Thursday, October 20, 2016

තූරතුරු විවිධාංග සමග විචාර රැගෙන එන තවත් අළුත් ශාස්ත්‍රීය බ්ලොග් එකක් " A T Sudarshana "

ගෞරවණීය සොඳුරු ප්‍රේමය

මහනුවර ඉඳලා ගම්පහට සේන්දු වුන මගේ පාසැල් ජීවිතයේ ඊළඟ නවාතැන වුනේ ගලහිටියාව සෙන්ට්‍රල් එකයි. පහේ පන්තියේ ඉඳලා ඉස්කෝලේ හිටපු හැමෝම අභිබවමින් අටේ පන්තියේදී ඉස්කෝලෙට ආපු මම එකොළහ වසර වනවිට  පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා බවට පත් වෙන්න  සමත්වුනා.
එකොළහ වසරට අලුතෙන් පාසැලට ආපු ලස්සන ගැහැණු ළමයෙක් ගැන මගේ හිතේ උනන්දුවක් ඇතිවුනා. ලස්සන කවියක් ලියලා මගේ හිතේ ඇය ගැන තිබුන අදහස දන්වලා යැවුවා. මුතුකැට වගේ ලස්සන අත් අකුරු වලින් මට පිළිතුරක් ලැබුණා. එයින් කියවුනේ ඒ වනවිටත් ඇයට පෙම්වතෙක් සිටින බවයි. පාසලේ බාහිර වැඩ වල කාර්යබහුල මා එක්ක ඇය කිසි අමුත්තක් නැතිව සිනහමුසු මුහුණින් යුතුව වැඩ කලා. හිතේ විශාල දුකක් තිබුනත් අමුත්තක් නැතිව මමත් පාසලේ වැඩ කටයුතුවල නිරතවුණා.

ඒත් ටික දවසක් ගතවෙනකොට ..........
“ ඉස්කෝලේ මේන් හෝල් එකට ඔයා ඇතුල් වෙනකොටම ඒ වෙනතෙක් කෑ කෝ ගහ ගහ හිටපු  දාහක් විතර ළමයි ඇල්පෙනෙත්තක් බිම වැටුනත් ඒ ශබ්දේ ඇහෙන තරමට නිශ්ශබ්ද වුණා. මම නම් වශී උනේ ඔයාගේ ලස්සන හිනාවට.  ඒත් මුළු ඉස්කෝලෙම වශී කර ගන්න සමත්වුණ ඔයාගේ පෞරුෂය ගැන මට හරි ආඩම්බරයි.”
ඒ වගේ ලියුම් ලියන තරමට ටික දවසක් ගතවෙනකොට ඇය මට ගොඩාක් සමීප වුනා. පාසැලේ ප්‍රධාන ශිෂ්‍යනායකයා වූ නිසා ඇගේ ඇසුර මට මදහසින් දක්වන හැගීමකටත් ඇස් වලින් කරන කතාවකටත්  පමණක් සීමා වුණා. එක දවසක් ඒ සීමිත ආදරය නවත්වමු යැයි ඇය යෝජනා කළා. ඊට හේතුව ඇය  ඇගේ  ප්‍රථම ප්‍රේමයට පිටුපෑමට තිබූ අකමැත්තයි.
උසස්පෙළ පළමුවරට ලියා සරසවි වරම් නොලැබුන නිසා දෙවනවර විභාගයට සුදානම් වෙමින් සිටි මට මේ තීරණය දරා ගැනීමට ඉතා අපහසු වුණා. පාසලේ ප්‍රධාන ශාලාව ඉදිරිපිටදී ඇය හමුවූ වේලාවකදී මම ඇගෙන් ඉල්ලීමක් කළා. “මගේ එග්සෑම්  එක ඉවරවෙනකම් ඔයාගේ තීරණය කල්දාන්න පුලුවන්ද ? ඊට පස්සේ ඔයාගේ ඕනෑම තීරණයකට මම කැමති වෙන්නම්”.  ඇය හා කිව්වා. මට මුළු ලෝකෙම ලැබුණා වගේ දැනුනා.

