Friday, July 31, 2015

සාහිත්‍ය කලා විචාර හා රසවින්දනාත්මක බ්ලොග් එකක් " සඳුන් සෙවණ "

මිනිසුනේ මේ අසන්න.......


මා හට දැනුම් තේරැම් ඇති වයසේ සිට ශ්රී ලංකාවේ මා හොඳින් අසා ඇති " ද අල්විස්ලා" තිදෙනෙකු වූහ. ඉන් එක් අයෙකු වූයේ දේශපාලනය නිසා ප්රසිද්ධියට පත් ආනන්ද තිස්ස ද අල්විස් මහතාය. දෙවැනි අල්විස් මා තදින්ම ඇලුම් කළ මගේ ලෝකයේ වීරයන් අතර ඉහළින්ම ජීවත්වූ එහෙත් දේශපාලනය විසින් ඉතාමත්ම අඩු වයසින් අපට අහිමි කළ කවියකු, ගේයපද රචකයකු, නිවේදකයකු හා මාධ්යවේදියෙකුද වූ ප්රේමකීර්ති ද අල්විස් මහතාය. 

තුන්වැනි ද අල්විස්ද ගුවන්විදුලියටම සම්බන්ධව, එහි අවුරැදු තිස් දෙකක් පුරා විවිධ තනතුරැ හොබවමින් සේවය කළ අති විශිෂ්ට හා ප්රවීණ ගේය පද රචකයෙකි. 

ඒ 1978 වසරේ එක්තරා දිනයකි. මා මේ කියන තුන්වැනි " ද අල්විස්" මහතා ගුවන්විදුලියේ සුපුරැදු පරිදි තම සේවයේ නිරතවෙමින් උන්නේය. වෙනදාට වඩා මදක් රාජකාරි බහුලවූ එදින එතුමා තම මේසය මතවූ දුරකථන දෙකින් එකකින් කුමක්දෝ වැදගත් වැඩක් කවුරැන් හෝ සමඟ සාකච්ඡාකරමින් පසුවිය. 
................................
 
පිවිසුම

Wednesday, July 29, 2015

කලා සාහිත්‍ය රසවින්දනාත්මක බ්ලොග් එකක් " Dawasin Dawasata "

ඔබ නැති ලොවත් සඳ නැති අහසකි රෑට...









තනිකම ඇවිත් මගෙ තනිකම මකන්නට..
එන්න ද අහනවා පිල පැන දොරකඩට..
තාමත් ඔහේ තාවර වෙන මගෙ හිතට..
කීවට අහන්නෑ "කවුරුත් නැහැ නුඹට"...


රාස්සිගේ අව්වත් වැටිලා බිමට..
හිරු සැතපෙන්න යනවා සයුරේ ඉමට..
තනියට රැඳෙන්නට කවුරුත් නැති කමට..
නුඹවත් පායපන් පුන්සඳ ගගනතට...

මවමින් නෙක රටා තරුකැට දිලුනාට..
කණාමැදිරි එලි අරගෙන ඇදුනාට...
කඩුපුල් සමන් සුදු පාටින් පිපුනාට...
ඔබ නැති ලොවත් සඳ නැති අහසකි රෑට... 

.......................................

http://dawasindawasata.blogspot.com/ 

Tuesday, July 28, 2015

සාහිත්‍යමය රසවින්දනාත්මක හා තොරතුරු බ්ලොග් එකක් " බිඟු නද "

අංගීකාරය


නිමල් දවසක් සුනිල්ව මුණගැසීමට ගොසින් මෙසේ කියයි.

මචං මගේ පොඩි සම්බන්ධයක් තියෙනවා අර පල්ලියේ පාදිලියගේ ගෑණිත් එක්ක.ඒත් වැඩේ කියන්නේ පාදිලියා ගොඩාක් වෙලාවට ගෑණිත් එක්කමයි බං.
චිකේ බං... ඒක හරි නෑනේ
එහෙම එකක් නෑ බං. උඹට බැරිද පොඩි උදව්වක් කරන්න.
මොකක්ද කියපං. පුළුවන් නම් කරලා දෙන්නම්.
උඹට බැරිද ඉරිද හවසට පැයක් විතර ඌව කතාවට අල්ලගෙන ඉන්න?
අනේ මට බෑ බං.
අනේ මොකක්ද බං.. ප්ලීස්.. එක දවසක්... එකම එක දවසක්..
අනේ මංදා. එහෙනම් එක දවසයි...
එල මචං....

.....................................

පිවිසුම
http://bingunada.blogspot.com/ 

Monday, July 27, 2015

කාලීන සිදුවීම් තොරතුරු හා විචාර බ්ලොග් එකක් " අන්තෝනියෝ බහිජටා "

බල්ලාගේ බල්ලා සහ රැලිගේ රැලි.



මේ කලකට පෙර සඟරාවක (නම මතක නැත) පලවූ චිත්‍ර කලාව පිළිබඳ ලිපියක දුටු අපූරු චිත්‍ර දෙකක් ගැන හඳින්වීමකි.

සිංහල නොදන්නා Giacomo Balla (ජියාකොමෝ බල්ලා) නම් ඉතාලි චිත්‍රශිල්පියාගේ ජනප්‍රියම චිත්‍රය මෙම බල්ලා වූයේ කෙසේද?

...............................................
 
