Sunday, February 28, 2016

කාලීන සිදුවීම් තොරතුරු විචාර හා විවිධාංග බ්ලොග් එකක් " දේව් ගේ අඩවිය "

X - FILE S10 E01 සිංහල උපසිරසි සමගින්

ඇත්තටම කියනවනම් ඉතින් මේක මම ගොඩාක් කල් ඉදන් කරන්න උන්නු දෙයක්.කවුරුවත් මේකට අකමැති උනත් මට ඕනි උනේ එක උපසිරසියක් හරි කරන්න... කැමති එක්කෙනක් හරි උන්නොත් ඉතිරි ටිකටත් මේ සිරිස් එකේ උපසිරසි සිංහලෙන් කරන්න අදහසක් තියනවා.

ඇයි මේක බ්ලොග් එකේ දාන්නේ....

ඇත්ත. ලංකාවේ ජනප්‍රියම සිංහල උපසිරසි දෙන වෙබ් සයිට් දෙකක් තියාගෙන 
( http://baiscopelk.com/ , http://zoom.lk/ ) මේක බ්ලොග් එකේ දාන එක තේරුමක් නැ තමා.. ප්‍රශ්නේ තියෙන්නේ ඇදුමක් ඇදගෙන මට ඕකෙන් මේක දන්නා පුලුවන්ද කියලා අහන්න බැ. මොකද ඉතින් කලින් මම බාරගත්තු ඒවා කරලා දෙන්න බැරි උනානේ.. ( කලින් බාර ගත්තු ටීවී සිරිස් එකක කොටස් 13න් තාම කරගන්න උනේ 8 ක් විතර නිසා.ඔක්කොම කරලා මිසක් නැතිනම් එවන්න එපා කිවානේ.)
ඉතින් මට තිබුනේ ආසාවක් කොහොමහරි එකකට හරි සබ් දෙන්න සිංහලෙන්. ඉතින් එක ඉෂ්ට කරගැනීම විතරයි මට තියන ආසාව.. මේක බැලුවා නැතා කියලා නම් මට ප්‍රශ්නයක් නෑ. මොකද මගේ හිත සතුටින් මම කරන්න ඕනා කියල හිතපු දේවල් වලින් එකක් මෙහෙම හරි කළා කියලා හිතන්න පුළුවන් නිසා
 .............................................
 
 
පිවිසුම
http://www.devaka.info/ 
 

Saturday, February 27, 2016

තොරතුරු විචාර රසවින්දන පිරි විවිධාංග බ්ලොග් පිටුවක් " වයලගෙ කාමරේ "

කක්කි ලෙඩ සමනය කරන " කෙසෙල්බඩ නියඹලා "










අපිට දෙවෙනි අවුරුද්දේ තිබුනා රසායන විද්‍යාවට Coordination compounds කියලා විෂයක් . ඒකෙන් ඉගැන්නුවේ හිමොග්ලොබීන් , ක්ලොරෝෆිල් වගේ සංයෝග කොහොමද පොඩි පොඩි අණු ප්‍රවාහනය කරන්න දායක වෙන්නේ කියලා . මේ විෂය අමිහිරි උනාට ඒ විෂයට මම ටිකක් කැමැත්තෙන් තමයි ඉගෙනගත්තේ . දවසක් ඔය ලෙක්චර් එකක් යන අතරේ සර් කතාව වෙන පැත්තකට අරගෙන ගියා . ඒත් මේ විෂයට සම්බන්ධවම තමයි .
සර් ඇහුවා ඔයාලා සොසේජස් කනවා නේද කියලා . අපි නිශ්ශබ්දතාවයෙන් ඔප්පු කරලා පෙන්නුවා ඔවු කියලා . ඊට පස්සේ සර් කිව්වා සොසේජස් කොච්චර පරණ උනත් ඒවායේ තියෙන රෝසපාට නැතිවෙන්නේ නැහැ නේද කියලා . අපි එකටත් නිශ්ශබ්ධතාවයෙන් ඔව් කියලා කිව්වා . ඊට පස්සේ සර් කතාව දිගටම කියාගෙන ගියා .

මේ සොසේජස් වල තියෙන්නෙත් කුකුල් ලේ වල තියෙන හිමොග්ලොබින්ම තමයි . ඔක්සිජන් හිමොග්ලොබින් එක්ක බැඳෙන්නේ ප්‍රතිවර්තී විදියට . ඒ කියන්නේ ආයෙත් ඒකෙන් ඔක්සිජන් අඩු පරිසරයකදී ඔක්සිජන් අනුව නිදහස් කරන්න පුළුවන් විදියට . එහෙම උනාම මස්වල තියෙන රෝස පාට නැතිවෙන්න පුළුවන් . එත් සොසේජස් හදනකොට කරනවා කියන්නේ මේ හිමොග්ලොබීන් එක්ක අප්‍රතිවර්තී විදියට තදින් බැඳෙන නයිට්‍රජන් අඩංගු අණුවක් සම්බන්ධ කරවන එක . එතකොට හොමොග්ලොබීන් අණුව නිදහස් අණුවක් වෙන්නේ නෑ . ඒ නිසා මස්වල තියෙන රෝස පාට ආරක්ෂා වෙලා තියෙනවා .

......................................................