එදාට පස්සේ අපි දෙන්නා කවදාවත් මුහුණට මුහුණ හමු වුනේ නෑ. ඒත් ඇය මගේ ආදරවන්තිය කියලා හිතින් හිතාගෙන මම ඉතා කැපවීමෙන් අධ්‍යාපන කටයුතු කරගෙන ගියා. උසස්පෙළ ප්‍රතිඵල අනුව මම වෛද්‍ය විද්‍යාලයට සමත්වූ බව මුළු පාසලටම දැනගන්න ලැබුණා. මගේ ජයග්‍රහණය ගැන ඇයට කියන්න මග බලන් හිටියත් මට ඇයව  හමුවුනේ නෑ.

එක දවසක් ගම්පහ දුම්රියස්ථානයේ විරුද්ධ දිශාවේ වේදිකාවේ ඇය සිටිනවා මම අහම්බෙන් දැක්කා. සෙනග අතරින් කොහොම හරි ඇය සිටින තැනට මම යනවිට ඇය එතැනින් මාව මගහැර ගොස් තිබුනා. ඊට පස්සේ කවදාවත් ඇය මට හමුවුනේ නෑ. වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන කාලය තුල හැමදාම මට ඇයව මතක් වුණා. ඉතා සංවේදී මානසික තත්වයකදී එක වචනයකින් ඇය මා වෙනුවෙන් කල කැපවීම නොවන්නට මම අද මෙතැන නැති බව මට අදටත් හිතෙනවා. මුළු ජීවිත කාලය තුලම ඇයගේ ඒ කැපකිරීමට මගේ හිතේ ඇති ගෞරවය නැතිවෙන්නේ නෑ. නපුරු නොවී මගේ හිත සතුටින් තැබූ ඇය අද කොහේ හෝ ඉතා සතුටින් ජීවත් වෙනවා ඇතැයි මට හිතෙනවා.



.........................................................
 
 පිවිසුම

Tuesday, October 18, 2016

තොරතුරු විවිධාංග සමගින් සාහිත්‍යමය රසවින්දනය ගෙනෙන අළුත්ම බ්ලොග් එකක් " දෙවුදුව "

එදා ඉඳන්!












 
මට මතක හැටියට එදා හරිම මූසල, පාලු දවසක්. හරියට පාට නොකරපු, බොඳවෙච්ච, අඳුරු චිත්‍රයක් වගේ. තාත්තා ඊට ටික දවසකට කලින් රෝහලට ඇතුල් කරලා තිබුණා. උණ රෝගයක්. ඒ එක්කම දොස්තරවරුත් ස්ට්‍රයික් කරලා. අම්මා මාව ඇදගෙන රෝහලට දුවනවාත්, අමාරු වුනු තාත්තාට ලේ හොයන වැඩේට සීයා තාත්තා දුවනවාත් මට යාන්තමට මතකයි. අපි එදා හවස තාත්තා බලන්න යද්දි එයා හැසිරුනේ අමුතු විදියකට. 
"මට දුක මගේ කෙල්ල ගැන" එයා අම්මාට කීවා. වෙනදා දකින තාත්තාට වඩා වෙනස් කෙනෙක් තමා ඒ ඇඳේ දිගා වෙලා හිටියේ. මගේ තාත්තා උස, සුදු, ලස්සන කෙනෙක්. එයා මාව අතින් අල්ලන්න හදනකොට මම අම්මාට පස්සට වුනේ බයෙන්. තාත්තාගේ ඇස්වල කඳුලු මම යන්තමට දැක්කා.
"පිස්සු කතා නොකියා ඉන්න" අම්මා තරමක් තදින් කීවා. "මම ඔයා ආසා එලවලු සුප් එකක් අරන් හවසට එන්නම්"
අම්මා ගෙදර ගිහින් නිදාගත්තා. මම ඇගේ පය පාමුල මගේ බෝනික්කා එක්ක සෙල්ලම් කලා. හදිසියේ ඉස්සරහා දොර ඇරෙනවාත්, කටහඬවල් වගේකුත් ඇහුනා. අම්මා ඇස් ඇරියා. කාමරේ දොර ඇරගෙන ආවේ අම්මාගේ පොඩි නැන්දා. ඇගේත්, ආච්චි අම්මාගේත් මූනු දැක්ක මගේ අතින් බෝනික්කා බිම වැටුනා. එයාලා අම්මා දිහාට නැවිලා මොනවදෝ හිමිහිට කීවා. අම්මා කෑගහන ගමන් මාව තල්ලු කරලා දැම්මා. ආච්චි අම්මා මාව අරගෙන අඬමින් කාමරෙන් එලියට ගියා. මට මතක මම බෝනික්කා උඩින් යන එක විතරයි. ........................................

