Thursday, December 31, 2015

සුභ නව වසරක් වේවා ඔබ සැමට...!


ලැබුවාවූ 2016 නව වසර සියළුම බ්ලොග් හිතවතුන්ටත් සියළු බ්ලොග් පාඨක සොයුරු සොයුරියන්ටත් සියළු ලක්වාසීන්ටත් සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා.

Tuesday, December 29, 2015

කාලීන තොරතුරු රස වින්දන විවිධාංග බ්ලොග් එකක් " මිනිසුන් අතර "

ජපන් කතා 1 - ඇරඹුම පළමු කොටස


ටික කාලයක් නිහඬව හිටියේ ජීවිතේ පොඩි වෙනසක් සිදු වුනු නිසා. ඒ හා සමගම ඇති වුනු අමුතු කාර්ය බහුල කමක් නැතත්, හිතේ නිදහසක් නැති කම, මාව ලිවීමෙන් ඈත් කළා.


මම මේ ලියන්නේ ජපන් රටේ ඉඳන්, වැඩිදුර අධ්‍යාපන කටයුතු වලට ආ ගමන්. මේ ආ ගමන තමයි මම ඉහත කී පරිදි, මගේ ජීවිතේ සිදු වුනු වෙනස් කම. මේ ගමන ගැන ලියන්න තියනව දිග කතාවක්. ඒ කතාව තමයි අද පටන් ගන්නේ. කම්මැලිකම පැත්තක දාල සතියකට වරක් වත් මේක දිගටම ලියන්න බලාපොරොත්තු වෙනව.


මම කලින් දවසක අපේ ඩුඩ් ගේ බ්ලොග් එකෙත් කොමෙන්ට් එකක් දැම්ම. අපි සමහරක් අයට ජීවිතේ සමහර දේවල් ලබාගන්න පුදුමාකාර කට්ටක් කන්න සිදු වෙනව. ගොඩක් දේවල් උපතින්ම හිමි වුනු වාසනාවන්ත අය ඉස්සරහ සමහර වෙලාවට විහිළුවක් බවට පත් වෙන්න සිදු වෙන්නේ, මේ නිසා. මේ ජපන් ආපු ගමනත්, ඒ වගේ එකක්. පුදුමාකාර කට්ටක්. ඉතින් අහන්න, මගේ කතාව.
.......................................................

පිවිසුම

Monday, December 28, 2015

සිංහල ගීත සාහිත්‍ය හා රසවින්දන බ්ලොග් පිටුවක් " Aseni Miyesi "

"Tharaha Wunath Mata Innata Be" Sinhala Song Lyric


 "Tharaha Wunath Mata Innata Be" Sinhala Song

tharaha wunat mata innata be
oya asdeka ma
ta mathak wela
kath
a nokara siti dawasama paluyi
inna
ta be thawa ath wela
oy
ata man adare... oyata witharayi adare//
oy
ata witarayi adare


nodeka inna hema mohothak g
ane
asdeka kadu
lin theth wenava //
husma we
tena hema mohothak gane
oy
a genama mata sihiwenava
oy
ata man adare... oyata witharayi adare//
oy
ata witharayi adare


tharah
a unath ne tharahak mage
oy
a thamayi jiwite mage //
thawa eka serayak sam
awa dennako
oy
awa hadawan ne aye
oy
atha man adare... oyata witharayi adare//
oy
ata witharayi adare
Artist/s : Indunil Andramana
.................................
 
පිවිසුම

Sunday, December 27, 2015

සාහිත්‍යමය කලා රසවින්දන විශේෂාංග බ්ලොග් එකක් " සයුනි නිසදැස් කවි පිටුව "

මුදු හීන දකින




සල දෑස් පියන් යට
මුදු හීන දකින පුත
මැද සුව නින්දක ගැඹුරු 
නුඹේ සොඳුරු ලොවක රුව

මට දුකම ගෙනෙන බව 
නොකියා සඟවමි කඳුළු
හෙට දින දිවි මංපෙත 
නුඹ නොබියව යන සඳ 


නුඹේ මුහුණ බලමි මහරු 
තව දිනනු දෙයක් නැත 
මගේ මෙහෙය නිමයි පුත
සිත නිවෙන තැනත් නුදුරු
.................