පිවිසුම

තවත් සාහිත්‍යමය හා රසවින්දනාත්මක බ්ලොග් එකක් "කවි මුතු මල් "

රුචිය

කියනවා සමහරු
අඹයක්ලු ආද‍රේ..
ඒත් කනකං විතරලු
රස ඒකේ....
කියනවා සමහරු
ටොපියක්ලු ආදරේ..
ඒත් කනකං විතරලු
රස ඒකේ....

ආදරේ රස
නිමාවෙනවද
ඉක්මණට එච්චර....

හිතෙන්නැද්ද
නිකමටවත්..

ආදරේ කොත්තුවක්....
දවස් ගාණක්
බඩ රිදෙන...

ආදරේ කොච්චි කරලක්...
ඉහිං කනිං
දුම් දමන......
...................................
 
පිවිසුම

Friday, July 24, 2015

තවත් කාලීන සිදුවීම් තරතුරු විචාර ඇතුලත් විවිධාංග බ්ලොග් පිටුවක් " ඔහේ ලියනවා "

බත් එකේ හූනෙක් ! සහගහන අපරාධයක්...මරාපියව් උයපු එකා..(මිනිස්සුත් එක්ක )

මේ දවස්වල ලියන්නෝ හරිම අඩුයි.. මං හිතන් හිටියෙ ලියන්න කම්මැලිකම මට විතරක් තියෙන ලෙඩක් හැටියටයි. ඒත් මං වගෙ ඉඳහිට ලියන අය විතරක් නෙවෙයි නිතර ලියන කප් ගහපු අයත් බ්ලොග් දිහාවත් නොබලන කාලයක්නෙ මේක. මං ඉතින් කොච්චර කම්මැලිද කිව්වොත් කියවන බ්ලොග් එකකවත් අදහසක් නොලියා මාරු වෙන තරමට අලසයි. ඇයි හත්වලාමෙ මේ දවස්වල අපේ පත්තරවල තියෙන විනෝද ජනක දේ කියෙව්වාම ආයිත් ලියන්න  දෙයක් ඉතිරිවේයැ ? 

ඒත් අද පත්තරේක තිබ්බ ඔය පින්තූරෙට අදාල කතාව කියෙව්වාම මට හිතුණ මකුළුදැල් කඩල යන්න මේක ලියන්න ඕනෙ කියල. ඇයි හත්වලාමෙ ගෙවල්වල කෑමවලට සත්තු වැටිල තිබ්බ එක වාර්තා කලයුතු පුවතක්නම් එව්ව ලියන්න වෙනම පත්තරයක් ගහන්න පුළුවන් නෙව ? මොකක් හරි වැඩකට නැති වලාමක් ලියල පත්තර පුරවන තරමට පුවත් හිඟද අපේ රටේ ?
මේ වගෙ පුංචි දෙයක් අරං ලොකු විනාශයක් කරන්න පුළුවන් සමහරුන්ට.  මට මතකයි මං බොහොම පුංචි කාලෙ අපේ බාප්පගෙ මඟුල් ගෙදර වෙච්ච සිදුවීමක්. එදා රෑ කෑමට අලි මේසයක් වටේ විස්සක් විතර වාඩිවෙලා හිටියා. මට එක පැත්තකින් හිටියෙ අම්මා. අනිත් පැත්තෙන් අයියා. කෑම නං ඉතින් රජ කෑම වගේ තමා. ඒත් බත් කටක් දෙකක් කාල ඉවරවෙනකොටම මං දැක්කෙ මගෙ බත් අතරෙ තිබ්බ පලඟැටි සරීරෙ !  හපොයි  .. ගෙදර එහෙම උනානම් පොඩි වැලි කැටේටත් මොරදීල ප්‍රකාශයට පත් කරන මං අහ් ගානකොටම ඒක අම්ම දැක්ක. අම්ම පටස් ගාල මගෙ කට වැහුවා. ඊට පස්සෙ මාව එතනින් එලියට ගෙනියන්න අම්මා කල දේ හරියටම මට මතක නැතත් කිසිම කලබැගෑණියක් නැතුව මං අම්මත් එක්ක මේසෙන් අයින් උනා කියල මට මතකයි.. අන්න එහෙම අම්මා ලොකු කලබැගෑණියක් පාලනය කලා. 
ඔහොම දේවල් නොවෙන්නෙ කොහෙද ? ගෙදර ඇවිත් ඔය කතාව කිව්වම නම් අක්කලා බොරුවට ඕක් ඕක්... ගෑවා. එතකොට කාපුවා දිරවලානෙ.

 වරාය ඔයවගෙ දේවලට චිරප්‍රසිද්ධයි.. සමහරක් සිදුවීම් ස්වාභාවිකයි. අනිත්වා හිතා මතා වැඩ කඩාකප්පල් කිරීමට කල දේ. එක කාලයක් බත් පැකට් එකට හූනෙක් කැරපොත්තෙක් දාල ඒක පෙන්නාගෙන එලියට බැහැලා වර්ජනය කලාය කියල පරණ වරාය සේවකයො ඔක්කොම වගෙ දන්නවා. හුඟක් වෙලාවට මේ වගෙ සිදුවීම් පිටිපස්සෙන් ඉන්නෙ වැඩ නොකරන තක්කඩි ‍රැළක්.
..............................................
 
