Sunday, November 30, 2014

හඳුන්වාදෙන කලාකාමී ගීතමය බ්ලොග් එක "සින්දු ඇනෝ"

අපෙ සිත්වල නෑ ක්‍රෝදේ විහිළුවටයි විවාදේ...............




කරුණාරත්න අබේසේකර හා ගුණරත්න අබේසේකර
 
 යන 

දෙසොහොයුරන් හා ජෝතිපාල හා මිල්ටන් පෙරේරා
 
 යන ගායකයන්

දෙපළගේ සුසංයෝගයෙන් බිහිවූ සොඳුරුතම ගී
 
 පෙළක්. ගීතයකට 

පිළිතුරු ගීත ලෙස බිහිවූ මෙම ගී පෙළ රසික හදවත් 
 
අමන්දානන්දයට 

පත්කළේය.බලන්න මේක කොතරම් සුන්දර වාදයක්
 
 උනාද කියලා.

අපේ අවාසනාව මෙවැනි නිර්මාණ අද බිහි නොවීමයි ..... 



01.අනංගයා මන් අනංගයා......

අනංගයා මන් අනංගයා අනංගයා මන් අනංගයා
ආදරේ ප්‍රේමයේ සුරලොව තනතුරු දැරූ
අනංගයා මන් අනංගයා අනංගයා මන් අනංගයා

රාම සිතා එක්වුණේ රාධ ක්‍රිෂ්ණා ලන්වුණේ
සාලිය කුමරුට අශෝක මාලාවන් අත්වුණේ
මා හින්දය් මේ ලොවේ හැම යුවලම එක්වුණේ
අර සුර ලොවෙ මනු ලොවේ කොතැනත් මගෙ බල පෙනේ

තරුණ හදක් සොයනවා මල්සර පහ යොදනවා
මේ උක්දඩු දුන්න නමා මල් හීයෙන් විදිනවා
කුල බලේ නිල බලේ දන බලේ පන්නලා
අතුපැලේ මාලිගේ පෙම්වතුන් ලන්කලා

පැන දුවන්න ඕන නෑ දුක් විදින්න ඕන නෑ
මා ජීවත්වනතුරු මේ පෙම්ලෝකය පාළු නෑ
ආදරේ ප්‍රේමයේ සුරලොව තනතුරු දැරූ
මල්සරා පෙම්සරා මගුල් සක්වලේ රජා

ගායනය - එච් .ආර් ජෝතිපාල 
ගී පද - ගුණරත්න අබේසේකර  


පිවිසුම
http://sinduano.blogspot.com/ 

Thursday, November 27, 2014

වැදගත් වෛද්‍ය විද්‍යාත්මක බ්ලොග් එකක් "Online Doctor"

Online Doctor Sri Lanka Forum යනු ඉතා විශාල හිඩැසක්ව පවතින ශ්‍රි ලංකාවේ සෞඛය ක්ෂේත්‍රයේ ඇති දැනුම (Sri Lankan medical knowledge) ගලා යමේ ඇති අඩු ලුහුඩුකම් පිරවීමට අවසන් වසර වෛද්‍ය සිසුවෙකු (final year medical student) දැරු යම් ප්‍රයත්නයක අවසාන ප්‍රතිඵලයයි. තවද මෙය Online chanelling / online බෙහෙත් දීමට වඩා ජනතාව දැනුවත් කිරීමේ වැයමෙන් ආරම්භ කල වැඩසටහනක් වන අතර ඔබගේ ගැටලු වලට පිලිතුරු සැපයිම සුදුසුකම් ලැබු වෛද්‍යවරයෙක්(doctor) හෝ වෛද්‍යසිසුවෙකු (medical student) මගින් සිදුවේ. read more
මෙහි සිටින වෛදයවරුන් සමග කටයුතු කිරීමේදි නිවැරදි ආමන්ත්‍රණ පමනක් භාවිතා කරන්න..
 
 
පිවිසුම
 

Wednesday, November 26, 2014

තවත් තොරතුරු හා විවිධාංග බ්ලොග් පිටුවක් "sugv "

“අරංගුව” ගැන අහලා තියනවද ?

