Thursday, July 31, 2014

සාහිත්‍යමය විවිධාංග බ්ලොග් පිටුවක් " කුරුටු ගෑ ගී පවුර "

අසංක ඔබට අපේ සුභපැතුම්............... 





අලුත් ඉරකින් නැගෙන පැතුමෙන් සතුටු වී ඔබ සිනා වෙන්න
අලුත් නැකතට දකුණු පයගෙන සිනා මුහුණින් ඇතුළු වන්න
අලුත් ගෙදරට අලුත් මුහුණින් අලුත් පැතුමන් එකතු වෙන්න
අලුත් නුවරින් ආපු දිරිඇති පුතෙකු ලෙස ගෙයි සැරිසරන්න.............

පිවිසුම

Monday, July 28, 2014

සුන්දර ගීත බ්ලොග් පිටුවක් "සඳුමල්"

විසිරුනු මල් පෙති දෝතට ගත් කුමරි

"විසිරුනු පෙති යලි මලක් නොවේ නැගණි..."
 



ශ්‍රී ලංකාව වනාහි දැඩි සංස්කෘතික මතධාරීන්ගෙන් ගහන වූ ආගම මුල් කොටගත් දැඩි සම්ප්‍රදායානූකූල ජනතාවක් වෙසෙන රටකි. ආසියානුකරයේ බොහෝ රටවල් වලට පොදු වූ මේ සාමාජීය වටපිටාව ලංකාව සඳහා වලංගු වන්නේ දුරාතීතයේ සිටමයි. මෙවන් සංස්කෘතික වටපිටාවක වෙසෙන ශ්‍රී ලංකාවේ කාන්තාව සඳහා සමාජය තුල හිමිව ඇත්තේ ඉතාම සුවිශේෂි ස්ථානයකි. එම තත්වය බොහෝවිට ලාංකීය කාන්තාවට ආවාසිදායක තත්වයක් උදා කලද, වර්ථමානය වනවිට එම තත්වය තරමක් පහවෙමින් පැවතියද, තවමත් බටහිර කාන්තාවට හිමි නිදහස ලාංකීය කාන්තාවට ඉමහත් දුරකින් පවතී.

තවමත් කොල්ලන් හත් පඳුරේම ලැග ගෙදර ආවත් නාවා මයේ පුතේ කියා ගෙට ගන්නා සමාජයක ගැහැණු ළමයෙකුගේ ඉතාම කුඩා වරදකදී පවා ඇය හත් පඳුරියක ලෙස හංවඩු ගැසීමට දෙවරක් නොසිතයි. එවන් පසුබිමක් තුල ලාංකීය සමාජයේ දූෂණයට ලක් වූ කාන්තාවකගේ ඉරණමද ඊට කිසිසේත්ම දෙවනි නොවේ. අද ඔබවෙත ගෙන එන ගී සංවේදනාව, විචාරය එවන් ප්‍රස්තුතයකට ආනුව නිර්මාණය වූ ඉතාම අගනා ගීතයකි.

ජීවිතයේ කුමන හෝ අසව්ථාවක ඔබගේ සොයුරියක්, හිතවතියක් මේ තත්වයට පත්ව තිබෙනවානම් එවන් අවථාවක ඇය මුහුණ දෙන දැඩි ඛේදනීය තත්වය පිළිබඳ ඔබට හොඳ අවබෝධයක් පවතිනු ඇත. දූෂණයට ලක්වූ අහිංසකාවියකට මෙවන් රටක් ඉන් ඉදිරියට අනාගතයක් ඇත්නම් ඒ ඉතාම කලාතුරකිනි. බොහෝ අවස්ථාවල තමන්ට සිදුවූ අභාග්‍ය හොර රහසේම සඟවා ගැනීමට ඇය පෙළඹෙනුයේ තමන්ගේ ආත්ම ගරුත්වය සහ අනාගතය ආරක්ෂාකරගැනීමේ අරමුණෙනි. මෙවන් දියණියන් මේ සමාජයේ කොතෙකුත් ඉන්නවාට සැකනැත. එසේ ලොවෙන් සඟවා සිටියද, ඈ පතිකුලයට යන යම් දිනෙක ඇයට මහත්වූ ප්‍රශ්න රාශියකට මුහුණදීමට සිදුවන්නේ ගතානුගතික සම්ප්‍රදායෙන් ලංකාවේ මිනිස් ඔලු ගෙඩි පිරී ඉතිරී ඇතිහෙයිනි. එය එසේ නොවුනද, නොඉඳුල් කෙල්ලෙක් ලබාගන්න කවුරු උනත් කැමතියි. බෝධිසත්ව පෙම්වතෙකු මිස, වෙනත් අයෙකු කුමනාකාරයකින් හෝ කිළිටි වූ යුවතියක ලබා ගැනීමට අකමැති සමාජයක එවන් තත්වයකට මුහුණදුන් යුවතියකගේ ඉරණම කෙතරම් සෝචනීයදැයි ඔබට සිතාගත හැකිවනු ඇත.

මේ නිසා මෙවන් අවස්ථාවකදී නීතියේ පිළිසරණ පතා වරදකරුවන්ට නිසි දඬුවම් ලබා දීමට ඉදිරිපත්වන යුවතියන් ඉතම දුලබයි. ඇතැම් විට කුඩා කලම මෙවැනි අතවරයන්ට මුහුණපාන යුවතියන් තමන්ගේ මුලු මහත් අනාගතයම අඳුරුකරගන්නේ ඉතාම ඛේදනීය අයුරින්ය. එවන් බොහෝ දෙනා අවසානයේ තමන්ගේ සිරුර විකුණාදැමීමේ තත්වයට පත්වෙති.

