Monday, June 29, 2015

විශේෂ ක්‍රීඩා බ්ලොග් පිටුවක් " MoraSpirit "

කිසි Go එකක් නැ බන් ...

                






  රාජ්‍ය වීශ්විද්‍යාල වනාහි ලංකීය අනාගත බුද්ධිමතුන්ගේ නිවහන කිවොත් මා නිවැරදි . ඔය වනාහි ගැබුරු වචන වලින් ඉවත් වේලා අපි අපේ කැමිපස් ලයින් එකට මේක ලියමු නේද මොරටු කොල්ලෝ කෙල්ලනේ ... මොරටුව කිවා ඉතින් ඇක දාන තැනක් ලෙසන ගොඩක් ප්‍රසිද්ධ ඒ වුනත් මේ උදේ ඉදන් රූ වෙන කමි අයිස් ලන්තයේ ,
අපායේ ඇක දාන වුන් අතර පිටිටනියේ රෑ 9 ,10 වෙනක් සෙල්ලම් කරන කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා . රගර් , පාපන්දු , බේස්බෝල් වගේ නොයෙක් සෙල්ලම් කරන කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා .  මේ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තමන්ගේ කාලය මේ වෙනුවෙන් කැප කරන්නේ ඔවුන්ගේ ආශාවන්වලටත් වඩා මොරටු මාතාව තව වරක් 2013 ,2014 දී රාජ්‍ය අන්තර් විශ්ව්ද්‍යාලක්‍රීඩා තරඟාවලියේදී ශූරතාවය ලබා ගැනීමටයි . මේ ලිපිය ලියවෙන විටත් මොරටු කොල්ලේ කෙල්ලෝ ඒ ශුරතාවය ලබා ගැනීමේ සටනට බැස ඇත. ඒ නිසාම මේ වන විට දෙවන ස්ථානය ලබාගෙන ඇතලකුණු 98 ලබාගෙන හැබැයි දෙක වේලා ඉන්නේ ගියපාර 4 වෙනි ස්ථාන ලබාගත් විශ්වවිද්‍යාලයට . හිතෙන විදිහට අපිට මේ පාරත් එක දාගන්න පුළුවන් වෙයි. අපේ ඇක දාන වුන් ගොඩක් වේලාවටsemester exam සෙටි වුනාම අපායට හරි ලයිබිරියට හරි සෙට් වේලා පණ දාගෙන ඇක දානවා ඒ වුනත් මේ තරඟ වලට තරඟ වදින අප සහෝදර සහෝදරියන් මාස ගාණක සිට සැලැසුම් සහගත ලෙස සුදානම් වනුඇත ඒ තමන්ගේ ඇක දාන කාලයද කැප කරම්න් වේ . මේ පාර ඇයි බන් කිසි ගෝ එකක් නැත්තේ . අපි ඇක දාන්න ආසයි ඒ වුනාට අපිත් මිනිස්සු  අපි හැමෝමට ලස්සන අනාගතයක් දකින්න අපි හැමෝම සිහින මවනවා ඒ අතර තමන් ඉගෙන ගත්ත විශ්වවිද්‍යාල වෙනුවෙන් රන් පදක්කමක් පළදින්න සිහින මවන සහෝදර සහෝදරියන් අප අතර ඉන්නවා අපි හැමෝම මොරටු කෙල්ලෝ කොල්ලෝ ඉතින් අපි එක වන්ව ඉන්නවා මොරටුව ප්‍රශ්නයක්  එනවා නමි ඉතින් ඇයි එතකොට මේ වගේ තරඟාවලියකදී අපි එකා වන්න නැත්තේ ඇයි උඔලා ගේ හිත්වල ඊරිසියාව නැත්තම් අකමැති මොරටු මාතාව වෙනුවෙන තරඟ වදින කොල්ලෝ කෙල්ලෝ අන්තිම වටයට ඉන්නවා දකින්න .හැමදාම මේ තරඟවල ඉන්නේ කොල්ලෝ කෙල්ලෝ වෙනුවෙන් ඉන්නේ කිහිප දෙනයි එත් ඔවුන් වෙනුවෙන් විශ්වවිද්‍යාලම කමොන් මල්ලී ,නංගි ,අක්කා ,අයියා කියලා කැගහනවා නම් ඒ වචන ටික ඇති අපේ වුන්ට 2014  දිනපු ඒ දේ ගෙන එන්න .ඉතින් ඒ දේ කරන්න එක් වෙන්න ඔය දාන ඇක පොඩ්ඩක් ඇත් කරලා පොඩිඩක් අපේ වුන් ගැනත් හිතන්න ඔබේ හිත වෙනස් කරගන්න දිනමු කොහොම හරි මේ පාරත් අන්තර් ව්ශ්විද්‍යාල තරඟාවලිය. එක මේ පාරත් අපි ගනිමු නේද මොරා  කොල්ලනේ කෙල්ලනේ .

.........................................

 

පිවිසුම

http://moraspiritblog.blogspot.com/ 

Sunday, June 28, 2015

ශ්‍රී ලංකාව පිළිබඳ ඉතා වැදගත් තොරතුරු රැගත් බ්ලොග් පිටුවක් " INFORINSRILANKA"

රේල් වෙඩි - Railway Detonator

රේල් වෙඩි යනු දුම්රිය මාර්ගයේ, දුම්රිය පීල්ලට සවි කරනු ලබන වෙඩි විශේෂයකී. මෙම වෙඩි වෘතාකාර හැඩයක් ගන්නා අතර මේවා දුම්රිය මාර්ගයේ සේවයේ නියුතු ජංගම මුරකරු වෙත ලබාදී ඇත. ජංගම මුර කරු සතුව ඇති උපකරණ බටයේ මෙම වෙඩි අඩංගුය. ජංගම මුරකරු දවසේ පැය 24 පුරාම දුම්රිය මාර්ගය නිරන්තරයෙන් පරික්ෂාවට ලක් කල යුතුය. දුම්රිය මාර්ගයට යම් කිසි අනතුරක් සිදුවිය හැක.  ගසක් කඩා වැටීම, ගල් පෙරලීම, නායයැම, ආදිය, නිසා මාර්ගය අවහිර විය හැක. එවන් අවස්ථාවලදී දුම්රිය නතර කර ගැනීම සදහා මෙම රේල් වෙඩි හෙවත් පිලි වෙඩි භාවිතයට ගන්නේය.

අනතුරක් ඇති ස්ථානයට කිලෝමීටර් 1/2 ක දුරින් දුම්රිය එන දිශාවේ රියදුරු සිටින පැත්තේ (වම් පැත්ත) මෙම පිලි වේඩි බදිනු ලැබේ. එසේ බදිනු ලබන පිලිවේඩි දුම්රිය රෝදයේ බර සහ පීඩනයට පුපුරා ශබ්දයක් පිටවේ. එයින් දුම්රියේ රියදුරු යම් බාධකයක් ඉදිරියෙන් ඇති බව දැනගෙන දුම්රිය නතර කරනු ලැබේ. 

1841 දී ඉංග්‍රිසි ජාතික එඩ්වඩ් ඇන්ෆඩ් කවුපර් (Edward Alfred Cowper) විසින් රේල් වෙඩි මුල් වරට සොයාගෙන නිෂ්පාදනය කරන ලද්දේය.

ඇම්රිකා‍වේ ඇති රේල් වේඩි හතරැස් හැඩයක් ගන්නා අතර එය එරට Torpedo යන නමින් හදුන්වනු ලැබේ.

ඉහත කී පරිදි මෙම දුම්රිය වෙඩි දුම්රිය මාර්ගයේ සේවසේ නියුතු දුම්රිය මාර්ග ජංගම මුරකරුට අමතරව 1. යතුරු කරු 2. දුම්රියේ රියදුරු සහ 3. දුම්රියේ සිටින ගාර්ඩ් වරුන් දෙදෙනාටද ලබාදී ඇත. දුම්රියේ රියදුරුට සහ හාර්ඩ් වරුන්ට ලබාදී ඇත්තේ තමා සේවය කරන දුම්රියට හෝ දුම්රිය මාර්ගයට (පීලි පැනිම වැනි) අපදාවක් සිදුවුව හොත්, මාර්ගයේ යම් හේතුවක් නිසා ටැබ්ලට් රහිතව පැමිණිය හැකි ඩක්කු, රේල් බස් හෝ දුම්රිය, අනතුර සිදුවී ඇති ස්ථානයට ලගාවීම වැලැක්වීම සදහාය.

........................................................

පිවිසුම
http://inforinsrilanka.blogspot.com/




Friday, June 26, 2015

ජනප්‍රිය තොරතුරු විචාර හා විවිධාංග බ්ලොග් එකක් " ඇවිද්ද පය "

කුමාර් සංගක්කාර තම කණ්ඩායම් සගයන් ගැන කියන කතා ......

මහේල ජයවර්ධනගේ සිට එංගලන්ත නවක ක්‍රීඩක මාර්ක් වුඩ් දක්වා......

