Friday, September 12, 2014

තවත් සාහිත්‍යමය රසවින්දනාත්මක බ්ලොග් එකක් "හන්තාන සිහිනය"

...........සදාකල් රැදේවි !! 

 

තව තවත් හැඩ වෙවි
මහවැලිය ගලා යාවි
මන් හොයපු ඔය දෑස
මා දමා දුර යාවි


 

 

ග්‍රීෂ්මෙට ගිනිගනීවි
නමුදු හන්තාන බලා හිදීවි
මන් දුටුව ඔය හිනාව
සිහිනයක්ම වේවි

 

 

රොබරෝසියා පිපේවි
වසත් කල ආයෙත් ඒවි
හිත හදපු නුඹේ හඩ
යලිත් නොඇසී යාවි

 

 

සීත පිනිකැට පාවි
සුළග එක ලෙස හමාවි
මම මගේ යැයි සිතු
ඔයා අන්සතු වේවි

 

 

කෙළි කවටකම් වලට සිනා සී

උදේ රෑ ගෙවේවි

ඔයා ළග නැති අඩුව

සදා කල් රැදේවි

 

පිවිසෙන්න

http://tashmisusinidu.blogspot.com/ 

No comments:

Post a Comment