පිවිසුම


නව ලොව දැනුම සන්නිවේදනය හා තොරතුරු තාක්ෂණය සම්බන්ධ වැදගත් බ්ලොග් එකක් " අපේ ලෝකය.tk "







...................................
පිවිසුම
http://www.apelokaya.tk/

Thursday, December 24, 2015

දැනුම අධ්‍යාපනික විනෝදාත්මක විවිධාංග රැගත් අපූරු බ්ලොග් එකක් " මයියා "

හුන්නස්ගිරි කදු මුදුන සොයා ගිය සංචාරය 3

 

හුන්නස්ගිරි කදු මුදුන සොයා ගිය සංචාරය 1
හුන්නස්ගිරි කදු මුදුන සොයා ගිය සංචාරය 2
කාටත් මතක ඇති නේ පන්විල පාරට සෙට් උන හැටි කැලේ ඇතුලෙන් ඇවිල්ලා.ඒ සටහන් දෙක්ක කියවලා නැති කෙනෙක් වේ නම් කියවලා එන එක අගෙයි ඕන්.කට්ටිය බලනවා ඇති මේ මයියා මොකෝ කාලකින් ලියන්නේ  කියලා.ගොඩාක් දෙනෙක් අහලා තිබුනා පෞද්ගලිකව පණිවිඩ එවලා තිබ්බා ෆේස්බුක් හරහා කො ලියන්නේ නැද්ද කියලා ඇත්තම කථාව නම් ලියන්න ආසයි ඊට වඩා කදු නඟින්න ආසයි එත් ඉතින් කැම්පස් කොල්ලෙක් වීමේ වාසනාව මත කාලය කියන දේ අවාසනාවන්ත විදිහට නැතිවෙලා තියනවා.

වමේ සිට නර්මදා ශක්ති ලංඩන් මයියා තුමා


කොහොම හරි අපි පන්විල ඉදන් එන පාර හම්බවුන තැන ඉදලා.කදු මුදුන දක්වා ගමන පටන් ගත්තා අතර මගදී පොඩි චොකලට් පෙති කීපයකුයි.දොඩම් පෙති කිහිපයකුයි බඩට දාගෙනම ගමන පටන් ගත්තා.



කඳු මුදුනට කලියෙන් නැවතුන වීව් පොයින් එක

කොහොම හරි අපි කදු මුදුනට ටික දුරක් තියලා හොද වීව් පොයින්ට් එක්කට ආවා.එතන ඉදලා කදු මුදුන පේන මනයේ නිසා එතන ඉදන් ගෙනාපු දවල් කෑම ටික බඩට දාගන්න තීරණය කරලා.එතනින් නැවතුනා.වාසනාව යනු සියලු දෙනා වෙනුවෙන් බත් මුල් තුනක් තිබීමත් ඉන් එකක් නර්මදා නංගිගේ මව ඈ ගැන සිතා අප ගැන නොසිතා සකස් කල එකක් වීමය.කොහොම හරි අපි සතුව තිබූ ආහාර බොහෝ ප්‍රමාණයකින් ස්ප්පායම් වුන අපි නැවත කදු මුදුන කරා ගමන ආරම්භ කලා.

.........................

 

පිවිසුම

http://maheshslife-multiaxial.blogspot.com/ 

 

 

Wednesday, December 23, 2015

අළුත් කාලීන තොරතුරු විවිධාංග හා රසවින්දන බ්ලොග් එකක් " සිංහlife "

ගිම්හානි 2



ගිම්හානි පලවෙනි කොටස කියවපු නැති අය ඒ කොටස කියවලා එන්න.............

තරිඳුගේ අම්මා ගෙදර ආවේ ගොඩාක් සතුටකින්..
"පුතේ මම අද මාමලගේ දිහා ගියා"

මාමා මොකද කිව්වේ.
  
මාම කිව්වා එහේ නවතින්න කියලා.

අපෝ අම්මේ එහේ නම් නවතින්න මට බෑ.
....................................
 
