Wednesday, September 30, 2015

දැනුම තොරතුරු විචාර හා විවිධාංග බ්ලොග් එකක් " Off on a Tangent ~ හිතුමතේ හී සර "

සහානුයාතයෙන් අනන්තය වෙත නොයමු!

සහානුයාත ක්‍රමය මුලින්ම මට හමුවෙන්නේ උසස් පෙළ ශුද්ධ ගණිතයේදී.
කොහොමත් මට ව්‍යවහාරික ගණිතය ගැන තිබුණු ඇල්මැරුණු ස්වභාවය ට වඩා උනන්දුවක් ශුද්ධ ගණිතය ගැන තිබුණා.

මම සහානුයාත ක්‍රමය ට ගැටළුවක් විසඳනු බලා සිටි ගුරුතුමී 'ඔයාට හරියන්නේ ප්‍රෝග්‍රැමිං' යැයි පැවසුවත්, ඒ වෙන විට නම් පරිගණක ක්‍රමලේකනයේ සහ සහානුයාතයේ  සම්බන්ධය දැන සිටියේ නැහැ.

සහානුයාත ය නැත්නම් recursion පැහැදිලි කර ගන්න සරල උදාහරණ කිහිපයක් කිව්වොත්:

1) කතන්දරේ - එකමත් එක රටක පොඩි බබෙක්ට නින්ද යන්නේ නැති නිසා එයා නිදි කරවන්න අම්මා ගෙඹි පැටියගේ කතාව කිව්වා.
      ....එකමත් එක රටක ගෙඹි පැටියෙක් හිටියා. ගෙඹි පැටියට නින්ද  යන්නේ නැති නිසා එයා නිදි කරවන්න ගෙඹි අම්මා වලස් පැටියගේ කතාව කිව්වා.
            ... එකමත් එක රටක වලස් පැටියෙක් හිටියා. වලස් පැටියට නින්ද  යන්නේ නැති නිසා එයා නිදි කරවන්න වලස් අම්මා මුගටි පැටියගේ කතාව කිව්වා.
                  ...මුගටි පැටියට නින්ද ගියා.
       ....ඉතින් වලස් පැටියට නින්ද ගියා.
     .....ඉතින් ගෙඹි පැටියට නින්ද ගියා.
ඉතින් බබාට නින්ද ගියා.


2 ) රුසියන් බෝනික්කෝ සෙට් -  මේ පහතින් තියෙන පින්තුරේ තියෙන්නේ රුසියන් බෝනික්කෝ සෙට් එකේ එකක් ඇතුලේ එකක් බෝනික්කෝ තියෙනවා.
පලවෙනි බෝනික්කා ඇතුලේ ඊට පොඩි එකෙක්.
       ඒ බෝනික්කා ඇතුලේ ඊට පොඩි එකෙක්.
            ඒ බෝනික්කා ඇතුලේ ඊට පොඩි එකෙක්.
                ඒ බෝනික්කා ඇතුලේ ඊට පොඩි එකෙක්.....
ඔහොම ගිහින් බෝනික්කෝ 'ස්තර' කීපයක් ගිහින් අතට අහු වෙන නොවෙන ගානේ චූටි ම චූටි බෝනික්කෙක්ගෙන් ඉවර වෙනවා.

 .......................................

පිවිසුම
http://niro-offonatangent.blogspot.com/ 

Monday, September 28, 2015

කලා හා සාහිත්‍යමය රසවින්දන විවිධාංග බ්ලොග් එකක් " අසෙනි වැසි "

FB ප්‍රේමය






Hi….
Hi…. කියලා
MSG එකක් ආවා
මමත් යැවුවෙමි REPIY එක්ක
FB එකේ ඇය සමග
වරු ගණන් CHAT කොට
ඇරඹුවෙමි ප්‍රේමයක්
මුලින් වූ ප්‍රේමය
වෙනස් වුණි
අද CHAT ද නැත
FB එකේ ඇයද නැත
රැවටුනේ මම පමණයි
...............................................
 
පිවිසුම

Saturday, September 26, 2015

වැදගත් දැනුම තොරතුරු විශේෂාංග ඇතුලත් විවිධාංග වෙබ් අඩවියක් " සිරා "

Taser තුවක්කුවකින් ප්‍රහාරයක් එල්ල වුණාම මෙන්න මේ වගේ.