තම විසි අවුරුදු ක්‍රීඩා දිවිය තුල ක්‍රීඩා කල කණ්ඩායම් සගයන් ගැන කුමාර් හෙළි කරණ සැඟවුණු සත්‍ය කතා.
ඔහු මේ අදහස් ඵල කලේ ස්කයි ස්පෝර්ට්ස් විසින් පවත්වන 2015 වසරේ ප්‍රාන්ත ක්‍රිකට් තරග වාරයේ - කණ්ඩායම් සගයන්ගේ තොරතුරු අනාවරණය කෙරෙන වැඩසටහනකදීය.  මෙම වැඩසටහන වෙනුවෙන් එක්වන නවතම ක්‍රීඩකයා වන්නේ, සරේ ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරන කුමාර් සංගක්කාර වන අතර තම ජාත්‍යන්තර සහ දේශීය මිතුරන් ගැන ඔහු ඵල කල අදහස් මෙසේය
 
  පිවිසුම

Thursday, June 25, 2015

සිංහලෙන් තොරතුරු තාක්ෂණික පුවත් හා දැනුම සම්බන්ධ විවිධාංග බ්ලොග් එකක් " ෴ සිංහල Tech පාරාදීසය ෴"

කුරුල්ලන්ගෙන් පොඩි Fun එකක් ගමුද.....!


කුරුල්ලන්ගෙන් ආතල් ගන්න

Angry Birds Pc Game


මෙන්න මම තව පුංචි game එකක් අරගෙන ආවා.... මේක ගැන දන්නෙ නැති අයනම් නැති තරම්...

මේක ගහලා තියන උන් නම් දන්නවා මේ Game එකේ තියන ආතල් එක.... ගොඩක් උන් මේ ගැන තාම දන්නෙත් නැතුව ඇති කියලා හිතලා තමයි මමත් මේක දැම්මේ.....

හරි ඉතින් වැඩි කතා ඔනෙ නෑ....
පල්ලෙහායින් බා ගන්න.....

DOWNLOAD

මේක 53mb විතරයි.... ඔන්න දැන් ඔය උඩ ලින්ක් එකෙන් ගිහින් බා ගන්න......

එහෙනම් ගිහින් එන්නම්.... කට්ටියටම Good Night කිව්වා හරිනෙ එහෙනම්.....

පුළුවන් නම් comment එකක් දාගෙනම යන්න.....
......................................
පිවිසුම

Wednesday, June 24, 2015

චිත්‍රපට හා කලා රසවින්දනාත්මක තොරතුරු වෙබ් අඩවියක් " Cinema.lk "

සනී ලියොන් එක්ක අධ්‍යක්ෂකවරු වැඩකරන්න කැමති මේන්න මේ නිසයි



Sunny-Leone-Wallpapers-HD-2012-8

සනී දැන් ඉන්දියාවේ තරුවක් වී හමාරයි.මේ වසරේත්…එළැඹෙන වසරේත් ඇය දැවැන්ත සිනමා නිර්මාණ කිහිපයක්ම බාර අරන්.මුලින් මුලින් අයිටම් සොන්ග් කරන්න විතරක් ආපු සනී දැන් දැන් ලොකු ලොකු කැරැක්ටර්ස් කරන්න පටන් අරන්.ඉන්දියාවේ ඉන්න සිනමා ප්‍රේක්ෂකයන් විතරක් නෙවෙයි දැන් අධ්‍යක්ෂකවරුන් පවා සනීට පිස්සු වැටිලා.රාගිනි එම් එම් එස් 2 චිත්‍රපටයේ රැ ගැන්වීමක් අතර කරපු කතා බහක් තමයි පහතින් තියෙන්නේ.එකේ බැලුවම තේරේවී සනී එක්ක වැඩ කරන්න හුඟ දෙනෙක් වැඩ කරන්න කැමති ඇයි කියලා
.......................................................

පිවිසුම
http://cinema.lk/ 

අතීතය සිහිනයක් පමණ යි…

999
අතීතය පිළිබඳ අපට ඇත්තේ මතකයක් පමණි. සිහිනයකින් ශේෂ වන්නේ ද මතකයකි. එබැවින් එක්තරා කෝණයකින් “අතීතය සිහිනයකි”. අස්ථිර වූ ආදරයක ස්ථිරත්වය සොයායන්නෙකු සහ ස්ථිර වූ ආදරයක ස්ථිරත්වය සොයායන්නෙකු මට හමු විය. කවුරුන් නිවැරදි දැ යි ප්‍රශ්න කළහොත් දෙදෙනා ම වැරදි බව හැඟේ. මන්ද ස්ථිර වූ ආදරයක ඇත්තේ අස්ථිර බවක් නිසාවෙනි. ආදරය යනු සංකල්පයකි. එය හුදෙක් ස්පර්ශ කළ හැකි දෙයක් නොවනු ඇත. තාත්වික ලෝකය තුළ දී සිදුවන්නේ ආදරය අනුරූප වීම විනා එය භෞතික දෙයක් නොවේ. එබැවින් ස්ථිර වූ ආදරය පසුපස හඹායෑම තුළින් හමුවන්නේ අස්ථිර බවකි. “එදා සෙනෙහෙන් නොබැදුනා නම් මෙදා වියොවක් නෑ” කියන්නට මා කැමති නැත්තේ එබැවිනි.
- See more at: http://fos.cmb.ac.lk/blog/past_is_just_a_dream/#sthash.4O5kZ9Yu.dpuf

අතීතය සිහිනයක් පමණ යි…

999
අතීතය පිළිබඳ අපට ඇත්තේ මතකයක් පමණි. සිහිනයකින් ශේෂ වන්නේ ද මතකයකි. එබැවින් එක්තරා කෝණයකින් “අතීතය සිහිනයකි”. අස්ථිර වූ ආදරයක ස්ථිරත්වය සොයායන්නෙකු සහ ස්ථිර වූ ආදරයක ස්ථිරත්වය සොයායන්නෙකු මට හමු විය. කවුරුන් නිවැරදි දැ යි ප්‍රශ්න කළහොත් දෙදෙනා ම වැරදි බව හැඟේ. මන්ද ස්ථිර වූ ආදරයක ඇත්තේ අස්ථිර බවක් නිසාවෙනි. ආදරය යනු සංකල්පයකි. එය හුදෙක් ස්පර්ශ කළ හැකි දෙයක් නොවනු ඇත. තාත්වික ලෝකය තුළ දී සිදුවන්නේ ආදරය අනුරූප වීම විනා එය භෞතික දෙයක් නොවේ. එබැවින් ස්ථිර වූ ආදරය පසුපස හඹායෑම තුළින් හමුවන්නේ අස්ථිර බවකි. “එදා සෙනෙහෙන් නොබැදුනා නම් මෙදා වියොවක් නෑ” කියන්නට මා කැමති නැත්තේ එබැවිනි.
- See more at: http://fos.cmb.ac.lk/blog/past_is_just_a_dream/#sthash.4O5kZ9Yu.dpuf

අතීතය සිහිනයක් පමණ යි…

999
අතීතය පිළිබඳ අපට ඇත්තේ මතකයක් පමණි. සිහිනයකින් ශේෂ වන්නේ ද මතකයකි. එබැවින් එක්තරා කෝණයකින් “අතීතය සිහිනයකි”. අස්ථිර වූ ආදරයක ස්ථිරත්වය සොයායන්නෙකු සහ ස්ථිර වූ ආදරයක ස්ථිරත්වය සොයායන්නෙකු මට හමු විය. කවුරුන් නිවැරදි දැ යි ප්‍රශ්න කළහොත් දෙදෙනා ම වැරදි බව හැඟේ. මන්ද ස්ථිර වූ ආදරයක ඇත්තේ අස්ථිර බවක් නිසාවෙනි. ආදරය යනු සංකල්පයකි. එය හුදෙක් ස්පර්ශ කළ හැකි දෙයක් නොවනු ඇත. තාත්වික ලෝකය තුළ දී සිදුවන්නේ ආදරය අනුරූප වීම විනා එය භෞතික දෙයක් නොවේ. එබැවින් ස්ථිර වූ ආදරය පසුපස හඹායෑම තුළින් හමුවන්නේ අස්ථිර බවකි. “එදා සෙනෙහෙන් නොබැදුනා නම් මෙදා වියොවක් නෑ” කියන්නට මා කැමති නැත්තේ එබැවිනි.
- See more at: http://fos.cmb.ac.lk/blog/past_is_just_a_dream/#sthash.4O5kZ9Yu.dpuf

Tuesday, June 23, 2015

තොරතුරු විස්තර විවිධාංග බ්ලොග් එකක් " අවන්හල "

පොඩීඊඊඊඊඊඊ කතාවක්


                            අපි ඉතිං වානර ය ගෙන් පැවත එන්නන් නො වැ.. ඒත් ඉතිං ඉල හිටල අපි උන්නැහේටත් අපහාස කොරන වෙලාවල් තියේ.., උන්නැහෙ කීවේ අපේ මුතුන් මිත්ත.., ඔව් ඔව්... අර මහා වානරය තමා... ඉතිං අපිත් කියනව නෙ ව වඳුරෙක් එහෙම දැක්කොත් අන්න උඹේ නෑදෑයෙක් කියල මාත් ඔය වචන සෙට් එක අනන්ත අහගෙන ඇති.. අර කතාවටත් කියන්නෙ හැට පැන්නත් වඳුර බිමිං නොයයි කියල... මේ කතාවත් අන්න ඒ වගේ අත් ඇර ගන්න බැරි පුරුද්දක් ගැන.



