Friday, April 29, 2016

සීතාවකපුර ඉතිහාස විස්තර රැගත් අපූරු වෙබ් අඩවියක් "අවිස්සාවේල්ල.com "

AMH-4548-NA_Maps_of_the_entrenchments_at_Arandere,_Tontotte,_Ruanelle_and_Sitavaque

සීතාවක රාජධානියක් ලෙසට තොරා ගැනීම…..

       මායාදුන්නේ කුමරුන් තම රාජධානිය සදහා සීතාවක තොරා ගැනීමට බලපෑ හේතුන් බොහොමයක් බවටයි හදාරන්නන් යෝජනා කරන්නේ. ඉන්පලමු කොටම  කොළඹ සිට එන මාර්ගය සිතාවකදී කන්ද උඩරටට යන මාවත හා සබරගමුවෙන් එන මාවත එකට මුන ගැසෙන ඉසව්ව මෙය වීම බවට යෝජනා කරනවා. එසේම වළගම්බා රජ දවස සිටිම ආගමික මධ්‍යස්ථානයක් ලෙසට මානියම්ගම රජමහ විහාරය පැවතීමත්, මෙහි වැඩ විසූ භික්ශූන් වහන්සේලා විජයබා කොල්ලයටත් පෙර සිටම මායාදුන්නේ කුමරුට සහය දැක්වීමත් දක්වා සිටිනවා. තවද සීතාවක ගඟත් ගැටහැති ඔයත් ඇතුලු ජලමාර්ගවලින් ලැබෙන ආරක්ශාවත් පමනක් නොව සරුසාර ගංගා මිටියාවතක් වීමද ඒනිසාම පෙර කල සිටම කෘෂිකර්මාන්තය අතින් සරුසාරව පැවතීමත් හේතුවක් ලෙසට දැක්වෙනවා. ආරක්ශාව පිලිබදව සැලකීමේදී මානියම්ගම ගිරිදුර්ඝයත්, ක‍ටුපඳුරු සහිත වනාන්තර මෙන්ම මඩගොහුරු සහිත වගුරු බිම්ද වීම වැදගත් වන්නට ඇති බවට ඔවුන් පෙන්වා දෙනවා. ඉතිහාසයේ සදහන්වෙන්නේ මයාදුන්නේ කුමරුගේ නියෝග මත ආර්ය නම් ඇමතිවරයා රජ මාලිගව, රාජ සභාව, පරිවාර මාලිගාවන්, මංමාවත්, මල් උයන් වලින් පිරි අලංකාර නගරයක් බවට පත්කල බවයි.
..............................

පිවිසුම

Wednesday, April 27, 2016

කාලීන සිදුවීම් තොරතුරු විචාර හා සංවාද සමග ශාස්ත්‍රීය බ්ලොග් එකක් " ඉකොනොමැට්ටාගේ සතපහ "

ආර්ථික වර්ධනය හා පක්ෂ ප්‍රතිපත්ති


ඇමරිකාවේ ආර්ථික වර්ධනය හා බලයේ සිටින ජනාධිපතිවරයාගේ දේශපාලන පක්ෂය පිළිබඳව ඇමරිකන් ඉකොනොමික් රිවීව් විමර්ශිත ජර්නලයේ පළවූ පර්යේෂණ පත්‍රිකාවක් ඇසුරෙන් මම මසකට පෙර සටහනක් පළ කළෙමි. මේ සටහනට ප්‍රතිචාරයක් ලෙස පාඨකයෙකු විමසා සිටියේ ලංකාව හා අදාළවද මෙවැනි විශ්ලේෂණයක් කළ හැකිද යන්නයි. ඇමරිකාවේ මෙන් නිශ්චිත දිනයකට මැතිවරණ නොපැවැත්වෙන හා මැතිවරණ ක්‍රමය කිහිප වරක් සංශෝධනය වුනු ලංකාව හා අදාළව මෙවැන්නක් කිරීම තරමක් සංකීර්ණ කටයුත්තකි. මේ ඒ සඳහා කෙරෙන සරල උත්සාහයකි.

ඇමරිකාවේ මෙන්ම ලංකාවේද ඇත්තේ ද්විපක්ෂ ක්‍රමයකි. නිදහසින් පසු දිගටම ලංකාව පාලනය කලේ එජාප හෝ ශ්‍රීලනිප ඇතුළත් වූ සන්ධානයකි. 1977 වන තුරු ලංකාවේ රාජ්‍ය පාලනය මෙහෙයවුනේ අගමැතිවරයෙකුගේ ප්‍රධානත්වයෙනි. ඒ නිසා ඒ කාලය සැලකිල්ලට ගැනීමේදී සැලකිය යුත්තේ අගමැතිවරයා අයත් වූ දේශපාලන පක්ෂයයි. ඉන්පසුව, විධායක ජනාධිපතිවරයෙකු විසින් රාජ්‍යය මෙහෙයවුනද බොහෝ විට අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය පත් වූයේ ජනාධිපතිවරයා අයත් වූ පක්ෂයෙන්මය. පළමු වරට මේ තත්ත්වයේ සුවිශේෂී වෙනසක් සිදුවූයේ ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ කාලයේදී රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස පත් වූ කාල වකවානුවේදීය. කෙසේවුවද, මේ කාලය තුළ රටේ ආර්ථික ප්‍රතිපත්ති මෙහෙයවූයේ එජාපය බව සැලකීමෙහි වරදක් නැත. ඉන්පසුව, පසුගිය වසරේ රාජ්‍ය පාලනය භාරගත් එජාප-ශ්‍රීලනිප සම්මුති ආණ්ඩුව සම්බන්ධවනම් ඇත්තේ තරමක් අපැහැදිලි තත්ත්වයකි.

