Sunday, May 14, 2017

සටන්කලාව පිළිබඳ බ්ලොග් එකක් " World Of Martial Arts - සටන් කලා ලෝකය "

සාම්ප්‍රදායික කොරියානු සටන් කලාව - ටයික්‍යෝන්


කොරියානු සටන් කලාවක් ගැන කතා කරතොත් බොහෝ දෙනා නිතැතින්ම සිතනුයේ ටයිකොන්ඩෝ ගැනය, නමුත් ටයිකොන්ඩෝ යනු වසර 70 ක් තරම් මෑත කාලීනව බිහිවූ සටන් කලාවකි. 
නමුත් කොරියානු  සටන් කලාවන්හි ඉතිහාසය ඊට බොහෝ ඈතට දිව යයි. එම පුරාණ සාම්ප්‍රදායික සටන් කළා අතර  ටයික්‍යෝන් (Taekkyeon) ප්‍රධාන තැනක් ගැනී.ටයිකොන්ඩෝ බිහිවීමේදී ටයික්‍යෝන් ආභාෂය විශාල ලෙස දායක වී ඇත.

අතීතයේ පටන් කොරියානු පිරිස් පුහුණුවූ ටයික්‍යෝන් පුහුණු වූ බවට වසර 300 කට පැරණි ලිඛිත සාධක පවතී. 
.................................................
 
පිවිසුම

Thursday, May 11, 2017

ජාතික වශයෙන් වැදගත් සිංහල පොතපත් ගැන විස්තර ඇතුලත් වටිනා බ්ලොග් පිටුවක් " අපේ පොත් එකතුව "




 

"සිංහලයා යනු කවුද? සිංහලයා විසින් බිහිකළ ශ්‍රෙෂ්ඨ ශිෂ්ටාචාරයේ විශිෂ්ඨ අංග මොනවාද? ඔවුන්ගේ ජීවන දර්ශනය කෙබඳුද? හා ඔවුන්ට සිදු වූ වින්නැහිය කවරේද? එය සිදුකළේ කවුද? කෙසේද? යන කරුණු මෙම පොත මගින් එළි දක්වනවා පමණක් නොව මෙම නස්පැත්තියෙන් ගොඩ ඒමට නම් අප කළ යුත්තේ කුමක්ද යන්නත් මෙහි විස්තර කර ඇත.
සෑම සිංහලයෙකුම විසින්ම කියවිය යුතු පොතකි"

--ගංගොඩවිල සෝම හිමි.--

මේ ග්‍රන්ථය මෙහි පළ කිරීමට අපට ලබා දුන්නේ කතුවර ධර්මසිරි සෙනෙවිරත්න මහතාම විසිනි. 1999 දී මුද්‍රණය කර ඇත. පිටපත් වෙළෙඳපොළේ සොයා ගැනීමට නොමැත. 


.....................................................

පිවිසුම
http://sinhalaebooksfree.blogspot.com/ 


 


Friday, May 5, 2017

සොයුර ඔබට නිවන් සුව....!


මේ සටහන තැබෙන්නේ මේ මස පළමු වැනිදා අවසන් ගමන් ගිය "විචාරක" බ්ලොග් සොයුරා ගැනයි. බ්ලොග් ලෝකය තුල "විචාරක" ලෙස දැන හැඳින සිටි මේ සොඳුරු මිනිසා නමින් මේජර් ගුනරත්න යි. බ්ලොග් ලෝකය තුල ඔහුගේ බ්ලොග් අඩවියේ නමට අනුව ඔහු සැබෑ ලෙසම විචාරකයෙකු විය. ඔහුගේ බ්ලොග් අඩවියේ සැබවින්ම පල කෙරුනේ අර්ථාන්විත දේමය. කෙනෙකු වෙන්ව යෑම දුකකි. කෙනෙක් සදහටම වෙන්ව යෑම ඊටත් වඩා දුකකි. මරණය නම් වලක්වනු බැරිම දෙයක් වේ. එහෙත් විචාරක අපේ බ්ලොග් සොයුරා අවසන් ගමන් ගියා ඉක්මන් වැඩිදැයි අපට විටක සිතෙයි. කෙසේ වුවත් විචාරක නැවත අප අතරට පැමිණෙන්නේ නැත. අප ඔහුට නිවන් සුව පතමු.