Friday, September 5, 2014

තොරතුරු විවිධාංග හා විචාරාත්මක බ්ලොග් එකක් " කුරුන්ද | The Cinnamon Garden "

රට ගිය ඇත්තෝ......

2014 බිනර මස 04වනදා

දිනය : 2005 ඔක්තෝබර් 27
දවස : බ්‍රහස්පතින්දා
වේලාව : මධ්‍යම රාත්‍රියට ආසන්නයි.

මැදපෙරදිග වූ එක්තරා දියුණුයැයි සම්මත නූතන නගරයකි. එහි වූ දහසකුත් එකක් අති නවීන උස් ගොඩනැගිලි අතරින්, එක් සුවිශේෂී ගොඩනැගිල්ලක විසි එක් වන මහලයේ වූ මහල් නිවාසයක් අභ්‍යන්තරයෙහි පිහිටි කාමරයෙකි. බැලූ බැල්මට ස්ත්‍රීන්ගේ වාසස්ථානයක්යැයි සිතිය හැකි ලක්ෂණ එයින් විද්‍යාමාන විය. නිසි පිළිවෙළ, මේසයක් මත වූ මල් බඳුන, විශාල අජීවී පැන්ඩාවන් දෙදෙනෙකු එයින් සමහරක් පමණකි. බිත්තියෙහි අලවා තිබූ විශාල ප්‍රමාණයේ මනරම් දර්ශනයකි. එහි අති අලංකාර වෙරළ තීරයක් දක්නට වූ අතර යටින් "ලස්සන පිලිපීනය" යනුවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් ලියා තිබුණි. එහි සයනයන් ද්විත්වයක් වූ බැවින් තරුණියන් දෙදෙනෙකු වසනා බව වටහා ගැනීම එතරම් අපහසු නොවේ. නමුත් මෙහි ඇති විශේෂත්වය මේ කිසිවක් නොවේ. මේ කියනා මොහොතේ මෙම කාමරයෙහි වූ පැන්ඩාවන් දෙදෙනාගෙන් එකෙකු එක සයනයෙක පහසුවෙන් වැතිර සිටිනා විටම අනෙක් පැන්ඩාවා අනෙක් සයනය අසල බිම පතිතව සිටිනු දක්නට හැකි විය. ඉතින් එහි ඇති විශේෂත්වය කුමක්ද ? ඔබ එසේ අසනු ඇත. විශේෂත්වයනම් එම මොහොතේම බිම වැටී සිටි පැන්ඩාවා අසළවූ සයනය මත විශාල ගිනි ජාලාවක් බුර බුරා නැගීමයි. ගින්නකට අවැසි සියලු සාධක මනාව එකතුව පැවති බැවින් එහි ගිනි ජාලා විහිදුවමින් බුර බුරා නැගෙනා ගින්නකි. ලෝකයන් දෙකක් මුලු මනින්ම දවා හළු කළ හැකි තරම් වූ අති ප්‍රබලව බුර බුරා නැගෙනා ගින්නකි ඒ.

එහෙත් පුදුමයකි ! සිගරට් දුමාරයකට පවා අති සංවේදීව ක්‍රියාත්මක වන අති ප්‍රබල සංවේධකයන් මෙම ගිනි ජාලාවන් දෙස බලා නිසලව සිටියහ. හැකිතරම් වීරිය දමා කෑගසා මුළු ලොවටම මේ ගින්නෙහි පණිවිඩය දැනුම් දිය යුතු උවත් ඔවුන්ද වගේ වගක් නොමැතිව සිටී. සමහර විට ඔවුන්ද ගින්න රසවිඳිනවා විය හැකියැයි හිතෙනා තරමට ඔවුන් නිහඬය. එබැවින්ම එම ගින්න මුළු ලෝකයටම රහසක්ව නිවී යාමට වුවත් බැරි නැත.

 

පිවිසුම

http://kurundha.blogspot.com/ 

No comments:

Post a Comment