පිවිසුම
http://sinduwagemiyasiya.blogspot.com/ 

Friday, February 26, 2016

රසවින්දන විචාර විවිධාංග සමග විශේෂාංග රැගත් බ්ලොග් පිටුවක් " api thopi "

චානකගේ ආදර කතාව 1


ඔන්න මම අද බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි ආදර කතාවක් ලියන්න කියලා සුජානම. කොහොම කෙසේ පටන් ගන්නද? ආදර කතාවක්. ආදරය ගැන ගොඩක් අය එක එක දේවල් කියලා තියනවා. ආදරය කියන්නේ  හදවතට දැනෙන දේ වලින් ගොඩක් බලවත් දෙයක්. ඔහේලට කියන්න මටම කියලා තාම ආදර කතාවක් නැති නිසා වෙන කොල්ලෙක්ගේ ආදර කතාවක් ලියන්න හිතුවා. බණ්ඩාරවෙල සුන්දර උදයක කතාව කොටන්න පටන් ගන්න සුජානම.

අපේ ඉස්කෝලේ චානක කියල යාලුවෙක් හිටියා. චානක මාත් එක්ක ඒ කාලේ පටන් ඉතාම හොද යාලුවෙක් උනා. එත් අපි දෙන්නා අතර තිබුන යාළුකම ගොඩක් වැඩි උනේ උසස් පෙළ 2 පාර කරාටත් පස්සේ. චානක ගැන යමක් කිව යුතුය. චානක යනු ඉතාම හොද මිතුරෙක්, fun එකේ ඉන්න කැමැති, ටිකක් විතර ලස්සන ගැන හිතන, සංවේදී, කොල්ලන්ට love වලට බොක්කෙන් උදවි කරනකියන්න ඕනි දෙය මූණටම කියන එළකිරි කොල්ලෙක්.

අපි උසස් පෙළ එහෙම කරලා කඩ්ඩ පොලිෂ් කරගන්න කියල කඩ්ඩ පන්තියක් හෙව්වා.campus යනකොට කඩ්ඩ අනිවා ඕනි නිසා කඩ්ඩ ගොඩ දා ගන්න ඕනිම කියන තැන අපි හිටියා. අපේ නගරයේ නමක් දිනාගෙන තිබුන පන්තියක් අපි තෝරා ගත්තා.
.......................................................


පිවිසුම
http://apithopi.blogspot.com/ 

Wednesday, February 24, 2016

කලා රසවින්දන සමග විචාර විවිධාංග බ්ලොග් පිටුවක් " Destiny and Life "

ලඳකගේ වෙන්වීම...











 
සිංහ මුව දොර
මුර මඬල රැක
සිටින ගොම්මන අඳුරු යාමෙහි
සරා පුර සඳ පෑයු සේ ඔබේ
මුවඟ සිරි එළි වැටී දිලුනෙහි...

පෑයු සඳ සිරි
සිංහ ලෙන් මත
දිදුල එළියෙන් දිව්‍ය ලෝ තල
ඔබේ රෂ්මිය වැදී මත් වී
රජුන් සැල විය ඔබ ලබන්නට...

දුහුල් සළු පිළි
රත්න මුතු වැල්
ගතෙහි පළඳා සරසවා සිරි
කැඳව අස් රිය පෙරහැරින් ඔබ
රැගෙන එන සැටි මා දසුන් විය...

...........................................

පිවිසුම
http://destinyu.blogspot.com/

Tuesday, February 23, 2016

රැකි රක්ෂා සොයන ඔබ වෙනුවෙන් සැකසුනු වෙබ් අඩවියක් " Job Lanka "

Vacancies – Temporary Assistant Lecturers/Temporary Demonstrators – Temporary Demonstrator in Computer Technology – Eastern University, Sri Lanka - (Application Closing Date 2016-Feb-29)



Vacancies – Temporary Assistant Lecturers/Temporary Demonstrators – Temporary Demonstrator in Computer Technology – Eastern University, Sri Lanka


Dailynews News Paper – 2016-02-23

 ............................................


පිවිසුම
http://joblanka1.blogspot.com/

Monday, February 22, 2016

සාහිත්‍යමය රසවින්දනය පිරි විවිධාංග බ්ලොග් එකක් " මෙතූගේ බොලොග් කොටය "

මල් වැස්ස


හෙමින් සීරුවේ මං සුසුමක් හෙලුවා . නෑ. ඒ සුසුම ඉබේම පිටවුණා කිව්වොත් හරි. 

"මොකද මැට්ටියෙ මේ සුසුම් හෙලන්නෙ? යකෝ වෙන එවුං සතුටට හිනාවෙනවා. මේකි සුසුම් හෙලනවා."

"හා හා ඕකිට මුකුත් කියන්න එපා බං. ඔය සැනසුම් සුසුම් ."

"ආයෙත්  අහලා. ඇයි බං මේකි දවසක් කවියක් ලියලා තිබුණේ .  අදහනු බෑ. මේ සමනොළ පිස එන මුදු මඳ පවනද ඔබේ සුවඳ ගෙන මා හද කුටියට O2 සපයන්නේ කියලා . බලාගෙන සුවඳ ටික එළියට යයි."