පහත රූපසටහනේ ඇත්තේ එජාප හා ශ්‍රීලනිප ප්‍රමුඛ වූ සභාග අතර බලය මාරුවුනු විවිධ කාල වකවානු වල ලංකාවේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගයයි. කිසියම් වසරක් තුළ වැඩිම කාලයක් රට පාලනය කළ පක්ෂය එම වසර තුළ රට පාලනය කළ බව සලකා තිබේ. ඒ නිසා 1960 ඩඩ්ලි සේනානායක අගමැතිව සිටි තුන්මස් එජාප ආණ්ඩුව ආණ්ඩු වෙනසක් ලෙස මෙහි නොපෙනේ. එකම පක්ෂයේ පුද්ගලයින් අතර සිදුවූ බල හුවමාරුද වෙන් වශයෙන් සලකා නැත.

.............................................

පිවිසුම
http://emgesathapaha.blogspot.com/ 

Tuesday, April 26, 2016

සාහිත්‍යමය කලා රස වින්දනය සඳහාම වෙන් වූ තාවත් බ්ලොග් එකක් " සිතුම් පැතුම් "

සාලයේ එක පෙලට
නිදා හිඳිනා සිරුරු
හතරක පහක
දුරක් පමණෙකි
සුබ්‍රමනියම් මට
ඔබේ ලඟට

ජනෙල්
කාවුලෙන් පැන
දීපාවලි හඳ,
ඔබේ මුහුණ
මත නතරව
අදත් පෙනේ මට,
සුබ්‍රමනියම්
ඔබ අවදිව...
~ අවේක්න් රයිටර් ~
................................................
 
 පිවිසුම

Monday, April 25, 2016

කලා සාහිත්‍යමය රස වින්දනය සඳහාම ලියවෙන අළුත්ම බ්ලොග් එකක් " දුමී "

කවි කියන්න අසයි මට

දුහුලු මලක මල් පෙති මත
තැවරුනු මුදු සුමුදු සුවද

හිත පුරාම විද ගන්නට
සදා කල්හි එක විලසට

රේණුව අග පරාග සේ
පිරිලා ඇති සොදුරු සිහින

මද සුලගේ පාව යන්න
ඉඩ හරිනෙමි හෙමින් සැරේ

පාට පාට පෙති විහිදුන
රෝස කුසුම් ලග හිදගෙන

පෙති මත ඇති සුමුදු පහස
පිරිමදිමින සැහැල්ලුවට

රෝස සුවදෙ අනන්තයට
පිය නගනා මොහොතකදී

ආදරයට නුඹ සිහිකර
කවි කියන්න අසයි මට

.....................................

පිවිසුම
http://dumimda.blogspot.com/ 


Sunday, April 24, 2016

බුදු දහම හා දහම් දැනුම සම්බන්ධ වැදගත් බ්ලොග් පිටුවක් " Nirvana Dhamma "

මෙත් සිතක සහ වංචනික සිතක වෙනස...

“යම්පිච්ඡං න ලබති තම්පි දුක්ඛං - යමක් කැමති සේ නොලැබීමද දුකකි” පෙර නොඇසූ විරූ ලෝකය නොදන්නා තාක්... පෙර නොඇසූ විරූ දුක නොදක්නා තාක්... පෙර නොඇසූ විරූ දහමෙන් පෝෂණය නොවන තාක්... කැමති සේ නොපවතින ලෝකයක් තමන්ට කැමති සේ පවත්වා ගැනීමේ හිස් වෑයමක යෙදෙන්නේ... කෙසෙල් කඳක් පතුරු ගසමින් හරයක් සොයන්නා සේමයි...

කෙනෙක් අපට රිසි සේ කටයුතු නොකරයි... එන්න අප ඔවුන් සකසමු... යමෙක් දහමක් නොදරයි... එන්න අප ඔවුනට බලහත්කාරයෙන් දහමක් දෙමු... කෙනෙක් අඳිනා ඇඳුම නොගැලපෙයි... එන්න අප එය අපට රිසි ගැලපෙන විදියට හඳමු... ඔහු අප කියනා දෙය පිළිනොගනී... එන්න අප කෙසේ හෝ පිළිගන්නවමු...

අපට රිසි සේ නොවේ නම් අපට ඒ ඇසුර නොවේවා! එන්න අප එකතුවී පතමු... අපේ සිත් පිරිසිදුයි එන්න අප තදින් අධිටන් කරමු... පූජා තබමු... සෙත් පතමු... පහනක් දල්වමු... ඉටි පන්දමක් දල්වමු... මේ ලෝකය අපට රිසි සේ සකස් වේවා... අඳුර නැතිවී ආලෝකය වේවා... අපට රිසි දෑ ලොව ප්‍රකට වේවා... අපට රිසි ලොවක් නැඟේවා...
..................................................

පිවිසුම
http://blog.nirvanadhamma.com/ 

Friday, April 22, 2016

රසවින්දනය සමග තොරතුරු විවිධාංග රැසක් ගෙනෙන තවත් බ්ලොග් එකක් " පිලේ පැදුර "

55. වීදියේ අපි...


ගූගල් ස්ට්‍රීට් එකෙන් ඔයාලාගෙ ගෙදර ඇවිත් ඇතුලට යාගන්න බැරුව කැරකි කැරකි උන්නා මං
ඉස්සර නම් බයෙන් උනත්
කෙළිම්ම ගිය හැකි ඇතුලට අවුරුදු කීයක් උනාද හිතා ගන්න බෑ ඇත්තට... 
මිදුලෙ තිබුණු රන් තැඹිලිය
කපා දාල වගේ නේද?  ඇඹරැල්ලා ගහනම් ඔය තියෙන්නෙ තව අපූරුවට. 
..................................