පිවිසුම

Monday, December 21, 2015

සාහිත්‍යමය කලා රස වින්දන බ්ලොග් පිටුවක් " සඳ පහන "



............................
පිවිසුම
http://sandapahana.blogspot.com/ 

තවත් තොරතුරු විචාර කාලීන සිදුවීම් ඇතුළු විවිධාංග රැගත් බ්ලොග් පිටුවක් " PRABANDHA (ප්‍රබන්ධ) "


මහඉලුප්පල්ලම - සේනපුර ගොවිජනපදයක්. ගොඩින් අක්කර තුනකුයි මඩින් පහකුයි දීලා ගෙවලුත් හදල දීලයි ඩී.එස්. සේනානායක මහත්තයා මේ ජනපදයේ මිනිස්සු පදිංචි කරන්නෙ. එදා හදල දුන්න ඒ සිරියාවන්ත පුංචි ගෙවල් කීපයක් ශේෂවෙලා තියෙනවා අදටත් පේනවා තැන් තැන්වල ඇවිදිද්දි. එදා මේ විදිහට මිනිස්සු පදිංචි කළත් ඔවුන්ගෙන් බොහෝමයක් ආපහු පළාගිහින් තියෙනවා තමන්ගෙ මුල් ගම්බිම්වලටම. ඒ මහ උණ කියල ඒ ගැමියන් හඳුන්නපු මැලේරියාවට බයේ. ගොවිජනපදය පිහිටවපු කාලෙ මේ පළාතෙ මහඋණ තදින්ම පැතිරිලා තිබිලා තියෙනවා. "තත්ත්වෙ බැරෑරුම් වෙද්දි මිනිස්සුන්ව බලහත්කාරෙන් ගෙවල් ඇතුළට දාලා දොර වහලා- යතුර ඇතුළට දාලා ගෙවල් හැරනොයන ලෙස තර්ජනය කරන්න ආණ්ඩුවට වුණාලු" මං අහල තිබ්බ ඒ කතාවත් මයෙ මතකෙට එනවා.

සේනපුර, ගම්මාන කීපයකට බෙදෙනවා. ඒ යාය එක, යාය දෙක, යාය තුන ආදී වශයෙන්. ඒ බෙදිල්ල අහවර වෙන්නෙ යාය දහයෙන්. ඒත් මගේ ගමන නතර වෙන්නෙ යාය හතරෙන්. තොරක් නොමැති නියඟයත් දෙගොඩතලන මුරුගාසන වරුසාවත් අතර දිවිහරින ගැමියන්ගේ නිවාසත් ගොවිබිමුත් පහුකරගෙන ට්‍රැක් හතර හංදිය දිහාවට මං මගේ පුෂ් බයිසිිකලේ පාගනවා. සතිගාණක් තිස්සේ වැටෙන මහ වරුසාවට මේච්චල්වෙලා කුදුගැහුණු, දෙගොඩතලපු ඇළ බන්ට්ටෙක දෙපස තවමත් පණගහල හිනාවෙන "වරාමල්" මයෙ දෑස සනහනවා. මල් සුවඳ බලන්ඩ නතර වෙන්න මේ වෙලාවේ ඉඩක් නැතත් - මයෙ පරිකල්පනමය නාස්පුඩු ඒ සුවඳ අවුස්සනවා. ට්‍රැක් හතර හන්දියට ආ විගස මගේ ගමනාන්තය වන ඒ සුන්දර කුටුම්බය මුණගැහෙන බව මං දන්නවා. සිනා මුසු මූණින් ඒ කුටුම්බයේ මව - අපූරු ලේඛිකාව මයෙ ඇස් අසුනක් දිහාවට මේ දැන් යොමු කරනවා.
...........................................

පිවිසුම
http://prebandha.blogspot.com/

Saturday, December 19, 2015

අළුත් තොරතුරු විචාර විශේෂාංග ඇතුලත් විවිධාංග බ්ලොග් එකක් " walaspathiවලස්පතිගේ අඩවිය "

ගාලු ඉතිහාසය කොටු පවුරෙන් පිටමං කිරීමේ තැතක්
කෞතුකාගාර ඉවත්කර හෝටල් ඇරීමේ යෝජනාවකින් ගාලු ඉතිහාසය කැළඹේ
 