වෙනදාට මිතුරියන්ගේ කවටකම් වලට නොපරදින මගේ හඬ අද ගොළු වෙලා. පුංචි හිනාවක් විතරක් මූණෙ ඇඳෙන්න ඇති. මගේ හීන අතර කවදාවත් නොතිබුණු , ඒත් පණ ගැහෙන සාමාන්‍ය මනුස්ස දුවක්  විදිහට මං හැමදාම දකින්න ආස කරපු හීනයක් තිබුණා.  තඹ පාට වලාකුළු රන්වන් පැහැ සැන්ඳෑ අහසේ රටා මවනකොට ,කවදාවත් ගිහිං තිබුණේ නැති නොදන්නා මාවතක, උණුසුම් අතක් අල්ලගෙන,  මුකුත්ම කතා නොකර ඔහේ ඇවිදගෙන යන්න ...... ඒ මාවත දෙපස මැයි ගස්වල මල් පිපිලා තිබුණොත් හොඳයි කියලත් මං හිතුවා . හදිසියේ හමන සුළඟකින් ඒ මල් නටු වලින් ගිලිහිලා අපට මල් වැස්සක තෙමෙන්න තිබුණා නම්.....
........................................................
 
පිවිසුම

Saturday, February 20, 2016

තවත් වැදගත් තොරතුරු තාක්ෂණ හා පරිඝණක දැනුම බ්ලොග් එකක් " dhanushka's blog "

How to Install and compile SASS on Linux

SASS කියන්නේ CSS preprossesor එකක්. SASS කියන එකේ තේරුම වෙන්නේ Syntactically Awesome Style Sheets ඒ වගේම නමේම තියන විදියට CSS වලට වඩා ලේසියෙන් CSS styling code කරන්න පුළුවන් SASS වලින්. CSS වලින් කරන වැඩ ප්‍රමාණය අඩු කරලා ඒ දේවල් ටික පහසුවෙන් කරන්න පුළුවන් වෙන්න තමයි SASS හඳුන්වලා දුන්නේ. දැන් බලමු කොහොමද Install කරගන්නේ කියලා.
මේකට මුලින්ම ruby install කරගන්න ඕන. SASS ruby gem එකක් විදියට තමයි තියෙන්නේ. Ruby install කරගන්න මේ පොස්ට් එක බලන්න.
දැන් තියෙන්නේ SASS gem එක install කරගන්න.
1
sudo gem install sass
දැන් මේ command එක දීලා test කරලා බලන්න.
1
sass -v
sample
installation part එක ඉවරයි. දැන් බලමු sass compile කරන්නේ කොහොමද කියලා.
මුලින්ම file එක create කරගන්න ඕන.
...........................................................

පිවිසුම
https://dhanushkablog.wordpress.com/ 

 

Friday, February 19, 2016

සාහිත්‍යමය රසවින්දන ඇතුළු තොරතුරු විවිධාංග බ්ලොග් එකක් " නිම්නය "

පාට පිරුවට

නිම්නය බ්ලොග් අඩවියට කොටස් වශයෙන් ලියන ලද "සිහිනය දිගේ" නවකතාව, සංකලණී ප්‍රකාශන අනුග්‍රහයෙන්,

  "පාට පිරුවට"

 නමින් පොතක් ලෙස සැප්තැම්බර් මාසයේදී එළි දැක්වීමට නියමිතව ඇත.






"පාට පිරුවට"

කතෘ: සුනෙත් කොග්ගලහේවා
ප්‍රකාශනය: සංකලණී පබ්ලිකේෂන්ස්
මිල : රු 430/-

 

රුපියල් 70ක් පමණක් ගෙවා පොත නිවසටම ගෙන්වා ගැනීම සඳහා ඔබේ ලිපිනය සහ ඔබව සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් මේ ලින්කුවට ලබාදෙන්න.

...........................................


පිවිසුම
http://nimmnaya.blogspot.com/ 

Thursday, February 18, 2016

සාහිත්‍යමය කලා රසවින්දන බ්ලොග් පිටුවක් " මානස විල "


ආදරය සහ කාමය….

image
ආදරය කියන්නේ මොකක්ද….
කාට හරි ඒකට නිර්වචනයක් දෙන්න පුළුවන්ද…..
විද්‍යාවවට මුල් තැන මේ ලෝකේ…
ආදරයටත් නිරවචනයක් දෙන්න පුළුවන්ද….
මොන තරම් විද්‍යාව දියුණු වුනත්….
මොනතරම් ලොකෙ දියුණු  වුනත්….
ආදරයට නිර්වචනයක් හොයා ගන්න බැ…මොකද ඒක මනුස්ස හදවතේ ඇතිවන එක් හැඟිමක් නිසා…..
කොයි මොහොතේ ඒක ඇතිවෙනවද ….කා වෙනුවෙන් ඒක ඇති වෙනවද කියලා  අපි හරියටම දන්නැති නිසා….
ඒකයි ආදරේ….
ඒත්….හැමදේටම නිර්වචනයක් බලාපොරොත්තු වෙන අද සමාජයේ….ආදරයට වැරදි නිර්වචනයක් දෙනවා….
එ් තමා කාමය…..
ආදරය කියන්නේ කාමය….
එහෙමයි අද සමාජේ ඉන්න අය කියන්නේ…..
මම එක පිළිගන්නේ නෑ…මොකද කාමය කියන්නේ ආදරයට නෙමේ නිසා….
අද සමාජේ අය ආදරය පවත්ව ගන්න ආදරය යොදාගන්නේ ආයුධයක් විදියට…..
ඉතින්…..ආදරය කියන්නේ කාමය වෙන්නේ කොහොමද…..
ආදරය කින්නේ දොදෙනෙකු අතර තේරුම් ගැනිම මත පදනහ් වන හැගිමක්….
ඒත් ආදරය කාමය නෙමේ….
ආදරය කරන කෙනා….ඔබට ඇත්තටම ආදරේනම් කවදාවත් ඔයාට විවාහයට කලින් කාහය කියන වචනෙවත් කියන්නේ නැ නේද…..
අමතක කරන්න එපා….ආදරේ කියන දේ ඇතිවුනේ අද ඊයෙක නෙමේ…..
ඒක එදාත් තිබුණා….
ඒත් එදා…..කාමය කියන වචනේ කියන්නත් මිනිස්සු බය වුනා….ලැජ්ජ වුනා….
ඉතින් ඔබ තිරනය කරන්න අද ඔබ පත්වෙලා ඉන්න තැන….
ඔාබ් ආදරය ඇත්ත ආදරයනම්…විවාහය තෙක් ….
“කාමය” වචනයවත් ඔබට නොඇසේවි………