පිවිසුම
http://pilepadura.blogspot.com/

Thursday, April 21, 2016

විවිධාංග තොරතුරු කාලීන සිදුවීම් විචාර සමග රසවින්දනට ගෙනෙන බ්ලොග් පිටුවක් " හිස් අහස "

රිළා පීකුදු




උඹලාට මතකද අපේ බජාර් බාසාවෙ ගන්ති වචනයක් තියෙනවා “kරි කෑව රිළවා වගේ කියලා” වචනේ නං කුණු හරපයක් තමයි ඒ වගේමයි ඉතිං මේ පෝස්ට් එකත් 18ප්ලස්. ඒ කෝම වුණත් අකුරු අස්සේ කොටු දාලා උඹලා රවට්ටන්න ඕන්නෑනේ ..! බහ තෝරන පොඩි උන් කුණුහරප රැප් කරන කාලේ මෙවුවා නතිං .. ඒත් ඔෆිස් වල ඉඳන් බලන උන් පච නොවෙන්න ඉංග්‍රීසි සහ සිංහල මාරුවක් දීලා සැර පොඩියක් බාල කරලා තියෙන්නේ .ඉතින් බය නැතුං බලහං.

තේක්ක ගස්වල මල් පිපෙන එක ග්‍රීස්ම කාලෙ එක දවසක්, අපේ ගමේ කොල්ලෝ සෙට් එක ළිඳක් ඉහින්න සෙට් වුණා .. වතුර පනිට්ටුවක් වත් ඇද්දේ නැති වුණාට උපදෙස් දෙන්ඩයි , එකට එක කියන්ඩයි , කට පල්ලෙන් අහං ඉන්ඩයි ඕන නිසා මාත් ඔතනට එකතු වුණා ..

එදා කවුරු හරි, කාට හරි “kරි කෑව රිලවා වගේ” කියලා පොඩි කිණ්ඩියක් පාස් කළා .. මං හිතන්නේ මට නෙවෙයි වෙන කාට හරි වෙන්නැති .. ඔය කතාව ඇහුණ ගමන් පැත්තකට වෙලා හිටිය රිපිටා නැගිට්ටා ..උගුර පාදලා  ඌ මගෙන් වැදගත් ප්‍රශ්නයක් ඇහුවා . 
............................................. 

පිවිසුම
http://hisahasa.blogspot.com/

Wednesday, April 20, 2016

කාලීන තොරතුරු දැනුම විචාර පිරි තවත් වැදගත් බ්ලොග් පිටුවක් " නවදැලි හේන "

බොම්බයි මොටයි


ගාල්ල බලා දිවෙන රාත්‍රී තැපැල් දුම්රියට මා ගොඩවූයේ සෑහෙන කලකට පසුවය. වෙනදා සතියකට වරක්, දෙවරක් හෝ ඊටත් කීපවරක් තැපැල් දුම්රියේ මා යන ගමන දැන් දැන් අඩුවී තිබේ. උදෑසනට දකුණු කලුතරින් ආරම්භවී මීගමුව බලා ඇදෙන දුම්රිය, හවස් වරුවේ අතිරේක ගමන් වාරයක් ලෙසින්, කොලඹ කොටුවෙන් නැවත දකුණු කලුතර බලා  ගමන් අරබන නිසා, වෙනදා තැපැල් දුම්රියේ ගමන් ගත් බෝහෝ පිරිසක් දැන් එහි ගමන් ගන්නේ නැත. කොටුවෙන් පිටත් වූ සැනෙන් එක පිම්මේ මොරටුව බලා දිවයන රාත්‍රී තැපෑල, මොරටුවේදී ලීබඩු පැටවීමටත්, තැපැල් මලු බෑමටත් බොහෝ වේලාවක් කා දමයි. විනාඩි විස්සකට, තිහකට පසු යාන්තමින් මොරටුවෙන් පිටත් උවත්, නැවතත් පානදුර දුම්රිය ස්ථානයේද එපමණම කාලයක් ගෙවා දමයි. 

දිනපතා කොළඹ ගමන් ගන්නා කාර්යාල සේවකයෙකුට විශේෂයෙන්ම පසුදා උදෑසන නැවතත් කොළඹ ආ යුතු අයෙකුට, තැපැල් දුම් රියේ මෙකී රස්තියාදුකාර ගමන මහත් වදයකි. එනිසාම අම්බලන්ගොඩ, හික්කඩුව මෙන්ම බොහෝවිට ගාලු යන්නවුන් පවා රාත්‍රී තැපෑල මගහැර "දකුණු කලුතර" දුම්රියෙන් කලුතරට පැමිණ ඉන්පසු දුරගමන් සේවා බස් රථයකින් ගමනේ ඉතිරිය ගෙවා දැමීමට හුරුවී සිටිති. මා ද ඉහතකී "දුම්රිය-බස්" දෙමුහුන් ක්‍රමයට හුරුවූයේ සුන්දර තැපෑලේ රසවත් රස්තියාදුව තවදුරටත් උහුලාගත නොහැකිවූ විටය. 

මා කොටුව දුම්රියපලට ලගාවන විට දකුණු කලුතර දුම්රිය පිටත්ව ගොසින්ය. රත්‍රී තැපෑල පස්වන වේදිකාවේ ගාල් කර ඇති අතර, කාකි කලිසන් ඇදගත් දුම්රිය කම්කරුවෝ තැපැල් සේවකයන් හා එක්ව පෝර උරවල දමා සීල් කල තැපැල් මලු දුම්රිය තුල අඩුක් කරති. 