Taser තුවක්කු කියන්නේ මොකක් ද කියල ගොඩක් දෙනෙක් දන්නේ නැති වෙන්න පුළුවන්. Taser (ටේසර්) තුවක්කු කියන්න shock guns වලට. මේ තුවක්කු වල උණ්ඩ විදියට භාවිතා කෙරෙන්නේ සිහින් තුඩක් වැනි වයර් ඇමුණූ විශේෂිත උණ්ඩ දෙකක්. මේ වයර් හරහා යැවෙන විද්‍යුත් ධාරාවෙන් ආදාල පුද්ගලයාගේ මාංශ පේශි තාවකාලිකව අප්‍රාණ ගත වෙනවා. ඒ වගේම තරමක වේදනාවකුත් දැනෙනවා. මෙහි ඇති විශේෂත්වය වන්නේ යම් කිසි පුද්ගලයකුට විශාල හානියක් සිදු නොකොට එම පුද්ගලයාව පහසුවෙන් අල්ලා ගැනීමට මෙමගින් ඉඩ සැලසීමයි. මෙය බොහෝ විට බටහිර ලෝකයේ භාවිතා වන අතර මෙවැනි මෙවලම් භාවිතය චිත්‍රපට තුලින් ද ඔබ දැක ඇතුවාට සැක නැත. පලා යන සැකකරුවෙකු වෙත මෙය එල්ල කිරීමෙන් ඔහුව අඩපණ කිරීමේ හැකියාව මේ උපකරණය සතුය.
.................................................................................

පිවිසුම
http://sira.lk/ 

Friday, September 25, 2015

අළුත් තොරතුරු විශේෂාංග ඇතුලත් විවිධාංග බ්ලොග් පිටුවක් " එකෝමත් එක "

02. ටික්කා


ඒයි ටික්කා...
මොකද?...
යමුද රබර් ඇට අහුලන්ට
මට බෑ ඊයේ උඹ වලි දාලා උඹලෑ අම්මා අපේ මහප්පාට කේලම් කියලා මට ගැස්සෙවුවා
ටික්කාගේ අත නොදැනීම කනට ගියේ අත ගැටෙත්ම  පෙරදා දැනුණු වේදනාව නැවතත් මුහුණ පුරා යවමිනි. ඊයේ විජිත සමග අඹ කඩන්නට ගොස් දා ගත්  රණ්ඩුව අවසන් වූයේ විජිතගේ මව ලොකු අප්පච්චීට කේලම් කීමෙන් තමා හොඳටම ගුටි කෑමෙන්ය. ලොකු අම්මා නොහිටින්නට ඊයේ නම් කණ හිල්වෙන්නට තිබුණි. ලොකු අප්පච්චී ගල් කැටයක් තබා කන් පෙත්ත සිර කරන විට ටික්කා මොර දුන්නේ මැරුණ අම්මා වළෙන් ගෙන්නන්නට මෙනි. මේ කලබැගෑනියට කොහේදෝ සිට දුව ආ ලොකු අම්මා,
මේකව මරාගෙන කන්නට හදනවාදැයි.. දැයි කියමින් ටික්කා අතින් ඇදගෙන ගෙට නොයන්නට ටික්කාට කන්පෙත්ත නම් ඉතුරු  නොවන්නට තිබුණි.
ටික්කෝ මොකෝ කියන්නේ යමුද..... විජිතගේ හඬ නොයිවසිලිමත්ය.
උඹ එක්ක මක්කවත් කොළහැකැ පොඩ්ඩ බැරි වුණ ගමන් ගෑනි වගේ අඬනව නෙව.... ටික්කාද කීවේ මදක් නොරිස්සුම් සහගතවය.
නෑ සත්තකයි මං ආයි අම්මට කියන්නෑ... විජිත කිව්වේ දකුණු අතේ අල්ල ටික්කාට පාමිනි.
උඹ අඬන්නේ නැද්ද.... ටික්කා යළිත් විජිත දෙස බැලුවේ සැකයෙනි.
නෑ බං ටික්කො එහෙනම් යමුද...
...................................................................

