Sunday, May 31, 2015

පින්බර පොසොන් පෝය


සකල ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාවටත් සියළු රටවැසියන්ටත් උදාවන පොසොන් පොහොය ඉමහත් බැතියෙන් සැමරීමට හැකි වේවා කියා ප්‍රාර්ථනා කරනවා.

Saturday, May 30, 2015

ශාස්ත්‍රීය විචාර විවිධාංග හා තොරතුරු බ්ලොග් පිටුවක් "මලියගෙ සටහන"

මැලේනා බඩුවක්ද?




කාලෙකට පස්සේ සම්භාව්‍ය ගණයේ චිත්‍රපටියක් රසවිදින්නට අත්දැකීමක් ලැබුනා.ඒ ඇසුරින් යන දෙයක් ගැන තමයි අද මං කතාකරන්න හිතුවේ.චිත්‍රපටයේ නම මැලේනා.මට මේක ලැබුනේ ලගකදි උනාට මේක බලපු කස්ටියනම් ඇති අනිවාර්යෙන්ම.මේක ඉස් ඉස්සෙල්ලම බලද්දි මට බලලා පුරුදු ගතියක් දැනුනා.පස්සෙයි මට මීටර් උනේ,මේ ෆිලුමේ වීඩියෝ එකක් එඩීට් කරලා ලස්සන සිංහල සින්දුවකට දාලා තිබුනා.මොකක්ද සින්දුවේ නම.....ආහ්..කැමීලියා මල් සුවදට.. මේක මැලේනා නම් සුරූපි යුවතියක් වටා ගෙතුන අපූරු කතාවක් වගේම සමාජ යථාර්තයක් ගැන කතිකාවතක් ඉදිරිපත් කිරීමක් විදියටත් හදුන්වන්න පුලුවන්.ඇත්තෙන්ම මං ලබා තියෙන සමාජ අත්දැකීම් අනුව 100% ක් ලංකාවට ගැලපෙන කතාවක්.

කතාවට පසුබිම් වෙන්නේ දෙවන ලෝක යුධ සමයේදී යුද්ධය නිසා අසරණවූ සුරූපි වැන්දඹුවකගේ ජීවන අරගලය සම්බන්ධ කතා පුවතක්.කතාව කියන්නේ නැතිව මට ඒ ගැන කතා කරන්න අමාරුයි වගේ.ඒ හින්දා කෙටියෙන් කියන්නම්.මේ මැලේනා කියන්නේ ජර්මානු යුධ හමුදා නිලධාරියෙක්ගේ අලුත බැදපු මනමාලී.එයා එයාගේ ගමේ ඉදන් ස්වාමියාගේ ගමට ඇවිත් ඉන්නේ.මැලේනාට තියෙනවා සුරූපී,පට්ට,සුපිරි,පිස්සු හැදෙන ලස්සනක්.දැක්කොත් ඕනෑම පිරිමියෙක් දෙවරක්,තෙවරක් නොව සිව්වරක් හෝ හැරී බලන තරම් ලස්සනයි.මේ අතරදි වයස අවුරුදු 16ක විතර පාසල් සිසුවෙක් මැලේනාට ආදරව කරන්නට පටන් ගන්නවා.මේක ඇවිල්ලා ඒක-පාර්ශවික,පරම පිවිතුරු හා අසම්මත ආදරයක්.
.......................................................................

පිවිසුම
http://maliyagesatahana.blogspot.com/ 

සාහිත්‍යමය රසවින්දනාත්මක බ්ලොග් පිටුවක් "කැලේට පිපුණු මල්"

විත්‍යා මගෙ නංගියේ





විත්‍යා මගෙ නංගියේ
එකින් එන හැඩ අකුරු අමුනා
හීන ඇහිඳින වංගියේ
විත්‍යා මගෙ නංගියේ


දෙපා තබනා වැලි කැටත්
අද ගොළුව ඉන්නා සන්දියේ
එදා ගිණි ගත් උතුර අදටත්
නිවී නෑ මගෙ නංගියේ

විත්‍යා මගෙ නංගියේ...

දිනක මල් යහනකදි සැතපෙන
සීනයෙන් නුඹ නංගියේ
මල් සමයෙ මල් හීන පොදි බැද
තනිව ඉන්නා වංගියේ

නොදැනුනිද මරු සැඟව හිටි බව
නුඹට හුරු ඒ හන්දියේ
එකින් එක සළු ලෙහී යද්දී
කුමක් හිතුනද නංගියේ

අවදි වුනු සර්පයන් නුඹ තුල
රසය සොයනා වංගියේ
නුඹේ කෙඳිරිලි මියුරු ගී ලෙස
උන්ට දැනුනද නංගියේ..

ගිණි වැදුනු ගත සතවපන්නට
උන්ගෙ මවු නැති සන්දියේ
පුංචි කැකුලක් විෂ දලින් තැළු
සැපය ඉතිරිද වන්දියේ

විත්‍යා මගෙ නංගියේ
උඹත් මිය ගිය වංගියේ
කඳුළු පමණයි අපට දෙත හැති
මක් කරන්නද නංගියේ

........................................

පිවිසුම




Thursday, May 28, 2015

සාහිත්‍යමය විවිධාංග තොරතුරු බ්ලොග් එකක් " මගේ කිචී "

විද්‍යා ගේ සොහොනෙහි පස් මත දබරැඟිල්ලෙන් ලියමි මේ කව



විද්‍යා ගේ සොහොනෙහි පස් මත දබරැඟිල්ලෙන් ලියමි මේ කව 




විද්‍යා උඹ විඳවපු තරම 
දකුණෙ අපිටත් දැනුනා
දෙමළ ලිඟු හින්දා උතුරෙ උඹ මියයද්දි
සිහළ ළිඟු හින්දා සිහළ නංගිලත් මැරුණා

උතුරු යෝනියෙ කැළැල් 
දකුණෙ ළිඟු දැක්කෙ නෑ
දකුණු යෝනියෙ කැළැල්
උතුරෙ ළිඟු දැක්කෙ නෑ

එහෙම දැක්කා නම්
ළිඟු කෙලින් වෙන් නෑ

යුද්ධයෙන් වේලිච්චි උතුරු යෝනියට
උතුරු ළිඟුවක් හතුරු කම් කෙරුවම
වේදනාවේ නිමක් නෑ
දකුණෙ ළිඟු ගැන කියල වැඩකුත් නෑ

උතුරු පෙමින් දකුණු යෝනිය තෙමෙන
දකුණු පෙමින් උතුරු යෝනිය තෙමෙන
ආදරෙන් ළිඟු කෙලින් වෙන
නොරිද්දෙන සුරාන්තයකින් අවසන් වන
දුෂණය නැති ප්‍රේමණීය සංසර්ග භූමියක් 
විය යුතුමය මේ දූෂිත දූපත


දකුණෙන් උඹ ගැන
අඩුවෙන් කවි ලියවුනාට
දකුණෙ හදවතුත් ඇඬුවා ඉඳහිට
ලංකාවෙ කෙල්ලෙක්ව මැරුව වේදනාවට
 
...........................
 