කෙසේ වුවද ගීතය මඟින් නිරූපණය කෙරෙනුයේ එවැනි අවසනාවන්ත තත්වයකට මුහුණ දී නීතියේ පිළිසරණ මතා ආ යුවතියක් සම්බන්ධයෙනි.

ගීතය ගලාගෙන යනුයේ දයාබර සොහොයුරෙකු නැඟණියකට කරන ආමන්ත්‍රණයක ස්වභාවයෙනි.

"විසුරුණු මල් පෙති දෝතට ගත් කුමරි
ඒ පෙති එක්‌ කර මලක්‌ සොයන බොලදී
සරදම් නොකරමි ආදරයෙන් කියමි
විසුරුනු පෙති යලි මලක්‌ නොවෙයි නැගණි..."
 
 පිවිසුම

Sunday, July 27, 2014

අළුත් සාහිත්‍යමය විශේෂාංග බ්ලොග් පිටුවක් " කවිකාර සිතිජ ඉම "

කාන්තාරයේ කුසුම



" මං කලු කෙල්ලෙක්..
පාටින් විතරක් නෙවෙයි, 
ජාතියෙනුත්....

ඒකද මට මේ තරම් තර්ජන.

සමාවෙන්න තාත්තේ, 
ඔයාට ලැබෙන දෑවැද්දත් උකසට අරන්
මං පැනල ආවට...

දවසක් ඒවි මට ඔයාල ලඟට එන්න. 
එතකල් ඉවසන්න...

අමන් වගේ මග නවතින්න බෑ මට..
සිද්ධ වේවි හැමදාම දර දිය අදින්න
එක එකාට....
කියවන්න

Wednesday, July 23, 2014

බුදු දහම සම්බන්ධ අසිරිමත් බ්ලොග් පිටුවක් " ‍ඒ ‍අ‍මා ‍නි‍වන්‍ ‍මඟ "

