Showing posts with label බ්ලොග් පිටුව ගැන. Show all posts
Showing posts with label බ්ලොග් පිටුව ගැන. Show all posts
Sunday, September 28, 2014
දර්ශකයට ඇතුල් කර ඇති බ්ලොග් කතුවටුන් වෙත කෙරෙන කාරුණික දැනුම් දීමයි.
අපගේ බ්ලොග් දර්ශකය තුලට මෙතෙක් ඇතුල් කර ඇති සියළුම බ්ලොග් අඩවි දෙස බැලීමේදී පෙනෙන්නට තිබෙන දෙයක් නම් ඇතැම් බ්ලොග් අඩවි මාස ගණනක් තිස්සේ යාවත්කාලීන නොවීමයි. එය අපට ගැටළුවක් නොවන අතර එසේ වූ පමණින් එම බ්ලොග් අඩවි කිසිවක් දර්ශකයෙන් ඉවත් කිරීමටද කටයුතු කර නැත. ඇතැම් විට වසරකට වැඩි කලක් තිස්සේ අත් හැර දමා තිබෙන බ්ලොග් අඩවි ඉවත් කිරීමට සිදුවන්නට පුළුවන. එසේ වුවත් එම බ්ලොග් කතෘවරුන්හට ඔවුන්ගේ බ්ලොග් පිටු නැවත යාවත්කාලීන කරනුලැබූ කලක නැවතත් දර්ශකයට ඇතුල් කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව තිබේ. කෙසේ නමුත් අප මෙතෙක් කල් අනුපිළිවෙලින් බ්ලොග් අඩවි හඳුන්වා දීම ලිපි මගින් සිදු කළත් මින් ඉදිරියට එසේ බ්ලොග් අඩවි හඳුන්වාදීමේදී වඩා ඉක්මනින් යාවත්කාලීන වන බ්ලොග් පිටු සඳහා ප්‍රමුඛත්වයක් ලබාදීමට කටයුතු කරන්නට අදහස් කර ඇත. මේ කටයුත්ත අප සහෝදර බ්ලොග්කරුවන් හරියාකාරව තේරුම්ගනු ඇතැයි අප උදක්ම බලාපොරොත්තු වන්නෙමු.
Sunday, August 3, 2014
බ්ලොග් දර්ශකය වෙත සම්බන්ධවී ඇති හා අනෙකුත් පාඨකයන් වෙත කෙරෙන දැනුම්දීමයි !
මෙතෙක් ඔබ සියළු දෙනා විසින් අපගේ බ්ලොග් දර්ශකයට බ්ලොග් අඩවි ඇතුල්කිරීමට ඉදිරිපත්කළ ඉල්ලීම් සියල්ලට ප්‍රතිචාර වශයෙන් ඒවා සියල්ලම මෙම බ්ලොග් දර්ශකය තුලට ඇතුල් කිරීමට පියවර ගෙන ඇත. බ්ලොග් දර්ශකයට ඇතුල් කිරීම සඳහා අප වෙත යොමුකළ ඉල්ලීම් පරිදි ඒ බ්ලොග් අඩවි තවමත් බ්ලොග් දර්ශකයට ඇතුල් වී නොමැතිනම් බ්ලොග් පිටු වල ලින්ක් නැවත අප වෙත යොමු කරන ලෙස එම බ්ලොග් අඩවි පවත්වාගෙන යන හිතවත් බ්ලොග්කරුවන්ගෙන් අප කාරුණිකව ඉල්ලා සිටිමු.
ajith.kumara192@gmail.com
Wednesday, April 30, 2014
අපගේ බ්ලොග් දර්ශකය මෙතෙක් පැමිණි ගමන් මග
සුමාන තුනකටත් අඩු ඉතා කෙටි කාළයක් තුල අපගේ බ්ලොග් දර්ශකය බෙහෙවින් සාර්ථක ලෙස ඉදිරියට පැමිණ ඇත. අනෙකුත් මුද්‍රිත මාධ්‍ය ඇතුලු පරධාන පෙලේ සෙසු ජන මාධ්‍ය වල නැති පුළුල් පරාසයක අදහස් ප්‍රකාෂ කිරීමේ නිදහසක් හා විචාරාත්මක බවක් අන්තර්ජාලය තුල තිබේ. ඒ බව මීට ටික කළකට පෙර හැඟී ගිය අපට ශ්‍රි ලාංකික, විශේෂයෙන් සිංහල බ්ලොග්කරුවන්ගේත් අන්තර්ජාල බ්ලොග් පාඨකයාගේත් පහසුව තකා මෙම බ්ලොග් දර්ශකය සකස් කර ප්‍රචාරය කිරීමට හැකි විය. මේ වනවිට එයට මෙරට බ්ලොග්කරුවන් හා පාඨකයන් විශාල පිරිසක් සම්බන්ධ වෙමින් සිටිති. ඉදිරියේදී තවත් පිරිස් අප සමග සම්බන්ධ වනු ඇත. අප සමග මෙතෙක් සම්බන්ධ වූ බ්ලොග්කරුවන් වන අපගේ මිතුරු මිතුරියන්ට අපගේ ගෞරවපූර්වක ස්තූතිය පිරිනැමෙන අතර අන්තර්ජාලය තුලින් අපට ලැබෙන සන්නිවේදන තාක්ෂණයේ පහසුකම් උපයෝගී කරගනිමින් වඩා යහපත් විචාරශීලීත්වයක් ගොඩනැගීමට එක්වන ලෙස අප සමග මෙතෙක් සම්බන්ධ නොවූ සියලු දෙනාටද ඇරයුම් කර සිටිමු.
Subscribe to:
Posts (Atom)