පිවිසුම

Wednesday, July 22, 2015

තවත් තොරතුරු විවිධාංග විචාර හා රසවින්දන බ්ලොග් එකක් " ඇවරිගේ සලාදය "

හරිනි මැරීඩ් කොණ්ඩයියාාාාහ් පාර්ට් ටූ හෙවත් පෝරුවේ හෙළුවෙන්....

 
මේ සදාලය මාස දෙකක් තුනක් මගේ ඩ්‍රාෆ්ට්ස්වල පිළුණු වෙච්චි නිසා අලු ගසා දාල පබ්ලිෂ් කරන්න හිතුවා. මුල් කතාව කියවපු අයට මතක නම් ඇවරි හරිනි මඟුලට කොළඹින් පිටත් වුනේ ම රෑ දොළහත් පැනලා. ජයා විසින් ශ්‍රද්දා භක්තියෙන් අම්බලන්ගොඩ රේල්වේ මාස්ටර්ගෙන් නිදහස් කරගත් මල් කූඩය යොදාගෙන ශාලාවේ සැරසිලි නිම කිරීම චමිත අයියා වෙනුවෙන් භාර ගෙන තිබුනෙ පල්ලි අයියා විසින්. අන්තිමේ දි පල්ලිත් කකුල කඩාගෙන වෙඩිමට නොඑන බව දැනුම් දුන් නිසා සඳරු අයියාට සහ ඇවරිගේ මයිණුවන් සූටා සහ වින්දික භාත්කණ්ඩේ  ඇතුළු ලා තණකොළ පෙත්තාස් කණ්ඩායමකට වැඩේ පැවරිලා තිබුණා. 

රාජකාරි වැඩ වලින් හෙම්බත් වෙලා ගාල්ලට නිදාගෙන ම යන්න හිතාගෙන ඒ. සී එකේ නැග්ගත් ගල්කිස්ස පහුවෙද්දි එහා පැත්තේ යන කුමාරිහාමිට උරහිස දන් දෙන්නත් වුනා. ඒකත් සමාජ සේවයක් නොවැ හිතාගෙන ඇගේ හිසේ බරත් දරාගෙන හද්දා නිදිමතේ යන බස් ගමනේදී අපේ එවුන්ගෙන් විනාඩි පහෙන් පහට කෝල්ස්. දැන් කොහෙද? කාල ද ඉන්නේ? නිදාගන්න එහෙම එපා...!! හරි තැනින් බහින්න.. අයියෝ ලා චෝරු...!! ඒ අස්සේ ටීම් මල් රාජ්ලා ඇවරිට අසූ හාරදාහට මල පන්නලා කුණුහරුප මාලාවක් අහගත්තා... කතා කළේ ඇවරිගේ සහෝදර පරාණය  සූටා මල් කුමාරන්.. අයියේ මාර වාඩේනේ....?? ඇයි ඒ පාර කාගේ මොනවාද දාල ඇවිත් තියෙන්නේ... සාමාන්‍යෙයන් මේ වගේ වෙලාවට අපේ බුවාල දාලා ආපු රෙද්දවල් ගැන කියන්න තමා මට ගන්නේ...!!
..............................
 
පිවිසුම

Tuesday, July 21, 2015

සාහිත්‍යමය හා ගී රසවින්දන බ්ලොග් එකක් " වික්ටර් රත්නායක ගී එකතුව "

සොඳුර නුඹ මට මවු වෙයන්

සොඳුර නුඹ මට මවු වෙයන්
මතු උපදිනා දින බව කුසේ
බිරිඳ වී මගේ වින්ද දුක් ගිනි
නිවාලන්නට පවු ගෙවන්නට...

දුකේ සැපතේ එක ලෙසේ
පණනල ලෙසේ මා ළඟ ‍රැදී
සොඳුර නුඹ මට මවු වෙයන්
මතු උපදිනා දින බව කුසේ...

හදට දුක් ගිනි කිසිත් නොම දී
නුඹ රකින්නට ණය ගෙවන්නට
සොඳුර නුඹ මට මවු වෙයන්
මතු උපදිනා දින බව කුසේ...

ගී පද - ගාමිණී ෆොන්සේකා
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

................................

පිවිසුම
http://victorrathnayakelyrics.blogspot.com/ 

Sunday, July 19, 2015

තොරතුරු විවිධාංග ශාස්ත්‍රීය හා විචාර බ්ලොග් පිටුවක් "අල්තයීර්ගේ අඩවිය "

සුබ පාලනයක්ද යහ අනාගතයක්ද !


මී ළඟ රජය යහපාලන රජයක් වේ යැයි එකෙක් කියනවා ය, සුබ අනාගත රජයක් වේ යැයි තවෙකෙක් කියනවා ය. එසේ කියනා කියනා එකාට එසේ නොවේ යැයි කියන උන් අම්ම මෝ නැතිව බනින අතරේ සමහරු අත්පුඩි ගහනවාය, එකෙක් දෙන්නෙක් ඕන එකකට හූමිටි තියනවා ය, කලාතුරකින් එකෙක් බකන් නිලන් ඉන්නවා ය. බකන් නිලන් ඉඳලා ඉඳලා, සමහර විට මෙහෙම ඒවාත් ලියා තබනවා ය.