රාත්‍රී තැපෑලේ දෙවන පන්තිය මැදිරිය ඇත්තේ තැපැල් මැදිරියට යාබදවය. ඒවනවිටත් බඩු පැටවීම නිමාවී තිබූ අතර තැපැල් මලු පැටවීමද අවසන් වීමට ආසන්න වී තිබින. වෙනදා පිටත්වෙන වේලාව ආසන්න වනවිට, අතොරක් නැතිව මැදිරි පිරී යතත් මා දුම්රියට ගොඩවන විටත්, දෙවන පන්තියේ ආසන කීපයක්ම හිස්වී තිබින. ආසනයට බරවූ මම, දෙපා සපත්තු යුගලෙන් මුදවා ඉදිරියට දිගා කලෙමි. සිවිලිමෙහි සවිලක පන්කාවේ තල අමුතුම හඩක් නන්වමින් අධිවේගයෙන් පරිභමණය වෙයි. මැදිරියේ සිවිලිම දෙස හිස් බැල්මෙන් මද වේලාවක් බලා සිටි මම, දවසේ දාහය රාත්‍රී තැපෑලේ මැදිරියට මුදාහලමින් දෑස් අඩවන් කලෙමි. 
...............................................

පිවිසුම

Tuesday, April 19, 2016

කාලීන තොරතුරු සංවාද විචාර සමගින් අළුත් ශාස්ත්‍රීය බ්ලොග් එකක් " මානව "

ඞීමන් ආනන්ද

ඞීමන් ආනන්ද 


නාලක ගුණවර්ධන ඞීමන් ආනන්ද ගැන ලියූ ලිපිය නැවත කියෙව්වා මේ ලියවිල්ල හරහා නාලක මතුකරන්නෙ මාත් එකඟ වන අදහස්. ඒ නිසා ඒ ගැන මගේ මතකය අවදි කරන්න හිතුවා.


බොහෝ විට අද පරපුරේ අය නොදැන සිටියත් 70 දශකයෙදි හෝ 80 දශකය මුළ හරියෙ පාසල් අධ්‍යාපනය ලබපු අපේ පරපුරේ අයට ඞීමන් ආනන්ද පිළිබඳ අමුතුවෙන් මතක් කරන්න දෙයක් නැහැ කියල හිතනවා.


මං ඞීමන් ආනන්දගෙ පොත් කියවන්න ගත්තෙ හයේ පන්තියෙ ඉන්නකාලෙ කියලා හොඳටම මතකයි. ඒ කාලෙ මට හිටියා චන්ද්‍රසිරි කියලා යාලූවෙක්. ඉස්කෝලෙ ඇරිලා තලපත්පිටියෙ ඉඳන් මිරිහානට පයින් එන අතරේ ඞීමන් ආනන්දගෙ පොත් වල තියෙන කතා මට කියන්න චන්ද්‍රසිරි පුරුදුවෙලා හිටියා. ඉන්පස්සෙ ඔහු මට වරින් වර ඞීමන් ආනන්දගෙ පොතුත් ගෙනත් දුන්නා. ඒත් මං ඞීමන් ආනන්දගෙ පොත් වැඩියෙන්ම කියෙව්වෙ අපේ පුංචි ආච්චිගෙ ට‍්‍රන්ක පෙට්ටියෙන්. ඒ කතාව රසවත්.


අපේ අම්මගෙ අම්මට - අපේ ආච්චිට - බාල සහෝදරියන් දෙන්නයි.  එක් බාල සහෝදරියක් දේශපානඥයන් වන නන්දිසේන කුරේ සහ සිරිසේන කුරේ මාමලාගේ අම්මා. අනෙක් බාල සහෝදරිය ජීවත්වුණේ ඇඹුල්දෙණියෙ හන්දියෙම තිබුණ ඇගේ දුවගෙ ගෙදර. මේ කියන පුංචි ආච්චි කතන්දර කියන්න අති දක්ෂයා. අපේ ආච්චිත් කතන්දර කිව්වා. උන්දැ කිව්වෙ රජ කතා රාක්ෂයන්ගෙ කුමාරවරුන්ගෙ කතා. ඒත් පුංචි ආච්චි කිව්වෙ නූතන කතා. ගාමිණී මාලිනීගෙ පික්චර් කතා. ඞීමන් ආනන්දගෙ කතන්දර පොත්වල කතා. (ඒ විදිහට රසවත් ලෙස කතා කියන්න පුලූවන් ආච්චිලා අනේ දැන් කෝ..?)


මේ පුංචි ආච්චි ළඟ විශාල ලෝහ ට‍්‍රන්ක් පෙට්ටියක් පුරවලා නවකතා තිබුණා. හැබැයි ඒ පොත් කාටවත් අල්ලන්නවත් තහනම්. පොත් පෙට්ටියේ අනෙකුත් නවකතා එක්කම ඞීමන් ආනන්දගෙ නවකතා මං හිතන්නෙ දෙතුන් සීයක්වත් තිබුණා.


පුංදි ආච්චිට තේ සාදා දීම සහ බුලත් කොටා දීම වැනි ආවතේව කර කොහොම හරි එක නවකතාවක් ඉල්ලා ගන්නට මට පුලූවන් වුණා. මං ඒක කියවලා ඒකට පිටකවරයක් එහෙම දාලා නවකතාවෙ දර්ශනයක් එහෙම කවරයේ ඇඳලා පුංචි ආච්ච්ට ගිහින් දුන්නා. උන්දැට හරිම සතුටුයි. එදා ඉඳලා මට ඇගෙන් පොත් ඉල්ලා ගන්න එක ඒ හැටි අමාරු වුණේ නැහැ. ඒත් එක වතාවකට එක පොතයි.


ඔය අතරේ මොක්දෝ හේතුවක් නිසා පුංචි ආච්චි අපේ මිරිහානෙ ගෙදර ඇනෙක්ස් එකට පදිංචියට එනවා. අපි පුංචි ආච්චි නැතිවෙලාවට ඇනෙක්ස් එකට හොරන් රිංගලා ඇගේ ට‍්‍රන්ක් පෙට්ටියෙන් පොත් ගෙනත් කියවන්න පුරුදු වෙලා හිටියා.


