Wednesday, February 25, 2015

හඳුන්වාදෙන දැනුම තාක්ෂණික බ්ලොග් පිටුව " tech සයුර"

මාර්තු 23 දායින් පසු බ්ලොගර් තුල අසැබි දසුන් බෑ...

             මාර්තු 23 එනම් ලබන මස 23 වන දා සිට ගූගල් සමාගමේ බ්ලොග් සේවාව වන බ්ලොගර් තුල අසැබි අන්තර්ගතයක් සහිත බ්ලොග් අඩවි සඳහා සේවා ලබා නොදීමට ගූගල් සමාගම තීරණය කර තිබේ. මේ හේතුවෙන් මාර්තු 23 වනදායින් පසු වැඩිහිටියන්ට පමණක් වෙන්වූ අසැබි පින්තූර, වීඩියෝ වෙනත් එවැනි දේ සහිත බ්ලොග් අඩවි බ්ලොගර් තුලින් දර්ශණය නොවනු ඇත. මෙහිදී දැනට එසේ තිබෙන කිසිඳු බ්ලොග් අඩවියක් ඉවත්ව නොයන අතර එහි අයිතිකරුවාට පමණක් එය නැරඹිය හැකිය. දැනට මෙසේ පවතින බ්ලොග් අඩවි තමාට පමණක් නැරඹිය හැකි අයුරින් සැකසුම් සකස්කර ගන්නා ලෙස ගූගල් සමාගම දන්වා සිටී. එසේම මාර්තු 23 දාට පෙර අරඹන සෑම බ්ලොගයක් ම සඳහා අසැබි අන්තර්ගතයකින් තොරව නිර්මාණය කරන ලෙස වැඩිදුරටත් දන්වා සිටී.

Monday, February 23, 2015

සංවාදශීලී අළුත් විවිධාංග බ්ලොග් පිටුවක් "මල්ලෙ පොල්"

මොකද... ඔබතුමන් ලා දුමින්ද ට බය ද???



 
 
එකෝමත් එක රටක වසන්ත වපරසිංහ කියලා ගොබිලෙක් සිටියේය. මැන්ස් මීට වසර දෙක තුනකට පමන පෙර බැසිල් ගෙන් චූටි බුල්ටෝ එකක් කා සිරිසේන සහෝදරයන් ගේ සහල් මාෆියාව ගැන පොර ටෝක් දුන්නේය. කුපිත් වූ සිරිසේන වපරසිංහ ප්රමුක ජෙප්පන් හට දුටු තැන පහරදෙන තැනට පත් විය.


පසු කලෙක දී සිරිසේන ජෙප්පන් දමනය කරන ගොම බෙටි මංතරය ඉගෙන ගෙන අනුර කුමර කරුනානයකව දමනය කරන ලදී. ඊට පස්සේ වපරසිංහ හට සීන් කෝන් මාරු වී සිරා ගේ පැත්තට ආවඩන්නට විය.

තමන් හදපු තමන් ගේම නොවන ආන්ඩුවේ හයිරං අතට ගෙන හොරු ඇල්ලීමේ නිලමක්කාරයෙක් වන්නට කලකට පෙර අප සැමගෙන් ඉඩෙන්ටිට්ය් කාර්ඩ්ස්, මාල වලලු හොරකම් කල වපරසිංහ සමත් විය.

 විහිලුවට කැමති පින්වතෙක් 1986 වසරේ රුසියාව මිලට ගත් ඉඩමක සාදා ගෙන යන අනාගත රුසියානු තානාපති කාර්යාලය ගෝටා ගේ යැයි අන්ඩරයක් වපරසිංහට දුන්නේය. කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතිව එම ඉදිකිරීම් පරිශ්රයට කඩා වැදුනු වපරසිංහ තොමෝ ගමකට කිච විය.
පිවිසුම

නව විචාර විවිධාංග බ්ලොග් පිටුවක් "අසමත්ජාතියා"

ආදරයේ පරිණාමය - Evolution of Love



පහු ගියා දවස් වල හෝ ගාල වැඩ තිබ්බ නිසා ලියන්න වෙලාවක් නැතුවයි හිටියේ.කොල්ලෝ ටිකක් එක්ක සෙට් වෙලා එද්දී එතැනදී කතා උන මාතෘකාවක් ගැන කවි ටිකක් ලියන්න හිතුනා වෙනසක ටත් එක්ක.මම o/l වලින් පස්සේ ලියපු පලවෙනි කවි පන්තිය තමයි මේක.
බ්ලොග් අවකාශයේ ඉන්න දක්ෂ කවියන් කිවිඳියන් මේක බලලා අඩු පාඩු පෙන්නලා දෙනවනම් ඉඳලා හිටලා කවියක් ලියන්න ඒක ගොඩක් උදව් වෙයි. 
පිවිසුම

Wednesday, February 18, 2015

නව විවිධාංග රසවින්දන බ්ලොග් එකක් "ගණ අඳුර"

හැපි වැලන්ටයින්ස් ඩේ...

මේ ආදරවනතයින්ගේ මාසයයි....
ලෝකයේ මෙන්ම බ්ලොග් අවකාශයේද ආදරය ගැන කතා බහ වන කාලයයි...
ආදරවන්තයින් තව තවත් ආදරයෙන් බැඳෙන....
ආදරයෙන් පරාජය වූවන් සුසුම් හෙළන.....
ඇතැමෙක් හෙලා දකින....
අද…..
වැලන්ටයින් දිනයයි….
ඉහත කී කුලක වලින් මා අයත් වන්නේ කුමකටදැයි තීරණය
කිරීම ඔබට බාර කරමි....


ලංකාවේ ආදර ගීත වලට වඩා හිට් වන්නේ විරහ ගීතය...
මා මෙතෙක් සිතා සිටියේ විරහව ආදරයට වඩා මාකට් කල හැකි බවයි..
නමුත් මේ දිනවල රුපියල් සියයේ සිට අලෙවි වන රෝස මල් සහ වැලන්ටයින් කාඩ් දකින විට
ආදරයද විරහව තරමටම මාකට් කල හැකි බව පෙනේ...
හෝලි ෆෙස්ට් වලින් පසු ඉවෙන්ට් ඕගනයිසර් ලාට අද තවත් කල්ල මරේ දිනයකි..
පසුගිය දින කිහිපය පුරාම බුකියේ වැලන්ටයින් පාටි සඳහා විශාල වශයෙන් ආරාධනා ලැබිණි...
වැලන්ටයින් සමරන්නේ කෙල්ලන් පමණක් යැයි සිතාද මන්දා බොහෝ ඒවා ලේඩීස්
වෝල්කින්ෆ්රී ...
කවුරුන් හෝ හම්බකරගන්නවාට විරුද්ද නොවෙමි...
නමුත් මේ විකුනන්නේ ආදරය නම් එහි යම් සදාචාරයක් තිබිය යුතුය....
නැතිනම් මේ වැලන්ටයින් පාටි ත් තවත් හෝලි ෆෙස්ට් එකක්ම වනු ඇත...
එසේ බලන විට ලංකාවේ මිනිස්සු පට්ට හොඳය...
ආදරවන්තයින්ට සෑහෙන්න ආදරේය....

පිවිසුම
 

Monday, February 16, 2015

නව කලාකාමී රසවින්දනාත්මක බ්ලොග් පිටුවක් "සේයා"

මුඩුබිමේ අවසන් සේයා සටහන්



මැදපෙරදිග මුඩු බිමේ ජීවිතයට සමුදීලා මං ආපහු ලංකාවට ගොඩ බැස්සෙ මේට මාසෙකට කලින්. පිටිසර ගමක ගෙවන ජිවිතය අතරතුර කැමරාව නිතරම ක්‍රියාත්මක උනත්, බ්ලොග් එක යාවත්කාලීන කරන්න නම් අවකාශයක් ලැබුනෙ නෑ. ඒ අපේ පලාතට කිසිම සන්නිවේදන ආයතනයක අන්තර්ජාල පහසුකම් ලැබෙන්නෙ නැති නිසා. 2G පහසුකම් විතරයි අපට ලැබෙන්නේ. ඉතින් ඒ හරහා එක පින්තුරයක් උඩුගත කරන්නත් සෑහෙන්න වෙලාවක් ගත වෙනවා. ඒ නිසා ඉදිරියට තනි පින්තුරේ බැගින් පල කරන්නවත් උත්සහ කරන්නයි හිතන් ඉන්නෙ. 



මේ බ්ලොග් සටහනේ පල කරන්නෙ කටාර් වල මං ගෙවපු අවසන් කාලයේ ගත්ත පින්තූර කිහිපයක්. 



කටාර් රාජ්‍යයේ පිහිටන එකම තෙත් බිම අල් කෝර් ආසන්නයේ තියෙන Purple Island කියන අර්ධ දූපතේ කදවුරු ලෑමට ගිය දවසකයි මේ පින්තුර ටික සටහන් කර ගත්තේ.

හිරු උදාව

පිවිසුම
http://pinthorawick.blogspot.com/

Thursday, February 12, 2015

නවලොව තොරතුරු තාක්ෂණ දැනුම බ්ලොග් එකක් "LKTips.com "

Flying Twitter Birds - Wordpress Plugin


මේ Plugin එක ඔබේ Wordpress බ්ලොග් එකට දාගත්තට පස්සේ ඔබේ බ්ලොග් එකේ පුරාම Twitter කුරුල්ලා පියාබනවා. ඒක තමයි මේ Plugin ඒක දාගත්තාම වෙන දේ. මෙතන Twitter කුරුල්ලා විතරක් නමේ කුරුල්ලෝ ගොඩක් ඉන්නවා එවුන්ගෙන් කැමති එකක් ඔබේ බ්ලොග් එකට දාගන්න පුලුවන්. ඔන්න ඕනම් මෙතනින් ගිහින් ගන්න https://wordpress.org/plugins/flying-twitter-birds


පිවීසුම
http://www.lktips.com/ 

සාහිත්‍යමය රසවින්දනාත්මක බ්ලොග් එකක් "කඩයිම"

වෙන කොහෙද, කඩේ බන් ....





අඩි දෙක තුනක් 
උඩින් යන්නට 
හිතෙයි නම් උඹට 
පව් කියා සිතෙයි මට 
වරක් නොව සිය දහස් 
වතාවත් ඇසිල්ලෙන් ...

අහංකාරකම් නම් 
එමට ඇත සැමතැනම 
දවසක ඔය අහංකාරය 
නිලංකාරය වෙයි 
උඹටත් නොදැනීම ...

පිවිසුම
http://kadayima.blogspot.com/