පිවිසුම
http://ekomatheka.blogspot.com/ 

Monday, September 21, 2015

වැදගත් ශාස්ත්‍රීය තොරතුරු හා විචාර බ්ලොග් එකක් " සිංහලේ - The Last Phase "

යැංකි ඩිකීගේ මීමුත්තා - තම්බි මුදලියර් හෙවත් දොන් ඒඩ්‍රියන් විජේසිංහ ජයවර්ධන


තම්බි මුදියන්සේ නොහොත් තම්බි මුදලියර් නොහොත් දොන් ඒද්‍රියන් විජේසිංහ ජයවර්ධන. ......
සිංහලේ ඉතිහාසය වෙනස් කිරීමට ඉමහත් සේවයක් කල එහෙත් කාලයේ වැලි තලාවෙන් යටවි ගිය කුප්‍රකට චරිතයක් ලන්දේසි යුගයේදි කොළඹ කොටුව බාර අණදෙන නිලධාරීයා වූ කර්නල් ඩ්‍රිබර්ග්ගේ නිවසේ සේවකයකු වශයෙන් සේවය කලේය. ඔහුගේ පියා දකුනු ඉන්දියාවේ කොරමැන්ඩල් වෙරලින් මෙහි පැමිණි ද්‍රවිඩ සම්භවයක් ඇති චෙට්ටි (Chetti) පරපුරකින් පැවත එන පුද්ගලයෙකි. ඔවුන්ගේ පරපුරේ යම් කිසිවෙකු සියනෑ කෝරලයේ වෙල්ගම පදිංචිව සිටි ජයවර්ධන පෙලපත් නාමය සහිත සිංහල කාන්තාවක් විවාහ කරගත් බැවින් අපගේ කතා නායකයාගේ පියා බුලත්ගේ ඒඩ්‍රියන් ජයවර්ධන නම් ගත්හ.

තම ස්වාමියාවූ ඩ්‍රිබර්ග්ගේ විශ්වාසවන්තම සේවකයෙකු බැවින් කල්යත්ම දොන් ඒද්‍රියන් විජේසිංහ ජයවර්ධන ලන්දේසි හමුදාවේ ඔත්තුකාරයෙකු බවට පත්විය. කෙටිකලක් එම කාර්යය මැනවින් ඉටුකල ඔහුට ලන්දේසීන්ගෙන් පැවරුන අවසාන රාජකාරිය වූවේ මීගමුව බලකොටුව අල්ලාගෙන ගොඩබිම් මාර්ගයෙන් කොළඹ බලා එමින් සිටි ඉංග්‍රිසි හමුදාව තුලට රිංගා චරපුරුෂයෙකු වශයෙන් තොරතුරු සෙවිමය. එම කාර්යය කරමින් සිටින අතරතුරේදි ඉංග්‍රිසීන්ට හෙලිවිමෙන් ඔහුට මරණීය දන්ඩනය නියම කරන්නේ ලන්දේසින්ගේ තොරතුරු ඉංග්‍රිසින් අතට පත් කර තම ජීවිතය බේරාගන්නා ලෙස කල යෝජනාව ඉවත දැමු බැවිනි. එහෙත් ඔහු ජීවිතය බේරාගන්නේ තමන්ට සිය ලන්දේසි ස්වාමිවරුන් පාවාදිය නොහැකි නමුත් යම් ආකාරයකින් ඉංග්‍රීසීන් කොළඹ කොටුව අල්ලාගතහොත් ලන්දේසීන්ට සේවය කල පරිද්දෙන්ම ඉංග්‍රීසීන්ටද සේවය කිරීමට හැකි බව පවසමිණි. ඔහුගේ කපටි නුවණ පලදරා අවසානයේ ඔහු ඉංග්‍රීසීන්ගේ ඔත්තුකරුවෙකු බවට පත්වෙන්නෙ සිදුවිය යුතු පරිද්දෙන්ම දුර්වල ලන්දේසි හමුදාව ඉංග්‍රීසීන්ට යටත් වී පසුබැසීම නිසාවෙනි.

..............................................

පිවිසුම
http://trisinhala.blogspot.com/ 

Sunday, September 20, 2015

තොරතුරු විචාර කලා රසවින්දන හා විවිධාංග බ්ලොග් එකක් " කාලෙකට ඉස්සර "

තම උපන් බිමේ බඩ ගින්නේ උවද නිදහසේ මැරෙන්නට මේ ලොව සාමකාමී වේවා.

ඔවුන් අනිකුන් කෙරේ කෙසේ සැලකුවත්, බෞද්ධ අපි මිනිසුන්ගේ පමණක් නොව සියලු සතුන් ගේ දුක වේදනා හොදින් හදුනන්නෝ වෙමු. 