ඒ බොහොමයක් පොත් වල පිටු තිබුනෙ 72 යි. පොතක් ශත 75 යි. ලොකු පොතුත් තිබුණා.

ඞීමන් ආනන්දගෙ පොත් කියවීම බාලයන්ට නුසුදුසු දෙයකැයි කියන මතයක් සමාජයේ තිබීම නිසා අපි මේවා කියෙව්වෙ වැඩිහිටියන්ට හොරෙන්. නාලක කියනවා වගේ මේ පොත් වල ලිංගිකත්වයට බර දේ තිබ්බෙ නැහැ. ඉඳහිට තැනක වැඩිම උණෙත් සිප ගැනීමක් වගේ දෙයක් තියෙන්න ඇති. ඔහුගෙ ”ඩොක්ටර් ඉසෙඞ්” නවකතාවෙ ලිංගිකත්වය පිළිබඳ ශේෂයක් තිබුණා. අද දවසේ නවකතාවල අපි කියවන ඇඟ හිරිවැටෙන ලිංගික ජවනිකා එක්ක බලනකොට ඒව මොනාද?

...........................................................


පිවිසුම
http://maanawa.blogspot.com/

Sunday, April 17, 2016

පැරණි වෙදකම ගැන සයිබරයේ කතා බහ කරන වැදගත් බ්ලොග් පිටුවක් " වෙද ගෙදර "

සිරිපා අඩවියේ ප්‍රවීණ විද්‍යා ආචාර්යවරියකගේ අත්දැකීමක්

මෙම කතාව ඔබට එක සිතින් පිළිගන්න යැයි මම නො කියමි. මෙහි ඇත්තේ එසේ පිළිගත හැකි කතාවක් නොවේ. මෙම කතාවේ විශේෂය මෙයට මුහුණ දුන් පාත්‍ර වර්ගයා යි. ඇය ලංකාවේ ප්‍රකට විද්‍යා ආචාර්යවරියකි. සියල්ලේ ම විද්‍යාත්මක පදනම මැනවින් සොයන්නියකි. මනසේ ඒකාග්‍රතාව ඉතා හොඳින් පවත්වාගෙන යන බව ඇය හා නිතර ආගිය තොරතුරු, දේශපාලනය, ආගම, ආයුර්වේදය මෙන් ම නූතන විද්‍යාව පිළිබඳ සංවාදයේ යෙදෙන මම දනිමි.
ඊට ද වැඩි අරුමයක් තව තිබේ. එනම් ඇයගේ සැමියා මෙරට ප්‍රකට වාමාංශික දේශපාලන පක්ෂයක ප්‍රමුඛ ක්‍රියාකාරිකයෙකි. එහි නායකයා ඇයගේ පිය පස ඥාතියෙක් වන අතර මෙවර එම පක්ෂයෙන් ජනධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයා ඇයගේ මිතුරෙක් වන තවත් විද්‍යා දේශකයෙකි. මේ පසුබිම ඇයගේ මේ කතාව සනාථ කිරීමට නොව ඇය පිළිබඳ මගේ දෘෂ්ටිය ඔබට පහදා දීමට මවිසින් එක් කළ දෙයකි. මෙම තොරතුරු සත්‍ය ම බව ඔබට පසක් කරමි. මෙය සත්‍ය අද්දැකීමක් බව දිවුරා කියමි. ඒ එසේ වතුදු මෙය පිළිගන්න යැයි ඔබට බල නො කරමි. ඇය මට මේ කතාව පැවසූයේ දැනට වසර එකහමාරකට පමණ පෙර වුවද දිගු කලක් බ්ලොග් ලෝකය හා මගේ සම්බන්ධය නැවතී පැවති බැවින්, එය අකුරු කිරීමට නොහැකි විය.

මෙහි පාත්‍ර වර්ගයා එසේ ය. මෙය සිදු වී දැනට වසර කීපයක් ගෙවී ගොසිනි. නමුත් එහි බලපෑම ඉතා විශාල ය. ඒ එතරම් වාමාංශික පදනමක පිහිටි, පේරාදෙණිය විද්‍යා පීඨයෙන් උපාධි ලැබූ විද්‍යා ආචාර්යවරියක වන ඇය, ලෝකය විද්‍යාව නමින් හඳුන්වන කෝණයෙන් පමණක් නොව වෙනත් කෝණ වලින් ද මනින්නට ඉන් පසු පෙළබීම යි.

එක්තරා විෂය ක්ෂේත්‍රයක ප්‍රවීණයෙක් වන ඇයගේ සැමියා සිරිපා අඩවියේ යම් ස්ථානයක පැවති රැස්වීමකට සහභාගි වීමට තම බිරිඳ හා කුඩා දියණිය ද ගෙන පිටත් විය. හිමිදිරියේ ඔහුගේ කර්තව්‍ය ආරම්භ වන විට ඇය සිරිපා අඩවියේ සිට සිරිපා කන්ද දෙස බලාගෙන එහි යාමට හැකි දැයි එහි සිටියවුන්ගෙන් ඇසුවා ය. ඔවුන් ඇය වැළැක් වූයේ ඒ සිරිපා කරුණා නොකරන අවාරය බැවිනි. නමුත් එවන් දේකින් මෙල්ල වන තැනැත්තියක් නොවේ ඇය. කුඩා දියණිය ද සමඟ සැමි අවසරය ද ගෙන තනියට පිරිමි ළමයෙක් ද කැටිව සිරිපා කන්ද තරණය කරන්නට ඇය ආරම්භ කළේ අනෙක් අයගේ විරෝධය නොතකා ය.

......................................................