....................................................

පිවිසුම
https://maanasawila.wordpress.com/ 

Wednesday, February 17, 2016

ඉතිහාස කතා තොරතුරු රැගත් වැදගත් විවිධාංග බ්ලොග් එකක් " හස්තිනාපුර "


කරාව කුරු කෞරව වංශය ( 1 ) 

 

 
රාම දෙව්රද දෙවුන්දර සිට අලුත්නුවරට වඩින ගමනේ
සෑම සිව්රඟ සෙනඟ සැදෙමින් මඟුල් දිව පෙරහැරින් සොඳිනේ
සෝම රිවිරුව පිහිටි කොඩියද පෙරටු කර ආ සෙයින් එදිනේ
ඒ මහත් මානයක්‌ සිව් කෝරළේ හට වනි එතැන් පටනේ

වේද ව්‍යාසර මෙකුන් පුත් තේනුවර පෙරුමා හස්තිනා
හාද වී විත් දෙවුන්දර දේවාලෙ අධිපති වීමෙනා
පෑද සිත තම කොඩිය ඉර හඳ පෙරටුකර ආවා විනා
ඒ ද මානය එයින් සිවු කෝරළේ හට ඇන්නෑ හිනා


හස්තිනාපුරය පැත්තේ මම ආවේ ගොඩක් කාලෙකින් . අඩුම තරමේ කමෙන්ට්ස් වැටිලා තියෙන්නේ මොනවද කියලා බලන්නවත් මට මේ පැත්තේ එන්න උනේ නැහැ . කොහොමත් ඉතින් ඉතිහාස කතා වලට කමෙන්ට් වැටෙන්නේ අඩුවෙන් නිසා මම වැඩිය් මේ පැත්ත බැලුනෙත් නැහැ . දැනට කාලෙකට කලින් තමයි මම මේ ලිපිය ලියන්න කල්පනා කරේ . ඒ මගේ ආච්චිඅම්මගේ සහ සීයාගේ අවසන් කටයුතුවල ෆොටෝ බලන වෙලාවේ .

......................................................

පිවිසුම
http://darshanaprabhath.blogspot.com/ 

Tuesday, February 16, 2016

සාහිත්‍යමය කලා රසවින්දන විවිධාංග බ්ලොග් එකක " කියාගන්න බෑ "

සමාවෙයන් උඹට කැමති නෑ මම ....

ජීවිතේට ලං කරගන්නේ නෑ කියලා හිතාගත්ත ඔයා....
ආයෙත් මගේ ලඟට එන්න හදනවා
මන් කැමති නෑ ඔයාට...
තවත් මාව දුර්වල කරනවට ...
මේ හිත...
හයිය නෑ කියල දැනගනියි ...
හැමෝම...
එලියට එන්න දගලන ඔයාව
හැමදාම තද කරලා
බොඳ කරන්නේ
මන් ඔයාට කැමති නැති නිසා
මේ හිත ඇතුලේ තියෙන
දුක් කන්දරාව
කාටවත් පෙන්නුවට වැඩක් නැති නිසා...
ඉතින් සමාවෙයන් මට...
මේ කියන්නේ ඔයාට,
කඳුල ....
ඈතටම යන්න

.............................................................

පිවිසුම
kiyagannaba.blogspot.com 

 

Monday, February 15, 2016

සාහිත්‍යමය කලා රසවින්දන විවිධාංග බ්ලොග් එකක් " මල් තුහින "

මුත්තම්මා









මුත්තම්මා, දැන් උඹට
වයස වැඩියි
වැඩත් හරි හෙමිහිට
වත්තෙ වැඩට අපි
කෙල්ලන්වයි දැන් ගන්නෙ
ඒකයි, උඹේ වැඩ නැවැත්තුවේ

මහත්තුරු එහෙම කිව්වාට
මගේ අත, පය තවම තරුණයි
කංකානි අහගෙනයි මේ දෙබස

මුත්තම්මා, උඹ කැමතිද
කොළඹ යන්න?
වැඩත් අඩු, පඩිත් වැඩි
රස්සාවකට
හැබැයි ඇහුවේ හෙමිහිට

කංකානිට පන් දාහයි
බ්‍රෝකර් ගාස්තු
මුත්තම්මාට මාසෙට
පාළොස්දාහයි

.................................................