ඇසළ පෙරහර දිනවල ඉදිවන සාම්ප්‍රදායික තොරණ 1

 උග්ගල් අලුත්නුවර  ඇසළ පෙරහර සමයේ  ඉදි කෙරෙන තොරණ ට රාජකාරි ඇත්තන් (ගමේ පැරැන්නන්) ව්‍යවහාර කරන්නේ  “අරංගුව” කියන නම. මේ වචනයේ තේරුම  සුමංගල ශබ්දකෝෂයේ බැලුව. එහෙත් එවැනි වදනක් සොයන්නට නැහැ. සුමංගල ශබ්ද කෝෂයේ සෙවූ විට හමුවන  අරඟු යන වචනය(දඹදෙනි සමය) කාලයක් යද්දී අරංගුව ලෙස ව්‍යහාරයට ආවා වියහැකියි.  අරඟු යන වදනින් පැහැදිලි කරන්නේ  සැරසිලි විශේෂයක් බව ශබ්දකෝෂයේ සටහන් වෙනවා.  ඒ අනුව එයට   තොරණ යන වදන භාවිත කිරීම ද වැරදිම නෑ.
Untitledyzදේවාලයේ හඳගල මැදිවන අන්දමින් ඉදි වන මේ අරංගුව එක්පැත්තක කොටු තුනක් බැගින් දෙපසින් කොටු හයක් බැඳේ. එ්  මුදුනේ  කොටු හයක පේලියක් රඳවා  එ් මත තවත් කොටු තුනක්ද ඊට ඉහළින් කොටු දෙකක් ද ඒ කොටු දෙක විසින් දරා සිටින ත්‍රිකෝණාකාර ඇටවුමක්ද සිටින ලෙස නිර්මාණය කිරීම පුරාණයේ සිටම අනුගමනය කළ සිරිත් සම්ප්‍රදායයක් බව පෙනී යනවා.  ඒ සමගම අරංගු කණු මුදුනේ කොඩි සවි වන බැවින් ඒවා කොඩි කණු බවටද පත්ව ඇති බව පෙනී යනවා. මේ සැලැස්ම පුරාණයේ සිටම සම්මතව ඇති බව පැරැන්නන් කරන විස්තර අනුව සිතිය හැකියි. පුරාණයේ අරංගව හැදීමට භාවිත වූයේ කැන්ද ලී  වුවත් වර්තමානයේ ඒවා සෙවීම අපහසු නිසා දෝ පුවක් කණු භාවිත කරන බව පෙනී යනවා.  අම්මඩුව දේවාල පෙරහර නැරඹීමට යන්නකුට දේවාල පරිශ්‍රයට පිවිසෙන සෑම වාහල්කඩකම අරංගු ඉදි කෙරෙන බව දැකිය හැකියි.¹ උග්ගල් අලුත්නුවර පැරැන්නන් පවසන්නේ ද පෙරහර අවදියේ දේවාල බිමට පිවිසෙන සෑම සෑම වාහල් කඩකම අරංගුව බැඳීම වැදගත් බවත් පුරාණයේ එම සිරිත පැවති බවත්ය.

 පිවිසුම

Thursday, November 20, 2014

තවත් සාහිත්‍යමය විවිධාංග බ්ලොග් පිටුවක් "නිමේෂය"

නුඹ සහ මම...

දශමයෙන් දශමය, අඟලෙන් අඟල,  දෑ අවුරුද්දක් පුරාවට බැන්ද බැඳීමක  කුටප්ප්‍රාප්තිය අභියස අද අප...  කොයිතරම් නම් කඳුළු මුසුව ඇත්ද?  මේ තරම් තද මේ බැමි අතර... අනන්තයක් තරම් දිග නිදිවර්ජිත රාත්‍රීන්ද වචන වලට වඩා හුස්ම වැඩිවුනු සංවාදද  කඳුළු ලුණු රසම බැව් ප්‍රත්‍යක්ෂ වුනු සුසුම්ද නිහඩව දහක් වචන හුවමාරු කල අප ඇස්ද, සාක්ෂි දරාවී නුඹෙත් මගෙත් සිත්  නොබිදිනු බැරි හුයකින් බැඳී  ඇති වග  බැඳුනත් නොබැඳුනත් අප ඇඟිලි එක ළඟ...  ජීවිතය අකුරෙන් අකුර ගෙන  මහ කවක් එක්ව ලියනට  ඉඳින් දැන් නුඹට මට අවසර..