ගාල්ලේ ජාතික කෞතුකාගාරය
 (නන්දසිරි වැලිගමගේ)
ඓතිහාසික ගාලු පුරවරයට ඇත්තේ අභිමානවත් අතීතයකි. ‘ගාලු කොටුවZ නමින් හඳුන්වන පෞරාණික භූමිය එදත් අදත් ඒ අතීතය ලෝකයට කියා පාන්නේ ය. ඒ නිසාම අද එය ලෝක උරුම භූමියක් බවට පත්කර තිබේ.  ගාලු කොටුවේ පිහිටුවා ඇති කෞතුකාගාර තුනකි. ඒවා  පෞරාණික ගාලු නගරයේ, එහි වෙර‍ළේ මෙන්ම ගාලු මුහුදේ අතීතය පිළිබඳ සුවිශේෂී පණිවුඩයන් කියාපාන දෙස්-විදෙස් සංචාරක නැරඹුම් පොළවල් ය. ඒවා ඇත්තටම, නිසල කොටු පවුර තුළ අභිමානය රැගත් විශ්මිත නිර්මාණයන් පිළිබඳ අතීත කතාන්දර නිහඬව කියා පාන්නේ යඒවා නම්, පෞරාණික අතීත සැමරැම් ගොඩනැගිලි තුළ පවත්වා ගෙන යන, සමුද්‍ර කෞතුකාගාරයʹ, සමුද්‍රීය කෞතුකාගාරයʹ සහ ජාතික කෞතුකාගාරයʹ, යන ස්ථාන වේ. එබැවින් ගාලු කොටුව තුළ මේ කෞතුකාගාර  තුන සුවිශේෂ ය.
එසේ වුව ද, ඒවා ගාලු ඉතිහාසයෙන් පිටමං කිරීමේ තැතක් ගැන ද දැන් දැන් අසන්නට ලැබේ. මෙම කෞතුකාගාර ලෝක උරුම කොටු පවුර තුළම තිබීම,  පෞරාණික ගාල්ල නරඹන්නට එන සංචාරකයන්ට මහත් ආකර්ෂණයකි. ඒ නිසාම එය ගාල්ලේ සංචාරක ව්‍යාපාරයට ලැබුණු  තවත් සුවිශේෂී දායාදයක් බව ද පෙන්නා දිය යුතුව ඇත.
................................
පිවිසුම

Friday, December 18, 2015

නවලොව සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ දැනුම අප වෙත ගෙන එන බ්ලොග් අඩවියක් " Ray Lanka "

Android phone එකේ Internal memory එක වැඩි කරමු.


ඔයාල දන්නවනේ Android Phone එකේ වැදගත්ම කොටස වෙන්නේ Internal memory එක කියල.මොකද එකේ තමා හැම app එකක්ම instral වෙන්නේ. ඉහල නිමාවකින් යුතු එකියන්නේ ගොඩක් හොද මුදලින් වැඩි phone තියෙන අයට මේ Internal memory එක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි මොකද ඒවගේ Internal memory එක 8Gb,16GB,32GB වගේනේ එත් ගොඩක් ය පාවිච්චි කරන්නේ පහල නිමාවකින් යුතු phone නේ ඉතින් මේවගේ Internal memory එක ගොඩක් දිරට 1GB,2GB,4GB වගේනේ මේවගේ ඉතින් අපි දන සින්දු ෆිල්ම් එක්ක යේ apps වලට තියෙන ඉඩ මදි වෙනවනේ අන්තිමට apps ඉන්ස්ට්‍රෝල් කරන්න ගියාම memory එක මදි කියනවනේ.ඉතින් මම දැන් කියල දෙන්නේ එක වැඩි කරගන්න විදිහක් ගැන .හැබැයි මේකට ඔයාලගේ phone එක root කරලා තියෙන්න ඕන.root කරන විදිහ බලන්න මෙතනට යන්න.

..................................

පිවිසුම
http://raylanka.blogspot.com/ 

Tuesday, December 15, 2015

තොරතුරු විචාර කාලීන සිදුවීම් සමග විශේශාංග බ්ලොග් එකක් " සාර භූමි "

බෞද්ධ චිත්‍රපට රැල්ලෙන් ශ්‍රද්ධා භක්තිය විනාශ වෙනවා - රඹුකන සිද්ධාර්ථ හිමි

















 
මේ තරම් පිරිත් අහන, බණ අහන රටක් තවත් තියෙනව ද? මේ තරම් පල්ලි, පන්සල් තියෙන 
රටක් තවත් තියෙනව ද? ඒත් පත්තරයක් අරන් බලද්දි අපිට පේන්නේ මේ තරම් මිනිමරන, මේ තරම් ස්ත්‍රී දූෂණය කරන රටක් තවත් නැති බවයි. අපි අහලා තියෙනව ද අවුරුදු තුන හතරේ ළමයි දූෂණය කරන රටක්. අවුරුදු අසූවේ, අනූවේ අම්මලා දූෂණය කරන රටක්.

පන්සලෙන් පල්ලියෙන් කෝවිලෙන් විය යුත්තේ එකක්. දේශපාලනෙන් විය යුත්තේ වෙනත් දෙයක්. ඒ දෙක එකට පෑහෙන්නේ නෑ
............................................
 