පිවිසුම
http://akkandi.blogspot.com/

Sunday, February 14, 2016

අළුත් සාහිත්‍යමය රසවින්දනාත්මක බ්ලොග් පිටුවක් " තාරාගේ නවාතැන "

එකමත් එක කතාවක් 

එකම කතාව හිත රිදෙන්නත්, හිත හැදෙන්නත් හේතු වෙන අවස්ථා කලාතුරකින් අපේ ජීවිත වල තියනව. සමහර දේවල් වල ඇත්ත හිත රිද්දන අතරෙ මතක හිත සනසනව. තිත්ත ඇත්ත හමුවේත් ඇතැම් විට වෛරය සහ කලකිරීම හිතේ අහලකටවත් නොඑන්න  හේතුව සමහර විට අර මතක වලට අපි කවුරුත් හිතින් තවමත් ආදරේ නිසා වෙන්න ඇති. කාලයත් එක්ක වෙනස් වෙයි කියල බලාපොරොත්තු තියන්න බැරි තරම් මිනිස්සුන්ව දුර එක්කගෙන යන්න මතක වලට පුළුවන්. පහලින් තියන කවියක් නොවන කවිය කියවල යාළුවෙක් දීපු කොමෙන්ටුවක් නිසයි පල කරන්න හිතුවේ. නැත්නම් මේව දකින්නෙ එක්කෙනෙක් දෙන්නෙක් විතරයි.
"අඩෝ මං මේක නං උස්සනව, සිරාවට ම"
මදූකා.... උඹ මෙහෙම නොකියන්න මට මේක බ්ලොග් එකේ දාන්න තරං හයියක් නෑ. ඒක නිසා මේකෙ ක්‍රෙඩිට් එක උඹට!

...............................

පිවිසුම
http://tharagenawathana.blogspot.com/ 

 

Saturday, February 13, 2016

පරිඝණක හා තොරතුරු තාක්ෂණ දැනුම අප වෙත ගෙනෙන තවත් වැදගත් බ්ලොග් එකක් " PARIGANAKA PUWATH "

අන්තර්ජාලය මාධ්‍යයක් ලෙසට වන අභියෝගය..


                 අන්තර්ජාල බොහෝ අපූරු දෑ තම භාවිතාකරන්නන්ගේ ජීවිතවලට ගෙන විත් ඇත. ප්‍රමුකතමව දුර හා කාලය පිලිබදව වූ සාම්ප්‍රදායික  මානය ප්‍රායෝගික ලෝකයේදී හොඳින් අභියෝගයට ලක්කිරීම වේ. හදාරන්නන් අමානන්දයට පත්වීම “විශ්ව ගම්මානය” වැනි නව අර්ථදැක්වීම් කරාම ‍රැගෙන යන්නට සමත්විය. හුදු තාක්ශනික සීමාවෙන් ඔබ්බට විත් කලව, සංස්කෘතිය, දේශපාලනය, වෙළඳ පොල වැනි භාවිතාවන් වඩාත් අන්තර්ජාල  භාවිතාගත වන්නට පටන් ගැනීම ක්‍රමයෙන් පෙර කී සංකල්පය මත වූ දිලෙසෙන ආකර්ශනීය බවින් විචාරකයන් ඉවතට කැදවන්නට පටන් ගත්හ. ඒ භවිතාවන් දෙසින්ය. අන්තර්ජාලයේ මුල් ස්වභාවයන්ද ක්‍රමයේන් වඩාත් ප්‍රාදේශීය වන්නට පටන් ගැනීම ඔස්සේ භාවිතාකරන්න වඩාත් සමීපකරවන බව හා කරගත යුතු බවට සැකසුම් සිදුවන්නට විය. ප්‍රධාන පෙලේ සියලුම පාහේ අන්තර්ජාල   සේවා සපයන ආයතනයන් වඩ වඩාත් භාවිතාකරන්නා කේද්‍රවීම අරබන්නට පටන් ගත්තේය.
           මුල් ස්වභාවයෙන්ම එහි වන මාධ්‍ය මිත්‍ර බව සියලු භාවිතාකරන්නන් මාධ්‍ය කරුවන් බවටද පත්කරන්නට පටන් ගත්තේය. මාධ්‍ය යෝධයන් සිදුවීම් වාර්ථා කිරීම පසුකරමින් සිදුවීමට මැදිහත් වන්නාම තම අත්දැකීම වාර්ථා කරන්නට හිතකර පරිසරයක් වේගයෙන් නිර්මානය විය. තත්වය වඩාත් සංකීර්න වීම ඇරබෙන්නේ මීලගටය. එනම් තම මතවාද වාර්ථාකරනයට භාවිතාකරන්නන් පෙලබවීමත් සමගය. දේශපාලනික ආගමික මෙන්ම සංස්කෘතික නෙක ගැටලු අලුතින් නිර්මානය වන්නට පටන් ගත්හ. පැමිනි සමාජජාලා යුගය තවත් තත්වය තීව්‍ර කරමින් ඇත. රූපවාහිනිය, ගුවන්විඳුලිය ප්‍රමුක මුද්‍රිත මාධ්‍ය ව්සින් හුරුපුරුදු කරවන ලද ලෝකය පමනක් නොව පසුව පැමිනි බ්ලෝග් වැනි භාවිතා හුරු පුරුදු ලෝකය නැවත මෙම නව භාවිතාව වෙනුවෙන් හැඩ ගැසෙන්නට සිදුවීම අභියෝගාත්මක බවක් යෝජනා කරමින් සිටී.
..............................................................