මා ‍දු‍ටු ‍බු‍දුන්‍ ‍ව‍හන්‍‍සේ



 ම‍ම ‍හි‍තු‍වා  ‍ම‍ම ‍තේ‍රුම්‍ ‍ගත්‍  ‍බු‍දු ‍හා‍මු‍දු‍රු‍වෝ ‍ගැ‍න ‍ව‍ච‍න‍යක්‍ ‍කි‍යන්‍‍න   , ‍ස‍ම‍හ‍ර ‍වි‍ට ‍ම‍ම ‍මේ ‍කි‍ය‍න ‍කා‍ර‍ණා ‍එක්‍‍ක ‍මේ‍ක ‍කි‍ය‍ව‍න ‍අ‍ය ‍එ‍කඟ ‍නො‍වෙන්‍‍නත්‍ ‍ඉ‍ඩ ‍ති‍ය‍න‍වා . ‍ඒ ‍ගැ‍න ‍‍කි‍යන්‍‍න ‍ති‍ය‍න ‍ඕ‍න‍ම ‍අ‍ද‍හ‍සක්‍ ‍ඔ‍බ‍ට ‍ප‍හ‍ලින්‍ ‍කි‍යන්‍‍න ‍පු‍ලු‍වන්‍. ‍ඇත්‍‍ත‍ට‍ම ‍බුද්‍‍ධ ‍කි‍යන්‍‍නේ ‍ක‍වු‍ද?‍
ව‍ච‍න‍යේ ‍අ‍රු‍තෙන්‍ ‍ගත්‍‍තොත්‍ ‍නම්‍ ‍බුද්‍‍ධ ‍කි‍යන්‍‍නේ  ‍අ‍ව‍බෝ‍ධ‍ය‍ට ‍පත්‍‍වූ ‍කි‍ය‍න ‍අර්ථ‍ය , ‍ත‍ව ''‍ආ‍ලෝ‍ක‍ය '' ‍කි‍ය‍න ‍අර්ථ‍යෙ‍නුත්‍ ‍බුද්‍‍ධ ‍කි‍ය‍න‍වා . ‍ම‍ම ‍අ‍හ‍ලා ‍ති‍ය‍න‍වා ‍බු‍දුන්‍ ‍ව‍හන්‍‍සේ‍ව ‍හ‍ඳුන්‍‍ව‍න ‍නම්‍ ‍දා‍හ‍ක‍ට ‍වැ‍ඩි‍යෙන්‍ ‍ති‍ය‍න‍වා ‍කි‍ය‍ලා . 1056 ක්‍ ‍කි‍ය‍ලා ‍කි‍ය‍න‍වා . ‍එ‍හෙත්‍ ‍උන්‍ ‍ව‍හන්‍‍සේ ‍බො‍හෝ ‍වි‍ට ‍ත‍මන්‍ ‍ව‍හන්‍‍සේ‍ව ‍හ‍ඳුන්‍‍වා‍ගත්‍‍තේ ''‍තථා‍ග‍ත '' ‍කි‍ය‍න ‍න‍මින්‍ , ‍මේ ‍න‍මේ ‍තේ‍රු‍ම ‍වෙන්‍‍නේ '‍සත්‍ය ‍ගා‍මී ‍එ‍හෙ‍ම ‍නැත්‍‍‍‍නම්‍  ‍‍සත්‍ය ‍මඟ ‍පි‍ලි‍පන්‍ ‍කි‍ය‍න ‍අර්ථ‍‍ය . ‍ත‍ව ‍කි‍ය‍න‍වා ‍තථ ‍අ‍ගථෝ‍‍ති ‍තථා‍ගත , ‍ඒ ‍කි‍යන්‍‍නේ ‍මාර්‍ග‍ය ‍කි‍යන්‍‍නා ‍ව‍ගේ ‍අ‍රු‍තක්‍ . ‍මෙ‍හෙ‍ම ‍බො‍හො‍ම ‍නම්‍ ‍ති‍ය‍න‍වා ‍උන්‍ ‍ව‍හන්‍‍සේ‍ට .‍ම‍ට ‍මෙ‍හි‍දී ‍බු‍දුන්‍ ‍ව‍හන්‍‍සේ ‍ත‍මන්‍‍ව ‍දෝණ‍බ‍මු‍ණා‍ට ‍හ‍ඳුන්‍‍වා ‍දුන්‍ ‍ආ‍කා‍ර‍ය ‍ම‍තක්‍ ‍වෙ‍න‍වා . ‍ත‍මන්‍ ‍ව‍හන්‍‍සේ ‍ම‍ඩෙ‍හි‍ම ‍ඉප‍දී  ‍ම‍ඩෙ‍හි‍ම ‍හැ‍දී ‍වැ‍ඩී ‍ම‍ඩෙන්‍ ‍උ‍ඩ‍ට‍විත්‍ ‍එ‍ම ‍ම‍ඩෙ‍හි‍ද ‍ජ‍ල‍යෙ‍හි‍ද ‍නො‍තැ‍ව‍රී ‍සි‍ටි‍න ‍පි‍යු‍මක්‍ ‍මෙන්‍ ‍ත‍මන්‍‍ද ‍
මේ ‍ලෝ‍ක‍යේ ‍මි‍නි‍සුන්‍ ‍අ‍ත‍ර ‍ඉ‍ප‍දී ‍ලෝ‍ක‍යා ‍අ‍ත‍ර‍ම ‍හැ‍දී ‍වැ‍ඩී ‍ලෝ‍ක‍යා‍ගෙන්‍ ‍මි‍නි‍සුං‍‍එන්‍ ‍වෙන්‍‍ව ‍
ත‍නි‍ව ‍ඔ‍වුන්‍ ‍ස‍මඟ ‍කි‍සි‍ම ‍සම්‍‍බන්‍‍ධ‍ය‍කින්‍ ‍තො‍ර‍ව ‍ජී‍වත්‍ ‍වෙ‍න ‍කෙ‍නෙක්‍ ‍වි‍දි‍ය‍ට‍ය . ‍මෙ‍යින්‍‍ද ‍උන්‍ ‍ව‍හන්‍‍සේ ‍කි‍යන්‍‍නේ ‍ත‍මා‍මි‍නි‍සුන්‍ ‍අ‍ත‍ර ‍සි‍ටි‍ය‍ද  ‍වෙ‍නස්‍ ‍කෙ‍නෙක්‍ ‍ව‍න ‍බ‍ව‍ය   ‍හැ‍බැ‍යි ‍අ‍පි ‍ම‍ත‍ක ‍ති‍යා‍ගන්‍‍න ‍ඕ‍න ‍මේ ‍ඔක්‍‍කො‍ම ‍ව‍ච‍න ‍කි‍ය‍න ‍එ‍ක .