පිවිසුම

Monday, December 14, 2015

කාලීන සිදුවීම් තොරතුරු විචාර හා විවිධාංග බ්ලොග් එකක් " වාලුකා සිතුවිලි "

වර්ජන කොරපල්ල.....අපි බය නෑ...


යහපාලන ආංඩුවක් ආව ගමන් වර්ජන කිරීම ඉතා වැරදිය.
මේ විජාතික (සොරි අවජාතක) අනේ සොරි... ජාතිකලු නේ....ආංඩුව ඔය වර්ජන වලට බය නැත.
ජේ.ආර්. මාමණ්ඩි 80 වර්ජනය කළ රජයේ සේවකයන්ට දුන්න දීම මතක නං මේ හු..... සොරි රාජ්‍ය සේවක පුතාල වර්ජනය කරන්න හිතන්නේවත් නැත.
කොහොමත් අගමැතිත්, සෞඛ්‍ය ඇමතිත් මේ කඩාකප්පල්කාරී වැඩ වලට ඉඩ දෙන්නේ නැති බව නං ෂුවර්ය. එහෙම නැතිව ආංඩු කරන්නට බැරිය. 
අයවැය හැදුවේ ආර්ථික විද්‍යාවේ පකීර් කෙනෙක්ය.
.......................................

පිවිසුම
http://otukatha.blogspot.com/ 

Sunday, December 13, 2015

තවත් අළුත් සාහිත්‍යමය කලා රස වින්දන බ්ලොග් එකක් " වසන්තයට පෙර "

බිම දමන මතක

 බිම දමන මතක




ඉකි බිදින විලෝ පත් බිම දමන මතකයන්
සමුදුරට පිය මනියි  වැහි දහර හා එක්ක
ඔබ නමින් මා හැඩුව අයුර ගැන මතකයන්
සේදි සේදී යාවි සයුර වෙත ඒ එක්ක 

නිරතුරුව රිදුම් දෙන හදවතත් සමග
මා ඉදි පෙර මෙන්ම තවත් මග බලාගෙන
ආදරෙන් එකතු කළ මතක සැමරුම් එක්ක
නුඹ යලිත් එවි යැයි හිත හදාගෙන
................................
 
 පිවිසුම

Friday, December 11, 2015

කාලීන සිදුවීම් දේශපාලනය හා තොරතුරු ජාතික චින්තනය තුලින් දකින වැදගත් බ්ලොග් එකක් " ජාතික චින්තනයට අටුවාවක් "


2015 ජූලි මස රනිල්ගේ බෑණනුවන් වන වත්මන් 
ආරක්ෂක නියෝජ්‍ය ඇමති තැන්පත් රුවන් විජයවර්ධන 
මැතිදුන්ට අයත් විජය පුවත්පත් සමාගමෙන් පළවන 
ඩේලි මිරර් ඉංගිරිසි පුවත්පතේ පහත ප්‍රවෘත්තිය පළවිය.

 ඒ වන විට මහ මැතිවරණයට පෙර ශ්‍රිලනිපයේ මහින්ද 
පෙරමුණෙන් නැගුනු ප්‍රධානම චෝදනාවක් නම් යහපාලන 
ආණ්ඩුව තම දේශපාලන විරුද්ධවාදී දඩයම් කිරීමට 
යොදා ගත් FCID නම් පොලිස් ඒකකය නීත්‍යානුකූල 
නොවන බවය. ඊට ප්‍රතිචාර ලෙස රනිල් එජාපයේ 
විශේෂ සමුළුවක් අමතමින් ප්‍රකාශ කළේ මහ මැතිවරණයෙන් 
පසු FCID එක නිත්‍යානුකූල කරන බවය. එනම් ඒ වන විටත් 
FCID එක නිත්‍යානුකූල නොවූ බව ඔහු පිළිගත්තේය. 
තත්වය එසේ නම් විමල් වීරවංශ, උදය ගම්මන්පිල, 
ප්‍රසන්න රණතුංග වැනි අයගෙන් ප්‍රශ්න කිරීමට සහ 
බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට මේ නිත්‍යානුකූල 
නොවන හොර පොලිසියට එකල තිබූ වලංගුභාවය ගැන 
ප්‍රශ්නයක් උපදී.
කෙසේ වෙතත් මහ ඡන්දය අවසන් වී ඇතත් තවමත් 
රනිල් තමන් යටතේ පාලනය වෙන නම් ගෙස්ටාපෝ 
වර්ගයේ FCID පොලිසිය නිත්‍යානුකූල කරන පාටක් නැත. 
එනම් එය තවමත් නීත්‍යානුකූල නොවන හොර පොලිසියකි. 
එහි නවතම බිල්ල යහපාලන ආණ්ඩුවේ බැදුම්කර වංචාවට 
විරුද්ධව ප්‍රබල හඩක් නැගූ ආචාර්ය නාලක ගොඩහේවාය. 
ඔහු පසුගිය දිනවල මේ ආණ්ඩුවේ අයවැයටද ප්‍රබල 
විවේචනයක් එල්ල කරේය. ප්‍රතිපලය ඔහු FCID එක 
මගින් හිරබාරයට පත්වීමය. 
....................................
 පිවිසුම