පිවිසුම

Friday, February 12, 2016

ඉතා වැදගත් තොරතුරු තාක්ෂණ දැනුම ගෙනෙන බ්ලොග් එකක් " Hsemin "

How to turn off AutoPlay Video Option in Faceebook

There is an option in has been introduced by Facebook that all the videos in your FB Home or where ever you see that will be auto playing, That is a good option but it is waste of your data, so the best thing is turn off that to save your data, to do that follow these steps.

Frist go to the settings like below



Then select the option name called “Videos” where on left side bottom.
...................................................................

පිවිසුම
http://www.hsemin.com/ 

 

Wednesday, February 10, 2016

තොරතුරු රසවින්දන විවිධාංග බ්ලොග් පිටුවක් " සොඳුරු සිත ( Beautiful Mind ) "

ඉස්කෝලෙ දවසක්


උදේ පළවෙනි කාලච්ඡේදයේ සහ දවසේ අවසන් කාලච්චේදයේ දී අත් දෙකත් පස්සට කරන් බොරුවට අඩිය බර කරන් , පාසලේ පන්ති කාමර  තියන ශාලා අතර එහේ මෙහේ යනේක අපේ ආයතන ප්‍රධානියාවෙච්චි විදුහල්පතිතුමාගේ පුරුද්දක් . 

එහෙම යද්දි අනිවාර්යෙන්ම පන්ති කාමරය ඇතුලට එඹිලා බලනවා.  ඒ විතරක් නෙමේ එඹිලා බලන වෙලාවේ පන්තියෙ කවුරුවත් නැත්තම් පන්තියට ගොඩ වෙනේකත් එයාගේ පුරුද්දක්.... 

ඉතින් අද ඒ කාලච්ඡේද දෙකේදිම මම හිටියේ මම බාර පන්තියේ. උදේ පළවෙනි කාලච්ඡේදය පන්තිය බාර පන්තියට යනව කියන්නේ ඒ කාලච්ඡේදය පුරාම කෙරෙන්නේ කතා බහ තමයි. පන්ති අතුගාල ද බලල , පහන තියල ද , හඳුන්කුරු පත්තු කරල ද,  අඩු පාඩු මොනාද හොයල බලල , ඒවා හරියට කරල නැත්තම් මූණ ට තරහක් අරන් පොඩ්ඩක් බැනලා නම් ටික ලකුණු කරල , ආවේ නැති අය ගැන තොරතුරු අහලා , පන්තියේ පුංචි පුංචි ආරවුල් සමථයකට පත් කරලා උගන්වන්න පටන් ගද්දිම කාලච්ඡේදය ඉවරෙන සීනුව නාද වෙනවා....

අද සුපුරුදු වැඩ ටිකට අමතරව තීන්ත ගාපු නිසා බිත්තියේ අලවන්න පරක්කු වෙච්චි කාල සටහන් , පිරිසිදු කිරීම් , දින දසුන සහ මගේ ගානේ පන්තියට දෙන ආවර්තිතා වගුව වගේ දේවල් බිත්තියේ හයි කරා. 
................................................

පිවිසුම

Tuesday, February 9, 2016

කාලීන සිදුවීම් තොරතුරු ඇතුළු අළුත් විවිධාංග බ්ලොග් එකක් " වෙල්කම් "

උබලා අපි වගේ ආතල් ඇරන් නෑ මල්ලී (තිතක්)