‍ව‍ච‍න ‍ව‍ලින්‍ ,‍ව‍ච‍න ‍ඔස්‍‍සේ ‍කි‍සි‍ම ‍කෙ‍නෙ‍කු‍ට ‍බු‍දුන්‍ ‍ව‍හන්‍‍සේ‍ව ‍ද‍කින්‍‍න ‍හ‍ඳු‍නා‍ගන්‍‍න ‍බෑ . ‍ව‍ච‍න ‍ව‍ලින්‍ ‍හ‍ඳු‍නා‍ගැ‍නී‍ම ‍එ‍ක ‍සී‍මා‍ව‍කින්‍ ‍අ‍ව‍සන්‍ ‍වෙ‍න‍වා . ‍ව‍ච‍න ‍ති‍යන්‍‍නේ ‍අ‍පි‍ට ‍යම්‍ ‍යම්‍ ‍භෞ‍ති‍ක ‍දේ ‍හ‍ඳු‍නා‍ගන්‍‍න ‍වි‍ත‍ර‍යි . ‍අ‍ධ‍යාත්‍‍මි‍ක ‍දේ ‍හ‍ඳු‍නා‍ගන්‍‍න ‍වත්‍ ‍විස්‍‍ත‍ර ‍ක‍රන්‍‍න‍වත්‍ ‍ව‍ච‍න ‍ව‍ලින්‍ ‍බෑ . ‍මො‍ක‍ද ‍ඒ ‍හැ‍ම ‍දේ‍ම ‍ස්‍‍ව‍භා‍ව‍යන්‍ ‍නි‍සා . ‍‍ඒ‍ක  ‍මේ ‍ව‍ගේ ‍කි‍යන්‍‍න ‍වි‍ත‍ර‍යි ‍ව‍ච‍න ‍ති‍යන්‍‍නේ , ‍මේ ‍කි‍ය‍න ‍එ‍ක ‍ඒ‍ක ‍ත‍ම‍යි ‍කි‍යන්‍‍න ‍කා‍ට‍වත්‍ ‍බෑ . ‍බු‍දුන්‍ ‍ව‍හන්‍‍සේත්‍ ‍අන්‍‍න ‍ඒ ‍ව‍ගේ ‍උන්‍ ‍ව‍හන්‍‍සේ ‍ගැ‍න ‍කි‍යන්‍‍න ‍ව‍ච‍න ‍නෑ . ‍ව‍ච‍න ‍ව‍ලින්‍ ‍උන්‍ ‍ව‍හන්‍‍සේ‍ව ‍කි‍යන්‍‍න ‍බෑ . ‍බු‍දුන්‍ ‍ව‍හන්‍‍සේ‍ව ‍අ‍ද‍ටත්‍ ‍අ‍පි‍ට ‍ද‍කින්‍‍න ‍පු‍ලු‍වන්‍ ‍වෙ‍ලා ‍ති‍යන්‍‍නේ ‍උන්‍ ‍ව‍හන්‍‍සේ ‍හි‍ත‍ට ‍දැ‍නෙ‍න ‍ස‍ව‍භා‍ව‍යක්‍ ‍නි‍සා.‍
උන්‍ ‍ව‍හන්‍‍සේ ‍මේ ‍ව‍ගේ ‍කි‍ය‍ලා ‍‍කි‍යා ‍ති‍බෙ‍න ‍ව‍ච‍න ‍ඔස්‍‍සේ ‍ගි‍හින්‍ ‍අ‍පි‍ට ‍පු‍ලු‍වන්‍ ‍උන්‍ ‍ව‍හන්‍‍සේ‍ව ‍ද‍කින්‍‍න . ‍එ‍හෙ‍ම ‍දැ‍ක‍පු ‍කෙ‍නා‍ගේ ‍හි‍තේ ‍ති‍බෙ‍න ‍ම‍මත්‍‍ව‍ය ‍නැ‍ති ‍වෙ‍ලා ‍ය‍න‍වා . ‍‍මො‍ක‍ද ‍ම‍ගේ ‍කි‍ය‍ලා ‍ගන්‍‍න ‍කි‍සි‍ම ‍දෙ‍යක්‍ ‍නැ‍ති ‍බ‍ව ‍ඒ ‍කෙ‍නා‍ට ‍තේ‍රෙ‍න‍වා . ‍එ‍හෙ‍ම ‍උන්‍ ‍ව‍හන්‍‍සේ‍ව ‍දැ‍ක‍පු ‍කෙ‍නා‍ට ‍ආ‍යේ ‍කි‍සි‍ම ‍සැ‍ක‍යක්‍ ‍ඇ‍ති ‍වෙන්‍‍නේ ‍නෑ ‍උන්‍ ‍ව‍හන්‍‍සේ ‍ගැ‍න‍වත්‍ , ‍‍උන්‍ ‍ව‍හන්‍‍සේ ‍දේ‍ශ‍නා ‍ක‍ල ‍දර්‍ම‍ය ‍ගැ‍න‍වත්‍ .‍මේ‍ක‍ට ‍කි‍ය‍න‍වා ‍බු‍දුන්‍ ‍ව‍හන්‍‍සේ ‍‍ස‍මඟ‍ම  ‍ත‍වත්‍ ‍‍කා‍ර‍ණා 8 ක්‍ ‍ගැ‍න ‍සැ‍ක ‍ක‍ර‍න ‍එ‍ක ‍නැ‍ති ‍වෙ‍න‍වා ‍කි‍ය‍ලා . ‍ඒ ‍උන්‍ ‍ව‍හන්‍‍සේ ‍ක‍වු‍ද ‍කි‍ය‍ලා ‍හ‍රි‍ය‍ට‍ම ‍දැ‍ක‍පු ‍කෙ‍නා‍ගේ ‍ම‍න‍සේ ‍වෙ‍න ‍දෙ‍යක්‍. ‍
ඒ ‍ව‍ගේ‍ම ‍ත‍මන්‍ ‍බු‍දුන්‍ ‍ව‍හන්‍‍සේ‍ව ‍හ‍රි‍ය‍ට‍ම ‍දැක්‍‍ක‍ට ‍පස්‍‍සේ ‍ආ‍යේ ‍වෙ‍නත්‍ ‍මිත්‍යා ‍දෘෂ්‍ටි ‍පස්‍‍සෙ ‍යන්‍‍නේ ‍නෑ . ‍මො‍ක‍ද ‍ඔ‍හු‍ට ‍මේ‍ක ‍ත‍ම‍යි ‍හ‍රි‍ම ‍මාර්‍ග‍ය ‍කි‍ය‍ලා ‍වැ‍ට‍හි‍ලා ‍අ‍ව‍සන්‍ ‍නි‍සා . ‍මෙ‍ත‍න‍ට ‍එන්‍‍න ‍හැ‍ම ‍කෙ‍නෙක්‍‍ම ‍උත්‍‍සා‍හ‍වන්‍‍ත ‍වෙන්‍‍න ‍ඕ‍නා ‍ඒ‍ක‍ට ‍කි‍ය‍න‍වා ‍සෝ‍වාන්‍ ඵ‍ල‍යේ ‍හි‍ත ‍පි‍හි‍ටී‍ම ‍කි‍ය‍ලා .‍ඒ‍ක‍යි ‍බු‍දුන්‍ ‍ව‍හන්‍‍සේ ‍කි‍යන්‍‍නේ ‍ක‍වු‍රු ‍හ‍රි ‍කෙ‍නෙක්‍ ‍ම‍ගේ ‍දර්‍ම‍ය ‍දැක්‍‍කොත්‍ ‍ඒ ‍කෙ‍නා ‍
ම‍ම ‍දැ‍ක‍පු ‍කෙ‍නෙක්‍ ‍වෙ‍න‍වා ‍කි‍ය‍ලා .‍ක‍වු‍රු ‍හ‍රි ‍කෙ‍නෙක්‍ ‍මේ ‍ලෝ‍ක‍යේ ‍ඇ‍ති‍වෙ‍න ‍හැ‍ටි ,‍නැ‍ති ‍වෙ‍න ‍හැ‍ටි ‍හේ‍තු ඵ‍ල ‍ද‍හ‍ම , ‍ප‍ටිච්‍‍ච‍ස‍මුප්‍‍පා‍ද‍ය ‍දැක්‍‍කොත්‍ ‍මා ‍දැක්‍‍කා ‍වෙ‍න‍වා ‍කි‍ය‍ලා . ‍ඒත්‍ ‍වර්‍ත‍මා‍න‍යේ ‍අ‍පේ ‍ඉන්‍‍න ‍අ‍ය ‍මො‍න‍ව ‍බ‍ලා‍ගෙ‍න‍ද ‍බු‍දුන්‍ ‍ව‍හන්‍‍සේ ‍ද‍කින්‍‍න ‍උත්‍‍සා‍හ ‍ක‍රන්‍‍නේ ‍කි‍ය‍ලා ‍හි‍තු‍ව‍ද ? ‍කල්‍‍ප‍නා ‍ක‍ලා‍ද ‍මො‍හො‍ත‍ක‍ට     