                                   මං කොහෙ හරි යන්න ලෑස්ති වෙනව කියල අපේ තාත්ත එහෙම දැක්කොත් අහන්නෙ කොහෙද යන්නෙ කියල... ඒත් ඉතිං මනුස්සය දන්නව මොකද්ද හම්බෙන උත්තරේ කියල. ඒත් අහනව නිකං පුරුද්දට වගේ... "පොඩි ගමනක්.." එච්චරයි ඊට පස්සෙ ආයෙ මට අනිවාර්යෙන් ඇහෙන වචන සැට් එකකුත් තියේ.., 
ඔව් ඔව් උඹේ "පොඩි ගමන්" නතර වෙන්නෙ ඉතිං පේදුරුතුඩුව ට ත් ගිහින් තමා... ඒ තමා අපේ තාත්ත ලංකාවෙ ගියපු වැඩිම දුර මං හිතන්නෙ. මොකද මනුස්සය කීවොත් ඉතිං පේදුරුතුඩුවයි දෙවුන්දර තුඩුවයි ගැන තමා.. මං කියල වුණත් ඊට එහා ගිහිං නං නෑ... තාත්ත නං ළගදි ඉන්දියාවෙත් ගිහිං ආව... ඒත් අර කතාවෙ වෙනසක් නෑ... ඒ වගෙම තමා "පොඩි" වැඩක්... "පොඩි" කතාවක්... "පොඩි" ඇක්සිඩන්ට් එකක්... මං මොකක් හරි කීවොත් ඔය "පොඩි" කියන විසේසොන පදේ දාල, අන්න අපේ ගෙදර උදවිය දන්නව එහෙනං තත්වෙ ටිකක් බරපතලයි කියල... බැරි වෙලා හරි මං කීව නං හෙණ පත ඇක්සිඩොං එකක් එහෙම වෙලා කියල අපේ ගෙදර ඈයො ගාණකට වත් ගන්නෙ නෑ.. ඔව් ඔව්... අර යාංගල්මෝදර කෝච්චියයි බස් එකයි හැප්පිච්ච වෙලාවෙත් මං කියල තියෙන්නෙ උදේ පොඩි ඇක්සිඩන්ට් එකක් වුණානෙ..  යංගල්මෝදර දි කෝච්චියකුයි බස් එක්කුයි  හැප්පුණා නෙ කියලලු .. මං දන්නෑ මටත් අපේ අම්ම තමා කියන්නෙ ...

ඉතිං ඔහොම වෙච්ච "පොඩි පොඩි" කතා ටිකක් කියන්න තමා මේ සූජානම...
.....................................................

පිවිසුම

තවත් අළුත් තොරතුරු විවිධාංග බ්ලොග් එකක් " සුදු පූසාගේ අඩවිය "

බැංකුවේ ජීවිතේ - පලමු සතිය

හා හාපුරා කියා බැංකු ජීවිතය ආරම්බ කල මාහට පලමු සේවා අංශය ලෙසින් ලැබුනේ පෞද්ගලික බැංකු කටයුතු අංශයයි (Personal Banking Unit). එහි ඒ වන විට කටයුතු කරමින් සිටියේ කණිෂ්ඪ විධායක නිලධාරීන් වූ සෙව්වන්දි අක්කා සමගින් හිරන්ත අයියායි. මාගේ ආගමනයත් සමගම මුදල් අයකැමිව සිටි වාමර පස්වන නගර ශාඛාවට ස්ථාන මාරුවක් ලබා ගිය අතර හිරන්ත අයියා තම කැමැත්තෙන්ම මුදල් අංශයට සංක්‍රමණය වෙන ලදී. සෙව්වන්දි අක්කා කැළණිය විශ්ව විද්‍යාලයේ උපාධිදාරිණියක් වු අතර නිතරම සිනහමුසු මුහුනෙන් කටයුතු කරන්නියකි. 

සිරිත් පරිදි උදෑසන 8ට පමණ කළමණාකාරතුමියගේ ප්‍රධානත්වයෙන් කෙටි සාකච්චාවක් සියලුම දෙනා එක්ව සිදුකරන්නේ දවසේ ඉලක්කයන් සහ දිනයේ සිදුකල යුතු කටයුතු පිලිබදවයි. ඉන් පසුව සියලු දෙනා එක්ව ගායනා කරනුයේ ලංකා බැංකුවේ ගීතයයි. .................................................................

පිවිසුම
http://sudupoosa91.blogspot.com/

Monday, June 22, 2015

ශාස්ත්‍රීය තොරතුරු විචාර හා විවිධාංග බ්ලොග් එකක් "ansathu dinapotha "

ලෝකයේ උසම දුම්රිය මාර්ගය

වර්ශ 2006 දී හූ ජින්තාවෝ ජනාධිපති තුමාගේ මැදිහත් වීමෙන් චීනයේ ක්සිනින් නගරයේ සිට ටිබෙටයේ ලාහ්සා නගරය දක්වා අතිශය දුෂ්කර දුම්රිය මාර්ගයක් විවෘත කලා. ඒ දුම්රිය මාර්ගයේ වැඩිකොටසක් තියෙන්නෙ මුහුදු මට්ටමේ සිට මීටර 4000ට වඩා උසින්. දැනට ලෝකෙ තියෙන දුම්රිය මාර්ග වලින් වැඩිම උසකින් පිහිටා තිබෙන දුම්රිය මාර්ගය තමයි ක්සිනින් ලාහ්සා දුම්රිය මාර්ගය. මේ දුම්රිය මාර්ගය 2001 ජුනි මස 29 වෙනිදා පටන් අරං 2005 ඔක්තෝම්බර් මස 12 වෙනිදා වැඩ නිමකලා. දැනට මේ දුම්රිය මාර්ගය ඔස්සේ චීනයේ ෂැංහය්,බෙයිජින්, ගුආන්ශු,ක්ෂියාන් ආදී තැන්වල සිට ටිබෙටයේ ලාසා වලට දුම්රිය සේවා ක්‍රියාත්මක කරනවා. 

ලෝකයේ වැඩිම උසක් තිබෙන දුම්රිය ක්වින්ග්හායි ලාසා මාර්ගය කදුමතින් මිනිස්සුන් නැති කාන්තාර බිම් මතින් අයහපත් ශීත කාලගුණයන් යටතේ අඩු ඔක්සිජන් සැපයුමක් තිබියදී පවා වසර 5කින් නිම කරන්න චීනයට හැකි වෙනවා. සීතලට හිම මිදෙන කදුවල වැසි කාලයට සහ ශීත කාලය නිමවීමත් සමගම එක වකවානුවකදී පොලව මඩ සහිත ස්වභාවයක් ගන්නවා. ඒ තත්වයන්ට ඔරොත්තු දෙන විදියට දුම්රිය මාර්ගය සැලසුම් කරන එක එක්තරා විශාල අභියෝගයක් වෙනවා. 
 

පිවිසුම

Saturday, June 20, 2015

ශාස්ත්‍රීය විචාරාත්මක හා තොරතුරු විවිධාංග බ්ලොග් එකක් " ඇසි දිසි මානය "

බ්‍රිතාන්‍යයන් විසින් සාඩම්බරයෙන් සමරන වෝටර්ලූ සංග්‍රාමය​

බ්‍රිතාන්‍ය හමුදා ඉතිහාසය තුල වෝටර්ලූ සංග්‍රාමය කෙරෙහි දක්වන විශාල අවධානය එක්තරා ආකාරයකින් අධි තක්සේරුවකි. අනෙක් අතින් එහි වරදක් ද නැත​. නමුත් බොහෝ දෙනා විසින් අමතක කරනු ලබන කාරණය නම්, වෝටර්ලූ සංග්‍රාමයේදී නැපෝලියන් පරාජය වීම ඔහුගේ වැටීම ඉක්මන් කළා පමණක් බවයි. යම් හෙයකින් නැපෝලියන් එම සටනෙන් දිනූවද​, ඔහුගේ වැටීම ඒ වන විට අනිවාර්යයෙන් සිදු විය යුත්තක් බවට පත්ව තිබුණි.


අනෙක් අතට​, බ්‍රිතාන්‍යය මෙම සටන ජය ගැනීම නැපෝලියන් අධිරාජයාගේ වැටීම පිළිබඳ ගෞරවයෙන් වැඩි කොටස එම රටට දිනා දීමට සමත් වූයේය​. යම් හෙයකින් එම සටනෙන් නැපෝලියන් ජය ලද්දේ නම්, නැපෝලියන් පරාජය කිරීමේ අවසාන ගෞරවය වෙනත් රටකට අයත් වීමට ඉඩ තිබිණ​.