මං නම් කියන්නේ යහපාලන ආණ්ඩුවක් පත් වෙන්න ඕනේ කියා ය, සුබ අනාගත ආණ්ඩුවකුත් පත් වෙන්න ඕනෑ කියා ය. ඔය දෙකම මේ රටට පත් වෙන්න ඕනෑ ය. ඒ වුණාට ඔය නම් දාගෙන ආපු එකෙක්වත් ඔය කියන ජාතියේ ආණ්ඩුවක් හැදුවේ නැති ය. 
සමහරු කියන්නේ වැරදි අඩුම එකෙක්ට බලලා ඡන්දේ දෙන්න ඕනේ කියලා ය. උන් කරන වැරදි මොනාදැයි අපි දන්නේ නැති කොට, වැරදි අඩුම එකා මොකාදැයි කිරාගන්න තාමත් තරාදියක් හම්බුනේ නෑ ය. මේ ඉන්න එකා ඊගාවට මොනා කියයි ද, මොනා කරයි ද නොදන්නා දේශපාලන ලෝකයක ඔව්වා කිරන්නට යාමද බොරු වැඩකි, මං මේ කියන්නේ පක්ෂ විපක්ෂ ඔය කොයි කවුරුත් ගැන ය.
..........................

පිවිසුම
http://karuugesithroo.blogspot.com/ 

Friday, July 17, 2015

අළුත් තොරතුරු විවිධාංග බ්ලොග් එකක් " PA "

is getting to be a experienced football participant a reasonable

is getting to be a experienced football participant a reasonable
profession reason?

Oneself delight in football, perhaps on your own are even excellent at it, thus what are the solutions of developing it into a job?

The opportunities of relocating expert or developing football your occupation are likely in direction of enhance if yourself are reasonable and abide by the assistance of many others who are now taking part in skillfully. For instance, in direction of be a best performer in just everything, educate, prepare and additional teach is crucial. No subject how trained yourself might be, an athlete should really prepare towards come to be continuous with their capabilities and specialized skills.

Minute, yourself really should fully grasp what the entire world of well-informed football appears which include consequently that on your own can Estimate exactly where in the direction of start off, inside of using figured out or how the technique performs.

For example, inside of the United Says, there are a few knowledgeable football divisions. The Key League Football (MLS) is upon supreme. MLS is comprised of school draftees against over the US, South and Central People. The ordinary financial gain of individuals initial getting into into the MLS is around $30,000 toward 50,000 for every 12 months and $24,000 at a bare minimum.

If your self are a professional proficient, your spend will move up radically and however it is nevertheless a lower number within just distinction in direction of the wages a participant might choose inside of a optimistic Ecu league. 

...................................................

 පිවිසුම
http://seemithanawathuma.blogspot.com/

Wednesday, July 15, 2015

සාහිත්‍යමය රසවින්දනාත්මක හා කලා විචාර බ්ලොග් එකක් " අපි "

මරණය නොමිලේ



" Theatre is a mirror, sharp reflection of the society. "  වේදිකාව සමාජයේ තියුණු ප්‍රතිබිම්භයක් පෙන්වන කැඩපතක් ලෙස හඳුන්වා දුන්නේ ප්‍රංශ ලේඛිකාවක් සහ  තිර රචිකාවක් ලෙස ප්‍රසිද්ධ "යස්මිනා රේසා" විසිනි.  අපි අපගේම ජිවත  ව්‍යාජ රංගනයක්  බව  හොඳා කාරයෙන්ම හඳුනා ගත්තද  එය අනෙකා නොදන්නවා යයි සිතා නිර්ලජ්ජිතව අභිමානයෙන් හැසිරේ, මෙය අප සමග බැඳෙන අනෙකාටද ඒ ආකාරයෙන්ම අදාල වේ. එබැවින් අප තෝරාගෙන ඇත්තේ සැබවින්ම නරුමවාදී ජිවිත බව නැවත නැවතක් මතක් කරදීමට අපගේ ප්‍රතිබිම්හය දෙස වරින් වර බැලිය යුතුය. තවත්  ආකාරයකින් එය ළදරු අවධියේදී තමා (මම) හඳුනා ගැනීම ධර්පනයක ප්‍රතිම්භය හරහා සිදුවන   ධර්පන අවධිය ( mirror  stage ) සිහි ගන්වන්නකි. ළදරුවෙකු පරිණත මිනිසෙකු බවට පත්වීමේදී  භාෂාව හරහා සමාජ සම්බන්ධතා ගොඩනගා ගැනීමත් සමග තමා අනෙකා මගින් එනම් භාෂාව මගින් විස්තර කරගනිමින් පෞරුශය (personality ) සංවර්ධනය  කරගනී.
වේදිකාව මත ප්‍රතිබිම්භයේ යථා ස්වරුපය සාකච්චාවට ලක් කිරීම  ගනු ලබන මහේෂ් එල්කුන්ච්වාර්ගේ  "ප්‍රතිබිම්භය" සැබවින්ම පැසසිය යුතුය."ප්‍රතිබිම්බ්" ( reflection ) නැමති වෙදිකා නාට්‍යයේ  "මරණය නොමිලේ" ලෙස සිංහලට පරිවර්තනය කරන්නේ සත්‍යපාල ගල්කැටිය විසිනි.ඉන්දියානු නිදහස් සටනින් පසුව 20  වන සියවසේ මැද භාගයේ මහාරාෂ්ඨ කලා ක්ෂේත්‍රය කේන්ද්‍ර කරගනිමින් බිහිවන මහාරාෂ්ඨ වේදිකා නාට්‍ය කරළියට නවක නාට්‍ය රචකයෙකු ලෙස මහේෂ් එල්කුන්ච්වාර්  එන්නේ ඔහු නාග්පුර් විශ්ව විද්‍යාලයේ  අධ්‍යාපනය අවසන් විමත් සමගය. 1950 -1960 කාලයෙන් පසුව  ජනප්‍රිය නාට්‍ය කරුවන් වූ විජේ තෙන්ඩුල්කාර්, පී. එල්. දෙශ්පාන්ඩෙ, සතිෂ් අලෙකර් සමග එක්වී මහේෂ් එල්කුන්ච්වාර් සාම්ප්‍රදායික ගිතමය නාට්‍ය, ඉතිහාස කථා, ගැමි නාට්‍ය වලින් ඔබ්බට ගිය පරේෂණාත්මක නුතන නාට්‍ය කලාව හඳුන්වා දෙයි. මෙම බලපෑම සම්ස්ත ඉන්දියානු නාට්‍ය කලාවට සහ ඉන් ඔබ්බට  කාන්දු වන්නේ මෙම කළා කරුවන්ගේ නාට්‍ය වෙනත් භාෂා වලට පරිවර්තනය විමත් සමගය. මහේෂ් එල්කුන්ච්වාර් ලියන ලද නාට්‍ය පිටපත් ගනණ විස්සක් පමණ වේ. මෙවා ඉන්දියානු භාෂා වලට පමණක් නොව ඉංග්‍රීසි, ප්‍රංශ වැනි භාෂා වලටද පරිවර්ත්නය කර ඇත. 
.............................................
 