මේ දිනවල නිතර දකින සරණාගත අර්බුදය සම්බන්ධ පින්තුර අතරේ මේ චායාරූප දෙක මා කම්පා කරන්නට සමත් විය. සමහර විට මේ තුලින් මමත් මා ආදරණිය දියණියත් බිරිදත් දුටු නිසා වන්නට පිළිවන්

........................................
පිවිසුම

Friday, September 18, 2015

වැදගත් දැනුම තොරතුරු හා විශේෂාංග බ්ලොග් එකක් " Techplus.com "


Download G.C.E. A/L Engineering Technology paper-2015


අ.පො.ස. උ/පෙළ සදහා තාක්ෂණවේදය මුල් වරට පැවැත්වූවේ මේ අවුරුද්දේ(2015) කියල අපි දන්නවා.ඉතින් කවුරුත් පාස් පේපර් එකක් දැකල තිබුනෙත් නැ.ඒ නිසා අපිට ලැබුනා 2015 ඉංජිනේරු තාක්ෂණවේදය ප්‍රශ්න පත්‍රය.මින් පසුව ඉංජිනේරු තාක්ෂණවේදය ලියන්න සිටින අයට වැදගත් වෙයි කියල අපි සිතනවා. 



මේය පොටෝ කොපි එකක් නිසා අඩුපාඩු තිබිය හැකි නමුත් සම්පුර්ණ ප්‍රශ්න පත්‍රයම ඇත. අප හට original copy එකක් ලැබුණු සැනින් ඔබ වෙත ඒවා ලබා දීමට කටයුතු කරමු..

පහතින් download කර ගන්න.. .................................................

පිවිසුම
http://waraasoft.blogspot.com/

Monday, September 14, 2015

තොරතුරු විවිධාංග හා රසවින්දන ඇතුළු විශේෂාංග බ්ලොග් එකක් " අම්බලන්ගොඩ කථා "

පොලිස් කථාවක්



ඔන්න මේ කියන දවස හරියටම මීට අවුරුදු දහයකට, පහළොවකට විතර කලින්  සිංහල අවුරුද්ද දවසට ඉස්සරින්ද දවස.. ඒ කියන්නේ අප්‍රියෙල් 13 දවසක්.. මේ කියන  දවස වෙද්දී ටවුන් වල තියන තදබදය ගැන ඉතින් කියන්න දෙයක් නැතුව ඇතිනේ.. ඔන්න එදා මට මොකක් හරි දෙයක් ගන්න ටවුමට එන්න සිද්ද උනා... වාහන සහ මගී තදබදය දන්නා නිසා මම  ලේසියටත් පහසුවටත් පියාණන් වහන්සේගේ හොන්ඩා  C 50 යෙන් ටවුමට එන්න පිටත් උනා...


ඔන්න මම ගාලු පාරට දාල දැන් ටවුම මැද්දෙන් කාර් බාර්, වෑන් ලොරි, බස්  අස්සෙන් එහෙන් මෙහෙන් දාගෙන ඉදිරියට ඇදීගෙන එන අතරේ කහ ඉරක් ඉදිරියේ සෙනග මාරු වෙන්න නවත්තන්න උනා කියපි.. ඔන්න දෙයියනේ කියල සෙනග මාරුවෙලා ඉවරවෙද්දීම මම අප්පච්චිගේ පිෂ්ටිය රේස් කරල ෆස්ට් එකට දාල යන්න පිටත් උනා විතරයි ෆුට් බයිසිකල් කටුවකින් පාර විරුද්ද පැත්තෙන්  ඉස්සරහට ආපු පොලිස් නිලදරුවෙක් එකපාරටම කෑගහල මාව  නැවැත්තුව .. නීතියට අවනත විය යුතු නිසාත් පොලිස් නිල ඇඳුමට ගරු කල යුතු නිසාත් මමත් ඉතින් දෙයියනේ කියල සැර දාගෙන ඉගිලෙන්න හදපු අප්පච්චිගේ පිෂ්ටිය අයින් කරලා නැවැත්තුව... පාරේ හිටපු සෙනග කන්දරාවයි වාහන ගොඩයි එක්ක පොලිස් මහත්තය ෆුටාර් එකත් තල්ලු කරගෙන ජීවිතෙත් බේරාගෙන ගාලු  පාර පැනල මා  ගාවට එද්දී උන්දැට අවනත වෙන්නේ නැතුව ගියානම් මට හඳට යන්නත් වෙලා තියෙන්න ඇති...
...........................................................