 පිවිසුම

තාක්ෂණික තොරතුරු විවිධාංග බ්ලොග් එකක් " Phahasara "

The Millennium Error



eG5rbDBxMTI=_o_the-millennium-bug-trailer

                                                                              Millennium Error යනු   විසි  වන  ශතවර්ෂය  අග  බාගයේදීත්   දෙදහස  වසරේ   මුල  බාගයේදීත්   පරිගණක  ලෝකයේ  කා අතරත් බෙහෙවින්  කතා  බහට  ලක්වූ  මාතෘකාවකි. විසි එක්වන  ශතවර්ෂය  උදා  වී පහළොස්වන  වසරත්  ගතවෙමින්  පවතින  මොහොතක  Millennium Error දෙස  ආපසු  හැරී  බැලීමට  කැමැත්තෙමි.  Millennium යන්නෙහි  තේරුම  සහාශ්‍රය  වන  නිසා  Millennium Error  යැයි  කියූ  පමණින්  මෙය  නව  සහාශ්‍රය  සමඟ  කිසියම්  සම්බන්ධතාවයක්  ඇති  බව  පෙනී  යයි.  නමුත්  මෙය  Year 2000 problem , Millennium bug , Y2K  problem , Y2K යන  තවත්  බොහෝමයක්  නාම  වලින්ද  හඳුන්වනු  ලබයි. මෙය  Year 2000 problem යනුවෙන්  හැඳින්වීමෙන්  පෙනී  යන්නේ  මෙය  නව සහශ්‍රයට  එනම්  වසර  දෙදහසට  ඍජුවම  සම්බන්ධතාවයක්  ඇති  බවයි.  නමුත්  මෙහි  ඇති  බොහෝ  වදන්  නව  සහශ්‍රයට  සම්බන්ධකම්  කියා  පෑවද  Y2K problem , Y2K  වැනි  ඇතැම්   වදන් වල  කිසියම්  නුහුරු  බවක්  පෙනෙන්නට  ඇත.  එසේනම්   Y2K යන්නත්  Year 2000 problem යන්නත්  අතර  ඇති  සම්බන්ධතාවය  කුමක්ද?

Millennium Error  හා  Y2K

.............................................

 

පිවිසුම 

http://ucsc.lk/students/blog/

Monday, May 25, 2015

නව විචාර විවිධාංග හා රසවින්දන බ්ලොග් අඩවියක් "පින්තාරු වූ යන්තර"

කවියට කවියක්....................





ඇසිල්ලක් පාසා
කවියටයි හිත ආසා
නැතත් රස බාසා
එයින් වේවිද කුමන දෝසා

විරිත මත යතිය
රැකලම බොහොම හතිය
හුරු පුරුදු ගතිය
අතැර දැමුමට සිතක් නැතිය

සොඳුරු පද පාවී
හිත අද්දරට ඒවී
තවත් රස වේවී
නුඹේ සවනත සොයා ඒවී

දුක කඳුළ සින්දා
පාළුව තනිය බින්දා
කවිය නුඹ හින්දා
මමත් සැනසුම් සුවය වින්දා
.
.
.
.
.
චාලි - 11
..........................................
 පිවිසුම

Sunday, May 24, 2015

ලාංකීය බ්ලොග් කරුවන් ඇගයීමට ලක්කරන වැදගත් වෙබ් අඩවියක් "නෙළුම් යාය"

 We were soldiers 2- ගෑණු මුහුද, කූල් දැල්ලෝ සැලඩ් සමඟ ‘හොට් සීට්’ එකෙන් පොඩුවකට්ටු වෙත ඩීග්‍රේඩ් වීමක්

කල්ලරාව ගැන මගේ දෙවෙනි මතකය කලින් කියුවා වගේ ගිරිහඬු සෑය නැවත ප්‍රතිසංස්කරණය කර වන්දනාමාන කිරීමට සැලැස්වීමේ කටයුත්තට සමගාමී උනා.. කන්ද පාමුල වැවක් අයිනේ ගස් හෙවනේ ලෑස්ති කරල තිබ්බ ගමේ ආරට හැදූ මහා දානය නෙළුම් කොලවල බෙදාගෙන වළඳපු එකට පස්සේ මට ඒ ගමන ගැන හොඳටම මතක තිබුනේ කන්ද මුදුනේ ඉඳන් කොහොඹ ගහක් හෙවනට වෙලා ඇස් විශ්වාස කරන්න බැරුව බලාගෙන හිටපු රන්වන් පීත්ත පටියකින් වෙන් කෙරුණු සජීවී සුදු රේන්දයක් අල්ලපු නිල් මහ සයුරේ අපරිමිත දර්ශනය.. ‘ඔය යාංඔයට පහලින් පුංචි පුංචි ගෙවල් මණ්ඩියක් පේන්නේ.. ආං ඒ තමයි කල්ලරාව.. අර කොටි ගහල හතලිස් ගානක් මැරුණේ.. දැන් ආපහු මිනිස්සු ටික ටික එනවා.. මාළු වාඩි වලට” කවුදෝ කියනවා මතකයි.
දැන් මේක කියවන ඔබ සමහරක් දෙනාට හිතෙනවා වගේම මටත් ඒ වෙලාවේ ඉඳං හිතේ ඇතිවෙච්චි ලොකුම ප්‍රශ්ණේ තමයි යකෝ මෙච්චර අවධානමක් අරන් මේ පට්ට කැලේ මාළු අල්ලන්න එන්න මේ යක්කුන්ට පිස්සුද? කියල වගේ එකක් තමයි. හැබැයි මොකක්දෝ හේතුවකට මං ඒ ගැන කාගෙන්වත්ම අහුවේ නෑ එවලේ.. ඒ වගේම අවුරුදු අටකට විතර පස්සේ ඒකට උත්තරයක් මට කල්ලරාව වැල්ලෙදිම ලැබුනා..
කල්ලරාව ධීවර ගම පිහිටලා තියෙන්නේ ත්‍රීකුණාමලය පුල්මුඩේ මාර්ගයේ තිරියාය ගම පහුකරල ටිකක් උතුරු පැත්තට යනකොට යාංඔය පාලමට කලින් හම්බවෙන කිලෝ මීටර් 3ක් පමණ වෙන පාරත් මුහුදත් අතර වන බිම් තීරුවේ.මේ හරියට ඒ පැත්තේ මිනිස්සු කිවුවේ ‘ගෑනු මුහුද’ කියල.. ඒ කියන්නේ ඒ ආසන්නයේ තමයිලු ඉන්දියන් සාගරයේ ඉන්න වැඩිහරියක්ම මාළුවන් බිත්තර දාන්නේ. මේ ගැන වැඩි විස්තරයක් මං කියන්න දන්නේ නෑ. හැබැයි මට මෙහෙම එකක් හිතුනා.. හැමෝම අහල ඇතිනේ ‘පුල්මුඩේ ඛනිජවැලි’ නිධිය ගැන.. ඔය ඛනිජවැලි නිධිය තියෙන්නේ මං මෙ කියන ස්ථානයට ටිකක් උතුරට වෙන්න. එතන ඉන්න නිළධාරීන් මාත් එක්ක කියපු දෙයක් තමයි මුළු ඉන්දියන් සාගරයටම එකතු වෙන බරින් වැඩි වටිනාම ඛනිජ වැලි මුහුදේ දිය වැල් වල ස්වාභාවය නිසා පුල්මුඩේට එකතුවෙන බව.. මේ දියවැල් වල බලපෑමම වෙන්න පුළුවන් සමහරවිට මේ හරියේ මාළුවෝ වැඩිපුර බිත්තර දාන්න හේතුවත්.
..................................................

