුන් අත බලා උන්න නම් ආදි මානවයා අද මේ පවතින කොන්ටම් පිසික්ස් යුගය සාරා සංකෙයිය කප් ලක්ෂයක් දුර වීම අමුතු කතාවක් වෙන්නෙ නම් නැති වග සිකුරුයි. නාමිකව පවා හදුනා නොගත් යුගයක මේ අභූත වෙනස් වීම ඔවුන් කෙසේ බාර ගත්තත් කුහුල නම් වූ ආයුධය ඔවුන් තුල ඉතා දරුනුවට මුවහත්ව තිබූ බව හෙට පෙකෙනිය කැපීමට නියමිත කිරි සප්පයෙකුට වුව නිරායාසයෙන් දැනෙන්නා වූ කරුනක වගට මේ වර්තමානය සාක්ශි දරාවි. මන්ද යත් විද්‍යාව නම් වූ අවිද්‍යාවේ හෙනහුරා ලෙස වෙස් ගැන් වූ ක්‍රමවේදය මුලින්ම ගැබ් ගත්තෙ ඔවුන් තුල වූ කුතුහලය මත වීම නොරහසක් වන බැවිනි. ඉතින් එවනි පසුබිමක කලාවේ උපත ගැන යට ගියාවු ඉගියක් ඇත් දැයි සොයා බැලීමට නම් අප මුලින්ම ගොඩ විය යුත්තේ ස්වභාදහම හා තර්කය ඇරබූ ආදි මානවයා ජීවත් වූ යුගයට බවයි මා සතු මතය. මන්ද යත් කලාව යනු චිත්‍ර,නැටුම්,සංගීතය,වැනි අංශයන්ම පමනක් නොවෙන නිසාමය. 
 එදා මෙදා තුර සුපිරිතම කලාගාරය වන මේ පොලොව මත ස්වබාදහම නම් වූ සුපිරිතම කලාකරුවා අතින් නිම වූ උසස් කලා කෘතිය වන මිනිසා පැහැදිලිවම නිරවුල් කලාවකට හිමිකම් කිවිය යුතුමය. ඇස් පිය ගැසීම,හුස්ම ඉහල පහල ගැනීම,ඇවිදීම ඇතුලුව ජීවත් වීමේද ඇත්තෙ කලාවකි. නමුත් මා සදහන් කර ජිවත් වීම නම් වූ කලාව අද වන විට බොහො දෙනෙකුට විකලාවක් බවට පත්ව ඇත. ඒ කෙසේ වෙතත් මෙසේ යම් රටාවකට,රිද්මයකට මුසු වෙන මිනිසා උරුමයෙන් ලද කුසගින්නත්, ප්‍රජනනයත්,ශරීර කෘත්‍යත් ඇරුනු කොට මුලිකවම සිදු කරන්නට ඇත්තේ ඔවුන් ඉදිරියේ සිදුවෙන වෙනස් වීම් හා ඔට්ටු ඇල්ලීම විය යුතුමය.

...............................................

පිවිසුම
http://blockkalugal.blogspot.com/p/blog-page_10.html 

Sunday, January 10, 2016

බ්ලොග් මිතුරන්ට පොඩි දැනුම් දීමක් !

අළුත් අවුරුද්දේ අපේ බ්ලොග් මිතුරු මිතුරියන් පොඩි දෙයක් ගැන දැනුවත් කරලා හිටියොත් හොඳයි කියලා හිතුනා. මේක අපේ බ්ලොග් අ ට්දර්ශකය තුල මම දැකපු එක සිද්ධියක් සම්බන්ධයෙන් පොඩි උපදෙසක්. බ්ලොග් දර්ශකයට ඇතුලත් කරල තියෙන ඇතැම් බ්ලොග් කොතෙක් යාවත්කාලීන උනත් දර්ශකයේ බ්ලොග් රෝල් තුල අළුතින් අප්ඩේට් වුනු තොරතුරු පෙන්වන්නේ නෑ. ඊට හේතු වෙන්න පුළුවන් එක් ප්‍රධාන දෙයක් ගැනයි මේ පෙන්වලා දෙන්න හදන්නේ. හේතුව මේකනම් තමන්ගේ බ්ලොග් එකේ සෙටින් වල එය තමන්ටම නිවැරදි කරගන්න පුළුවන්. වැඩි විස්තර පහත රූප රාමුත් එක්කම බලන්න.