පිවිසුම
http://nimeshayak.blogspot.com/ 

Tuesday, November 18, 2014

ජනප්‍රිය විවිධාංග බ්ලොග් පිටුවක් "හිතනලන්තය"

ශෝකයය,රෝස මල් පෙතිය

| Filed under කවි
wonderland_iv_by_cookmepancakes-d52atek
මිරිඟුව
මදහසය
පතොක් ක‍ටුය
තුහිනය
ශෝකයය
රෝස මල් පෙතිය

පිවිසුම

Sunday, November 16, 2014

තවත් වැදගත් තාක්ෂණික විවිධාංග බ්ලොග් එකක් " Hetadina blog "


LED BULBS අපිම හදා ගමු.. 

 




  ඇත්තටම ගොඩක් සතුටුයි.අපේ බ්ලොග් එක කියවලා විශාල පිරිසක් LED BULB නිෂ්පාදනය පටන් අරගෙන කියල අපට දැනුම් දීල තියෙනවා..ගොඩක් දෙනෙක් තම නිවසට අවශ්‍ය බල්බ් ගෙදරම හදා ගත්ත කීවා..ඇත්තටම ඒක ගොඩක් වැදගත්..අපටම අවශ්‍ය දේ අපටම නිපදවා ගන්න පුළුවන් නම් එය ඉතා වැදගත්..තවත් සමහර අය කුඩා ව්‍යාපාරයක් හැටියට
බල්බ නිෂ්පාදනය පටන් අරන්.බල්බ නිෂ්පාදනය පටන් ගන්න අයට මුලින්ම කියන්න ඕනා එය පළමුවෙන්ම නිවසින් පටන් ගන්න කියලා.ගෙදරට අවශ්‍ය සියලුම බල්බ තමාම නිපදවා ගන්න.දැන් බඩු වල මිලත් අඩුවෙලා තියෙන නිසා වැඩේ ලේසියි.විනාඩි දෙක තුනෙන් හදා ගන්න පුළුවන් බල්බ වර්ග තියෙනවා කියල මම මිට පෙර පොස්ට් එකකින් කියා දුන්නා මතක ඇති.ප්ලාස්ටික් බල්බයේ සිට ඇලුමේනියම් බල්බ හා LED ටියුබ් ලයිට් හා ෆ්ලෑෂ් ලයිට් දක්වා ඕනෑම එකක් ඔබට ඉතා පහසුවෙන් තනා ගත හැකියි..මෙම බල්බ වල වැදගත්ම කරුණ වන්නේ එය නැවත නැවත අලුත්වැඩියා කර භාවිතා කල හැකිවීමයි.එහි බාහිර ආවරණයට හානිවීම ඉතා අඩු නිසා එය නැවත නැවත භාවිතා කරන්න පුළුවන්..

පිවිසුම
hetadina.blogspot.com 

Tuesday, November 11, 2014

තවත් ජනප්‍රිය විචාරාත්මක විවිධාංග බ්ලොග් පිටුවක් "කොළඹ ගමයා"

විසි පස් වසරකට පෙර ඇද වැටුණු බර්ලින් තාප්පය හා පූටින් හා ස්ටාසිලන්තය


බර්ලින් තාප්පය ඇද  වැටුන කාලේ අපි සෝවියට් දේශයේ ශිෂ්‍යයෝ. අපි බටහිර බර්ලිනයට හෝ එංගලන්තයට ආවේ දුම්රියේ. ඒක හරි රසවත් ගමනක්.  දුම්රිය ලන්ඩනයට  එන්නම දවස් තුනක් යනවා. රුසියාව, බෙලෝ රුසියාව හා පෝලන්තය පහු කරලා තමා එන්නේ. ඒ දවස්වල බර්ලිනය ලං වෙනකොට බර්ලින් තාප්පය පේන්න  පටන් ගන්නවා. ඉස්සෙල්ලම දකින වෙනස තමා  අති  විශාල වෙළඳ දැන්වීම් පුවරු. සාමාන්‍යයෙන් සමාජවාදී රටවල වෙළඳ දැන්වීම ඒ වගේ තිබ්බේ නැහැ. ඉතින් අපි දුම්රියේ ඇවිත් ෆ්‍රෙඩ්රික්ස්ට්‍රාස (Friedrichstrasse) කියන දුම්රිය පොලෙන් බැහැල , චෙක්පොයින්ට් චාලි කියන බර්ලින් තාප්පය මැද  හරියේ තියෙන ප්‍රසිද්ධ රැකවල්  ගේට්ටුව පහු කරලා තමා බටහිර බර්ලිනයට එන්නේ.  විදේශිකයන්ට ඒක  යටින් තිබෙන උමගින් ගිහිල්ල ආගමන විගමන නිලධාරින් පහු කලාම  වැටෙන්නේ බටහිර බර්ලිනයේ   සූගාර්ඩ්න් (Zoo Garden) උමන් නැවතුම් පොලට.  (පහත තියෙන්නේ එහි මුල් කාලයේ තාප්පය.)