පිවිසුම
http://nelumyaya.com/ 

Saturday, May 23, 2015

තවත් විවිධාංග හා තොරතුරු ඇතුළු විචාර බ්ලොග් එකක් "SINDIYA"

ඇඟිලි පිහිටීම අනුව ඔබේ පෞරුෂය -agili pihitima anuwa obe paurushaya









මෙතෙක් කල් ඔබ දැන සිටියාද ඔබේ ඇඟිලි වල දිග මගින් ඔබගේ පෞරුෂය පිළිබඳව පෙන්නුම් කරන බව? අනිවාර්යයෙන්ම නැතුව ඇති.

එහෙනම් පහත පින්තූරය එක්ක ඔබේ ඇඟිලි සසඳා බලන්න. මෙහිදී මැද ඇඟිල්ල සමඟ දබරැඟිල්ල සහ වෙදැඟිල්ල හෙවත් මුදු ඇඟිල්ල තමයි සන්සන්දනය කරන්න ඕනෙ. මේක සිදු කරන වෙලාවට අතැඟිලි සැහැල්ලු ආකාරයෙන් තබා ගන්න. ඊට පස්සෙ පින්තූරයේ ඉහළින් දක්වා ඇති පරිදි ඔබේ අතේ ඇඟිලි පිහිටීමට ගැලපෙන අක්ෂරය තෝරා ගන්න.
දැන් එහෙනම් බලමු කොයි වගේද කියලා…

෴ A ෴

දබරැඟිල්ලට වඩා වෙදැඟිල්ල මදක් දිගු වන ඔබ පෙනුමෙන් ඉතා ආකර්ශනීයයි. ඔබ සෑම විටම ඉතාම කාන්තිමත් පුද්ගලයෙක් බැවින් ඔබ පිළිබඳ අන්‍යයන්ගේ අවධානය නිරතුරුවම යොමු වෙනවා. මීට අමතරව ඔබ වඩා ආක්‍රමණශීලී සහ තීරණාත්මක වන අතර ප්‍රශ්නයකදී අවධානමක් ගැනීමට වුණත් පසුබට වෙන්නෙ නැහැ. ඔබගේ වෘත්තය වශයෙන් හමුදා නිලධාරියෙකු, චෙස් ක්‍රීඩකයෙකු, ඉන්ජිනේරුවෙකු වැනි ඒවා විය හැකියි. මෙයට හේතුව විශේෂයෙන්ම ප්‍රහේලිකා වැනි ගැටළු විසඳීමට ඔබ සතුව ඇති හැකියාවයි. තව දුරටත් පවසනවා නම් වෙදැඟිල්ල මදක් දිගු පුද්ගලයින් අනික් අයට වඩා මුදල් ඉපයීමට ද දක්ෂයින් බවයි පර්යේෂණ මඟින් සොයාගෙන තිබෙන්නේ.

.........................................................
පිවිසුම

Friday, May 22, 2015

අළුත් රසවින්දන හා විවිධාංග බ්ලොග් පිටුවක් "සඳ සිත්තම"

හදවතක් තියේද . . . ?

උරහිසක් තියේද . . . ?

කාලයකට කුලියට ගන්න

ටික කලක් අඩමි මම 

එතෙක් මට උර දෙන්න . . . .


පපුවක් තියේද . . . ?

කාලයකට කුලියට ගන්න

වෙහෙස වී හිදිමි මම

මා තුරුලු කර ගන්න . . . .


හදවතක් තියේද . . . ?

සින්නක්කරවම ගන්න

සදාකල් හිනැහෙන්න

මට ආදරය දෙන්න . . . .
....................................................
 පිවිසුම

Thursday, May 21, 2015

ජනප්‍රිය විචාරාත්මක ශාස්ත්‍රීය තොරතුරු හා සංවාදශීලී පුවත් බ්ලොග්\වෙබ් පිටුව "යුතුකම සංවාද කවය"

"යන්ත්‍රානුසාරයෙන් මෙන් කෘති පළ කළ පමණින් නිර්මාණකරුවකු වෙන්න බැහැ...!" -මහාචාර්ය විමල් දිසානායක
 

මහාචාර්ය විමල් දිසානායක මහතා පේරාදෙණිය ගුරුකුලයෙන් බිහිවූ ස්වාධීන බුද්ධිමතෙකු ලෙස ප්‍රකටය. සන්නිවේදන විෂයය මෙරට විශ්වවිද්‍යාලවලට හඳුන්වාදීමට පුරෝගාමී වූ එතුමා දැනට වසර තිහකට වැඩි කාලයක් ඇමෙරිකානු හා ආසියානු සරසවිවල පශ්චාත් නව්‍යවාදය, මාධ්‍ය අධ්‍යයනය, ආසියානු සිනමාව, සන්නිවේදනය, සංස්කෘතික අධ්‍යයනය හා ඥාන උත්පාදනය වැනි විෂයයන් සම්බන්ධ පාඨමාලා ඉගැන්වීමෙමෙහි නිරතව සිටියි. බටහිර ප්‍රමුඛ ලොව විවිධ විශ්වවිද්‍යාලයීය මුද්‍රණාල මගින් පළකළ 30 කට අධික ශාස්ත්‍රීය කෘති හා විශාල ලිපි සංඛ්‍යාවක් ලිවීම හේතුවෙන් ලොව ප්‍රමුඛතම විද්‍යාර්ථීයකු ලෙස විමල් දිසානායක මහතා පිළිගැනේ. 
.........................................................................