පිවිසෙන්න
http://eeamaniwanmaga.blogspot.com/2014/07/blog-post_23.html 

Sunday, July 20, 2014

හඳුන්වාදෙන විවිධාංග බ්ලොග් පිටුව "බූන්දි"

රංග බූන්දි | භාෂ්මාන්තර- [රේඩියෝ කතා] - [මාලක දේවප්‍රිය]

 පාත්‍ර වර්ගයා- තරුණයා 

සියුම් සංගීතයක් මතුවේ.)

තරුණයා- හොඳයි, මම දැන් හිතනවා මේ කතාව තමුන්නාන්සේලා උනන්දුවෙන් අසාවි කියලා. නමුත් හිතන්න එපා මම බීමතින් හෝ අවසිහියෙන් කරන කතාවක් කියලා. මම බලාපොරොත්තු වෙනවා ටික වෙලාවක් තමුන්නාන්සේලාට කතා කරන්න. තමුන්නාන්සෙලා දන්නවා ඇති මම කලාකරුවෙක්. ඒ කියන්නේ අපේ සමාජය ඇතුළෙ නම් වෘත්තිකයෙක් නෙමෙයි. අද කලාකරුවන්ට තියන ගැහැටකම් කියන්න නෙමේ මම හදන්නේ. නමුත් කලාකරුවෙකුට මේ කාලය කියන්නේ, සාර් ධනවතුන්ට කොමියුනිස්ට් යුගයේ අත්වෙච්ච ඉරණමට වඩා අමාරු කාලයක් බව ඔබ හැමෝටම නොතේරෙනවා වෙන්න බෑ. අද කලාකරුවන්ට දිරි දීම වෙනුවට කලාකෘති වාරණය කරමින්, තහංචි පනවමින්, මර්දනය කරමින්, කප්පාදු කරමින් ශිෂ්ඨත්වයේ ප්‍රතිරූප තමන්ට ගොඩනගා ගැනීිම සඳහා අරගෙන යන ව්‍යාපෘතිය. හරි, හරි, සමාවෙන්න ඕනේ, මම කතා කරන්න ආවේ ඒ ගැන නෙමෙයි. ඒ කියන්නේ සියලු අමාරුකම් හින්දා, මට සිද්ධවුණා ගෙදරට වෙලා නිකම්ම නිකමෙක් විධියට කාලය ගෙවන්න. මාගේ මනසේ කිසිම ආකාරයක නිර්මාණ වස්තු බීජයක් හට ගන්නේ නෑ. දවල් වෙනකම් නිදාගෙන ඉඳලා, ආයෙත් කෑම කාලා, බුදියාගෙන, දහ අතේ කල්පනා කළේ ඉදිරියට මොනවාද කරන්නේ කියලා, කලාකරුවෙක් විධියට ජිවත් වෙනවානම්. අභාග්‍ය කියන්නේ මේ කෙහෙල්මල් නිර්මාණකරණය හැරෙන්න වෙන කිසිම හත් ඉලව්වක් මට කරන්න බෑනේ. ඒ කියන්නෙ කන්තෝරුවක පිළිවෙළකට න්‍යාය පත්‍රයකට අනුව කරන රස්සාවකට මගේ හිත යොමු වන්නෙම නෑනෙ. මගේ අමාරුකම් දැකලා, යාළුවො ගණනාවක්ම මට රස්සාවල් හොයලා දෙන්න ට්‍රයි කෙරුවා. කෝ ඉතින්, ඒ කිසිම දෙයකට මගෙ මනස යොමු වෙන්නෙ නෑ. හිතෙන්නෙම කලාව, කලාව, කලාව හුදකලාව, මේ අතර මගේ ඥාතිීන් මට කියන්න ගත්තා සෙනසුරු අපලෙ කියලා. ඒක එක අතකට මට මාර වාසියක් වුණා. ඒ කියන්නෙ මම නැකැත් විශ්වාස කරනවා කියන එක නෙවෙයි. ස්පර්ශයට නොදැනෙන, කනට නොඇසෙන, ඇසට නොපෙනෙන, කිසිම දෙයක් විශ්වාස කරන, මිනිහෙක් නෙමෙයි මම. එහෙම කිව්වාම හිතන්න එපා, මම මේ කතා කරන්නේ විද්‍යුත් චුම්භක කිරණ වලට පණිවිඩ මුර්ජණය කරලා කරන නුතන සන්නිවේදනයට විරුද්ධව කියලා. අධෝරක්ත, පාරජම්බූල, එහෙම නැත්නම් කෙටි තරංග, නැත්නම් එෆ්එම් තරංග වලින් පණිවිඩ යවන්න පුළුවන්. ඇසට නොපෙනෙන බොහෝ ශක්තින් විශ්වය පුරා පවතිනවා. නුතන ලොකයේ ඒවා භාවිතා කරනවා. මම කතා කරන්නේ ඒ ගැන නෙමෙයි. මිනිස්සුන්ට විවිධාකාර දේවල් වලින් බලපෑම් එල්ල වෙනවා. පාරේ ගමන් කරනකොට කාබන් මොනොක්සයිඩ් වායු වලින්. කුණු ගොඩවල් ළඟිින් යනකොට ඇමෝනියම්. මේ වගේ පරිසරයේ බලපෑම් නිසා තමයි මිනිස්සු ලෙඩ රෝග වලට ගොදුරු වෙන්නේ. ඒත්, මොන හත් ඉලව්වක්ද, ඈත තියන ග්‍රහ තාරකාවලට, එක එක මිනිහාට පෞද්ගලිකව බලපෑම් කරන්න පුළුවන් කියන කතාව. හිරු පායනකොට මල් පිපෙනවා. ඒ, එක මලක් නෙමේ, ලෝකයේ තියෙන මල් සියල්ලක්ම. හඳ පායනකොට වඩ දිය ගලනවා, ඒ රළ වලින් කොටසක් නෙමෙයි, බලපෑම එල්ල වෙන රළ ප්‍රදේශයම. මේ දේවල් නක්ෂත්‍රය සමග ඈඳගන්න එක, එතරම් ගැළපෙන්නේ නැති කාරණයක් කියලා දැන් තේරෙනවනේ. මට කියන්න ඕනේ කළේ, නැකැත් ගැන නෙමෙයි. මම පටන් ගත්තේ කියන්න සෙනසුරු ඒරාෂ්ඨකේ ගැන, එහෙම නේද? ඉතින් සෙනසුරු ඒරාෂ්ඨකේ මට ලබලා කියලා මගේ ඥාතින්, අම්මා, තාත්තා කියන්න ගත්තා. ඒ කියන්නේ, එහෙම ලැබුවාම කරන මෙලෝ වැඩක් හරියන්නේ නැතිලු, කම්මැලි කරනවාලු. ඒ කතාබහේ වාසිය, මං මටම හරවා ගත්තා. ඒ නිසා මට නිකන් ඉඳීමෙන් එක්කරා දුරකට ගැලවිලා ඉන්න චාන්ස් එකක් ආවා. මම දන්නවා මට මේ විධිහට වෙලා තියෙන්නේ මොන මොන හේතු සාධක උඩද කියලා. ඒත්, මම හිතන්නේ ඔයාලාට වැඩක් නෑ, ඒවා ගැන ප්‍රකාශ කරන එක. මොකක්ද මම මේ කිය කියා උන්නේ. හරි, හරි, කලාකාරයො ගැනනේ. ඔව්, හරියටම හරි. ඉතින් ඔන්න ඔහොම මම කාලය ගත කරන අතර වාරයේ, හැමදාම අපේ ගෙදරට ඇවිල්ලා බුරනවා බල්ලෙක්. බල්ලෙක් කිව්වාට මු අමුතුම බල්ලෙක්. හරිම උස මහතයි, මං වගේම. රූපය හරියට සෙල්ලම් බල්ලෙක්ට සමානයි. මම මුලින්ම වත්තට ආපු ගමන් මේකාව එලවලා දැම්මා. මොකද මළ කරදරේ. ඌ ජරා කරන්නේ අපේ වත්තේ. ලෙහෙසියට බල්ලාගේ අයිතිකාරයා ඌට ජරාකරන්න ඕනේ වුණාම ලිහනවා. ඌ ගිහිල්ලා කොහේ හරි අනුන්ගේ වත්තක ජරා කරනවා. හැමෝම බලන්නේ තමන්ගේ ලේසිය, පහසුව. හරියට තමන්ගේ අපද්‍රව්‍ය කොහේහරි ගෙයක් අද්දරට විසිකරලා ඇඟ බේරා ගන්නවා වගේ, අසික්කිත ක්‍රියා පිළිවෙත. ඉතින්, මේ බල්ලාව මම මුලින්ම දඩ ගලක් ගහලා එලෙව්වා. ඌ, බව් බව් කියලා කෑ ගහගෙන තමන්ගේ ගෙදරට දුවන එක තමයි ආපහු කරන්නේ. මේ ගෙදර තියෙන්නේ අපේ ගෙදරට ගෙවල් හත අටක් ඈත. මේ මිනිස්සු ළඟදි තමයි මෙහාට පදිංචියට ආවේ. ආරියවති නැන්දලාගේ ඉඩම තමයි උන් සල්ලිවලට ගත්තේ. වත්තේ ගේ හදන්න ඉස්සෙල්ලා බැන්දේ ලයිට් කණුවක් තරම් උසට ලොකු තාප්පයක්. ඒ නිසා වත්ත ඇතුළෙ මොනවා වෙනවාද, කවුරු ගෙදර ඉන්නවාද, කියලා අහල පහළ කිසිම එකෙකුට හාන්කවිසියක්වත් දැන ගන්න නැතිවුණා. ඒත්, මේ බල්ලා මගෙන් ගුටි කලා යනකොට මේ ගෙදර අම්මණ්ඩි පරණ ග්‍රැමෆෝන් තැටියක් ප්ලේ කරනවා වගේ, හයියෙන් ඉංග්‍රීසියෙන් මෙනවාද කියලා කෑ ගහනවා ඇහෙනවා. ඇත්තටම ඒ වචන මොනවාද කියලා කියන්න මට අමාරුයි. ප්‍රංශ වගේ, උච්චාරණය වෙනස්. ඉතින් කොච්චර ගැහුවත් මේ බල්ලා හැමදාම රිංගන්නේ අපේ වත්තටමයි. මොකද, අපේ වත්ත විශාලයි. ගහ කොළ, පඳූරු හැම තැනම. වැටක්, ගේට්ටුවක් හරියකට නෑ. ඕන හොර හතුරෙකුට ඇවිල්ලා, ඕන ඕන සෙල්ලමක් දාලා යන්න හයිය හත්තියක් අපේ වත්තේ තියනවා. මෙහෙම දිගටම බල්ලාට ගහනකොට මට හිතුණා, ඒක කරනඑක හරි නෑ කියලා. මොකද, ඌ බල්ලෙක්. මම මනුෂ්‍යයෙක්. ඉතින්, මම ඊට පස්සේ ඌ දිහා බලන් ඉන්න ගත්තා. ඌ වත්තට එන හැටි, ඌ පිට වෙලා යන හැටි, උගේ චරියාව හොදට නිරීක්ෂණය කරන්න ගත්තා. මම මගේ මොබයිල් ෆෝන් එකෙන්, උගේ ෆෝටො ගන්න පුරුදු වුණා. මේ ෆෝටො දවසක් මම මගේ ෆේස් බුක් එකට අප්ලෝඩ් කළා. යාළුවෝ රොත්ත බුරුත්තම මට අමුතු අමුතු කමෙන්ට් දාලා තිබුණා. මායි බල්ලාගෙයි රූපය එක සමානයි කියලා. තව එකෙක් අහලා තිබුණා අයියාද, මල්ලිද, පුතාද කියලා. තවත් එකෙක් දලා තිබුණා මගේ ගේ පාර්ට්නර්ද කියලා. තව අය දාලා තිබුණා, උඹට බල්ලෙක් හරි බැල්ලියක් හරි තමයි කවදා හරි කසාද බැඳගන්න වෙන්නේ කියලා, මොකද මනුස්සයෝ කැමති නැති නිසා කියලා. ඉතින්, එක එක කමෙන්ට්ස් එන නිසා, මම එක එක ඈන්ගල්ස් වලින් බල්ලාගේ ෆෝටොස් අප්ලෝඩ් කරන්න පටන් ගත්තා. මට කියන්න අමතක වුණානේ, මේ බල්ලාගේ නම ස්මිත්. හරියට ඉංග්‍රිසි ආණ්ඩුකාරයෙකුගේ නමක් වගේ. ශුද්ධ සිංහලෙන් සුමිත් කියලාත් කියන්න පුළුවන්. ඉතින්, මම ඌට විවිධ වර්ගයේ කෑම ජාති ගෙනත් දෙන්න පුරුදු වුණා. මොකද, ඌ මගේ ෆොටෝස් වලට පෙනී ඉන්න නිසා, නිරුපණ සත්වයකු හැටියට. ක්‍රම ක්‍රමයෙන් ඌ මගේ කාමරයට එන්නත් පටන් ගත්තා. මේ නිසා උගේ විවිධ ඈන්ගල්ස් වලින් ඇස්, කට, ඇඟ, කකුල්, හොම්බ හැම අවයවයක්ම ඩීටෙල් බයි ඩීටෙල් ෆෝටොස් අරගත්තා.