පළමුව " Site feed  " සෙටින් එක පරිෂා කරන්න ඕනේ. ඒක කරන්නේ මෙහෙමයි.

1) බ්ලොග් එකේ ඩෑශ් බෝඩ් එකේ Settings වලට යන්න.




2) ඉන් පසුව Other තුලට යන්න.



3) මෙහි Site feed කොටසේ Allow blog feed යන්න " Full " ලෙස සෙට් වී තිබිය යුතුයි.
    

4) " Allow Blog Feed " යන ෆීල්ඩ් එක ගැන සවිස්තර කරුනු බලා ගැනීමට ඒ ඉදිරියේ ඇති " ? " ලකුණ මත ක්ලික් කරන්න.




අපේ බ්ලොග් මිතුරන්ගෙන් තම තමන්ගේ බ්ලොග් යාවත්කාලීන වෙද්දී අළුත් තොරතුරු සින්ඩි වල හෝ වෙනත් බ්ලොග් වල බ්ලොග් රෝල් වල නිසි කලට අප්ඩේට් වෙලා පෙන්වන්නේ නැත්නම්  හේතුව පෙර සඳහන් කළ Site feed හි Allow Blog Feed යන්න " Full " ලෙස සෙට් වී නොතිබීම වෙන්න බොහෝ දුරට ඉඩ තිබෙනවා. මේ ප්‍රශ්නය අපේ බ්ලොග් මිතුරන් කාට හරි තියෙනවනම් මා ඉහත පෙන්වා දී ඇති පියවර අනුව සෙටින් පරික්ෂා කර බලාගත හැකියි.

Friday, January 8, 2016

ගීත සාහිත්‍ය කලා රසවින්දනාත්මක බ්ලොග් එකක් " ගීත සලාදය හෙවත් Song salad එක "

එක යායේ කකා වැටී - Eka yaye kaka weti

එක යායේ කකා වැටී - එකා වගේ එකට ඉදී එක පවුලේ උපන් ලෙසේ - කල ආරක්ෂා... නාස් ලනුව දමනවාලු - කරත්තයක බදිනවාලු අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා... 
ගෙට ආ කල ටිකිරි ලියා නුඹ වේවිලු කබරගොයා.. ලිදට ගියත් අවසරයක් ගන්නට වේවී.. දල ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා පනවාලා දරුණ දණ්ඩ බන්ධන නීති..
එක යායේ කකා වැටී....
වලට වැටුනු එකා යකා වලටම ඇද ගනු මිසකා වලෙන් උඩ ට එන්නට අත දෙන්නට කැමති.. නෑදෑ හිතවතෙක් නැති ඒ ගැන හිතුවොත් යෙහෙකි කසාදෙ නම් කසාය හරි තිත්ත බෙහෙතකි..
එක යායේ කකා වැටී...
............................................

පිවිසුම
http://salaada.blogspot.com/ 

Tuesday, January 5, 2016

නව ලොව තාක්ෂණය කලීන තොරතුරු හා දැනුම ගෙනෙන වැදගත් වෙබ් අඩවියක් " Miyuru Nine "

දුරකථන ලොව පෙරලියක් කරමින් HTC One M10 දුරකථනය මෙම වසරේදී වෙළදපළට?

දුරකථන ලොව පෙරලියක් කරමින්  HTC One M10 දුරකථනය මෙම වසරේදී වෙළදපළට?

HTC සමාගමේ ඇන්‍ඩ්‍රොයිඩ් දුරකථන පෙළේ නවතම සංස්කරණය වන M10 දුරකථනය මෙම වසරේදී නිකුත් කිරීමට නියමිත බව විදෙස් ආරංචි මගින් දැනගන්නට ලැබුණා. මෙම දුරකථනයෙහි විශේෂාංග ලෙස මෙය ඉදිරි පස හා පසුපස 27Mp කැමරා පද්ධතියකින් සමන්විත වන අතර  අගල් 5ක පුළුල් තිරයක් සහිත බව පැවසෙනවා. ද්විත්ව සිම් ක්‍රියාකාරීත්යක් ඇති මෙහි 4GB රැම් මතක ධාරිතාවක් තිබෙනවා. මෙහි 64GB / 128GB ලෙස සංස්කරණ දෙකක් නිපැයෙනවා. මෙහි වෙළද පොල මිල 650$ ත් 800$ අතර වේවි කියා පැවසෙනවා. එනම් ශ්‍රී ලංකා මුදලින්  රුපියල් 93730 ත් රුපියල් 115360 ත් අතර මුදලක් වේවි. 
...............................