1814 අප්‍රේල් මාසයේදී සිහසුන අතැර ගිය නැපෝලියන් නැවත බලයට පැමිණියේ 1815 මාර්තුවේය​. ඔහු එතැන් පටන් මිත්‍ර පාක්ෂික රටවලට එරෙහිව ආරම්භ කළේ ජය ගැනීමට අතිශයින්ම අපහසු සටනකි. බ්‍රිතාන්‍යය​, රුසියාව, ඔස්ට්‍රියාව යන දැවැන්තයින් ද​, ප්‍රශියාව, ස්වීඩනය ආදී තවත් රටවල් කිහිපයකින් ද සැදුම් ලත් 'හත්වැනි සන්ධානයට​' එදිරිව කෙරුන අරගලයකින් දුර්වල වී සිටි ප්‍රංශය ජයගනිතැයි සිතීම උගහට වූයේය​.

..................................................

පිවිසුම
http://asidisimaanaya.blogspot.com/ 

Friday, June 19, 2015

වැදගත් දැනුම තාක්ෂණික විවිධාංග බ්ලොග් එකක් " Top Sinhala Blog "

මෙම වෙබ් අඩවිය භාවිතා කිරීමට පෙර ඔබ අනිවාර්යෙන්ම කියවිය යුතු ලිපිය

Welcome

මොකද්ද මේ වෙබ් අඩවිය?

TopSinhalaBlog අඩවිය පටන් ගත්තේ සිංහල තාක්ෂණික බ්ලොග් අඩවියක් විදියට 2013 සැප්තැම්බර් මාසයේ 3 වැනිදා. එදා සිට අද දක්වා අපි ලිපි 150 කට වඩා මෙම අඩවියට එකතු කරලා තියනවා. දහස් ගණන් පිරිසක් පිරිසක් මේ වෙන කොට එම ලිපි කියවලා තියනවා.
බ්ලොග් අඩවිය කියවන අපේ වටිනා සාමාජිකයන්, හුගක් විට Contact Form එක හරහා සහ Facebook හරහා ප්‍රශ්න යොමු කරනවා. අපි හුගක් අයට හැකි පමණින් උදව් කරා. නමුත් ඒ සෑම ප්‍රශ්නයකටම පිළිතුරු දීමට අපිට කාල වෙලාව මදි.
එම නිසා මෙම බ්ලොග් අඩවිය Blog+Forum ආකාරයට අපි දියුණු කළා.
ඒ වගේම දැනුමෙන් පොහොසත් ගොඩක් අය ශ්‍රී ලංකාවේ ඉන්නවා. ඒ අයට පුළුවන් නම් හැකි විදියට එයාලගේ දැනුම අපගේ බ්ලොග් අඩවිය හරහා Share කරන්න.
........................................................................

පිවිසුම
http://topsinhalablog.com/ 

Thursday, June 18, 2015

කලා සාහිත්‍ය හා රසවින්දනාත්මක බ්ලොග් පිටුවක් " !!.ගීතාඞ්ජලී | Gitanjali.!! "

ගයන්නට මා රැගෙන ආ ප්‍රගීතය | තෙලෙස් වන ගීය


ප්‍රගීතය.!
මා ගයන්නට රැගෙන ආ,
ගොළුව නිහඬව ඇත
අද වන තුරු ද

වෙණ තත් සිඳිමින් ද
යළි යළිත් සදමින් ද
ගෙවා ඇත මා දින ගණන්

සුදුසු කාලය මෙතුවක්
සැබෑවක් නොම විය,
වදන් වැල් නිසි ලෙස
බැඳී ගැලපී නොමැත.
අහිමි පැතුමක අමිහිර පමණක්
වෙලී පැටැලී රැඳී ඇත හද


................................................
පිවිසුම
http://geethanjalee.blogspot.com/ 

Wednesday, June 17, 2015

සමාජ දේශපාලනික විචාර හා කාලීන සිදුවීම් පිළිබඳ බ්ලොග් එකක් "රතු හිතුවක්කාරයා"

හිතුවක්කාර ජීවිතය 03 – අාච්චිලා තරහ වෙලා…



au-1

පසුගිය සතිවල හිතුවක්කාරයා එක්ක යාළුවෙක් කිව්වා මෙහෙම,

‘‘මචං, මේ කතාවෙ කිසිම රතු ගතියක් නෑනේ. “

ඔව්, මං මුලින්ම කිව්වා වගේ හිතුවක්කාරයා රතු වෙන්නේ මීට අවුරුදු 6-7කට කලින්. (ඒ ගැන මෙතැනින්) ඉතිං මේ හිතුවක්කාරයා පුංචි අවධියේ එයාගේ සිතුවිලි, අත්දැකීම් සේරම මේ සමාජයේ සාමාන්‍ය ජන සංස්කෘතිය එක්ක බැඳිච්ච ඒවා. එහෙම සිතුවිලි ලෝකයක් වටා තමා මේ කතාව දැන් එතෙන්නේ.

හිතුවක්කාරයාගේ පවුල් පසුබිම ගැන මං කියලා තියෙනවනේ. මේ කියන්න යන්නේ හිතුවක්කාරයගේ ආච්චිලා, සීයලා තරහ වුණු කතාව. හිතුවක්කාරයගේ අම්මත් හිතුවක්කාර ජීවිතයක්, එයාගෙ අම්ම (හිතුවක්කාරයගේ ආච්චි)ට  අනුව. මොකද හිතුවක්කාරයාගේ අම්මා කියන්නේ කසාද බැඳලා වෙන්වෙලා ඉන්න මනුස්සයෙක් (ඒ ගැන අපි පස්සේ කතා කරමු.) එක්ක සම්බන්ධයක පැටළුණු ගැහැනියක්. ඇය වැඩ කරපු බිස්කට් පැක්ටේරියේ අයිතිකාරයත් එක්ක.

ඒ සම්බන්ධෙ රාගික සම්බන්ධයක් විතරද? එහෙමත් නැත්නම් අධ්‍යාත්මික සම්බන්ධයක්ද කියලා මතුපිටින් පෙනෙන කරුණු අනුව විග්‍රහ කරන්න යෑම බරපතල මුලාවක්. ඒ නිසා ඒ කාරණේ ගැන හිතුවක්කාරයාට තියෙන්නේ උදාසීන හැඟීමක්. 

.................................................................

 

පිවිසුම

https://rathuhithuwakkaraya.wordpress.com/ 

 

Tuesday, June 16, 2015

තවත් තොරතුරු විවිධාංග හා විචාරාත්මක බ්ලොග් එකක් " MALINDA WORDS "

The fisherman in a black shirt


Pic courtesy www.pearlceylon.com
This is the thirty third in a series I am writing
 for the JEANS section of 'The Nation'.  The
 series is for children. Adults consider
 yourselves warned...you might re-discover a
 child within you! Scroll down for other articles
 in this series. 

There are many who earn a living catching fish on the Bolgoda Lake.  People have done it for centuries.  Go there tomorrow and you’ll see fishing boats.  You’ll see nets.  You will see fishermen.    This is a short story about a single fisherman.  Maybe he is unique or maybe he is typical of his tribe.  Anyway, this happened about ten years ago and was related to me a few days ago by a friend who lives by the Bolgoda.  

My friend has wealth.  He lives comfortably.  He is most comfortable when he talks with people, helps those who need help and when he is able to bring people together to work on a project that uplifts lots of people, especially poor children.  He is generous. He is kind.  He enjoys a good joke and is at times philosophical. Let him tell the story.  The story, by the way, was related to me in Sinhala.

‘He passes my house almost every day.  I’ve seen him many times.  We had never talked.  I noticed that he always wore the same shirt.  Black shirt.  One day I stopped him and told him that I had something for him, a parcel of shirts.  I asked him if he would accept.  He replied, “I don’t go out anywhere, so what need do I have for shirts?”

‘We talked.  His wife earned money selling vegetables.  He said he had a daughter who wanted to go abroad and had been trying to do so.  He said he told his daughter “තියෙන  දෙයක් කාලා ඉමු” (Let’s eat whatever we have and let’s just live).  So she never left.  They live.’
.............................................................
පිවිසුම

Monday, June 15, 2015

සාහිත්‍යමය රසවින්දන හා විවිධාංග බ්ලොග් එකක් " දෙපන්හිඳ . . . "

ලියුමක් ආව දුරක්




කවදාහරි කාටහරි ලියලා තියෙනව ද ලියුමක්?

මට මතකයි මම ඉස් ඉස්සරම ලියුමක් ලියනකොට යන්තම් අවුරුදු හතක් අටක් විතර ඇති. හැබැයි ඉතින් ඕක ලිවීමේ ගෞරවය මට තනියම ගන්න බෑ. මොකද ඒක ලිවුවේ මේ බ්ලොග් එක කරන අනිත් එක්කෙනා, ඒ කියන්නෙ අනේමන්දා එක්ක එකතුවෙලා.