ආසාවට බ්ලොග් කට්ටක් අටවගත්තාට ආයෙත් මොකුත් ලියන්නේ නෑ කියලා හිතාගෙන හිටියේ අපේ අයියලා ලියන ලියැවිල්ලට අපි ලියන්නෙ මොනවාද කියලා හිතුන හින්දා ඩ්රැකී කියන බ්ලොක් වීරයා කියලා තියෙනවා දැක්කා ලියන්නා ලියැවිල්ලෙන්ම අදුරගන්ට පුලුවන් කියලා ඒක දැක්කම ලියන එක පොඩ්ඩක් නවත්තලා කියවන්ට හුරුවෙලා හිටියේ අවුලක් නෑ මේක ලියලා නවත්තනවා මාව අදුරගත්තට කමක් නෑ (තිත්දෙකයි කැපිටල් ඩී)
             මේ ඊයේ පෙරෙදා අපේ මල්ලිත් එක්ක සුහද සාඛච්චාවක යෙදිලා ඉද්දි මගෙ කටින් පිට වෙච්ච දෙයක් තමයි හෙඩ් ලයින් එකට යොදාගෙන තියෙන්නෙ මල්ලිට ඕක එහෙම කිවුවට මොකද අපිට කලින් ආතල් ඇරගත්ත අයියලා ඔය විදියටම අපිටත් කිවුවානේ (තිත්දෙකයි තුන)
                  ළමා කාලේ ආතල් කිවුවාම ඉතින් ඉස්කොලේ ගියපුකාලේ තමයි ඉස්සල්ලාම මතක්වෙන්නේ ඒ කාලේ ගත්ත ආතල් මතක් වෙනකොට මොකටද ලොකු වුනේ කියලා වෙලාවකට හිතෙනවා ඒ කාලේම ඉන්ට තිබ්බානම් කොච්චර සෝක්ද නෙහ් (ප්රශ්නාර්තයක්)
                 මගේ හොදම යාලුවා වුනේ පුෂ්පකුමාර මනුස්සයයි මායි තමා හැම දෙකින්ම ඉස්සරහින් හිටියේ (ඉගෙනිමින් හැර) ඉස්කොලේ ක්‍රීඩා උත්සවේ තියෙන කාලෙට අපි දෙන්නා එකම නිවාසෙට වැටෙන්නෙ ඇයි කියලා අපි දන්නෙත් නෑ කොහොමහරි කාටවත් බෑ අපි දෙන්නාව වෙන්කරන්ට කියලා කවුරුත් දන්නවා මේක යාලුකමක් නෙවේ සමහරවිට සහෝදර බැදිමක් වෙන්ට ඇති (තිත්දෙකයි ඇල ඉරක්)
                ක්‍රීඩා උස්සව කාලේට ඉතින් තම තමන්ගේ නිවාස වලින් නිර්මාණාත්මක නිවාසයක් හදන්ට ඔනනේ ඕකට ඉතින් සතියක් විතර කලින් ඉදලාම ලෑස්ති වෙනවා පොල් අතු කපන්ට පුවක් ගස් කපන්ට මාන හොයන්ට එහෙම රාජකාරි ගොඩයි මොනවා උනත් අපි මේ දවස්වල හිනාවෙලාමයි ඉන්නේ මහන්සියක් දැනෙන්නෙම නෑ මොකද අපි සෙවනගල ටෝෆී (මදනමෝදක) කන්ට පුරුදු වෙලා හිටියෙ
                අපේ නිවාසේ කොල්ලො ටිකත් සෙට් වෙලා ගියා පොල් අතු ටිකක් කපාගෙන එන්ට යමින් ගමන් ටෝෆී එකක් කටේ දාගෙන යන්ටත් අමතක කරෙ නෑ ගස් නගින්ට පුලුවන් උන් ගස් යවලා උන් කපන අතු එකතු කරන්ට තිබ්බේ වෙලාව රෑ 8ට විතර ඇති ඒ ලගම තියෙනවා අපේ ඉස්කොලේ ගණිතය උගන්නන ටිචර්ගේ ගෙදරත් අරුන් අතු කපනකන් අපි සෙට් එක ගියා ටිචර්ගේ ගෙවල් පැත්තේ (තිත්දෙකයි තුන)
.....................................

පිවිසුම

Monday, February 8, 2016

අළුත්ම තොරතුරු විවිධාංග රැගත් රසවින්දන බ්ලොග් එකක් " කුකුලගෙ කොටුව "

පැටියා කාලේ


මට  වතුර ටිකක් දෙන්ඩකෝ,
ඒ එරන්ගයා ඌ උසයි මම වගේ දෙකක් මහතයි. ටිචත් ඌට සපෝර්ට්  සිල්ලර බඩු ගන්නේ උන්ගේ කඩෙන්නේ.
මගෙ වතුර ටිකයි තියෙන්නේ ඒක මට ඕනේ. අම්ම ගෙදරින් එනකොට කියන්නේ උණු කරපු වතුර දාල තියෙන්නේ, ඉස්කෝලේ පිල්ලේ වතුර එහෙම බොනවා නෙවෙයි, බඩ යන්ඩ අරන් ඉස්පිරිතාලේ නවතිනඩ වෙයි,
මට  වතුර ටිකක් දෙන්ඩ බැයි ද එරන්ගයා ආයෙත් කෑගහනවා.
වතුර පොඩ්ඩයි තියෙන්නේ, මමත් අරින්නැ
දෙන්ඩ බැරිද
බෑ තමයි
උබ ලබන ආත්මේ කෑදැත්තෙක් වෙලා ඉපදෙයි, එරන්ගයා පන්තියටම ඇහෙන්ඩ කෑ ගහනවා.
කෑදැත්තා කියන්නේ කුරුල්ලෙක් බව දැනගෙන හිටියත් ළග ඉන්න ළමයාගෙන් කෝකටත් කියල මම විස්තර අහනවා,
මොකද බං එරන්ගයා මට කෑදැත්තෙක් වෙයි කියල කිඋවේ,
කෑදැත්තට වතුර බොන්ඩ බැරිලු බොන වතුර උගෙ බෙල්ලේ තියන සිදුරකින් පිටට යනවලු, චමින්දය මට කියල දෙනවා.
එරංග ආ වතුර බෝතලේ මටත් ටිකක් ඉතුරු කරපන්, මම කියනවා,
.....................................
 
