Sunday, January 15, 2017

තොරතුරු කාලීන සිද්ධි සමග රසවින්දනය ගෙනෙන ශාස්ත්‍රීය බ්ලොග් පිටුවක් " ලොකු අකුරු "

ප්‍රිය දර්ශනී 


මට අවුරුදු හත අට වූ කාලේ අපේ ගෙදරට මිටි කරගත් පුංචි රෝසපාට ඇඟිලි අස්සේ ලස්සණ හා ප්‍රීතිමත් වූ බොහෝ දේ හංගාගෙන පුංචි දේව දූතියක් ආවාය.
අපේ ගෙදර ළමයින් හතර දෙනාම මුලින්ම නිදාගත් සිඟිති කොටු ඇඳ අළුතෙන් රෝසපාට තීන්ත ගා අළුත් කර, අළුත්  රෝසපාට මදුරු දැලක් එල්ලා තිබුණි. එතෙක් ඒ ඇඳ අයිතිව සිටි ලොකු නංගීට ලොකු කොටු ඇඳ අයිති වුනු අතර, මටත් අයියාටත් ඉස්සරහ කාමරයේ ඇඳන් දෙකක් සින්නක්කර ලැබුණි. ඉතින් ගෙදර පුරාම ආයෙත් බබා සුවඳ විය. මීගමුවේ රෝහලක උපන් හෙයින් අපේ අම්මාට මීගමු අළුවා කෑල්ල වූ මේ පුංචිම පුංචි කෙසඟ කෙල්ල නාවන වෙලාවට අත් උදව් කාරයා වූයේ මමය.

කවදා කෙලෙස මතක් කලත් ආදරණීය සතුටක් සමගම මතක් වෙන අපේ පුංචි නංගී ගැන මගේ මුල්ම මතකය එහෙමය. ඒ පුංචි රෝසපාට ඇඟිලි වල ඈ සඟවාගෙන පැමිණි ලස්සණ හා ප්‍රීතිමත් වූ බොහෝ දේ මගේ ළමා කාලය පුරාත් අද දවස පුරාත් විසිරී විහිදී තිබේ.

ඕ එදත් අදත් කවදාටත් ප්‍රිය දර්ශනී ම වුවා ය. අපේ මඟුල් දවසේ දෙවැනි මනාලිය වූ ඇගේ මේ මුහුණ, රටින් පිටවී පැමිණි දිනවල මා රැගෙන ආ මුහුණයි. ඒ පැමිණ දශක දෙකකට පසු දෙදාස් ගණන්වල ගිම්හාන සවසක ලියවුණු පහත පද ටික අදත් හැඟුම්බරව මසිතට දැනෙයි.

සුබ උපන් දිනයක් නංගී.

..................................................

පිවිසුම
https://lokuakuru.blogspot.com/ 

Sunday, January 8, 2017

කාලීන සිදුවීම් තොරතුරු විවිධාංග සමග රසවින්දනය රැගත් අළුත් බ්ලොග් එකක් "ලිප්ස්ටික්"

අලුත් අවුරුද්දේවත් මිත්‍යාවෙන් මිදෙමුද?





රනිල් වික්‍රමසිංහ අසරණව තිරුපති කෝවිලේදී

දැන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැස්ස ඉල්ලා දෙවියන් යදින්නට පටන්ගෙන තිබේ. වර්ෂාව නැති නියං කාලයක් අහවරව වර්ෂාව ළංවූ විගස ජනාධිපතිවරා විසින් ජාතික මට්ටමෙන් යැදීමේ ව්‍යාපෘතියක් පටන්ගෙන තිබුණි. පිරිත් කියන්නටත් දේවාලවලට යන්නත් පටන්ගෙන තිබුණු ජනාධිපතිවරයා නත්තල් දින උත්සවයදී කතෝලික පූජකවරුන්ගෙන්ද වැස්ස ලැබෙන්නැයි පතන්නට ඉල්ලා තිබුණි. ඒ මදිවාට ඔහු පොළොන්නරුවේදී බෝධිපූජා සහ දේව කන්නලවු කිහිපයකට සහභාගී වී තිබුණි.