පිවිසුම

http://boondionline.blogspot.com/2014/07/blog-post_7424.html 

තවත් සාහිත්‍යමය බ්ලොග් පිටුවක් " හන්තාන සිහිනය "

නොදැනුනත්.. 



හීනයක වත් ඔබේ 

මන් හිටියත් නැතත්...


 

මතකයක වත් ඔබේ 

මට ඉඩක් නැති උනත්....


 

කල්පයක් තරම් මග බලන් 

ඉන්නවා මන් තවත්...
 

 

නුඹට නොදැනෙන මේ ආදරේ

තරම මහ මෙරක්....


පිවිසුම

 

Friday, July 18, 2014

හඳුන්වාදෙන සාහිත්‍යමය බ්ලොග් එකක් "දිලාගේ ලෝකය"

නුඹට හැඟෙනා 

 මේ පෙනෙන සැහැල්ලුව ,නිදහස 
නුඹට හැගෙනා ...
මගෙන් දුරකට 
ඇදී ගොස් බව
නුඹ  දැනගෙන උන්නා නම් ...
කිසිදිනක නිදහසේ 
මා සේම දුරකට 
ඉගිලෙන්නට නොසිතෙයි 
නුඹට නම් ...
වැයෙන අත් තටු තාල නගමින් නොව 
වේදනාවට ගැහෙන පියාපත් 
මේ දරනුයේ 
නිවාගන්නටයි ගින්දර 
හදෙහි ඇවිලෙන 
අදට හෝ ..... 