පිවිසුම
http://devduwa.blogspot.com/

Monday, October 17, 2016

කාලීන සිද්ධි තොරතුරු සමග අළුත් විවිධාංග බ්ලොග් එකක් " කොච්චි මිරිස් "

විස්කි සහ සුරුට්ටු සමග බ්ලොග් ලිවීම, අකලට මළ රණවීර සහ බැට් එකෙන් කල පොළොං හටන

අද කොච්චියා ඉන්නේ කතන්දර අතර හිර වෙලාය. සිදුවීම් සහිත කතා ගණනාවක් තිබුනාට මේ වෙලාවේ ඔලුවට එන්නේ එකම එක චරිතයක් ය. මිනිහා අද හුස්ම ගන්නේ නැත්තේය. මැරී වල පල්ලේය. හැබැයි මගේ හද පතුලේ ඉන්නේය. අකලට මළ ඒ මිනිහා රණවීරය. මගේ තාත්තාගේ වසර ගණනක රියදුරාය… මරාගෙන මැරෙන්නට පවා රෙඩි පිට උන් මිනිහාය.
රණවීර කියන්නේ සීටීබී ඩ්‍රයිවරයෙකි… මිනිහාව අපට ගෙනාවේ යුද හමුදාවෙන් පැන ආ ඉනසන්ට් ය. එනම් රණවීරට කලින් උන් ඩ්‍රයිවර් ය. උගේ නම ඉනසන්ට් උනාට ඌද පට්ට මදාවියෙකි...අපි පොඩි කාලේ වෑන් එකට නැග්ගාම ඌ අපට කිව්වේ ආමි කතන්දරය … කොටින්ට එල්ලලා ගහපුවාය..උන්ට පණ පිටින් ගිනි තියා මරපුවාය… අපේ අම්මා හා තාත්තා කිව්වේ ඒවා ඌගේ බයිලා කියාය. මහ කැලේ වහලය රහිත වාහන එලවා පුරුදු ඉනසන්ට් අපේ වෑන් එක එලවද්දීත් ගසක අත්තක් යටින් යන කල ඔලුව නැව්වේය. අත්ත ඔලුවේ වදී කියා බයටය.


............................

පිවිසුම
https://kochchimiris.blogspot.com/

Thursday, October 6, 2016

කාලීන සිදුවීම් දැනුම තොරතුරු හා විචාර සමගින් තවත් වැද්හගත් විවිධාංග බ්ලොග් පිටුවක් " සත් සමුදුර "

දෘඩ තැටියේ අස්ථාන ගතවූ ගොනු නැවත ස්ථාපනයට Recuva,;;

ගොඩක් කාලෙකට පස්සේ පරිගණක සම්බන්ධයෙනුත් කුඩා ලිපියක් ලියන්නට සිතුනා. අද මේ කියන්න යන්නේ Hard Disk එකේ කුමක් හෝ හේතුවක් නිසා අස්ථානගතවූ File නැවත Recovery කර ගන්න පුළුවන් මෘදුකාංගයක් ගැනයි. මාතෘකාවේ තියෙන හැටියටම මේ මෘදුකාංගයේ නම Recuva.


මෙන්න මේ අඩවිය තමයි ඔවුන්ගේ නිල වෙබ් අඩවිය. එහිදී අවශ්‍ය නම් නොමිලේ ලබා දෙන පිටපත ලබා ගැනීමට හෝ වඩාත් පහසුකම් තිබෙන Pro සංස්කරණයට මිලට ගැනීමේ හැකියවත් ලබා දි තිබෙනවා. මමත් කිහිපවිටක්ම මේ මෘදුකංගය භාවිතා කළා. සෑහෙන්න හොද ප්‍රතිඵලත් ලබා ගත්තා.
https://www.piriform.com/recuva

................................................
පිවිසුම
http://sathsamudura.blogspot.com/