පිවිසුම
http://wedagedara.blogspot.com/ 

Friday, April 15, 2016

කලා සාහිත්‍යමය රසවින්දනය සඳහාම විශේෂ වූ බ්ලොග් පිටුවක් " ලොක්කයියා.. "

නුඹ මගේ කුමරිය වෙලා..

අපි අපේ නොවන බව,
දැන දැනත් අපි හමුවුනා..
සොඳුරියේ නුඹ ලඟ නැතත් අද,
මා නුඹට හැමදා පෙම් කලා...

අසම්මතේ සොඳුරු සෙවනැලි,
අපේ හිත් අද වෙලා...
රෑ දකින හැම සිහිනයේ,
නුඹ මගේ කුමරිය වෙලා.....

෴ ලොක්කයියා ෴



 


...................................................................

පිවිසුම
http://lokkaiyaa.blogspot.com/ 

 

Thursday, April 14, 2016

කාලීන සිදුවීම් තොරතුරු විශේෂාංග සමග රසවින්දනය ගෙනෙන තවත් බ්ලොග් එකක් " Dinisuru's Blog "

ඇත්තටම ලස්සනයි . හවස කැලනි ගං ඉවුරේ ඉදන් පංසල දිහා බලන් ඉන්නකොට අදුර වැටෙනකන් තේරෙන්නෑ . ඒ හීනියට එන හුලං පාර ඇග සීතල කරනවා වගේම සමහර වෙලාවට හිත අතීතයට අරන් යනවා. ටිකෙන් ටික වයසත් ගෙවීගෙන යනවා. මේ අවුරුදු කාලේ මුලු පන්සලේම රොබරෝසියා මල් පිපෙනවා. පේරාදෙනිය මල් වත්ත වගේ . ඒ අස්සෙන් තැනින් තැන මැයි මල් එරබදු මල්. සමහර අය අහනවා ඇයි පංසලේ පිපෙන මේ මල් වලට මෙච්චර ආදරේ කියලා ඇයි මල් ගැන කතාකරන්නේ කියලා. ඒකට උත්තර මං ලග නෑ දැන්. හැබැයි කාලයක් තිබුනා මේ මල් එක්ක සෙල්ලම් කරපු මේවා මැද්දෙන් ඇවිදන් ගියපු. වැස්ස වෙලාවට යටට වෙලා හිටපු . කාලයත් එක්කම ඒ හැමදේම නැතිවෙලා ගියා. හරියට දවසක් දෙකක් පිපිලා තිබිලා මේ මල් පරවෙලා බිමට වැටෙනවා වගේ.

මීට අදුරුදු 2 කට කලින් ගම්පහ මල්වත්තේදි ඔයාව හම්බෙලා කතාකරපු හැටි හිනා උන හැටි තාම මතක්වෙනවා අවුරුදු පහක් අපි ආදරේ කලා .හරියටම අවුරුදු පහයි මාස පහක්. ඉස්කෝලේ ටියුශන් ක්ලාස් වල අපේ ආදරේ හොර රහසේම ගලාගෙන ගියා. ඒවා මතක්වෙද්දිනම් ආයේ අතීතෙට යන්න හිතෙනවා. අපි හම්බුන තැන් එමටයි කතාකල දෑ එමටයි.

" මැට්ටි මොකෝ කල්පනාව "

" ජීවිතේ කොච්චර හැල හැප්පීම් ආවත් අපි ඒවට සාර්තකව මූන දෙන්න ඕනේ පැටියෝ "

" හරි දැන් කියන්නකෝ මොකක්ද ඔයාට හැප්පුනේ කියලා"

"මුකුත් නෑ"

"මුකුත් නැතිවෙන්න බෑ . කියන්නකෝ "

" අනේ යනවා යන්න ගෙම්බා . මෙතන මුකුත් දන්නෑ වගේ "

" ඇත්තට මැට්ටියේ ඇහුවේ "

" ඊයේ වෙච්ච දේවල් ගැන "

" ඕවා අමතක කරලා දාන්න . ඒ හැමදෙයක්ම අතීතයක් විතරයි රත්තරං. අපි දෙන්නගේ අනාගතේට ඒ කිසිම දෙයකින් වැඩක් නෑ "

" ඒ උනාට මට දුකයි. එයා ඔයා දිහා බැලුවේ තාමත් ආදරේ වගේ එයාගේ ඇස්වල ඒ දේ තිබුනා. "

" එයාමනේ මැනික මාව දාලා ගියේ. එයා ආයි එන්න හැදුවත් දැන් ඒකට පරක්කු වැඩියි ඔයා තමයි මගේ ජීවිතේ දැන්. කාටවත් දැන් ඒ තැන ගන්න බෑ "
..........................................................
 
පිවිසුම

Wednesday, April 13, 2016

සාහිත්‍යමය කලා රසවින්දනය සමගින් තොරතුරු විචාර අප වෙත ගෙනෙන අළුත් බ්ලොග් එකක් " ඉකිබිඳින පන්හිඳ "

රූපයට පමනක් ආදරයේ බැදෙන මිතුරු බැදීම්(ආදරය)