පිවිසුම
http://www.yuthukama.com/ 

Wednesday, May 20, 2015

ජනප්‍රිය විනෝදාත්මක විචාර හා තොරතුරු විවිධාංග බ්ලොග් එකක් "බස්සිගේ නවාතැන"

යුද්ධය ගැන මගේ මතක









“මම ඉස්සර හිතාගෙන හිටියෙ ඉස්කෝලෙන් අස් වුනාට පස්සෙ ආර්මි එකට බැඳෙන්න.” තාත්තා කියමින් උන්නා. “ඉන්ටවිව් ගියා. ඒ කාලෙ යුද්දෙ තිබුනෙ නෑ. ඉතින් හමුදාවට බැඳෙන්න අවශ්‍ය සුදුසුකම් හරියටම බැලුවා. මං ඒ කාලෙ කෙට්ටුයි. හොඳටම කෙට්ටුයි. ඉතින් මාව තෝරගත්තෙ නෑ.”





“හොඳ වෙලාවට.” නංගි එකපාරටම කිවුවා.



“ඇයි?” මම ඇහුව.



“එහෙම උනානම් අපිට මොකද වෙන්නෙ???”





අන්න ඒක තමයි කාලයක් අපේ හිත්වල රණවිරුවො ගැන තිබුනු ආකල්පය. හැමෝම එහෙම නොවෙන්න පුලුවන්. බොහෝවිට මේ පෝස්ටුවට පහළින් අභිමානවත් කමෙන්ටුවක් දාන්න සැරසෙන මහත්වරු සහ නෝනාවරු එහෙම නොවෙන්න පුලුවන්. ඒත්, ඒ කාලෙ, අපි කුඩා කාලෙ බහුතරයක් දෙනා හිතුවෙ එහෙමයි.







**************************************
 පිවිසුම




Monday, May 18, 2015

අළුත් විචාරාත්මක හා විවිධාංග රැගත් තොරතුරු බ්ලොග් පිටුවක් " හිතුවක්කාරී "

රිශාඩ්ට අවවාදයක් !!


විල්පත්තුව අවට වන සංහාරය නවත්තන්න කියලා ජනාධිපතිවරයාගෙන් නියෝගයක් ලැබිලත් රිශාඩ් බදූර්දීන් නවතින පාටක් පේන්න නැහැ. දැන් මිනිහා ලෑස්ති වෙන්නෙ තමුන් මොකුත් ම කරේ නෑ කියලා පෙන්නන්න. ඒ වෙනුවෙන් අපේ ම සල්ලි වලින් මාධ්‍යවේදියො ඇතුළු පිරිසක් එයා සංචාරෙකත් එක්කරගෙන ගිහින් තිබුණා. රිශාඩ් දැන් වටේට ම අභියෝගත් කරනවා පුළුවන් නම් තමුන් වැරදියි කියලා ඔප්පු කරන්න කියලා, ඒත් මඩු රක්ෂිතය එළිකිරීම ගැන වචනයක්වත් කතා නොකරන්නත් මිනිහා පරෙස්සම් වෙනවා. 
රිශාඩ් කියන හැටියට අදාල ප්‍රදේශයේ දැනට 'නැවත පදිංචි' කරලා තියෙන්නෙ 30%ක පිරිසක්. එතකොට රිශාඩ් නොකියා කියන්නෙ මේ එළිකරපු කැලෑ ප්‍රමාණය වගෙ දෙගුණයකටත් වැඩි ප්‍රමාණයක් ඉදිරියේදී එළිකරන්න නියමිතයි කියන එක. අනික ඒ ඉඩම් බෙදීමෙදිත් කොටසකට අක්කර තුනකුත්, තවත් කොටසකට අක්කර බාගෙකුත් හැටියට හැඳි දෙක්කින් බෙදලා තියෙන වගකුත් පේනවා. 
මේ හැමදේම ළඟ එන මැතිවරණෙකුත් එක්ක බැඳිලා තියෙන ඒවා. මිනිස්සුන්ට ඉඩම් ලැබෙන්න ඕනෙ ... ඒත් ඒකට ක්‍රමවේදයක් තියෙන්නෙ ඕනෙ .. ඡ්න්ද බලාගෙන කාටවත් ඕනෙ ඕනෙ හැටියට කැලෑ කපලා මිනිස්සුන්ව ගිහින් අතාරින්න දෙන්න බෑ ..
ඒ වගේම මේ ජනාධිපතිවත් අගමැතිවත් 'මුස්ලිම් ජනතාවට' කරපු දෙයක් නෑ කියලත් රිශාඩ් කියලා තිබුණාය කියලා වාර්තා වුණා. ජනාධිපති හෝ අගමැති වෙනුවෙන් උත්තර දෙන්න අපිට ඕනෙ කමක් නෑ. ඒත් රිශාඩ්ගෙ කතාවෙ හැංගිච්චි අතුරු කතාවකට පොඩි උත්තරයක් දෙන්න ඕනෙ. ..................................................................


පිවිසුම
http://hithuwakkaree.blogspot.com/

Sunday, May 17, 2015

තොරතුරු රසවින්දන හා විවිධාංග බ්ලොග් එකක් "බණ්ඩාගේ විත්ති"

බඹරකන්ද ඇල්ල මුදුනේ රාත්‍රියක්


ලබන මාසේ මුල දවස් ගානක ලොකු නිවාඩුවක්.. 
සිංහල අවුරුද්ද ඉවර වුනු ගමන්ම කට්ටියම කතා උනේ ඒ ගැන... 
ගොඩක් අය වගේම අපිත් පොඩි ට්‍රිප් එකක් සැලසුම් කරා.... මැයි 1,2,3 යන්න

පා ගමනක්.. දවස් තුනක්, රෑ දෙකක්. යහන්ගල යන්න තමයි අදහස. 

මුල් දවස් වල සුපුරුදු විදිහට හය හත් දෙනෙක් හිටියා යන්න..

අප්‍රේල් 29 වෙනකොට හතර දෙනෙකුට අඩුවුනා.. 
අප්‍රේල් 30 රෑ ... දෙන්නෙක් විතරක් ඉතුරු නිසා ගමන අවලංගුයි.. (ඉතුරු දෙන්නගෙන් එක්කෙනෙක්වත් මම නෙමෙයි)

අපරාදේ නිවාඩුව.. කොහේ හරි යන්නම ඕනේ... දිනුකයි ඉන්දුයි (ඉතුරු වුනු දෙන්නා)  මැයි පළමු වනදා ආපහු යාලුවන්ට කතා කරා .. දෙන්නෙක් ඉන්න නිසා තව එක්කෙනෙක් හරි හිටියනම් ඇති..