වැස්ස ලැබෙන ලෙස යාඥා කරන ලෙස චක්‍ර ලේඛ යවන්නට පවා ජනාධිපතිවරයා කටයුතු කර තිබුණි. ඒ බව රාවය පසුගිය සතියේ පුවතක සඳහන් වුණේ බෝධිපූජා සහ ශාන්තිකර්ම කරන ලෙස දැනුම්දෙමින් කෘෂිකර්ම අමාත්‍යාංශය, මහවැලි අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු රැසකට චක්‍ර ලේඛයක් යවා ඇති බවයි. ඒ අනුව දුමින්ද දිසානායක කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් වර්ෂාව ඉල්ලා බෝධි පූජාවක් ශ්‍රී මහා බෝධිය ඉදිරිපිට පවත්වා ඇතැයි පුවත් පළකර තිබුණි. 
.....................................

පිවිසුම

Tuesday, January 3, 2017

සාහිත්‍යමය කලා රසවින්දනය වෙනුවෙන්ම ලියැවෙන අළුත් බ්ලොග් පිටුවක් " තීර්ථය "

ටිකක් කාර්ය බහුල වීම නිසා අළුත් අවුරුද්දට සුබපතල වෙනද වගේ පෝස්ට් එකක් දාන්නත් බැරි උනා. ඒත් අළුත් අවුරුද්දේ අපේ බ්ලොග් යාළුවො සේරටම සුබ නව වසරක් කියා ප්‍රාර්ථනා කරන ගමන්ම අළුත් අවුරුද්දේ මුල්ම බ්ලොග් හඳුන්වාදීමත් කරන්නයි හිතුවේ.

 

ප්‍රේමය යළි නිපදවීම : විරහවේ ආලෝකය නම් සපුතන්ත්‍රීය ප්‍රේම ලෝකය



සුදර්ශන සමරවීර විසින් ‘‘සපු මල සුවඳමය‘‘ කෘතියට ලියූ ලිපියකි. 
එක් අතකින් ඔබට පුළුවනි පරිසමාප්තියේ සියලු ආස්වාදයන් හඹා යා හැකි කිසියම් ආකාරයක මනා ලෙස සැලසුම් කරන ලද විවාහයක් ලබා ගැනීමට. අනෙක් අතින් ඔබ අනුරාගය නොතකන්නේ නම්, ඔබට අත්කර ගත හැකියි ප්‍රහර්ෂයෙන් (pleasure) පිරුණු විනෝදකාමී ලිංගික සබඳකම්. මේ දෘෂ්ටිකෝණයෙන් බලන කල මම ඇත්තටම හිතෙනවා අද දවසේ ලෝකය තුළ ප්‍රේමය මෙම ගැටයට, මෙම විෂම චක්‍රයට හසු වී තිබෙන බව. මෙහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රේමය පවතින්නේ අවදානමක. එය රැක ගැනීම සඳහා පෙරට ඒම දර්ශනයේ මෙන්ම අනෙක් ක්ෂේත්‍රයන්ගේද කර්තව්‍යයක්. එයින් බොහෝවිට අදහස් වන්නේ රිම්බෝඩ් කවියාද කී ලෙස ප්‍රේමය යළි-නිපදවිය යුතු වන බවයි. එය හුදු පවතින තත්වය පවත්වාගෙන යාම සඳහා වන ආරක්ෂණ ක්‍රියාවක් විය නොහැකියි. ලෝකය නව වර්ධනයන්ගෙන් පිරී පවතින අතර ප්‍රේමයද කිසියම් නව්‍ය වූවක් විය යුතුයි. ආරක්ෂාව සහ සුවපහසුවට එරෙහිව අවදානම සහ සන්ත්‍රාසය නැවත සොයාගත යුතුයි.
..................................................
පිවිසුම