පිවිසුම

Tuesday, July 14, 2015

සාහිත්‍යමය රසවින්දන හා විචාර බ්ලොග් එකක් " දම්පාට දේදුන්න "

හේම ශ්‍රී අල්විස් සහ අයිරින් ද අල්විස්


උපාලි ජයසිංහ විසින් ශ්‍රී ලංකා දේශපාලනය පිටුවේ තබන ලද සටහනකි. සංගීත ලෝලියකු වශයෙන් මාහට අතිශය අනුවේදනීයවූ මෙම  පුවත දම්පාට දෙදුන්නෙහිද සටහන් කරමි.
මෙම දෙපලට දැනෙන යමක් කිරීමට ඔබ සැමට ආරාධනා කරමු.

https://www.facebook.com/shyaman.hemakody1/posts/1012654495434714
මෙි ශ්‍රී ලංකා කලා ක්ෂේත්‍රය පෝෂනය කල දැවැන්තයන් දෙදෙනෙකි අන්තර් ඡාලය පීරා බැලුවත් ,ඔවුනගේ සොයාගත හැකිවූ ඡයාරෑපය බැලූවිට ඔවුන් කොතරමිනමි අසරණදැයි ඔබට පැහැදිළි වනු ඇත.
----------------------------------------------------------------------------------
මෙි යුගයේ අද වනවිට ගීත දහයක් ලියා ගීත 3ක් ඡනප්‍රිය කරගත් එකා
ලක්ෂපතියෙකි, ගීත 3 ක් අමාරැවෙන් කියා 1 ක් ඡනප්‍රිය කරගත් එකාද ලක්ෂ පතියෙකි ධනවාදය කලාව මාරකටින් කරන්නේ එලෙසය මෙි මා කියනා මිනිසා ලියූ ගීත සංඛ්‍යාව 4000 කි ඒ අතර 

...................................................

පිවිසුම
http://dampatadedunna.blogspot.com/ 

Monday, July 13, 2015

සුන්දර කලා සාහිත්‍යමය හා රසවින්දනාත්මක බ්ලොග් පිටුවක් "යසනාත් සිතුවිලි "

නෙලුම්මලක් අදත් පිපෙයි සිරස නමා කලා වැවට



වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ
ඇයි හදවත රිදවන්නේ
ඇස් දෙක වාගෙයි මුගලන් සහ නුඹ
පිය රජු සෙවනෙහි උන්නේ.....