ගෙදර තිබිච්ච ලස්සන සුදු A4 කොළයක් කොහෙන්ද හොයාගෙන, ඊට පස්සෙ ඒකේ පාට පාට ප්ලැටිග්නම් වලින් විවිධාකාර මල්, සත්තු ඇඳලා තඩි බෝල අකුරු වලින් මොනවාදෝ කුරුටු ගාලා පළවෙනි වතාවට ලියුමක් ලියපු හැටි මට තාම මතක් වෙනවා. විශේෂත්වය තමයි ඒ ලියුම නිර්නාමික ලිපියක් වීම. ඒ වගේම ඒක යවන්නට නියම වෙලා තිබුණේ අපේ ගම්මුලාදෑනි සීයාට.

ලියුම අපිට තැපෑලට දාන්න පුළුවන් වුනා ද කියලා නම් මට හරි හැටි මතකයක් නෑ. ඒත් ඒ ලියුමේ අවසානයට ලියපු විකාර කවිය නම් මට හොඳට ම කටපාඩම්.

"කුරු කුරු නළුවා මමයි - කුරු කුරු නළුවා මමයි
ගීතය රස විඳ විඳ ඉන්නේ - පස්වෙනි හතු පෙත්තේ

කොටුවයි කූඹි කැලෙයි - ෆොටෝ ගන්න මම කූඹිච්චී
කූඹිච්චිගෙ හැඩ වැඩ බලලා - හැමෝම හිනැහෙනවා
හා! හා!"

....................................................................

පිවිසුම
http://depanhinda.blogspot.com/ 

Sunday, June 14, 2015

තොරතුරු හා ළමා අධ්‍යාපනික බ්ලොග් පිටුවක් "විදුල ළමා ගුවන් විදුලිය"

SLBC nurtured a bygone generation

UNDYING VALUES
The timbre of the children’s programmes of yesteryear still remain evergreen, though sadly ‘heard’ by lesser numbers in a backdrop of dominant visual media. With rapidly accelerating commercialisation of every sphere, children’s world being no exception, the call for programmes of the calibre of Lama theeraya, Lama Pitiya, Saraswathi Mandapaya, Handa Mama, is direly felt.
Whilst harnessing youthful talent and launching numerous prime names in an array of spheres, creators of such programmes heralded truly a Sri Lankan identity fusing creativity with strongly upheld values. The Nation relives the golden era of children’s programmes untarnished by the forces of the modern consumer world
................................................
 
පිවිසුම

Saturday, June 13, 2015

ඉතා වැදගත් නවලොව දැනුම හා තොරතුරු තාක්ෂණ වෙබ් අඩවියක් " TechGuru.lk "

BlackBerry සමාගම Android දුරකථන නිකුත් කළහොත් ඔවුන්ගේ අනාගතය කෙසේ වේවිද? 

 
BlackBerry සමාගම වරක් ජංගම දුරකථන ක්ෂේත්‍රයේ පුරෝගාමියා වුනා. පසුගිය වසර 8 පුරාවට iPhone සහ ප්‍රසිද්ධ Android දුරකථන කීපයක් සමග දැඩි තරගයකද නිරත වුවා. නමුත් දැන් ඔවුන්ට හිමි වී ඇත්තේ සියයට 1 ටත් අඩු වෙළඳපොළ කොටසක්.
ඔවුන්ගේ ඉදිරි ජංගම දුරකථන, Android මෙහෙයුම් පද්ධතිය මගින් බල ගන්වන්නට යන බව වාර්තා වනවා. මේ වසරේදී නිකුත් වීමට නියමිත නවතම slider වර්ගයේ දුරකථනය Android සමග පැමිණෙනු ඇතැයි රොයිටර් පුවත් සේවය පසුගියදා වාර්තා කලා. මෙම දුරකථනය ස්පර්ශ සංවේදී තිරයකින් සහ යතුරු පුවරුවකින් සමන්විතයි.
2014 වසර වන විට BlackBerry මෙහෙයුම් පද්ධතිය භාවිත කලේ 0.4% වැනි ඉතා සුළු පිරිසක් පමණයි. ඒ නිසා තම මෙහෙයුම් පද්ධතිය අත හැර Android වෙත මාරුවීමට තීරණය කරන්නට ඇත. කෙසේවෙතත් මේ රොයිටර් වාර්තාවට BlackBerry සමාගම ප්‍රතිචාර දැක්වීම ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. නමුත් ඔවුන් විද්‍යුත් තැපෑල හරහා යැවූ ප්‍රකාශයක දැක්වෙන්නේ තව දුරටත් ඵලදායිතාවය සහ ආරක්ෂාව වැඩි BlackBerry 10 මෙහෙයුම් පද්ධතිය වෙනුවෙන් කැප වී ක්‍රියා කරන බවයි.

“We don’t comment on rumors and speculation, but we remain committed to the BlackBerry 10 operating system, which provides security and productivity benefits that are unmatched,” a BlackBerry spokesperson told Reuters. BlackBerry 10 software was released in January 2013 and powers devices such as the BlackBerry Z10, BlackBerry Q10, BlackBerry Passport, BlackBerry Z30 and BlackBerry Q5″
තවද Google සමාගමද මේ සදහා ප්‍රතිචාරයක් දැක්වුයේ නැහැ. මේ වසරේ පැවැත්වුණු Mobile World Congress හි දී BlackBerry සමාගම නව ජංගම දුරකතනයක් නිවේදනය කලා. එය Samsung Galaxy S6 Edge හි මෙන් curved display එකකින් යුක්ත වුනා. නමුත් එය slide-out යතුරු පුවරුවකින්ද සමන්විතයි. නමුත් එම දුරකථනය රොයිටර් වාර්තාවෙහි සදහන් දුරකතනයද යන්න තහවුරු වී නැහැ. “Leap” ලෙස නම් කර ඇති සම්පූර්ණ ස්පර්ශ සංවේදී තිරයක් සහිත දුරකථනයක්ද ඔවුන් මේ සමුළුවේදී නිවේදනය කරලා.

....................................................

පිවිසුම

http://techguru.lk/ 

Friday, June 12, 2015

තවත් විචාර විවිධාංග හා තොරතුරු බ්ලොග්පිටුවක් " තිසරගේ අඩවිය "

හොල්මන් ගුහාව


දිගු විවේකය ගතකරනු වස් තොම්සන් සහ සොම්සන් තම පාසල් මිතුරෙකු වන රත්නපුර පිහිටි පියල්ගේ
නිවසට යාමට තීරණය කල රහස් පරීක්ෂක දෙපල තමන්ගේ මිතුරා අමතා පිටත්වූයේ තම නිවාඩු කාලය ඉතාමත් ප්‍රීතියෙන් යුතුව ගත කිරීමට දෙදෙනාටම ඇති උනන්දුව උදෙසාය. ඒ සඳහා පිටකොටුවට පැමිණ රත්නපුර බලා දිවෙන බසයක නැග තම ගමන් ආරම්භය සනිටුහන් කල මොවුන් දෙදෙනා පැය කිහිපයකට පසු රත්නපුර පිහිටි තම මිතුරාගේ නිවසට සේන්දු විය. මේ අතරම මෙම පැමිණීම සම්බන්දව බොහෝ සෙයින් සතුටට පත්ව සිටියේ රහස් පරීක්ෂකවරු දෙදෙනාගේ මිතුරා වූ පියල්ය එයට ප්‍රධාන හේතු දෙකක් ඔහු සතුවිය එනම් තම මිතුරන් දෙදෙනා නැවත හමුවන්නේ අවුරුද්දකට ආසන්න කාලයකට පසුව මෙන්නම රත්නපුර ප්‍රදේශය තුල ඇති ගැටලුවක් විසදීමට මේතුලින් හැකියාව ලැබීමත් යන හේතු නිසාය. තොම්සන් දෙපල සාදරයෙන් පිලිගත් ඔහු ආගිය තොරතුරු හුවමාරු කරගනු ලැබුවේ මෙය තිදෙනාටම මහත් ප්‍රීතිමත් අවස්තාවක් වූ හෙයිනි.


“ කොහොමද මචං අලුත් තොරතුරු අපි ගොඩ දවසකින් රත්නපුරයට ආවේ දැන් හරි දියුණුයි නේ මේ පැත්ත”


" නැතුව නැතුව ආස්චර්යයි යහපාලනයයි එකතුවුනාම හොරු නැති වෙනවා රට සංවර්ධනය වෙනවා එකේ ප්‍රතිපලේ තමයි රත්නපුරේ "


" රෙද්ද තමයි " සොම්සන් මිමුණුවේය.


" ඒක නෙමේ මචංලා උඹලා ආපු එකේ මට ලොකු වැදගත් වැඩක් තියනවා කරගන්න ඒක මට විතරක් නෙමේ අපේ මුළු ප්‍රදේශයටම වැදගත් වෙන වැඩක් "  ඒ පියල්ගේ හඬය.


" ඒ මොකක්ද බං ඒ "  සොම්සන් මහත් කුතුහලයෙන් යුතුව පියල්ගෙන් විමසුවේ ප්‍රදේශයට වැදගත් වන්නා වූ වැදගත් වැඩේ කුමක්ද යන්න දැන ගැනීමේ අටියෙනි.