රූපයට ආදරය කරන මිතුරු බැදීම්.(ආදරය)
................................................................................
මේ ලෝකෙට අපි නිකාන්ම කඩාපාත් වෙන්නෙ නෑ.පස්මහ බැළුම් බලල කාළයේ තාලයට තාලයෙන් තමයි අපි මේ ලෝකෙට සුදුසු විදිහට ජන්ම ලාබය ලබන්නෙ.ඉතින් මෙහෙම යද්දි අපි කාළයාගේ ඇවෑමෙන් ලොකු මහත් වෙලා සදාතනික නොවන හෝ වන බැදීම් මිතු දම් සබදතා පවත්තගෙන ඉදිරියට ඇදෙනව.ඒ අතර අපිට ආශක්ත වන කෙනෙක්ට අපි වැඩියෙන් මිතුරු දම් පවත්තනව.එය දිගු දුරකට යද්දි සමහර විට එය ප්‍රේම සම්බන්දතාවයක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.හැබැයි අපි ඒ චරිතයට ගැහුණු වේවා පිරිමි වේවා ගොඩක් බැදිල ඉන්නව.
  මේක තමයි ජීවිත ස්වභාවය.බැදීම යාවත්කාලීන කරගෙන ඉදිරියට යන්න අපි උත්සහ ගන්නව හැමදාම හැබැයි ඒක ටිකක් අමාරු වෙනව.ඒ මොකද ආශක්ත උන චරිතයට තමා පමනක්ම ආශක්ත නොවන බැවින් බොහෝ දෙනා ඇයට හෝ ඔහුට ආශක්ත වෙනව.මේ කාරනාව නිසා අපිට ඒ බැදීම රැක ගන්න එක ලේසි නෑ.
   එහෙනම් අපි කොහොමද මිනිස්සු එක්ක ජීවත් වෙන්නෙ මිකුරන් සමඟ බැදීම් වර්ධනය කරගන්නෙ.
    අපි අපිට කියල වෙනම ප්රතිපත්ති මාලවක් යටතේ අපේ වැඩ කරගන්න ඕන.නිතරම මිනිසුන්ව හදුනා ගැනීමේ ක්‍රියාවලිය තුළ ඉන්න ඕන.ඒ පුද්ගලය මොනවටද ආස කරන්නෙ මොනවද ඉල්ලන්නෙ මොනව කරන්නද ආස මොන විදිහෙ හැසීරීම්ද ඒ චරිතය තුළ තියෙන්නෙ මේ හැමදෙයක්ම බොහොම සියුම්ව ගවේශනයට ලක් කරන්න ඕන.
              සංසාරෙ අපි පතාගෙන එන බොහෝ දෙනෙක් අප ආදරෙන් ලංකර ගන්න එකයි මිත්‍රත්වය කියන්නෙ.බලන්න බුදුන්ගෙ කාලෙ ජීවත් උන කෝළිත,උපතිස්ස,,,පුදුමාන්තර බැදීමක ඒ දෙපල තුල එකිනෙකා තුළ තිබුන..අවසානෙ බුදුන් ලග පැවිදි නෙවලා උන් වහන්සේගේ අගසව් දෙනම උනා.සැරියුත් මුගලන් නමින්..බලන්න කොච්චර ඉහල බැදීමක්ද?හැබැයි එකට පිරිනිවන් පෑවෙ නෑ.එකට කන්න බොන්න ලැබුනෙ නෑ.එකම වෙලාවකදි බණ අහල රහත් උනේ නෑ.අන්න ඒ නිසා කවදාවත් මේ ලෝකෙ බැදීම් තියාගෙන ඉන්න මිනිස්සු එකට එක් වෙනව අඩුයි.පවුල් කනව අඩුයි.ඒක තුළ විග්‍රහ කරන්න ගොඩක් උදාහරණ තියෙනව.සිදුහත් යශෝදරා පෙම් පුවත උනත් එහෙම්මමයි .ලෝකෙ බැදෙන හැමෝම එකතු වෙන්න ගියොත් ඒක නොගැලපීම් ගොඩක නිර්මාණයක් වෙනව..

...........................................

පිවිසුම
http://ikibindinapanhinda.blogspot.com/ 
 




Tuesday, April 12, 2016

ලබන්නාවූ සිංහල අළුත් අවුරුද්ද සැමට සතුට සෞභාග්‍ය පිරි නව වසරක් වේවා...!



එළඹෙන්නාවූ සිංහල අළුත් අවුරුද්ද සකල ලක්වාසීන්ට මෙන්ම විශේෂයෙන් සයිබරයේ බ්ලොග් ලියන මිතුරු මිතුරියන් සියළු දෙනාටත් සුභම අළුත් අවුරුද්දක් වේවා......!

Monday, April 11, 2016

කාලීන තොරතුරු සිද්ධි විචාර සමගින් රසවින්දනය ගෙනෙන තවත් අපූරු බ්ලොග් පිටුවක් " ලියන්නා "

මැදියමට ආසන්නව..ජීවිත යථාර්තය


දැන් අපි වහන වෙලාව හරි සර් යන්ඩ...

මට තව හ් එක්ක ශොට් එකක් ඕනි...

මේ ඔය මිනිහගෙ ෆෝන් එකේ ඇති අර ත්‍රීවීල් කාරයගෙ නම්බර් එක ඒකට කෝල් එකක් දීපන්.. 

මට තව එක්කක්...

සර් සර් අපි යමු..නගින්ඩ වීල් එකට..මම ගෙදර ගිහින් බස්සන්නම්...හා යමු...යමු...

මට තව එක්කම එකක්..

හරි සර් යන ගමන් මම අරගෙන දෙන්නම්..
ඇයි සර් ඕම බොන්නෙ..හැමදාම..ප්‍රශ්ණ විසඳෙන්න බොනවා නම්..බිව්වහම විසඳෙන ප්‍රශ්ණයක් නෑ සර්..අපි පැහිලා නෑ..සර්ට ඇඩ්වයිස් දෙන්න..ඒත් විනාශ වෙන්නෙ සර් ගෙ ජීවිතේනෙ.. ..................................................

පිවිසුම
http://liyanna-liyanna.blogspot.com/

Sunday, April 10, 2016

රසවින්දනය සමග කාලීන තොරතුරු හා වෙනත් විවිධාංග අප වෙත ගෙනෙන තවත් අළුත් බ්ලොග් පිටුවක් " ලේ පාට හීන "

නොනැවතී බුබුළු පිඹින බීර හීනයක කිමිදෙමි.