ඉතිං... මම කැමති උනා..

               2015 මැයි මස දෙවෙනිදා.. තවත් පා ගමනක ආරම්භය. අනේක විධි කැපිලි කෙටිලි වලට පසු දිය ඇලි නැරඹීමේ අපේක්ෂාවෙන් තිදනෙකු ගෙන් යුතු ගවේශණ කණ්ඩායම කලුපහන ප්‍රෙද්ශයට ළගා වන විට පෙරවරු 10.30 පමණ වන්නට ඇත.  එතැන් සිට කිලෝමීටර් හයක් පමණ දුරක ත්‍රී රෝද රථයකින් ගමන් කලේ කාලය ඉතුරු කර ගත යුතු නිසාවෙනි.
              අප ගමන් කරන්නේ ලංකාවේ උසම දිය ඇල්ල ලෙස සැලකෙන බඹර කන්ද ඇල්ල කරා යාමට නියමිත මාර්ගයේයි. එය කිසිසේත්ම දුශ්කර නොවන හොදින් සකසා ඇති මාර්ගයකි. අපේ ප්‍රධාන අරමුණ එතරම් ප්‍රසිදද නොවුනු නාගදෝව හා උඩුවර නමින් හැදින්වෙන දිය ඇලි දෙකක් නැරඹීමයි. අප දන්නා තොරතුරු වලට අනුව මේ වන තුරු කිසිවකුත් මේ දිය ඇලි අසලටම ගමන් කර නැත. අපේ අදහස කෙසේ හෝ දිය ඇල්ල පාමුලට ළගා වීමයි. 
               බඹර කන්ද දිය ඇල්ල කරා ගමන් කිරීමට ඇති තාර දැමූ මාර්ගයේ බඹර කන්ද ඇල්ල පිවිසුම් මාර්ගය පසු කරමින් තරමක දුරක් ගිය පසු හමුවන කුඩා අඩි පාරකින්  නාගදෝව හා උඩුවර නමින් හැදින්වෙන දිය ඇලි දෙක දක්වා ගමන් කල හැකියි. ඒ් මාර්ගය සැකසී ඇත්තේ පවුල් කිහිපයක් පදිංචිවී සිටින අතිශය දුශ්කර ගම්මානයක්  හරහායි. එම ගම්මානයට යාමට ඒමට ඇත්තේ කුඩා අඩි පාරක්ම පමණයි.



...................................................





පිවිසුම
http://bandarammsl.blogspot.com/



Saturday, May 16, 2015

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල බස් ගැන ලියවෙන අපූරු බ්ලොග් එක " SLTB buses - ශ්‍රී ලංගම බස් "

Ashok Leyland Comet Minor bus from SLTB Kurunegala South depot

This photo was taken on March 06, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala South depot Ashok Leyland Comet Minor bus (62-5549) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) කුරුනෑගල දකුණ ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. මෙය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිතය. 
..............................................................

පිවිසුම
http://sltbbus.blogspot.com/ 

Thursday, May 14, 2015

තවත් ශාස්ත්‍රීය විචාර හා තොරතුරු බ්ලොග් පිටුවක් "හිත හීලෑ නෑ"

ගැහැණිය යනු කව්ද?

        ගැහැණිය යන මාතෘකාව ගැන කතා කිරීමට පිරිමියෙකුට අයිතිය තිබේද යන්න මාහට අවබෝධයක් නැත. ගැහැණිය තේරුම් ගැනීම යනු පොතක් නම් එහි වෙලුම් සංඛ්‍යාව ලොව විශාලම පුස්ථකාලය පිරවීමට තරම් සමත් යැයි මට සිතේ. දැනට ජීවත් වන බුද්ධිමත්ම මිනිසා වන භෞතික විද්‍යාඥ ස්ටීවන් හොකීන්ස් පවා කියන්නේ ඔහුට තෙරුම් ගැනීමට අපහසුම දේ ගැහැණිය බවයි. ඉතින් අප ගැන කවර කතාද?.
          මගේ හැගීම නම් කෙනෙකුගේ ප්‍රථම ප්‍රේමය පරාජය විය යුතුමය. එවිට ඔහු ලෝකය තේරුම් ගැනීමට උත්සහා දරණවා නියතයි. එහිදී ප්‍රධාන තැන හිමිවන්නේ ගැහනිය නම් උප ප්‍රධාන මාතෘකාවටය. සෙවීමට ගොස් අතරමං වෙන්නේද ඒ තුලමය. ඉතා අමාරුවෙන් සොයාගත් කාරනා කිහිපයක් ගැන කතා කිරීමටයි මේ වෑයම. නමුත් එය පහසු කටයුත්තක් නොවේ. ගැහනුන් කිව්වම විවිදාකාරය. එකෙකුට එකෙක් කිසි සේත්ම සමාන නොවේ. ගැහනුන් නිතරම උත්සහ කරන්නේ අනෙකාට වඩා විශේශ වෙන්නටය. දෙදෙනෙකු එකම ඇඳුම ඇඳගෙන සිටිම කෙස් වලු පටලා ගැනීමට තරම් හේතුවකි.ඉහත කී කාරණයට එය හොඳ ශාක්ෂියක් ලෙස මා සිතමි. ඒ නිසාම ඔව්න් තුල එක සමාන අදහස් හා මතිමතාන්තර පිහිටන්නේ කලාතුරකිණි. පිරිමින් තමා ගැන කෙතරම් අවධානයෙන් ඉන්නේද යන්න ඔව්න්ට වදදෙන අනෙක් ප්‍රබල ගැටලුවක් වෙයි. එසේ සිත්න්නේ අනිත් ගැහැනුන්ට වඩා තමන් කෙතරම් සුවිශේශද යන්න  පිලිබඳ දැඩි ප්‍රේහේලිකාවක් ඔව්න්ගේ සිතට වදදෙන නිසාවෙනි.

.........................................................................

පිවිසුම
http://hithaheelaena.blogspot.com/ 
 

Wednesday, May 13, 2015

තවත් එක් ශාස්ත්‍රීය විචාර විවිධාංග බ්ලොග් එකක් "සංසරණී"

ආගමික වස්ත්‍ර සහ නිරාගමික නිරුවත -





සමාජය පිළිගන්නා
සියලු කායික ආවරණ ප්‍රතික්ෂේප කළ ආගමිකයෙක් සහ
ඔහුට වඳින පොලිස් නිලධාරිනියක්..

සමාජයේ පැවැත්මට උපකාර වන
ආගමික ක්‍රියාකාරකම්ද
වස්ත්‍ර මෙන් බැහැර කොට
නිදහසේ නිරුවතින් විසීම
නිරාගමික පිළිවෙතයි.