 

පිවිසෙන්න 

http://dilagelokaya.blogspot.com/ 

Monday, July 14, 2014

වැදගත් තාක්ෂණික හා දැනුම බ්ලොග් එකක් " විද්‍යා ගවේෂණ - Exploring Science "

ඇමසන් ඝණ වනාන්තරය වසර 2000කට පෙර ආදිමානවයින් ඉරිඟු වගාකල තණබිමක් වූවාද? 


දකුණු අමෙරිකාවේ ඇමසන් වනාන්තර වැඩි ප්‍රමාණයක් ඇතිවී තිබෙන්නේ අදින් වසර 2000ට පමණ පෙර දී යැයි නවතම පර්යේෂණයකින් හෙළි වී ඇත. බොලීවියාවේ ඇමසන් වනාන්තරයේ පැරණි විල් කිහිපයක පතුලේ රොන් මඩ තට්ටු ආධාරයෙන් කරන ලද පර්යේශණයකින් මේ බව හෙලිවී ඇත. මෙම රොන් මඩවල තෘණ වර්ගවල පරාග විශාල ප්‍රමාණයක් තිබී ඇති අතර ඉරිඟු වැනි ධාන්‍ය වර්ගවල පරාගද හමුවී ඇත. බ්‍රිතාන්‍යයේ රෙඩිං විශ්වවිද්‍යාලයේ පර්යේශකයින් පිරිසක් මෙම සොයාගැනීම සිදුකොට ඇත. පර්යේෂකයින් බොලීවියාවේ මේ විල් සහිත ප්‍රදේශය තෝරාගෙන ඇත්තේ ඒ අස ආදි මානවයින් විසින් සිදුකරන ලද වාරිකර්මාන්තයක් යයි සැලකිය හැකි ගොඩනැගීමක නටබුන් හමුවූ නිසාය. මෙම විල් අසලින් ආශ්‍රිතව කිලෝ මීටරයක් දිගට මීටර තුනක් ගැඹුරු හා මීටර හතරක් පළලැති අගලක්  හමුවී ඇති අතර එය වාර්කර්මාණ්තයක් විය හැකි බවට සැක කරයි.
කාලයක සිට විද්‍යාඥයින් ඇමසන් වනාන්තරය ඉතා පැරණි වනාන්තරයක් බව හා එහි වාසයකල ජනයා දඩයම් ජීවිත ගත කලවුන් බවටත් විශ්වාස කලහ. එහෙත් මෙම පරාග සාක්ශි අනුව ඇමසන් වනයේ බොහෝ ප්‍රදේශ සැවනා තණබිම් ලෙස පැවතුනු බවටත් එහි වාසය කල මානවයින් ඉරිඟු වැනි ධාන්‍ය වගාකල බවටත් කල්පිතයක් ඉදිරිපත්වී තිබේ.

පර්යේෂකයන් පවසන්නේ ‍ඇ‍ම‍සන්‍ ‍ව‍නාන්‍‍න‍ත‍ර  බොහොමයක් අදින් වසර 2000ට පෙරාතුව සවානා තෘණ භූමි හා අතීත ජනතාවගේ වගා බිම් ලෙස තිබී ඇති බවයි. ලෝකයේ පාරිසරික ඉතිහාසය සැළකූ විට වසර 2000 ක් යනු ඉතා කෙටි කාලයකි. එතරම් කෙටි කාලයක දී සවානා තෘණ භූමිවල සිට රූස්ස ගස් සහිත වැසි වනාන්තර දක්වා පාරිසරික විපර්යාසයක් වීමට හේතුවන්නට ඇත්තේ පෘථිවිය සූර්යයා වටා ගමන් කරන කක්ෂයේ වෙනසක් විය හැකියැයි ද පර්යේෂකයන්ගේ මතයයි.

පිවිසුම

http://vidya-gaweshana.blogspot.com/2014/07/2000.html 

 

බ්ලොග් එකට පිවිසෙන්න

http://vidya-gaweshana.blogspot.com/ 

 

Thursday, July 10, 2014

තොරතුරු හා විවිධාංග බ්ලොග් පිටුවක් " සුළඟේ ගිය කවි"


අසූව දශකයේදී නාඹර කොල්ලෙක්  කෙල්ලගෙ සමරුවෙ ලියුවා වැකියක්  "ඔබෙ ඔය ලස්සන ඇහේ බබා මත 
  මගෙ රුව නොමැකෙන්නට සටහන් වී ඇත"

 පිවිසුම

බ්ලොග් එකට පිවිසුම

 

Sunday, July 6, 2014

සින්දු බ්ලොග් පිටුවක් "හින්දි සින්දු"


Maine khud ko de diya hai tujh ko

Main tera.. hoon tera


Kaate na kate, leta hai ye karvatein


Din mera.. din mera

ඔබට දෙවියන් ලෙසින් පිදුවෙමී
මා ඔබේයි ඔබේමයි
ඉන් මඟ නොහැරේවී, ආපසු හරවාවී
මාගේ දිනයන් , දිනයන් මාගේ


පිවිසුම
http://hindisng.blogspot.com/2014/07/maine-khud-ko-de-diya-hai-tujh-ko.html

බ්ලොග් එකට පිවිසුම
http://hindisng.blogspot.com/