පිවිසුම

Saturday, September 12, 2015

ශ්‍රී ලාංකික මෙන්ම විදෙස් සංචාරකයින්ට හා විනෝදකාමීන්ට වැදගත් තොරතුරු වෙබ් අඩවියක් " AWIDIMU.COM "

හන්තාන මුදුනේ – මිහිදුම් වළා අතරේ

highland kandy (5)
මහනුවර කියන්නේ නිවාඩුව ගතකරන්න මරු තැනක් කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ.මහනුවර හන්තාන කඳු මුඳුන කියන්නේ විවේකය ගතකරන්න කියාපු තැනක්. හැබැයි ඉතිං කට්ටිය නුවර යනවා නම් නතරවෙන් මොකක හරි තැනක් හෙයාගන්නවා. ඒකත් ගොඩාක් වෙලවට කාගෙන් හරි අහලා තමයි ඉන්න තැනක් හොයාගන්නේ. ඒ නිසා තමයි “ඇවිදිමු “ අපි මේ වගේ සුන්දර තැන් ගැන තොරතුරු කියන්නේ.
මේ කියන්න හදන්නේ මහනුවර නවතින්න නියම තැනක් ගැන. kandy highland කියන මේ සුන්දර හෝටලේ තියෙන්නේ හන්තාන කන්ද උඩ. කාමර 10 කින් යුතු මේ හෝටලේ ඉඳලා බැලුවම මුළු මහනුවරම පේනවා හරි සුන්දර විදිහට.
....................................................

පිවිසුම

Friday, September 11, 2015

කාලීන තොරතුරු දේශපාලන සංස්කෘතික හා විචාර බ්ලොග් පිටුවක් " ඉන්ද්‍රඛීලය "

පැරඩි සහ බොරු කොඩි

සමාජ ජාලයක් (Social Network) වන ෆේස්බුක් (Facebook) අපේ රටේ ජනතාව තම පුද්ගලික නෑ මිත්‍ර සබඳතා පවත්වා ගැනීමට භාවිතා කරති. එමෙන්ම බොහෝ දෙනෙක් එය සමාජ-දේශපාලන සංවාදවලට මෙන්ම මතවාද ප්‍රචාරණය සඳහාද බහුල වශයෙන් යොදා ගනිති. රටේ එතෙක් පැවති අනෙකුත් මාධ්‍යවලට සාපේක්ෂව නානා ප්‍රකාර මතිමතාන්තර, අදහස්වලට ෆේස්බුක් එක තෝතැන්නක් වී ඇත්තේ
  • එහි ඇති ලිහිල් වාරණ නීති
  • මුදලක් වැය නොවීම
  • තරාතිරම්වලින් තොරව විශාල පිරිසකට විවෘත වීම
  • ඕනෑම කෙනෙකුට ප්‍රවේශ වීමට ඉඩ තිබීම
  • අනන්‍යතාවක් අවශ්‍ය නොවීම
වැනි කාරණා නිසාය.
මේ හේතුව නිසා නා නා ප්‍රකාර මතවාද, අදහස් කිසිදු අවහිරයකින් තොරව ගලා යාමේ ඉඩකඩක් ෆේස්බුක් එක තුළ ඇති වී ඇත.
අපේ රටේ විශේෂයෙන් මෑත කාලයේ ජාතිය සහ ආගම සම්බන්ධ කාරණාවලට වැඩි ජනප්‍රියතාවක් ඇති වී තිබේ. ඒ නිසා ෆේස්බුක් එක තුළ ද ඊට අදාළ දේ වැඩි වශයෙන් ප්‍රචාරණය වීම ප්‍රවණතාවකි.
මේ ඉඩ ඔස්සේ තවත් ප්‍රවණතාවයන් දෙකක් ඇති වී තිබේ. ඒ බොරු කොඩි සහ පැරඩි ය.
.................................................

පිවිසුම
https://indhrakiilaya.wordpress.com/ 

Sunday, September 6, 2015

තවත් තොරතුරු විවිධාංග බ්ලොග් පිටුවක් " අඟහරු අඩවිය. "

පොඩ්ඩිත් එක්කලා ගිය ගමනක සටහන..