" මේකයි මචං අපේ පැත්තේ තියනවා පොඩි පතලක් ඒකේ කලිං මැණික් ගැරුවා දැන් ඒ පතල ඒ අය අත ඇරලා ගිහින් තියන්නෙ හේතුව එකේ හොල්මන් ඉන්නවා කියලා ගොඩ දෙනෙකේ දැකලා තියනවා ඒ වගේම ඒ පතල අවට ප්‍රදේශය ගොඩක් පාලුවට ගිහින් තියන්නේ මේ හොල්මන් කතාන්දරය නිසා දැන් ඒක කැලෑවක් වෙලා " පියල් කථාවේ මූලාරම්භය තොම්සන් වෙත ගෙනහැර පෑවේය. "

......................................................................

 

පිවිසුම

http://thisarageadawiya.blogspot.com/ 

මුවැත්තියේ

http://www.fanpop.com/clubs/fantasy/images/37301925/title/girl-forest-photo
සිහිල් සුලං හමනා රුදු වනන්තරේ…
හෙමින් හෙමින් සැරි සරනා මුවැත්තියේ..
ඔබ නොදන්න බොහො දේ ඇති වනන්තරේ ..
වෙන්නට පරිස්සම්, අසන්න කතන්දරේ…
වැටුනත් සඳ එලිය වනයේ තැනින් තැනේ..
හිතනවාට වැඩි අඳුරකි මෙහි ඇත්තේ..
තනියම ඇවිදිනා ඔබ සියුමැලි මුවැත්තියේ..
මග හැර දුව යන්න අඳුරක් දුටු සැටිනේ..
වාසය කළත් ඔබවන් සාවුන් වනයේ..
කපටි රජුන් හිවලුන් බෝම යි අඳුරේ..
දුටු විට පෙනේ වි ඔවුනුත් සාවුන් සේ…
රැවටෙනු එපා ඔබ හසු වෙයි උගේ උගුලේ..
මතු යම් දිනක හමු වෙයි හොඳ මුව පොව්වෙක්..
පන මෙන් සුරකි ඔහු ඔබ හිවලුන්ගෙන්…
වන්නට එතෙක් සුරැකුම් මේ රුදු වනයෙන්…
මතකයේ තබා ගන්න මේ දුන් ඕවා හොදින්..
h://images.fineartamerica.com/images-medium-large/foggy-forest-matt-trimble.jpg ttp
 18 0 0 0 
- See more at: http://fos.cmb.ac.lk/blog/lonely_dear/#sthash.faMPchGx.dpuf

මුවැත්තියේ

http://www.fanpop.com/clubs/fantasy/images/37301925/title/girl-forest-photo
සිහිල් සුලං හමනා රුදු වනන්තරේ…
හෙමින් හෙමින් සැරි සරනා මුවැත්තියේ..
ඔබ නොදන්න බොහො දේ ඇති වනන්තරේ ..
වෙන්නට පරිස්සම්, අසන්න කතන්දරේ…
වැටුනත් සඳ එලිය වනයේ තැනින් තැනේ..
හිතනවාට වැඩි අඳුරකි මෙහි ඇත්තේ..
තනියම ඇවිදිනා ඔබ සියුමැලි මුවැත්තියේ..
මග හැර දුව යන්න අඳුරක් දුටු සැටිනේ..
වාසය කළත් ඔබවන් සාවුන් වනයේ..
කපටි රජුන් හිවලුන් බෝම යි අඳුරේ..
දුටු විට පෙනේ වි ඔවුනුත් සාවුන් සේ…
රැවටෙනු එපා ඔබ හසු වෙයි උගේ උගුලේ..
මතු යම් දිනක හමු වෙයි හොඳ මුව පොව්වෙක්..
පන මෙන් සුරකි ඔහු ඔබ හිවලුන්ගෙන්…
වන්නට එතෙක් සුරැකුම් මේ රුදු වනයෙන්…
මතකයේ තබා ගන්න මේ දුන් ඕවා හොදින්..
h://images.fineartamerica.com/images-medium-large/foggy-forest-matt-trimble.jpg ttp
 18 0 0 0 
- See more at: http://fos.cmb.ac.lk/blog/lonely_dear/#sthash.faMPchGx.dpuf

මුවැත්තියේ

http://www.fanpop.com/clubs/fantasy/images/37301925/title/girl-forest-photo
සිහිල් සුලං හමනා රුදු වනන්තරේ…
හෙමින් හෙමින් සැරි සරනා මුවැත්තියේ..
ඔබ නොදන්න බොහො දේ ඇති වනන්තරේ ..
වෙන්නට පරිස්සම්, අසන්න කතන්දරේ…
වැටුනත් සඳ එලිය වනයේ තැනින් තැනේ..
හිතනවාට වැඩි අඳුරකි මෙහි ඇත්තේ..
තනියම ඇවිදිනා ඔබ සියුමැලි මුවැත්තියේ..
මග හැර දුව යන්න අඳුරක් දුටු සැටිනේ..
වාසය කළත් ඔබවන් සාවුන් වනයේ..
කපටි රජුන් හිවලුන් බෝම යි අඳුරේ..
දුටු විට පෙනේ වි ඔවුනුත් සාවුන් සේ…
රැවටෙනු එපා ඔබ හසු වෙයි උගේ උගුලේ..
මතු යම් දිනක හමු වෙයි හොඳ මුව පොව්වෙක්..
පන මෙන් සුරකි ඔහු ඔබ හිවලුන්ගෙන්…
වන්නට එතෙක් සුරැකුම් මේ රුදු වනයෙන්…
මතකයේ තබා ගන්න මේ දුන් ඕවා හොදින්..
h://images.fineartamerica.com/images-medium-large/foggy-forest-matt-trimble.jpg ttp
 18 0 0 0 
- See more at: http://fos.cmb.ac.lk/blog/lonely_dear/#sthash.faMPchGx.dpuf

මුවැත්තියේ

http://www.fanpop.com/clubs/fantasy/images/37301925/title/girl-forest-photo
සිහිල් සුලං හමනා රුදු වනන්තරේ…
හෙමින් හෙමින් සැරි සරනා මුවැත්තියේ..
ඔබ නොදන්න බොහො දේ ඇති වනන්තරේ ..
වෙන්නට පරිස්සම්, අසන්න කතන්දරේ…
වැටුනත් සඳ එලිය වනයේ තැනින් තැනේ..
හිතනවාට වැඩි අඳුරකි මෙහි ඇත්තේ..
තනියම ඇවිදිනා ඔබ සියුමැලි මුවැත්තියේ..
මග හැර දුව යන්න අඳුරක් දුටු සැටිනේ..
වාසය කළත් ඔබවන් සාවුන් වනයේ..
කපටි රජුන් හිවලුන් බෝම යි අඳුරේ..
දුටු විට පෙනේ වි ඔවුනුත් සාවුන් සේ…
රැවටෙනු එපා ඔබ හසු වෙයි උගේ උගුලේ..
මතු යම් දිනක හමු වෙයි හොඳ මුව පොව්වෙක්..
පන මෙන් සුරකි ඔහු ඔබ හිවලුන්ගෙන්…
වන්නට එතෙක් සුරැකුම් මේ රුදු වනයෙන්…
මතකයේ තබා ගන්න මේ දුන් ඕවා හොදින්..
h://images.fineartamerica.com/images-medium-large/foggy-forest-matt-trimble.jpg ttp
 18 0 0 0 
- See more at: http://fos.cmb.ac.lk/blog/lonely_dear/#sthash.faMPchGx.dpuf

Thursday, June 11, 2015

අළුත් විචාර විවිධාංග හා තොරතුරු බ්ලොග් පිටුවක් "ඉකොනොමැට්ටාගේ බොජුන්හල"

කළු තක්කාලි සමඟ අඳුරේ දිලිසෙන සූකරයෙකුගේ මේද රහිත මස්



අපි දන්නා තක්කාලි අමුවෙන් කොළ පාටය. ඉදුණු විට රතු පාටය. පොල් සම්බෝලයකට එකතු කර අනාගත් විට උණු පාන් බාගයක් සමඟ ගිල දමන්නට මරුය. කරවල හොද්දකට එකතු කළ විටත් නියමය. හන්දියේ චීන අවන්හලෙන් ඇනවුම් කළ ඩෙවිල් කළ කුකුළු මස් දීසියේ කුකුළු මස් කෑලි සොයා ගත නොහැකි තරමට මාළු මිරිස් හා තක්කාලි පිරී ඇති විටනම් තක්කාලි එපා වේ.