පිවිසුම
http://kukulagekotuva.blogspot.com/ 

Sunday, February 7, 2016

නැකැත් ජ්‍යෝතිෂ්‍ය බ්ලොග් පිටුවක් " සරණ ජ්‍යොතිෂ සේවය "

මේ අවුරුද්ද මට කොහොමද

                                           මේ අවුරුද්ද මට කොහොමද  
   
  
අවුරුද්දක් ලබන විට ජ්‍යෝතිර් වේදීන්ට වැඩ අධික කාලයක්. මිනිසුන් හුරුවෙලා තියෙන්නෙ අළුත් අවුරුද්දක් ලබන විට අලුත් ග්‍රහ තත්වයක් නිර්මානය වෙලා අපේ ජීවන රටාවෙ වෙනසක් ඇති වෙනවා කියාය.ඉතින් අපි අපේ ජ්‍යොතිර් වේදියා ළගට හෝ ජ්‍යෝතිෂ පත්තර අරගෙන අපේ ලග්නයට අදාලව ලබාපු අවුරුද්ද කොහොමද කියලා බලා ගන්නව.
මේක සම්පූර්ණයෙන්ම බොරුවක්.මේ මතය සමාජ ගත කරපු නිසා මෙයින් මිනිසුන් මුදව ගන්න හරිම අමාරුයි. ඒ නිසා මේ ජනප්‍රිය ජ්‍යොතිෂයකොටසකගේ බඩ ගෝස්තරය වෙනුවෙන්  මිනිසුන් මුලාවට පත්කරල අවසන්. 
..............................................
 
පිවිසුම

Saturday, February 6, 2016

නවලොව තාක්ෂණික දැනුම සමග රොබොටික්ස් අපවෙත ගෙනෙන අළුත් බ්ලොග් එකක් " රොබොටික්ස් සිංහලෙන් "

What is robotics





න්න යාළුවනේ මම දෙවෙනි ලිපියෙන් රොබොටික්ස් කියන්නේ මොකක්ද කියලා කථා කරන්නයි යන්නෙ. මම දන්නවා මේ විෂයට ආසාව තියෙන ගොඩක් දෙනෙක් මේ බ්ලොග් එකත් එක්ක එකතු වෙලා ඉන්නෙ කියලා.
හොදයි වැඩි කතා ඕනේ නෑ, දැන් අපි බලමු මොකක්ද මේ රොබොටික්ස් කියන්නේ කියලා. ගොඩක් දෙනෙක්ට රොබෝලා කිවුවාම මතක් වෙන්නෙ ජපානේ හදන මානව රූපී රොබෝලා, ඇත්තටම මේකද රොබොටික්ස් කියන්නෙ, ඔව් මේකට රොබොටික්ස් කියනවා, ඒත් මේ රොබොටික්ස් වල තියෙන සංකීර්ණ අවස්ථාවක්.
ඇත්තටම සරලවම රොබොටික්ස් කියන්නේ අපි මොකක් හරි මෙවලමක් හදනවා ඒකෙන් විශේෂ වැඩක් ගන්න ඒකට කලින් දීල තියෙන දත්ත වලට අනුව
අපි මුලින්ම උදාහරණයක් ගමු,
ඔයාල දැකල තියෙනව නේද ඉබේ ඇරෙන දොරවල් (Auto Door)දොර ලගට යද්දි දොර ඉබේම ඇරෙනවා. ඔයාල හිතුවද කවදහරි මේක වැඩ කරන්නෙ කොහොමද කියලා, ගොඩක් අය කියයි ඔව් කියලා, මොකද මේ විෂයට උණ තියෙන ගොඩක් අය මේ දේවල් ගැන හිතනවා.
රොබොටික්ස් කියන්නෙ මේ වගේ සරල දෙවල් වල ඉඳලා NASA වලින් අඟහරු වලට යවන රොබෝල වගේම විවිධ සියුම් ක්රියාකාරකම් කරන ඉතාමත් සන්කීර්ණ තත්වයන් දක්වා විහිදුනු පුළුල් විෂයක්.
මේ විෂය හැදැරීමට මුලින්ම මේ හා සම්බන්ධ වන උපාංග පිලිබඳ අවබොධයක් ලබා ගන්න ඕනේ
මම ඊලඟ ලිපියෙන් මේ උපාංග ගැන වගේම ඒවා කොහොමද අපිට ඕනෙ වෙන්නෙ කියල විස්තර කියන්න බලපොරොත්තු වෙනවා.

........................

පිවිසුම
http://slrobozz.blogspot.com/ 

Friday, February 5, 2016

තොරතුරු කාලීන සිදුවීම් රසවින්දන හා විචාර බ්ලොග් අඩවියක් " ලොක්කගේ පැල්පත "

ටොක්ක​

පාට කරගෙන තොල් රතු                                                                                 දසඅත නයන කැල්මන් බෙදමින්                                                                           තතන තතනා පූස් ගමනින්                                                                                 නතු කර ගනිමින් සලෙලු සිත්                                                                           පද්ද පද්දා ලැම                                                                                             ගස්ස ගස්සා ඉඟ                                                                                             මා අසලින් ලතා පාමින් ඇදුන                                                                           මන බඳනා රුසිරු ලියේ                                                                                   මූණට මුලිච්චි වූ නිසා                                                                                     නිකන් තියෙන හිනාවෙන් ඩිංගක් දුන්නමත්                                                             උඬගු මානෙත් හිස තියාගෙන                                                                         ගස්සා ගිය නුඹ                                                                                                 කොමළ ලඳුනක වුවද උනුනට                                                                        කැතම කැත වැඳිරියක් දැන් මට​                                                               
 
 
 
......................................
 
පිවිසුම