කලා සාහිත්‍යමය රසවින්දන බ්ලොග් එකක් " අන්ධකාර තාරකාව "

මම පුන්චි කාලෙ....



ඇට්ටේරියා ගහ යට
සුදුම සුදු පාටට
පාවඩ එලන කාලෙට
තෙමෙන්නට හිතාගෙන
මල් තුහින වැස්සක
මලින් බර තුරු අතු
සිලි සිලි තාලෙකට
සෙලෙව්වා මතකයි.....


අලුත් පාසල් වාරෙක
අලුත් සුදු නිල ඇදුම් ඇදගෙන
ඉස්කෝලෙ ගිය දවසක
අලුතින් ලැබුනු පොත් වල
සැඟව ඇති නැවුම් සුසුවඳ
දෑස් යුග පියාගෙන
සිතින් විදගත්තු හැටි මතකයි.....


රෑ අහස පුරාවට
පුන්චි මුතු ඇට වාගෙම
තාරුකා දිලිහෙන දවසක
තරු අතර ඇවිදින
අබිරහස් එළි සොයා
මගේ හිත වෙහෙසුනා මතකයි......

..................................................


පිවිසුම
http://andhakaratharakawa.blogspot.com/

Tuesday, December 8, 2015

කාලීන තොරතුරු විචාර කලා රසවින්දන බ්ලොග් එකක් " කවි බැඳුම "


නිල   අඳුමකට රෙදි දී පොඩි දරුවො        හට
මිල   කල නොහැකි සතුටක් එක් කෙරුව රට
තුල   අද ඇවිත් යහපාලන නැමති            වැට
බල  නුය දෙන්න යන හැටි උනු කඳුළු     කැට

මිරි      වැඩි සඟලකින් නොවැසුන පුංචි  දෙපා
හැරි     හැරි බලයි වාහන දෙස දෙතොල  සපා
හරි      හැටි නොදැක මේ අය දුක් විඳින    අපා
හොරි  කඩ වැඩට සැරසෙයි නිල අඳුම     කපා


දෙන   මේ රෙදි වලින් මහගත් ඇඳුම         එක
ගැන   ඇති කථා නොදනිද , නොපෙනුනිද  දුක
වෙන  සක් සොයා ගිය පොඩි මිනිසුන්ව     රැක
දෙන  වැඩ කරව් නැතිනම් හෙට වෙයිද  මොක

......................................... 

පිවිසුම

http://kavibeduma.blogspot.com/

Monday, December 7, 2015

අන්තර්ජාලය සන්නිවේදන හා තොරතුරු තාක්ෂණය පිළිබඳ වැදගත් බ්ලොග් එකක් " සයිබර් අවකාශය "

Internet නැතිව Kaspersky update කරමු.. (Update Kaspersky offline) Part 2

අපිට අවශ්‍ය Kaspersky update එක Internet තියන Computer එකකින් Download කරන්න system එක කලින් ලිපියෙන් පැහැදිලි කළා.

පළමු ලිපිය...(Click here)

http://lahirucyberspace.blogspot.com/2015/12/internet-kaspersky-update-update.html

 දැන් Download කරගත්ත Update එක Pen එකට දාගෙන Internet නැති Computer එකේ Hard Disk එකේ ඔයා කැමති තැනකට copy කරගන්න.

දැන් ඔයා Kaspersky වල "Settings" වලට යන්න.

මෙතන "Additional" යටතේ "Update" යන්න.

..............................................