             මාස ගණනක නිහැඬියාවකින් පසුව, යලිත් බ්ලොග් අඩවියට එන්නට සිතුනි. බ්ලොග් ලිවීම, කියවීම සහ සම්පූර්ණයෙන්ම අතහැරී ගියේ කාලය නැති කමක් නිසා නොව, ඩේටා නැති කමත්, පෙර මෙන් අන්තර්ජාලය වෙත පිවිසීම සඳහා භාවිතා කල හැකි ජංගම දුරකතනයක් නැති වීමත් හේතුවෙනි. ඒ දවස් වල නොකිඅ 2730c සහ 6220c, පසුව 6720c දුරකථන වලින් 100MB දත්ත ප්‍රමාණයක් දවස් තුනක් වත් භාවිතා කල හැකි විය. ඒ නමුත්, දැන් ඇති ඩොන්ගල් එකට එම දත්ත ප්‍රමාණය සෑහෙන්නේ පැය 4-5 කට පමණි. ඒ හේතුවෙන් මා අන්තර්ජාලය භාවිතා කිරීම අවම විය.
             බ්ලොග් අඩවියට නැවත සටහන් එක් කිරීමට සිතමින් සිටි පසුගිය කාලයේදී, චාරිකා සටහන් පෙළක් ඇරඹීමට මගේ සිතේ ආශාවක් ඇතිවිය. ඒ අතරතුර, පාසල් මතකයන් ද මා සිත තුල විටින් විට හොල්මන් කරන්නට විය. විශේෂයෙන් උසස් පෙළ විභාගය නිම වී ගත කල කාලය, එම කාලය තුල කල සංචාර ගැන මතකයන් මතු වන්නට විය.
මෙසේ සිටින අතරවාරයේ, බදුල්ල බලා ධාවනය වන අංක 1007 දුම්රියෙන් කොළඹ සිට මහනුවර බලා පැමිණීමට අවස්තාවක් ලැබුණි. ඉස්සර උඩරට මැණිකේ, පොඩි මැණිකේ දුම්රිය සමගින් ධාවනය වූ M6 පන්තිය පසෙකට වී චීනෙන් ආ අලුත් මනමාලයන් සමගින් එම මැණිකෙලා දැන් කඳු අතරට පැමිණේ. නමුත් එදා ගමනින් පසු, M6 පන්තියත් සමග ධාවනය වූ පොඩි මැණිකේ දුම්රියේ මා ගිය සුන්දර සංචාරයන් මා හට සිහිනයෙන් පවා පෙනුනි..
             සංචාරක සටහන් පෙළක් ගැන සිතමින් සිටි මට, අපූරු අදහසක් සිතට නැගුණි. ඒ නම්, පොඩි මැණිකේ දුම්රියේ මා 2012 වර්ෂයේ පොඩි මැණිකේ සමගින් බදුලු ගිය ඒ සොඳුරු සංචාරය සටහන් කල හැකි නොවේද අදහසයි..
       
............................................... 
පිවිසුම

Tuesday, September 1, 2015

තවත් තොරතුරු විචාර හා විවිධාංග බ්ලොග් පිටුවක් " බණ්ඩාගේ කතා...... "

මිනීමරනවෝ.....






මේක ටිකක් කක්කි කතාවක්. උගත් ප්‍රභුද්ධ ප්‍රේක්ෂක ජනතාව මට කමා කරන සේක්වා..........................
බණ්ඩා මේක කලින් ලිව්වා අන්තිම පේලියේ..... (thelastrow) ඒ මගුලට මොනවා උනාද මන්දා site එක ඩවුන්. ඉතින් අපි ලියපුවා එහෙම නැති බංගස්තාන වෙන්න දෙන්න බැරි හින්දා අලුත් පරම්පරාව වෙනුවෙන් මේවා ආරක්ෂා කොරන්න ඕනේ හින්දා අයෙත් ලියන්න හිතුවා. 

මෙන්න මේකයි කතාව..................

ඔන්න එකෝමත් එක රටක ලංකාවේ බොහොම ලැජ්ජා බයට හැදුන ගමේ කෙල්ලෙක් හිටියලු. අපි ඒකිට සිරිමලී කියමු. මුළු පවුලටම හිටියේ සිරිමලීයි අම්මයි අප්පයි විතරයි. ඉතින් කාටත් නොදැනීම කාලේ ගතවෙලා සිරිමලී කෙල්ලත් දීග දෙන කළ වයසත් ආවලු. ඉස්සර දැන් වගේ නෙවෙයි කෙල්ල ගෙටවෙලා අවුරුද්දෙන් දෙකෙන් කව්රුහරි හොඳ ගොබිලෙක් හොයල බන්දලා දෙනවලු. ඉතින් ගමරාලත් හොඳ ඉලන්දාරියෙක් හොයලා මඟුල සූජානම් කලාලු. ගමරාලටත් වෙන කව්රුත් නැති හින්දා බින්න බස්සගන්නම පුළුවන් එකෙක් ලු හොයා ගත්තේ.
.................................................
 
පිවිසුම