පිවිසුම
http://www.miyuru9.info/ 

Monday, January 4, 2016

කලා සාහිත්‍යමය රසවින්දනය රැගත් විවිධාංග බ්ලොග් එකක් " කවි සිත්තම "

චන්දරේ අය්යේ තාම මල් පිපෙනවා................


චන්දරේ අය්යේ,
මෙ මඩ වගුරෙ
ගිලෙන නෙලුම් මල්
පුබුදු වෙන්නට
භූ ගත කවි සිත
එලිය කල  නුබ නිසා
ඇස් දෙකෙන්ම උනාපු
මගේ කදුළු බිදුවට
බලාපොරොත්තුව
ගෙන්නට ඉපදුන
නුබ වගේ සොහොයුරෙක්
අහිංසක සුන්දර මිනිසෙක්
තව ගොර්කි කෙනෙක්
පිපිලා ..........
සුවද දෙනවා
සදා ජය වෙවා.............!
ඔව් අපි  රැක ගනිමු
ආදරනීය ටිම් රාන්......................


..............................


පිවිසුම  
http://kavisiththma94tcc.blogspot.com/

Friday, January 1, 2016

නව වසරේ මුල්ම බ්ලොග් හඳුන්වාදීම "සිවුවැනි මානය" කාලීන සිදුවීම් තොරතුරු විචාර ඇතුළු නවතම විවිධාංග බ්ලොග් එකක්.

තනපට අහසට


ලතින් ඇමරිකානු ගායක එන්‍රිකේ ඉග්ලේසියස් ගේ ප්‍රසංගයකට පැමිණි කාන්තාවක් සිය තනපටය ගායකයා දෙසට විසිකර ලිංගික ආරාධනාවක් කිරීමත් තරුණියන් විස්කි ,බ්‍රැන්ඩි පානය කර මත්වී වේදිකාවට පැන ගායකයා බදා ගැනීමත් පසුගියදා මහත් ආන්දෝලනයක් ඇතිකළ සිදුවීමක් විය. අතිගරු ජනාධිපතිතුමාද අම්පාරේ පැවති රැස්වීමක් අමතමින් මෙවැනි ක්‍රියා මින් මතු සිදුවීමට ඉඩ නොතබන බව කීවේය.

මෙම සිදුවීම ගැන විවිධ අදහස් විවිධ පාර්ශ්වයන්ගෙන් ඉදිරිපත්වෙනු දැඛිය හැක. දිනකට ළමා අපචාරස්ත්‍රී දූෂන විශාල ප්‍රමානයක් සිදුවන ලංකාවේ මෙය මහ ලොකු දෙයක්ද

සුද්දා එනවිට මෙරට කාන්තාවන් සිටියේ උඩුකය නිරුවත්වය.
මෙම සිද්ධියට විරුද්ධ අය ගොන් බයියන්ය.අසහනකාරයන්ය.
විශාල මුදලක් වියදම් කර මෙතනට එන්නේ ආතල් ගන්නටය. එහිදී ආතල් එක කාටවත් බයේ ගන්නට බැරිය .ආදී වශයෙනි


මට මතක හැටියට ලංකාවේ සංගීත සංදර්ශන පටන් ගත්තේ 1991 න් පසුය. සංගීත කන්ඩායම් හතුපිපෙන්නාක් මෙන් බිහිවන්නට පටන් ගත්තේ ඉන් පසුය. මේ සංගීත කන්ඩායම් ආශ්‍රිත සංස්කෘතියක් ගොඩනැගුන අතර සංගීත ප්‍රසංගයක් පැවැත්වෙන විට ගුටි කෙලියක් අනිවාර්ය විය. එසේම සංගීතය පැවැත්වෙන තැන මත්ද්‍රව්‍ය ගහන විය. කොල්ලන්  කෙල්ලන් එලිවනතුරුම දාඩිය පෙරාගෙන නැටීම සුලබ දසුනක් විය. මෙසේ නටන්නේ ඉවක් බවක් ඇතිව නොවේ. පිරිතටද ජාතික ගීයටද නටන තරුන පරම්පරාවක් බිහිවිය.
.............................................
 
පිවිසුම