මේ කාශ්‍යප නම් පීතෘ ඝාතක රජුන් පිඳිබඳ ලියූවක්ද? නැති නම් මේ කාශ්‍යපගේ පිය රජ වුණු ධාතුසේන රජුන් වෙනුවෙන් ලියූවක්දැයි කෙනෙකුට වටහා ගැනීමට තවත් කෙනෙකුගේ මග පෙන්වීම් අවශ්‍ය නැත. එහෙත් මා එම ගීත ඛණ්ඩය යොදා ගෙන මෙම සටහන ඇරඹීමට සිතුවේ කාශ්‍යප ගැන හෝ ධාතුසේන රජුන් පිළිබඳව කතා කිරීමට නොවේ.
ධාතුසේන රජුන් සිය රාජ්‍ය සමය තුළ රැස් කළ ධනය සේ පෙන්වීමට ගෙන හැර පෑ වස්තුව පිළිබඳව කතා කිරීමටය. එහෙත් එය පැහැදිලි වීමට මේ වන විට අතීත කතාව මතකයෙන් ඈත් වුණු අයෙකුට නැවත එය මතක් කිරීම වටනේයැයි සිතමි.
කස්සප යනු ධාතුසේන රජුන්ගේ පුත් කුමරෙකි. කස්සප හැදී වැඩී අවසන සිහසුන පැතූවද ඔටුන්න හිමි කුමරා වන්නේ කාශ්‍යප නොවේ. ඔටුන්න හිමි කුමරා වනුයේ මුගලන් ය.
මුගලන්ට ඔටුන්න හිමි කර දීමට පෙරාතුව කාශ්‍යප  විසින් පිය රජුන් සිරගතකොට ඔටුණු පළඳී. මුගලන් ට ආරක්ෂාව පතා දඹදිවට පළා යාමට සිදුවෙයි.
කාශ්‍යප විසින් අනතුරුව ධාතුසේන විසින් රැස් කර ඇති මහා ධනස්කන්ධයක් වේයැයි සිතමින් ඒ ධනස්කන්ධය පිළිබඳව පිය රජුන් විමසන කල එවැනි ධනස්කණ්ධයක් තැන්පත් කළ නිධානයක් තමන් සතුව ඇතැයි පවසා කලා වැව අසලට රැගෙන යන සේ පැවසීලු. එහි ගිය විට මේ තමයි මා සතු වස්තුව... මේ තමයි මගේ සම්පත යැයි කී විට එයින් උරණ වූ කාශ්‍යප විසින් ධාතුසේන රජතුමා වැව් බැම්මට තබා පස් වලින් යටකොට මරා දැමූ බවක් කියවෙයි.

බලන්න දෙටු පුත මේ දිය තලයම කෙත් වතු සාර කරන්නේ
මට ඇති වස්තුව මට ඇති සම්පත මේ නිල් දියකඳ වන්නේ

හිටුවා පස් ගස්වා මා මැරුමට කවුරුද පුතු සිතබින්දේ
මා මළ පසු පුත මිහි දන් කළ මැන කලා වැවේ වැව් කන්දේ
මගේ කලා වැව සදා රකිණු මැන අව්කන පිළිම සමින්දේ.....

මරණය අභියස වුව ධාතුසේන රජුන් විසින් අව්කන පිළිම වහන්සේගෙන් අයැදින්නේ තමන්ගේ කලා වැව සදා රැක දෙන ලෙසයි.


ගීතය අසමු.
.......................................
 
පිවිසුම

Sunday, July 12, 2015

රසවින්දන විචාර විවිධාංග හා තොරතුරු බ්ලොග් එකක් " නාඩියාගේ නාඩි "

උඹ එනකම් අපි බලාගෙන ඉන්නවා. #RanaViruMeetup



ඒ 2008 අවුරුද්ද, ගෙදරින් එළියට බැහැලා කොළඹ ආපු මුල්ම කාලේ. උතුරුකරේ ඇවිලිච්චි යුද්ධේ භයානකකම, මිලේච්ඡත්වය කොළඹට විතරක් නෙවෙයි. ලංකාවේ දකුණු කෙළවරටත් කාන්දු වෙලා තිබ්බා. අපේ අම්මා මං උදේ ගෙදරින් ගිහාම ආයේ එනකම් කෝල් කර කර කොහෙද ඉන්නේ මොනවාද කරන්නේ කියලා අහපු වාර අනන්තයි. ඒ සාමාන්‍ය ජන ජිවිතේ කාලකන්ණි යුද්ධයක් හින්දා උඩු යටිකුරු වෙලා තිබිච්චි හින්දා. උදේ ගෙදරින් ගිය තමන්ගේ අප්පච්චි හවසට යහතින් ගෙදරට එයිද කියලා සැකයක් හැම ගෙදරකම ඇවිලුනා. 

සිංහ කොඩිය පොරවාපු මිනී පෙට්ටියක් හමුදා ආචාර මැදින් නොආපු ගමක් ලංකාවේ කොහෙන්වත් හොයා ගන්න බැරි උනා. දහස් ගානක් අපේ ත්‍රිවිධ හමුදා, පොලිසියේ වීරවරු තමන්ගේ අවසාන හුස්ම පොද ශ්‍රී ලංකාවේ ඒකීයත්වය උදෙසා පූජා කළා. කකුල් අත පය, ඇස් එකම කොඩියක් යට අපි හිනෙහෙනවා දකින්න කැප කළා. දින ගණන් සති ගණන් කුසට හරි ආහාරයක් නැතිව, බොන්න වතුර පොදක් නැතිව, වන්නි මහා කැලයේ ඒ අභීත විරවරු සටන් කළා. 

කවුරුත් වෙනුවෙන් නෙවෙයි! ඒ “අපි” වෙනුවෙන්...
.............................................
පිවිසුම

Thursday, July 9, 2015

සාහිත්‍යමය රසවින්දනාත්මක තොරතුරු බ්ලොග් එකක් " සින්ඩරෙල්ලාගේ සපත්තුව....! "

හුඟක් බොන් නෑ නේද?





"ඔබ මා දමා ගිය තැන 
රැඳී ඉමි තවම 
වැඩිවිය පවා නොපැමිණ.

ගිණි ගොඩකි ජීවිතය 
සඳුන් දර වුව 
දැවෙන විට දැවෙයි හද."

'දැන් හුඟක් රෑ වෙලා 
ඔයා ගිහිං නිදියන්න
ඉක්මනට ලොකු වෙලා 
ආයෙ දවසක එන්න.