පොල් සම්බෝල සමඟ ආවත්, ඩෙවිල් චිකන් සමඟ ආවත් තක්කාලි රතුය. ඒ ලංකාවේය. ලංකාවේ එහෙම වුනත් ඇමරිකාවේ එහෙම වෙන්නේ නැත. ඇමරිකාවේ සුපිරි වෙළඳසලකට ගොඩ වූ විට මේ රතු තක්කාලි වලට අමතරව කළු තක්කාලි, දුඹුරු තක්කාලි, කහ තක්කාලි සහ සුදු තක්කාලි ඇතුළු වයිවාරන්න තක්කාලි වර්ග හමුවේ. ඒ විතරක් නොවේ. දැන් ලංකාවේ දුලබ නැති සුදු මල් ගෝවා හෙවත් බ්‍රොකලි වලට අමතරව දම්, තැඹිලි හා කොළ පැහැති මල් ගෝවා වර්ග තිබේ. මේවා ජාන ඉංජිනේරු විද්‍යාවේ වැඩ කෑලිය.


ජාන ඉංජිනේරු විද්‍යාව ලෙස හඳුන්වන්නේ ස්වභාවිකව සිදුවන පරිණාමීය ක්‍රියාදාමය සේපියන්සලා වන අපේ ඕනෑඑපාකම් අනුව වෙනස් කර ගැනීමයි. මේ වැඩේ අපි පටන් ගත්තේ අද ඊයේ නොවේ. අවුරුදු දහ-දොළොස් දාහකට කලින් කෘෂිකාර්මික විප්ලවය ඇරඹුණු අළුතමය. වැඩි අස්වැන්නක් ලබාදෙන බවබෝග වලට වැඩි සැලකිලි ලැබුණේය. කිකිළියන්ව පට්ටි ගැස්වීමට තෝරා ගත්තේ හොඳින් මස් ආරා ඇති මහතම කුකුළාය. මේ නිසා අළුත් පරම්පරාවල බවබෝග වැඩි අස්වැන්නක් ලබාදුන් අතර කුකුල්ලු වඩාත් තරබාරු වූහ. කෙසේ වුවද මේ දේවල් පහු වී හෝ ස්වභාවිකවමත් සිදුවිය හැකිව තිබුණි.

.................................................................

 පිවිසුම
http://economatta.blogspot.com/

Wednesday, June 10, 2015

සාහිත්‍ය කලා විචාර හා රසවින්දනාත්මක තොරතුරු රැගත් බ්ලොග් එකක් "සඳුන් සෙවණ"

මිය ගිය පසුව නොව ජීවත්ව සිටියදී අගය කළ යුතු චරිත 1 - විමල් කුමාර ද කොස්තා.....



මට මතක හැටියට ඒ 1974 හෝ 1975 වසර වන්නට ඇත. එවසරේ එක්තරා සැන්දෑවක අනුරාධපුර මහජන ක්රීඩාංගණයේ පැවති සංගීත සංදර්ශනයක් නැරඹීමට තාත්තා මා කැටුව ගිය හැටි යාන්තමට මෙන් මතකය. 

එච් ආර් ජෝතිපාලයන් වේදිකාවෙන් නොබැස සින්දු ගණනාවක් කියු හැටිත් බෙග් මාස්ටර් අතේ රඳවාගත් කොළ මිටියක් දෙස බලාගෙන ඉතා ගැඹුරැ හඬින් එතුමාගේ ගීත ගැයූ අන්දමත් තව තව නොයෙකුත් ගායකයන් ගීත ගයන අයුරැත් තාත්තගේ අතේ එල්ලී මම මුව ආයාගෙන බලා සිටියෙමි. 

මේ අතර මට මතක හැටියට මංගල ප්රේමදාස නම් ශිල්පියෙක් තම කට හඬ යොදාගෙන විවධ සතුන්ගේ , කුරැල්ලන්ගේ හා වාහන වල ශබ්ද මැවීය. මම මෙය බලා මහත් සේ තුටු වුණෙමි. ඔහු කළ සමහර ශබ්දයනට වැඩිහිටියන් බොහෝසේ සිනහ සැලුවත් මට ඒ ඇයිදැයි වැටහීමක් නොවුණි. 

ඔහු වේදිකාවෙන් බැස ගිය පසු තව ගායකයෝ කිහිප දෙනෙකු ගී ගැයූ අතර නිවේදකයා ඉන්පසුව වේදිකාවට හඳුන්වා දුන්නේ අමුතුම පුද්ගලයෙකි. 

ඔහුගේ මුහුණෙහි ඇස් දෙක ඉතිරි කොට සුදු සායම් ආලේප කොට තිබිණි. සුදු පැහැති අත් වැසුම් වලින් දෑත් වැසී තිබිණි.

ඔහුගේ නම මට හරියට ඇසුණේ නැති අතර නිවේදකයා ඔහු අභිරෑපන රංගනයක් ( miming) කිරීමට යන බැව් පැවසීය. එවෙලේ ඒ වචනය නොතේරැනත් ඔහුගේ රංගනය නරඹා තුටු වූ දස දහසක් රසිකයන් අතරේ සතුටු වන අතරම එහි තේරැම කිසිම කතාවක් නොමැතිව රංගනයෙන් පමණක් තමන්ගේ හැගීම් ඉදිරිපත් කරන බව දැනගතිමි. 

ඒ ශිල්පියා ඒ කාරිය ඉතාම මැනවින් අති දක්ෂ ලෙස කළබව මට මතකය. 

............................................................................
 
පිවිසුම

Monday, June 8, 2015

සාහිත්‍යමය රසවින්දනාත්මක හා විවිධාංග බ්ලොගෙකක් "යථාර්තය සොයා"

14 ලිපිය - ගැටළු වලට පිළිතුරු 2

ක්‍රියාව හා ශක්තිය 

මං කලිනුත් සදහන් කලා ක්‍රියාව හා ශක්තිය කියන්නේ දෙකක් නෙවේ එකක් කියලා. මොකද යම් ක්‍රියාවක්ම තමයි ශක්තිය ලෙස අපට විද්‍යාමාන වන්නේ. හෞතික විද්‍යාවේ උනත් ඒ දෙකම මනින්නේ ජූල් කියන එකම ඒකකයකින් සහ දෙකටම තියෙන්නේ එකම මාන. ඉතින් ශක්තියේ ස්භාවය තමයි ක්‍රියාවේ යෙදෙන එක. ඉතින් මේ ලෝකේ නිර්මිත වෙලා තියෙන්නේ ශක්ති පහකින්. ඒ තමයි ආපෝ, තේජෝ, වායෝ, පඨවි, විඥ්‍යාන කියන්නේ. කලින් ලිපිවල සඳහන් කලත් ඔබේ පහසුව පිණිස නැවත මේ එක් එක් ශක්තීන්ගේ ක්‍රියාකාරීත්වය යම් පමණකින් හෝ මෙහිදී ද සඳහන් කරමු.

ආපෝ යනු ආකර්ශණ ශක්තියට අනුරූප ක්‍රියාවක්. එයින් ශක්තීන් එකතු කරනවා. එනම් අනෙක් හෞතික ක්‍රියාවන් තුන එක්කරනවා. ඒ වගේම ක්‍රියාවලින් දෙකක් උනත් එක් කරන්න පුළුවන් උදාහරණයකින් කිව්වොත් තඹ කුට්ටි දෙකක් එකට තිබ්බට ඒ දෙක එක කුට්ටියක් වෙන්නෙ නෑ. නමුත් ඒ දෙක අතර ආපෝ ක්‍රියාව වැඩි කලොත් ඒ දෙක එකක් කරන්න පුළුවන්. ඒ කියන්නේ ද්‍රව කලොත්.
වායෝ යනු ප්‍රසාරණය කිරීමයි. ආපෝ වලින් එක් කරන ක්‍රියාවන් වෙන් කිරීම වායෝ ක්‍රියාවේ ප්‍රධාන ලක්ෂණයයි. සියළු වස්තූන්ට යම් ප්‍රමාණවත් බවක් (පරිමාවක්) ලැබෙන්නේ එබැවිනි. නැතිනම් සියළු ක්‍රියා එක් ලක්ෂයකට සීමා වේ.
පඨවි ක්‍රියාවනම් දැඩිබවක් කර්කශ බවක් ඇති කිරීමයි. අපේ ශරීරයට දැනෙන්නේ මේ ක්‍රියාවයි. 

 තේජෝ කියන්නේ ශක්තින්ගේ ක්‍රියාවේ ස්වරූපය වෙනස් කිරීම. මෙහිදි අවධාරණය කල යුත්තේ ස්වරූපය වෙනස් කිරීම යනු ඇති දෙයහි වෙනසක් කිරීම නොව ඉපැදෙන ක්‍රියාව නැවත ඒ අයුරින්ම ඉපැදීමට නොදී වෙනත් අයුරකින් ඉපැදීමට ක්‍රියා කිරීමයි. උදාහරණයකින් කියනවනම් මුලින් ඉපැදුනු ආපෝ ක්‍රියාව එකක් නම් තේජෝ ක්‍රියාව නිසා ඊ ළඟට උපදින ආපෝ ක්‍රියාව දහයක් විමයි. එහිදි කලින් හටගත් ආපෝ ක්‍රියාව දහගුණයක් වීමයැයි ගැනීම වැරදි ගැනීමකි. මන්ද ඕනෑම ක්‍රියාවක ඇත්තේ හටගෙන ක්‍රියාව සිදුකර එතැනම අවසන් වීම මිස ක්‍රියාවේ වේගය, ආකාරය, තරම වෙනස් කිරීමක් නොවේ.

