Sunday, September 7, 2014

සාහිත්‍ය හා විචාර බ්ලොග් එකක් "අතරමග"

නික්ම ගිය ඒ සොඳුරු මිනිසා.... 

 

 

දැන් ඔහු නැත.ඇත්තේම නැත.ඔහු ආ ගිය තැන්වල තවම සුවඳ ඇත.එය ද නොබෝ කලකින් මේ සුළඟට ගසාගෙන යනු ඇත. විරල වූ නමුත් අතීතයේ ද ඔහු වැන්නවුන් සිටියේය.වත්මනෙහි ද ඇත. පමණින් ගනින්නට අතැඟිලි වැඩිය.හෙට...........හෙට අතැඟිලි අවැසි නොවනුම ඇත.
ඔහු
පරිවර්තකයෙකි,
නාට්‍ය මෙහෙයවන්නෙකි,
නළුවෙකි,
පරිපාලකයෙකි,
ඇදුරෙකි,
මනිසුන් අතර යහපත් මිනිසෙකි. නිහතමානී මිනිසෙකි.

තමා ලද සිවිල් බලයෙන් අයුතු ලෙස වැඩ ගත්තේද නැත. බත්තරමුල්ලේ පිහිටි සෙත්සිරිපායේ රජයේ කාර්යාල ගණනාවකි.මහජන දිනය වූ බදාදාට ඇතුළුවීමේ දොරටුව අසල දිගු පෝලිමකි.ඒ අවසරපත් ලබා ලබා ගැනීමටය. දිනක්,  නොදන්වාම මා හමුවීමට පැමිණි ඔහු අර දිගු පෝලිමේ හිට ගෙන ඇත්තේ අවසර පතක් ලබා ගැනීමටය.ආරක්ෂක නිලදරුවන් ඔහු දුටුවේ නම්  එවේලේම අවසර දෙනු ඇත.නමුත් ඔහු, ඔහුව වැරදි ලෙස පාවිච්චි කලේ නැත.කෙසේ වෙතත් ඒ අසලින් ගමන් කරමින් සිටි රොජර් සෙනවිරත්නයන් දැක ඔහුව ඇතුලට රැගෙන ආවේ නැත්නම් පැය ගණනක් පෝලිමේය. 
ඒ ඔහුගේ හැටිය.......

 

පිවිසෙන්න

http://nonawathina.blogspot.com/ 

 

 

 

 

 

 

 

 

 

 

No comments:

Post a Comment