Sunday, September 14, 2014

තවත් වැදගත් විචාරාත්මක ශාස්ත්‍රීය බ්ලොග් අඩවියක් "සැබෑ ලිංගික නිදහස"

වාරියපොල සිද්ධිය ගැන පසු විවරනය 


 පහුගිය දවස් ටිකේ විතරක් නෙවෙයි මේ වෙනකල්ම වාරියපොල ගැන මුලු සයිබර් අවකාශය පුරාවට ලොකු කතාබහක් යනවා. මොකක්ද හේතුව? කෙල්ලෙක් කොල්ලෙකුට විනාඩි ගනනාවක් තිස්සේ කනේ පහර දෙමින් ගෝරනාඩුවක් කිරීම. පහරකෑමට ලක් උනේ සෙල්වා නම් දෙමළ තරුණයෙක් කෙල්ලගේ නම ඉමල්කා. මේ දෙන්නා දැන් අන්තර්ජාලයේ ජනප්‍රියම චරිත. මේ ලිපියෙන් මම කතා කරන්න යන්නේ දෙන්නගේ ජනප්‍රියකම ගැනවත් දෙන්න ජනප්‍රිය වෙච්ච විදිහ ගැනවත් නෙවෙයි, ගැහැනු පිරිමි විශේෂත්වයන් හා සමජය ගොඩනැගී ඇති ආකාරය අනුව දෙදෙනාගේ හැසිරීම ගැන යම් විචාරයක් කිරීමයි.
             මෙතනදී සෙල්වා අතින් ඉමල්කාට යම් වරදක් වෙලා තියෙනවා කියලා පැහැදිලියි. අපට දැනගන්නට ලැබුණ විස්තර අනුවනම් සෙල්වා මේ සිද්ධියේ අනෙක් චරිතය වන ගෑනු ළමයට එයාගේ ඇඳුමේ අඩුපාඩුවක් ගැන මොකක් නමුත් සිත් රිදවන කතාවක් කියා ඇත. කොහොම උනත් ගෑනු ළමයා ඊට දක්වපු ප්‍රතිචාරයත් ඇගේ හැසිරීමත් අන්ත අශෝබන බවද කිවයුතුමයි. ඒත් මේ ප්‍රශ්න වලට කොහේ හරි සාධාරන පිළිතුරක් තියෙන්න ඕනේ. අන්න ඒක හොයාගන්න එකත් වටිනවා.

2 comments:

  1. සින්ඩියක වගකීම හරියටම කරන අජිත්ට බොහොම ස්තූතියි. ඔය බ්ලොග් දර්ෂක, අර කකාගෙ වගේ "ෆීමේල් ඕතර්, පොලිටික්ස්, කතන්දර, කවි අගේ කැටගරයිස් කරල දැම්මනම් වඩා ලේසියි. පොඩ්ඩ්ක ට්‍රයි කරල බලන්න.

    ReplyDelete