මේව දැන ගත්තොතින් 
ගෙදර අය පව් නේද?
ඉඳහිටක මිසක ඔබ 
හුඟක් බොන් නෑ නේද?'
..................................................
පිවිසුම

Wednesday, July 8, 2015

විවිධාංග හා විනෝදාත්මක තොරතුරු රැගත් බ්ලොග් පිටුවක් " ද පොල් සමන් "

පාස්වර්ඩ් එක




මගේ ඉස්කෝලේ යාලුවො සෙට් එකක් දවසක් අපේ

 දිහා ඇවිත් ඉන්න වෙලාවක එකෙකුට කෝල් එකක්

 එනවා උගෙ තාත්තගෙන්...කෝම හරි කෝල් එකෙදි

 මූ කට උත්තර නැති විදියට අසරණ උණා ඈ
...
සිග්නල් නැතුව කෝල් එක ඇහෙන්නෙ නැති ලයින්


 එකක් ගහලා මූ කෝල් එක කට් කරා
...  අපි ඇහුවා මොකක්ද සීන් එක කියලා.
..  තාත්තා කෝල් කරලා මුගේ ලැප් එකෙ

 පාස්වර්ඩ් එක අහලා.
.. 
මූ ඇබරිලා තියෙන්නෙ පාස්වර්ඩ් එක කියන්න

..
අපි ඇහුවා මොකෑ පාස්වර්ඩ් එක කිවෙ නැත්තෙ


 ඩෙස්ක්ටොප් එකෙ හිටං වැල දාලද තියෙන්නෙ

 කියලා..

..  එහෙම සීන් එකකුත් නෑලු

....
එතකොට එහෙනම් මොකක්ද සීන් එක කියලා අහද්දි


 තමා මූ කීවෙ

ලැප් එකෙ පා



ස්වර්ඩ් එක ‪#‎hukapan‬ ලු pacman emoticon.

..
හත් දෙයියනේ තාත්තා පාස්වර්ඩ් එක අහද්දි මූ කට


 ඇරලා හුකපන් කියන්නෙ කෝමද කියහංකො pacman emoticon...


.......................................

පිවිසුම

http://thepolsaman.blogspot.com/ 

Tuesday, July 7, 2015

තවත් අළුත් තාක්ෂණික තොරතුරු විවිධාංග බ්ලොග් පිටුවක් " TechGuru.lk "

Huawei P8 ලාංකීය වෙළඳපොලට හදුන්වා දෙයි.

 From Left: Sadique M. Hanas - Senior Operations Manager - Singer Sri Lanka PLC, Stanley Mascarenhas - Marketing Manager - Huawei Sri Lanka, Henry Liu – Country Head – Huawei Device Sri Lanka, Sahan Perera - Brand Manager for Huawei - Singer Sri Lanka PLC introduces the new Huawei P8 to Sri Lanka
Huawei, ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ජංගම දුරකථන වර්ගය වෙනවා. මන්දයත් ගෙවන මුදලට ඉහලම තත්වයෙන් යුතු දුරකථන ඔවුන් වෙළඳපොලට ඉදිරිපත් කිරීමයි. ශ්‍රී ලංකාවේ Huawei ජංගම දුරකථන ජාතික බෙදාහරින්නා වන්නේ Singer Sri Lanka සමාගමයි. බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් සිටි Huawei P8 ජංගම දුරකථනය පසුගියදා වෙළඳපොලට නිකුත් කළා. මේ හදුන්වා දීමේ උත්සවය පැවැත්වුනේ කොළඹ මැජෙස්ටික් සිටි හිදීයි. මෙවැනි ජනාකීර්ණ ස්ථානයකදී මෙවැනි වැඩසටහනක් සිදුකිරීම යම් කිසි ආකාරයකට අලුත්ම දෙයක් වුනා.
...............................................

පිවිසුම
http://techguru.lk/ 

Monday, July 6, 2015

විවිධාංග පිරි තවත් එක් බ්ලොග් සින්ඩියක් " කුරුටු සින්ඩිය"

පැහැසරණියේ ගිය හිත උණු කරපු නිර්මාණය

පැහැසරණියේ ගියපු
‍හිත උණු කරපු
පැය ගාණක් කල්පනා කරපු
අමුතු හිනාවක් පාපු
රූපයකට ගොතපු
වේදනාවක් හංගාපු

මේ නිසදැස අායෙමත් පෙන්නන්න හිත නිතරම කියනවා...
මේ ඒ වෙනුවෙන්මයි....... 
 