...........................................................................


පිවිසුම
http://asanka-mind.blogspot.com/

Sunday, June 7, 2015

සංවාදශීලී විචාර හා කාලීන සිදුවීම් තොරතුරු බ්ලොග් එකක් "උඩුවාගේ සටහන්"

දැන් ඉන්න උන් වික්ටර් අයිවන්ව දන්නැද්ද? (1)



වික්ටර් අයිවන් මහතා ගැන සටහනක් ලියන්නට ටික දිනක පටන් සිතා සිටියෙමි. එය ටිකක් කල්පනා කොට හෙමිහිට ලියන්නට සිතා හිටියත් ඒ සඳහා විවේකයක් සොයාගැනීමට මෙතෙක් නොහැකි විය. එහෙත් හෙට උදෑසන 9.30ට ජාතික පුස්තකාලයේදී වික්ටර් අයිවන් මහතාගේ තිස් වසරක මෙහෙවර ගැන විද්වතුන් කිහිපදෙනෙකු විසින් ලියූ පොත එළිදක්වන නිසා අද කුමක් හෝලිවිය යුතුයැයි සිතුවෙමි.

එහි ප්‍රතිඵලය ලෙස කල්පනා කොට සංයමයෙන් ලියූ සටහනක් වෙනුවට සුපුරුදු ලෙසම සටහනක් හදිසියේ ටයිප් කොට අප්ලෝඩ් කර තවත් වැඩකට දිව යන්නට සිදුවිය.


සාර්ථක ගමනක් යන කිසිවෙකුට පරමාදර්ශී චරිත හෝ වීරයන් සිටිය යුතු නැත. කාවවත් අනුගමනය කළ යුතු නැත. ඒ නිසා අයිවන් මට වීරයෙක් හො පරමාදර්ශී චරිතයක් නොවේ. (මං සාර්ථක ගමනක් යනව කියල නෙවෙයි කියන්නේ... කාගෙවත් අනුගාමිකයෙක් නොවිය යුතුයි කියල) එහෙත් මාධ්‍යවේදියෙක් ලෙස මා වඩාත් ආභාෂය ලබන්නට කැමති පුද්ගලයන් අතරින් ප්‍රමුඛතමයා ඔහු යැයි කිව හැකිය. (ජනරංජන, ලසන්ත රුහුණගේ, විමලනාත්, ටිරන් කුමාර වගේ රාවයේ අයගෙත් බිඟුන්, ශාලික වගේ යාළුවන්ගෙත් අභාෂය තමා අයිවන් හැරුණහම මට වැඩිපුරම ඇත්තේ) ඒ නිසා මට අයිවන්ව වැදගත්ය.
...........................................................................

පිවිසුම
http://uduwaage.blogspot.com/ 

Thursday, June 4, 2015

තවත් විචාරාත්මක රසවින්දන විවිධාංග බ්ලොග් එකක් "කලාහිත Kalahitha "

A Seven Billion's Dream

මල්ලි මෙහෙ වරෙන්.. උඹෙ ඉන්නව කිව්ව නේද කවුද යාලුවෙක් ඔය දුම් පරීස්සා වැඩේ කරන?

අහ්! මහත්තයා.. ඔව් මේ.. යාලුවෙක්මත් නෙවෙයි ඒත් උදව්වක් ගන්න පුළුවන්.. මොකක්ද කේස් එක?

නෑ බං හෙටින් කාර් එකේ ආදායම් බලපත්තරේ ඉවරයි.. ඊයේ ඉරිද දැම්ම දුං සහතිකේ ගන්න.. මේ පරය ෆේල් කරානේ කළු දුම වැඩියි කියලා.. හදාගෙන එන්නලු. තව එක පාරක් පුළුවන් ඔය ගෙවපු එකෙන්ම ගොඩ දාගන්න. ඒකත් ෆේල් උනොත් ආයි මුල ඉඳන් සල්ලි බඳින්න එපැයි. බලපං පොඩ්ඩක් ඌට කතා කරල ගොඩ දාගන්න ඔය රුපියල් පන් හය සීයක් දීල.. මුන්ගෙ අම්මලාට මුනුත් අපිටම තමයි කෙලින්න බලාගෙන ඉන්නේ..

වැඩේ නං මොනව හරි කරගන්න පුළුවන් වෙයි මහත්තයා.. ඒත් කාර් එක? ඒක හදා ගන්නෙ නැද්ද?

ආ.. ඒක ලබන මාසෙවත් බලමු. මේ මාසේ වියදං පට්ට අවුල්. දැං සෑහෙන්න කාලෙක ඉඳලා ඔය ඔයිල් ගහන සීන් එකයි දුම දාන සීන් එකයි තියෙනවා.. අතේ කීයක් හරි තියෙනකොට වෙලාවක් නෑ.. වෙලාවක් හම්බෙනකොට එම්ටි පොකට්. 

මොනා කතා කරනවද සර්.. මහත්තුරුත් ඔහොම කියනවනම් අපි ගැන කවර කතාද.. 

හරි හරි..උඹ එහෙනං ඌට කතා කරල ඩ්‍රයිවර් කෙනෙක් එක්ක අරං පලයං කාර් එක. මෙන්න ඊයේ දීපු ඩොකියුමන්ට් ටිකයි රුපියල් දාහකුයි තියෙනවා.. පන්සීයකින් ගොඩ දාගන්න බලපං.. නැත්තං මට කොහොමත් පාඩුයි..හෙහ්..


.......................................................

පිවිසුම
http://kalahitha.blogspot.com/ 

Wednesday, June 3, 2015

නව ලොව දැනුම හා තොරතුරු තාක්ෂණ බ්ලොග් එකක් " අපේ ලෝකය.com "

982.ඔබ නොදැනුවත්ව RAM එකේ තැම්පත් වී ඇති කරදරකාරී FILE ඉවත් කරගන්න part 2


    ඔබ නොදැනුවත්ව RAM එකේ තැම්පත් වී ඇති කරදරකාරී FILE ඉවත් කරගන්න    part 2

  අප පරිගණකය වෙතට තැම්පත් කරන දත්ත වලින් අප නොදැනුවත්වම විවිධ වූ කරද කාරී files ද තැම්පත් වනු ඇත.  සමහර files තාවකාලික මතකය වන ram එකටද ගබඩා වන අවස්ථා ද ඇත. එසේ ගබඩා වීම හේතුවෙන් පරිගණකයේ වේගය මන්ද ගමි ස්වරුපයක් ගනී. එසේ  ram එක මතට  තැම්පත් වන කරදර කාරී files ඉවත් කිරීම සදහා හා සහ ram එකෙහි කාර්යක්ෂමතාවය වැඩි කරගැනීම සදහා ක්‍රම වේදයක් අද වන විට දක්නට ලැබේ. 
 පහල තිබෙන්නේ ram එකේ තැම්පත් වී තිබෙන කරදර කෑලි files ඒවත් කර හැකි මෘදුකාංග වේ. එවා  භාවිතා කර ඔබගේ ram එක සුද්ද කරගන්න. නැත්නම් පරිගණක ක්‍රියාකාරිතව මන්දගානි ස්වරුපයක් ගනී.

    ඔබ නොදැනුවත්ව RAM එකේ තැම්පත් වී ඇති කරදරකාරී FILE ඉවත් කරගන්න  
............................................................


පිවිසුම
http://www.apelokaya.com/ 

Monday, June 1, 2015

මානව හිමිකම් නීතිය හා කාලීන සිදුවීම් පිළිබඳ බ්ලොග් එකක් " Chitrangi's Weblog "


යහ පාලනය ;- “මගේ මුණුපුරාට බොරු නඩු දාන්න යනවා”

DSC_0601
යහ පාලන ආණ්ඩුවේද වෙනසක් නැත. මේ පානදුර දකුණ පොලිසිය සිදු කරන වදහිංසා පැමිණ වීමකි. බොරු නඩු දැමීමේ උත්සාහයකි. මේ පැමිණිල්ල අද පොලිස්පති සහ මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් කලේ අයුක්තියට මුහුණ දෙන අමිලගේ මිත්තණියයි. අදාල පැමිණිල්ල පහතින් ඇත.
01. සභාපති,
මානව හිමිකම් කොමිෂන් සභාව,
165, කිංසි පාර,
කොළඹ 08.

02. පොලිස්පති,
පොලිස් මූලස්ථානය,
කොළඹ.

නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන, වධහිංසා පමුණුවා, ව්‍යාජ නඩු පැවරීම ගන්නා උත්සාහය වළක්වාලන ලෙසට කරනු ලබන ඉල්ලීමයි.
වීරප්පෙරුමගේ පුඤ්ඤවතී අතුකෝරල, අවු: 58යි, ජා.හැ.අ.575663192ඪල විවාහක, දරුවන් 04යි,
ලිපිනය : 223, කලූදෑවල, පානදුර.
2015.06.01 දිනදීය.

...............................................................................

පිවිසුම
https://chitrangi.wordpress.com/