කාමය ක්‍රෝධය භය ආදී
හානිකර ආවේග පහළ වූ විට
තමාටත් සමාජයටත් හානිකර ලෙස හැසිරීම
සාමාන්‍ය පුදගලයාගේ ස්වභාවයයි.
මේ හැසිරීමට හේතුවෙන සියලු හේතු
බුදු දහමෙහි සවිස්තරව පෙන්වාදෙන අතර
තමන් දමනය කරගන්නට ක්‍රම තුනක්
දැක්වෙයි.

 ශීල 
තමා දමනය කර ගැනීම

සමාධි
සිත වෙන අරමුණකට යොමු කිරීම

ප්‍රඥා
තමා තුළ සිදු වෙන වෙනස්කම් පිළිබඳව
සමස්තයක් ලෙස සිහියෙන් වසමින්
ඒ වෙනස්කම් වලට උපේක්ෂාවෙන් විසීම.

කාමය ක්‍රෝධය භය ආදී
හානිකර ආවේග පහළ වූ විට
හානිකර ලෙස හැසිරීමට ඍජු හේතු නොදැක්වුණත්
තමාටත් සමාජයටත් හානිකර නොවී
සාමයෙන් වෙසෙන්නට මග පෙන්වන්නට
සියලු ආගම් ක්‍රියා කරයි.
බුදු දහම හැර අනෙකුත් ආගම් වලද
බුදු දහමෙහි දැක්වෙන ක්‍රම වලින්
පළමු ක්‍රම දෙක වන
ශීලය සහ සමාධිය උපයෝගී වෙයි.

...........................................................................


පිවිසුම

Monday, May 11, 2015

ජනප්‍රිය සංවාදශීලී හා විචාරාත්මක තොරතුරු බ්ලොග් එකක් "රාජ්ගෙ නවාතැන"

නෝනගෙ වයස! (18+)









 






ඇමරිකාවෙ පොඩි නගරෙක - හිටියලු හැඩ නෝන කෙනෙක්
ජෙනීටාය ඇගෙ නම - ඇය හරි සිරියාවයි

කාලය හරි වේගෙන් විත් - අවුරුදු හතලිහක් ගෙවී
ජෙනීගෙ ලස්සන රූපය - දැන් ටිකක් අවුල්

රූපේ අවුලට විසඳුම - හොයාගන්න හිතිල ඇයට
ගියාලු වැල වරක කරන - දොස්තර ලඟට‍

මුහුණට මේදය ගහලා - 'පස්සට' සිලිකන් ගහලා
ඉස්සුවාලු රන තිසරුන් - දහ අටේදි වාගේ

ගෙදර ආපු ගමන් ජෙනී - කන්නාඩිය ලඟට ගිහින්
බැලුවා තම ලස්සන රුව - දශකයකට කලින් වගේ

මගේ පෙනුම දැන් කොහොමද - කොච්චර වයසක් පෙනේද
කාගෙන් හරි අහල බලල - දැනගන්නම ඕනේ  

.................................................................


පිවිසුම
http://raj1st.blogspot.com/ 

Sunday, May 10, 2015

නව දැනුම තාක්ෂණික හා තොරතුරු බ්ලොග් එකක් " තාක්ෂණික තොරතුරු"

ෆයර් ෆොක්ස් වලින් බුක්මාර්ක් සින්ක් කරන්න. - Sync Bookmarks Using Firefox



http://www.google.lk/imgres?imgurl=http://wallpaperstock.net/black-mozilla-firefox-wallpapers_541_1024x768.jpg&imgrefurl=http://wallpaperstock.net/mozilla-firefox-fire-wallpapers_w540.html&h=768&w=1024&tbnid=jXcdqHwVScikAM:&zoom=1&docid=yyRmq-CblPzY6M&ei=tOFAVbvDBsaOuAS20IHYDw&tbm=isch&ved=0CEQQMygiMCI

මොසිල්ලා සමාගම පහුගිය කාලය පුරාවටම ෆයර් ෆොක්ස් වෙබ් බ්රෝව්සරය යවත්කාලින කරමින් අලුත් සංස්කරණ නිකුත් කරා.
අලුත් සංස්කරණ එක්ක අලුත් ලක්ෂණ (features) හදුන්වාදෙන එක සාමාන්‍ය දෙයක්. අද හදුන්වලා දෙන්න යන්නේ, ඒ වගේ ෆයර් ෆොක්ස් අලුත් සංස්කරණයක් එක්ක එකතු උන අලුත් වැඩ කෑල්ලක් ගැන. මේක හදුන්වලා දීලා ටික කාලයක් වෙනවා. මම පාවිච්චි කරලා බැලුවම සාර්ථක ප්‍රතිපල තියෙන නිසා මේ දේ ඔයාලා එක්ක බෙදාගන්න හිතුවා. ගොඩක් අය දැනටමත් දන්නවා ඇති, නොදන්න අය කරලා බලන්න.

ගොඩක් අය නිවසේ තියෙන පරිඝනකයට අමතරව කාර්යාලයේ පරිඝණකයත් පාවිච්චි කරනවා. මේ විදියට පරිඝනක දෙකක් පාවිච්චි කරන කොට ඔයාලා නිතර පාවිච්චි කරන වෙබ් අඩවි බූක්මාර්ක් කරගෙන ඇති. එත් ඒ බුක්මාර්ක් එක පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ අදාල බුක්මාර්ක් එක සේව් කරගත්ත පරිඝනකයේ විතරයි.

එක පරිඝනකයකින් සේව් කරන බුක්මාර්ක් එක සින්ක් වෙලා අනික් පරිඝනකයටත් යනවනං කොහොමද....?

දැන් ඒක ෆයර් ෆොක්ස් වලින් කරන්න පුළුවන්.

බුක්මාර්ක් විතරක් නෙමෙයි,

Tabs,
Bookmarks, 
Passwords,
History,
Add-ons,
Preferences, 

මේ හැමදේම උපාංග දෙකක් හෝ ඊට වැඩි ගණනක් එක්ක සින්ක් කරන්න පුළුවන්.

මේක කරන්න පොඩි සෙටින්ග්ස් වගයක් හදන්න තියෙනවා. ඊටත් කලින් දැනට තියෙන බුක්මාර්ක් ටික පරිඝනකයට සේව් කරගන්න ඕනේ. ඒක කරගන්නේ මෙහෙමයි. ෆයර් ෆොක්ස් ඕපන් කරලා Ctrl+Shift+B කියන කීස් තුනම එකපාරට ඔබන්න. එතකොට පහලින් පේනවා වගේ මෙනු එකක් එයි.
..........................................................