පිවිසුම
http://kolambagamaya.blogspot.com/ 

Saturday, November 8, 2014

තවත් තොරතුරු විවිධාංග බ්ලොග් එකක් " සිතුම් සයුර "

අන්ඩර්ටේකර් vs රතූ




දෙයියනෙ..! මේ අයියල අක්කල කොච්චර හොදද.  මේ වගේ කට්ටියක් හම්බවෙන්න  කොච්චර පිං කරල තියෙන්න ඕනෙද....

කැම්පස් ඇවිත් ගතවුනු පලමු පැය හතරෙදි මට හිතුනෙ එහෙම.

බය වෙන්න එපා කියනව,  subject combination  ගැන කියල දෙනව,   අපේ විස්තර අහනව,  කන්න ගෙනත් දෙනව, බොන්න ගෙනත් දෙනව

දෙයියනෙ කවන්නෙ නැති එක විතරයි

ඉතින්, මොකට බය වෙන්නද ,

අප්පච්චි හිටිය කැම්පස් එකෙ වගේ වෙන්න බෑ මේක,

මේක සුපිරි තැනක්.....


පිවිසෙන්න
http://sithums.blogspot.com/ 

Thursday, November 6, 2014

හඳුන්වාදෙන අළුත්ම විවිධාංග බ්ලොග් එකක් "සිතුවිලි අවකාශය"

.....ජීවිතය.....




ජීවිතය වනාහි යතුරු දමා වැසූ දොරක් වැනිය.
එහි සාර්ථකත්වය දොර යතුර වන අතර
එය නිසැකවම ඔබ සොයා ගතහොත්
ජිවිතයේ ඇති වින්දනීය අවස්ථා
ලබා ගත හැකි වේ.
එය සෙවීමට අපොහොසත් උවහොත්
වෙනත් අයෙකු ඔබගේ තිබෙන වටිනා අවස්ථා
පැහැරගෙන යනු ඇත.
 
පිවිසුම

Tuesday, November 4, 2014

තවත් වැදගත් දැනුම හා විවිධාංග බ්ලොග් පිටුවක් "මානාගෙ පින්තාරුව"

සංගීතයේ ඇති කෝඩ්ස් (chords) පිලිබඳව මූලික අවබෝධයක් ලබා ගනිමු, 

සුභ දවසක් ඔයාල සියලු දෙනාටම.අද මනා ඔයාලට සංගීතය සම්බන්ධ පොස්ට් එකක් තමා ගෙනාවේ. මනා ගෙනාව මුල්ම සංගීතය සම්බන්ධ පොස්ට් එක ස්වර පිලිබඳව හඳුන්වල තිබ්බේ. ඒ පොස්ට් එක බලපු නැති අය මෙතනින් ගිහින් බලන්න. අද පොස්ට් එකෙන් කතා කරන්නෙ එම පාඩමේ සිට ඉදිරියටයි. මතකනේ කලින් පොස්ට් එකෙන් කිව්වා ප්‍රධාන වශයෙන් සංගීත ශයිලීන් දෙකක් ගැන අපට කතා කරන්න පුළුවන් කියල. පෙරදිග සංගීතය සහ අපෙරදිග (බටහිර) සංගීතය තමා ඒ ශයිලීන් දෙක. මෙහිදී පෙරදිග සංගීතය ලෙස හදුන්වන්නේ උතුරු ඉන්දියානු සංගීතය සහ දකුණු ඉන්දියානු සංගීතය මුල් කරගත් සංගීත ශයිලීන්ට. පෙරදිග සංගීතය ගැන මේ කියන්න යන ටික මේ ලිපියට ගැලපෙන්නෙ නෑ.නමුත් එය කිව යුතුම කාරණයක් බැවින් මෙසේ සටහන් කරල දාන්න මනා කල්පනා කලා