 
............................................
පිවිසුම

Sunday, July 5, 2015

අළුත් ශාස්ත්‍රීය කාලීන සිදුවීම් හා විචාර බ්ලොග් එකක් " පරීක්ෂන නිරීක්ෂන නිගමන (අනුර සත්‍යජිත් ) "

කාන්තා විමුක්තිය



ගුනසේන සමඟ සුමනා විවාහ වුනේ ප්‍රේම සමබන්ධයකිනි.ඔවුහු අවුරුදු හයක් ප්‍රේම කළහ.ගුනසේන ගුරුවරයෙකි.ඔහු සුමනාට ප්‍රේම කරන කාලයේ ගුනසේන සුමනා රැකියාව කර අවසන් වන තුරු සිට ඇයව කෝච්චියේ නිවසට ඇරලවා ආපසු තම බෝඩිමට එයි.බොහෝ දෙනෙක් සිතුවේ ඔවුන් විවාහක අඹු සැමියන් කියාය.එහෙත් ගුනසේන සුමනාගෙන් කිසිම අයුතු ප්‍රයෝජනයක් ලැබුවේ නැත.සුමනාගේ පියා හැම තැනම ගුනසේනගේ ගුනම කියමින් ඇවිද්දේය.ගුනසේන සුමනාගේ පවිලේ අයටද හැකි පමන උදවු කලේය


කාලය කෙමෙන් ගත විය.විවාහයට බාදාවන් ඉක්ම ගිය පසු ගුනසේන සුමනා සමඟ විවාහ විය.ඔවුහු සතුටින් සිටියේ අවුරුද්දක් දෙකකි.සුමනාගේ ජීවිතයට උපුල් ආවේ මේ කාලයේදීය.



උපුල් ගුනසේන නැති දවස් වල නිතරම සුමනාගේ නිවසට එයි.මෙය ගුනසේනට කිහිප දෙනෙකුගෙන්ම ආරංචි විය.එහෙත් ගුනසේන ට තම බිරිද ගැන තිබුනේ පුදුම විශ්වාසයකි.එහෙත් දැන් දැන් සුමනාට ගුනසේන රුස්සන්නේ නැති බව පෙනුනි.නිතරම සුමනා ගුනසේන සමඟ රන්ඩුවට එයි.දැන් නිවසේ පෙර පැවති සමාදානය නැත.



දිනක් ගුනසේන වැඩට ගිය පසු නිවසට ආ උපුල් ට සුමනා කීවේ මේ කරදරේ කරන්න බෑ මේකව මරල දාපන් කියාය.උපුල් ගේ හිත ගැස්සුනි.උපුල් මේ වැඩ වලට එතරම් කැමති නැත.ඔයා මහ බයගුල්ලෙක්නෙ ඔයා පිරිමියෙක්ද කියා සුමනා නෝක්කාඩු කියන්නට විය.සුමනා උපුල් සමඟද රන්ඩු වී මට බෑ මම කොහෙ හරි යනව කියමින් බොරුවට අඩන්නට වූවාය.
..................................
පිවිසුම


Saturday, July 4, 2015

සිංහලෙන් තොරතුරු තාක්ෂණය හා අන්තර්ජාල භාවිතය ගැන ලියවෙන වැදගත් බ්ලොග් එකක් " Cyber Teach Zone "

Payza Online Bank Account එකක් හදමු. - Part 3




පසුගිය පාඩමෙන් සාකච්ඡා කලේ Payza ගිණුමට අපගේ Personal Details
ඇතුළත් කරන ආකාරයයි...

පසුගිය පාඩම් සදහා  පහත ලින්කු ආධාරයෙන් එම පාඩම් සදහා පිවිසෙන්න...


අද පාඩමෙන් ඔබට කියාදෙනුයේ Payza ගිණුමට අපගේ Bank Account එක
Add කරන ආකාරයයි...

මේ සදහා Payza ගිණුමේ වම් පසට වන්නට සහ Home යන්නට පහළින් ඇති
Wallet යන්න Click කරන්න...
එයින් ඔබට Wallet යටතේ  Menu එකක් දර්ෂණය වේ...එයින් ඔබ Bank Accounts
යන්න Click කරන්න...
...................................................
පිවිසුම

Thursday, July 2, 2015

සාහිත්‍යමය කලා රසවින්දනාත්මක බ්ලොග් එකක් " සහස් පියවර "

the rain lily

වැහි ලිලී මල වෙමි මම
කඳුළු වැස්සක සුපිපෙන
නුඹ හට සිනාවක් දී
වැහි වතුර හා වියැකෙන

ළය මැද රිදෙන තරමට
සඟවා සෙනෙහෙ මතකය
යළිත් හෙට මල් පුබුදමි
වැහි වැටී ඉහිරෙන විට 


 
.......................
 

පිවිසුම
http://sahaspiyawara.blogspot.com/




Wednesday, July 1, 2015

සාහිත්‍යමය රසවින්දනාත්මක බ්ලොග් පිටුවක් " Dawasin Dawasata "

වැවකින් වතුර යන ගානයි පිටවානේ...











වැවකින් වතුර යන ගානයි පිටවානේ...
මටවත් මගේ නෙතු යුග අවනත නැහැනේ..
සෙවනැලි හොයනවා වාගෙයි තරු පානේ..
මා දුක් වන තරම් නුඹ දන්නේ නැහැනේ..


සඳුට අහිමි තරු නැත රෑ ආකාසේ..
හිරුට හොරෙන් මල් පිපුනිද හොර රහසේ..
මෙතුවක් දිවි කවෙහි එලි වැට වූවාසේ..
යලිපායන්න දේ දුන්නක් වී අහසේ..

ඔබ යලි නො එන බව මගෙ සිත පවසන්නේ..
හදවත කොහොමවත් එය නැත පිලිගන්නේ..
කොතැනින් කොහොම යලි දිවි මඟ අරඹන්නේ..
සහතික ලෙසම එය නම් මම නැහැ දන්නේ... 

..........................

පිවිසුම
http://dawasindawasata.blogspot.com/