පිවිසුම
http://www.ithelpzone.info/ 

Saturday, May 9, 2015

නව දැනුම හා විචාරාත්මක තොරතුරු බ්ලොග් පිටුවක් " Insights & Knowledge "

මරණය + මරණය = මරණ දඬුවම



රසිකොලොජි බ්ලොග් අඩවිය ලියන +රසිකොලොජිස්ට් මීට ටික කලකට ඉහත ලියලා තිබුනා මරණ දඬුවම ද මිනීමැරුමකි නමින් ලිපියක්. මේ ලිපිය කියෙව්වාට පස්සේ මට හිතුනා මරණ දඬුවම සම්බන්ධයෙන් වැදගත් වෙයි කියලා හිතන කරුණු කිහිපයක් ලිපියක් වශයෙන් ලියන්න. 

නිශ්චිත අධිකරණ පටිපාටියක් හරහා පමණක් පමුණුවන මරණ දඬුවම සහිත සම්මත අපාරාධ නීති පද්ධතියක් ශ්‍රී ලංකාව තුළ  ඇතිවෙන්නේ ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති සමයේ. ඒ යුගයේදී මුනෂ්‍ය ඝාතනය සහ රජුට එරහෙිව යුධවැදීම  යන වැරදි සම්බන්ධයෙන් මරණ දඬුවම ක්‍රියාත්මකවුනා. 1802 දී එවකට ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ශ්‍රීමත් ෆෙඩ්‍රික් නොර්ත් විසින් මරණ දඬුවම සඳහා කෘෘර ක්‍රම යොදා ගැනීම තහනම් කර ඒ වෙනුවට එල්ලා මැරීමේ ක්‍රමය නීතිගත කරා. මේ නව නීතිය යටතේ ප්‍රථම වතාවට පුද්ගලයෙකුට මරණ දඬුවම පැමිනවූයේ රජුට එරෙහිව කැරලි ගැසීමේ වරදට 1802 වර්ෂයේ පෙබරවාරි මාසයේ බව බන්ධනාගාර ඉතිහාසයේ සඳහන්. 
වර්තමානය වනවිට ලංකාවේ මරණ දඬුවම නීතිගත තත්ත්වයේ පැවතුනාවුනත් එය අහෝසි කර දැමූ යුගයකුත් ඇත්තනේම රට තුළ තිබුනා. ඒ 1956 වර්ෂයේ අග්‍රාමාත්‍ය ධූරයට පත් S.W.R.D. බණ්ඩාරණායක මහතා මරණ දඬුවම නීතියෙන් අහෝසිකර දැමීමෙන් පසු ගතවූ කෙටි කාලය. නමුත් එයින් වසර 03 කට පසු  1959 දී, බණ්ඩාරණායක මහතා ඝාතනයවීමෙන් අනතුරුව නැවතත් රට තුළ මරණ දඬුවම ක්‍රියාත්මකවීම ආරම්භ වෙනවා. කෙසේ වෙතත් 1976 ජූනි 23 වනදායින් පසුව ශ්‍රී ලංකාව තුළ මරණ දඬුවමක් ප්‍රායෝගිකව ක්‍රියාත්මකවීමක් සිදුව නැහැ. 
වර්තමාන ශ්‍රී ලංකාව මරණ දඬුවම නීතිගත රටක්. දණ්ඩ නීති සංග්‍රහයේ III වැනි පරිච්ජේදයේ 52 වගන්තියට අනුව රට තුළ භාවිතා වන දඬුවම් වර්ග වශයෙන් මරණය, බරපතල සිර දඬුවම, සිර දඬුවම, කසපහර, දේපළ අහිමිකිරීම සහ දඩය යන දඬුවම් වර්ග සඳහන් වෙනවා. වයස අවුරුදු 18 ට අඩුයැයි අධිකරණය විශ්වාස කරන කිසිම පුද්ගලයෙකුට මරණ දඬුවම නොපැනවිය යුතු බව දණ්ඩ නීති සංග්‍රහයේම 53 වන වගන්තියේ සඳහන්. වගන්ති අංක 54 න් සඳහන් කර තිබෙනවා ගර්භනී අවස්ථාවේ සිටින කාන්තාවකට මරණ දන්ඩනය පැනවීම නොකළ යුතු බව. 
....................................................
 
පිවිසුම

 

Thursday, May 7, 2015

අළුත් සාහිත්‍යමය විවිධාංග හා තොරතුරු බ්ලොග් එකක් " කැලේට පිපුණු මල් "

බතාගේ විත්ති



බතාගේ කතාව
දැන් ඉහ නිකට පැහිච්ච සුදු සීයා කෙනෙක් වුනාට ඒ කාලෙ බතා මහ මොරංගානි වස එකාය....තමංගේ නංගිලා වූ ලතා හා කතා සමඟ ඔහුගේ බාලේ විස්තර අහං ඉන්නට වටිනවාය...
ඒ කාලයේ දැන් මෙන් එක පවුලක සිටියේ ළමයි එකා දෙන්නා නොවේ...එදා බතාගේ ඉස්කොලේ ළමයි අතර මෙහෙම කවියක් තිබුනාළු.

“අල්ලිසා ජොහා ජෝනා මැයියා
  වෙල්ලිස දවල් බත කා දොයියා“

මේ උදවියගෙන් අල්ලිසා හිටියේ බතාගේ පන්තියේය.ඉතිරි ළමයි සේරමත් පාසල් ආවෝය.ඔය කයිය කියමින් අල්ලිසා ඇවිස්සීම බතාගේ ලොකුම විනෝදාංශය විය.

බතාලා සෙල්ලම් කරන පිට්ටනිය තිබ්බේ කැලයකට මායිම්වය.එහි පිට්ටනිට පෙනෙන නොපෙනෙන මානයේ වූයේ අති විසාල දෙබරයකි...



“කූඩළු දෙහි ගෙඩියකින් ගැහුවොත් දෙබරේ වෙන තැනකට අරගෙන යනවාළු“ දවසක් මේක දිහා බලාගෙන එකෙක් කියපි.ගෙදරදී නංගිලා සමග ඉලක්කයට දෙබරයකට ගල් ගසා යස පාඩමක් ඉගෙන ගත් බතාට මේ සම්බන්ධව කටයුතු කිරීමේ නායකත්වය නිතරඟයෙන් හිමි වූයේ ඒ පලපුරුද්ද නිසාමය.එකෙක් කූඩළු දෙහි ගෙඩියත් ගෙන ඒමට පොරොන්දු අතර බතා එකෙක්ට රතු ලූණු ගෙඩි කිහිපයක් ගෙන ඒමට කිවුවේ අවදානමට පෙර සූදානමක් තිබිය යුතු නිසාවෙනි..