දැනට ලංකාවේ තිබෙන පාසල් අධ්‍යාපන ක්‍රමයේ සිට උසස් අධ්‍යාපනය දක්වාම පෙරදිග සංගීතය උගන්වන්නේ සහ අනුගමනය කරන්නේ ඉන්දීයානු සංගීතය මුල් කරගෙන සහ පදනම් කරගෙනය. එම ක්‍රමය ගැන මනාට කිසිම පැහැදීමක් නම් ඇතිවෙන්නෙ නෑ. ලංකාවේ ඉන්න අපි ඉන්දියාවේ සංගීතයක් ඉගෙනගන්නේ මොකටද? එතකොට ලංකාවට අවේණික සංගීතයක් නැද්ද? පාසල් අධ්‍යාපනයේ සිටම හින්දි භාෂාවෙන්ම ඇති රාග හෝ සිංහල වචන දමා සකසන ලද එම රාග ටිකම ඉගැන්වීමෙන් ලංකාවට අවේනික සංගීතයක් නිර්මාණය කරන්නේ කෙසේද? යන කරුණු මානාගෙ හිතේ ඇති ගැටළු කිහිපයකි. අද ලංකාවේ පෙරදිග සංගීතය ඉගෙන ගන්නේ නම් ඔහු/ඇය ගේ එකම අරමුණ සංගීත විශාරද වීම සහ නිපුන් වීමය. එවන් විභාගයන් සමත් වී දක්ෂයෙක්  උනාට මනාට කිසිම ඉර්ශ්යාවක් හෝ තරහක් නැත.නමුත් එසේ විශාරද වුන බොහෝ දෙනෙක් ඉන්දියානු සංගීතයට එහා කිසිවක් නොදන්නවා වගේම හැසිරෙන්නේ ද ඉන්දියානු සම්ප්‍රදායේ හැදී වැඩුණු පුද්ගලයෙකු ලෙසටයි(එසේ නැති හොඳ දක්ෂ පුද්ගලයනුත් ඉන්නවා කියල මනා දන්නවා :D ). ඉතින් මනාට  ඇති එකම ප්‍රශ්නය ලංකාවට අවේනික සංගීතය දියුණු මට්ටමකට ගෙනත් එයට රටම පිළිගන්නා වටිනාකමක් ලබා නොදෙන්නේ ඇයි යන්නයි. එය පාසල් අධ්‍යාපන ක්‍රමයේ සිට ඇති කලයුතු වැදගත් ක්‍රියාමාර්ගයකි. 

පිවිසුම

Sunday, November 2, 2014

හඳුන්වාදෙන නවක සාහිත්‍යමය විවිධාංග බ්ලොග් පිටුව "කටුසු හදවත"

මම නුඹට ආදරෙයි-02



"හෙලෝ........"  "හෙලෝ........" "අනූපමා?" "ඔව්"   "ව්හඟ" "ආ...ඇයි කතාකලේ?" "මොකද කරන්නේ අද?" "දැනටනම් මුකුත් නෑ...ගෙදර ඉන්නෙ" "අද පුලුවන්ද?" "පුළුවන්....ඒත් මොකටද?එදා වගේ ඔලුව අත ගගා ඉන්නද?" "මොනව අතගෑවත් ඔයාට කමක් නෑනේ....ඔයාගෙ ගාන හම්බෙනවනේ" "මේ....."  "ඇයි?" "මුකුත් නෑ...හරි එන්නම්කො...කොහාටද?" "දැන් 10.30නේ...11.30ට මාලබේ උඩවත්ත පාරට" "මම එන්නම්" ================================== "කොහේද ඉන්නේ?" "පාරෙ නැවතිල ඉන්න බෑ.මම ඇවිදගන ඉස්සරහට ආව.එන්න ඉස්සරහට" අර යන්නේ වන වනා."නගින්න ඉස්සරහින්" "මොකද හිනා වෙන්නේ?" "මුකුත් නෑ" "කියනවකො අගේ නොකර" "ඉස්සරහ නග්ගගන ඇවිත් නගින්න ඉස්සරහින්ලු" "කෝ....අල්ලල බලනව නැගලද කියල.....හිතුවද හැම තිස්සෙම මේක නැගල කියල" "විහඟ...ඇතුලටම දාන්න.නැත්තන් හෙන චාටර්....හැමෝටම පේනව" "හරි මම රූම් එක බුක් කරල එනකම් ඔයා ඇතුලට වෙලා ඉන්න"
==================================
කියවන්න පිවිසෙන්න