පිවිසුම
http://lahirucyberspace.blogspot.com/ 

Saturday, December 5, 2015

තවත් කාලීන සිදුවීම් තොරතුරු විශේෂාංග රැගත් විවිධාංග බ්ලොග් එකක් " හිරු නැති හෝරාව "

ෆේස්බුක් ස්ටේටස් එකක්මි....


මං අයවැය ඇහුවෙ නෑ... ඔය රවිය මට පෙන්නන්න බෑ... ඒක නෙවෙයි මේ...
මේ දවස් ටිකේ පොඩි කේස් එකක් හින්ද අපි දෙන්න වීක් එන්ඩ් එක ගත කරන්නෙ ගෙවල්, ඉඩම් හොයමින්.... සාමාන්‍යයෙන් හෝමගම, ගොඩගම, මීගොඩ, පාදුක්ක පැත්තෙ ඉඩම් පර්චස් එක 125 ත් ලක්ෂ 2ක් අතර වගේ වෙනව... ඒ ඉතිං අපි බලපු හයිලෙවල් පාරට කිට්ටුවම නැති ඉඩං... පාරට කිට්ටුව ඊට වඩා වැඩි ඇති.. කරත්ත පාරවල් වගේ පාරවල් තියෙන තැන් වල තියෙනව පර්චස් එක 95 ඉඳල 65ට වගේ අපි වගේ දුප්පත් එවුන්ට යන්තං ඉඩමක් ගන්න හීනයක් මවාගන්න පුළුවන් ඉඩං කෑලි...
FYI : කොහොම හරි අපි දැනගත්ත විදියට හෝමගම ප්‍රාදේශීය සභාවෙන් පර්චස් 10ට අඩු ඉඩං වල ගෙවල් හදන්න ප්ලෑන් පාස් කරන්නෙ නෑ, පාරෙ වතුර ලයින් එක හෝ ඉඩං විකුණන කට්ටියම වතුර දෙන්න ප්‍රොජෙක්ට් එකක් හදල නැත්තං.... එතකොට මේ විකුණන්න තියෙන ගොඩක් ගෙවල් හදල තියෙන්නෙ අනුමත ප්ලෑනක් නැතුව... බෑන්ක් ලෝන් ගැනිලි නං බොරු... (35000ක් විතර දීල නල ළිඳක් ගහගත්තම වතුර නං අවුලක් නෑ...)
ඒක නෙවෙයි වැඩේ... මේ ගොඩක් ඉඩං තියෙන්නෙ බස් එකක් දවසකට එක වතාවක් විතර එහෙට මෙහෙට යන පාරවල් වලිනුත් කිලෝ මීටර් ගනං ඇතුලට වෙන්න... බයික් එකක්වත් නැති මනුස්සයෙක්ට මේ ගෙවල් වල ඉඳන් වැඩපල කරගන්න වෙන්නෙ, රස්සාවලට යන්න වෙන්නෙ අර සිරිමා නැන්ද සලාක කාඩ් දුන්න කාලෙ කරගත්ත විදියට... එහෙව් රටෙයි මේ යක්කු දුප්පත් මිනිහෙක්ට බයික් එකක්, ත්‍රීවීලර් එකක්වත් ගන්න තිබ්බ හීනෙට කෙලවල තියෙන්නෙ...
........................................

පිවිසුම
http://hirunethihorawa.blogspot.com/ 

Thursday, December 3, 2015

විහිළු විනෝද විචාර හා විවිධාංග බ්ලොග් එකක් " පකින් Awesome "

මාමගෙ කඩේ චූන් නැති උනාට ... කෑම රහයි ... ! 

ටී වෙනයි 
ප්ලේන් ටී වෙනයි ...
කිරි තේ වෙනයි 
කිරි කහට වෙනයි ... 

ඒත් ..
ටක ටකස් ගාන 
යාරෙ මනින 
අන්ඩ කැඩුනු  බෙලෙක් කෝප්ප එකයි ... !

බංකු වෙනයි 
පුටු වෙනයි ... 

බංකුවේ වාඩිවෙන්න කඩදාසි ඉරයි .. 
පුටු ලග අත පිහින්න ටිෂූ පේපර් තියයි .. 

කැප්ටන් 
ත්‍රී රෝස් 
මුත්තයිය ,
ගෝල්ෆ් ලිෆ් 

දුම කෝකත් එකයි .. 

.................................................. 

 

පිවිසුම

http://mamaiarui.blogspot.com/