.........................................
පිවිසුම
http://wkwijeratna.blogspot.com/ 

Wednesday, May 6, 2015

නව විචාර විවිධාංග හා රසවින්දන බ්ලොග් පිටුවක් "සන්දේශය"

කම්කරු දිනය

එදා කම්කරු දිනය
වැඩ කරන්නන්ගේ
දිනය විය..
අද කම්කරු දිනය
වැඩ කරවන්නන්ගේ
දිනය නොවේ ද..
----
සමීර සම්පත්. 

........................

පිවිසුම
http://sameerasampathblogspot.blogspot.com/ 

Sunday, May 3, 2015

බුදු දහම හා බැඳුනු වැදගත් දහම් විචාරාත්මක හා තොරතුරු බ්ලොග් පිටුවක් "දෝංකාරය"

මේ පින්බර පොහෝදා ඔබ සැමගේ සිත් සතන් සිසිල් වේවා

වෙසක් පෝ දින ඔබේ හදවත සිසිල් වේවා

අද මේ පින්බර දවසේ සියළු බැදීම් වලින් නිදහස් වීමේ සතුට ගැන කතා කරමු.

අවාසනාවට භාවනාවට දිය යුතු මුල්තැන  වෙනත් ආමිස පූජාවන්ට දීම නිසා අපගේ මනස සිසිල් කරගැනීමට අපට ලැබී ඇති උතුම්ම අවස්ථාව මගහැරී ගොස් ඇත. දන් දීම හොද වැඩකි. එහෙත් දානයෙන් විවිධ අලංකාර ප්‍රදර්ශනවලින්  සිතට ලොකු සහනයක් නැත.

කොතරම් දන් දුන්නත් කොතරම් අලංකාර වෙසක් කූඩු හැදුවත් ඔබගේ සිතේ ඇතිවන ක්‍රෝධය මද පමනකින් වත් අඩුවුනාද

ඔබ අර පරන මිනිසාම නේද

කොතරම් දහම් පොත් කියෙව්වත් ඔබතුල කිසිම වෙනසක් වුනාද
 ඔබ ඒ පොත් කියවන්නේ කියවීමේ රසය විදීමටය.


ඔබගේ තරහ යන ගතියවත් අඩුවුනාද

එසේනම් ඔබතුල කිසිම වෙනසක් වී නැත.

ඔබ ජය ගත යුත්තේ ඔබගේ සිතය.

ආගමික පූජා ක්‍රම ඕනෑම නරක මිනිසෙකුට පුද පූජා කරන අතරේම සිය දුෂ්ට ජීවිතයද ගෙවිය හැකි ලෙස සකස් වී ඇත.


එහෙත් ඔබ භාවනාව පුරුදු පුහුණු කළොත් දවසකින් දෙකකින්ම ප්‍රතිපල ලැබේ

ඔබ ලොව පුරාම සිද්ධස්ථාන වැන්දත් වැඩක් නැත.

ඔබ වන්දනාමාන කළ යුත්තේ ඔබේ සිතයි.

ඔබේ සිත නිදහස් කරගන්න .  ධර්මය එයයි.


මම විවිධ පුද පූජාවල නි‍යැලුන කාලයක් විය. නමුත් මගේ අභ්‍යන්තරයේ ප්‍රීතියක් නොවීය.

භාවනාවට යොමුවුනේ ඉන් පසුවයි.

අවබෝධ මාර්ගය භාවනාවයි.

සියල්ල සිතෙන් විනිවිද දකින්න.

සංස්කාර ධර්මයන්ගේ ඇතිවීම හා නැතිවීම දකින්න.

ඉන්පසු ඒවා බැහැර කරන්න.

සැනසිල්ල අත්දකින්න.

නිදහස් වූ සිත පුදුමාකාරය. කූඩුවෙන් මුදාහළ පරෙවියෙකු සේය. අනුන් නොදකින ලොවක් ඔබ දකී. ඔබගේ පෙර භවයන්ද ඊට අයත්ය. ඔබගේ මෙම භවයේ ගැටළුවලට හේතු හා විසදුම්ද ඔබ ඉදිරියට එනු ඇත.


තෙරුවන් සරණයි
..............................
 
පිවිසුම

Saturday, May 2, 2015

සුභ වෙසක් තෙමගුලක් වේවා!

ශ්‍රී ලාංකික බොදුනුවන්ටත් සියළු ලෝකවාසී බෞද්ධ ජනතාවටත් සුභ වෙසක් තෙමගුලක් වේවා.

Friday, May 1, 2015

නව තොරතුරු තාක්ෂණ හා දැනුම බ්ලොග් පිටුවක් "අනාගතය රැගෙන පෙරටම"

සිහිනය

කතාව පටන් ගන්න කලින් පොඩ්ඩක් මගේ ගැන කිව්වොත් හොදයි හිතනවා .මම තරිඳු නුවන් චතුරංග. ජාතික ව්‍යාපාර හා කළමණාකාරිත්ව විද්‍යාතනයේ (NSBM) පරිඝණක විද්‍යාව පිළිබඳ තෙවන වසර උපාධිය හදාරන අතර මෘදුකාංග ඉන්ජිනෙරුවරයෙක් වශයෙන් කටයුතුකරනවා. අහ් තව දෙයක් මේ මගේ පලවෙනි පොස්ට් එක. මාව බ්ලොග් එකට සම්බන්ද කරගත්ත දුලාන් මල්ලිටත් තාරුක් අයියාටත් ස්තුතියි.


ජිවිතේ අපි හැමෝටම හීන තියෙනවා . හුඟ දෙනෙක් මේ සිහින යථාර්ථයක් කරගන්න බැරුව ඒවා සිහින විදියටම බොද වෙලා යන්න දීලා බලාගෙන ඉන්න්වා. මෙ සිහින අතරේ අපි මුලින්ම පාසල් ගිය දවස් වලම අපෙන් අම්මලා,තාත්තලා, නෑදෑයෝ අහන පොදු ප්‍රශ්නයක් තමයි, ලොකු උනාම කවුරු වෙන්නද කැමති කියලා. ඉතින් අපේ පොදු උත්තරය තමයි, දොස්තර කෙනෙක්,නැත්නම් ඉන්ජිනෙරුවරයෙක් කියන එක. හොදයි. කාලය අපිටත් හොරෙන් ගත වෙලා සාමාන්‍ය පෙළ එහෙමත් කරනවා, හැබැයි ඒ වෙනකොට අර මුලදි කිව්ව සිහිනය හුඟක් අය ගාව නෑ. සමහර අයට වෙන වෙන සිහින තියෙනවා.තවත් අයට ඒ වෙනකොටත් තමන් ඉස්සරහට කරන දෙයක් ගැන අදහසක් නෑ.

.....................................................


පිවිසුම
http://andropain.blogspot.com/