නොනැවතී බුබුළු පිඹින බීර හීනයක කිමිදෙමි.

"දුඹුරු පැහැ දිය පසා කරගෙන උඩ නගින
සුදෝ සුදු පෙණ කැටිත්තක සිරවෙමි.
හදිසියේ තෙරපි තෙරපී උඩ අවුත්
පෙණ කැටිත්තට නියකොණින් ඇන සිදුරු කර
පුපුරවා දමමි."



පතුල සිතිවිලි උපද්දයි...
පතුලටම සිරව ඉනු නොහී සිතිවිලි
පෙණ කැටිත්තක එතී
හිටිගමන් කලඑළි බසී.
කලත කලතා බීර, අවුත් උඩ
මට වද දිදී ලියැවෙයි....

             හාල් සුවඳ, කෙටෙන හාලක අමු පුසුඹ, මෝල්ට් සුවඳ, දහයියා පුසුඹ පහුකරං මං ඇවිදන් එනව. ටිකකින් නැහැ තුඩු හාරවන් කටුක ඇමෝනියා ගන්ධයක් දැනෙයි. ඊළඟට නැහැ තුඩුවලට රිංගන්නෙ ඒ කෙටුන ධාන්‍ය වල පැහෙන සුවඳක්. බීර ගැන දන්න ඇත්තො දන්නව මේ සුවඳ... ජීවිතේට බීර උගුරක් තොල නොගෑවුණත් මටනං දැන් වෙරි. නැතිවෙයිද ඉතිං...? උදේ ඉදන් රෑ වෙනකල් මගෙ ස්වාසනාලිකා, අනු ස්වාසනාලිකා පහුකරන් ගර්තවලත් පිරෙන්නෙ මේ පැහුං පුසුඹ වෙච්චිකොට, සුවඳ දැනෙද්දිත් මට වෙරි.
...........................................................
 
පිවිසුම
 

Friday, April 8, 2016

කාලීන සිදුවීම් තොරතුරු විචාර හා විවිධාංග පිරි තවත් බ්ලොග් පිටුවක් " සමීගේ පුංචි ලෝක‍ය "

වමනයේ මිහිරියාව :D | Lovely Vomitting





කබරයා , කබා වැනි සුරතල් නාමයන්ගෙන් හදුන්වන “වමනය”හි නම  කී පමණින්ම සමහරුන්ගේ බඩවැල් කලම්භාගෙන , අන්නසෝතය ක්‍රමාකුංචනය කරගෙන , මුඛය දෙබෑ කරගෙන එන්නේ වෙන කවුරුන් හෝ නොව ඒ ආදරණිය වමනේමය.. ලොකු කුඩා කොයි කාටත් වමනේ යනු ඒ තරම් අපුල අප්‍රසන්න , කටෝර  , ජුජුබ්සාජනක දෙයක් වී ඇත.. නමුත් වමනය යනු මහා ඇරුම පුදුම දෙයක් පමනක් නොව ඒ තුළ ඇති සැඟවුනු මිහිරියාවක් ඇති බව කිවහොත් ඔබ විශ්වාස නොකරනු ඇත… ආදරණිය පාඨකය.. එන්න අපි ඒ වමනයේ මිහිරියාව විඳගමු. :D


                                                   ***


උපන්දා සිට අපි මැරෙන තුරාවටම වමනය  අප අසලින් අපේම වී සාංසාරික බැදීමක් මෙන් අප ලඟින්ම රැදී සිටින්නේය.. කුක්කු බොන කිරිසප්පයාගේ පටං ගෙන  පණ අදිමින් යන ගමං යන්නට මග බලා හිඳින වයෝවුර්දයා වෙතද එකසේ සෙනෙහෙ පාමින් නිබදව රැදී සිටින වමනයේ අසුන්දර පැත්ත විතරක් ඔබ දකින්නේ ඇයි දැයි මේ ලියන මාහට නම් නොතේරේ. වමනයක ඇති වටිනාකම ඇතැම් විට ජීවිතයක ඇති වටිනාකමද පරයන බව ඔබට මේ ලිවල්ල අවසානයේ පසක් වනු ඇත
...............................................

පිවිසුම
http://samigepunchilokaya.blogspot.com/ 

Thursday, April 7, 2016

කලා සාහිත්‍යමය රසවින්දනය සමග ඉතිහාස තොරතුරු අප වෙත ගෙනෙන බ්ලොග් එකක් " පහන් යාය "

කෝට්ටේ කලබල - රාජාවලිය XXXIX

ඔන්න එහෙනම් කාලෙකට පස්සේ ආපහු රාජාවලියට බහින්න හිතුනා. මේ "කාලෙකට පස්සේ" කියන එක කල්ප කාලාන්තරේකට පස්සේ කියලා අර්ථ දක්වගත්තත් කමක් නෑ හොඳේ.
කට්ටියට අමතකනම් ඔන්න ගියපාර ලිපියට පාර. ඒක අවසාන උනේ බොහොම දුක් බර විදියටනේ. අර සමුද්‍ර දේවී කුමාරි එයාගේ සැමියා වෙච්ච වීදියබණ්ඩාර අතින් මැරුම් කෑවා නේ. ඉතින් මේ බව රට වැසියාට ආරංචි වෙන්න ටික දවසක් ගියා ලු. මේක දැනගත්තම මුළු කෝට්ටේ නගරයම මළ ගෙයක් වගේ උනා ලු. වීදියබණ්ඩාරත් අන්තිමේදී මේ ගැන පසු තැවුනලු. තමන්ගේ බිරිඳ සැක කරලා මැරුවට පස්සේ එහෙම නොවුනා නම් තමා පුදුමේ.  ඉතින් බුවනෙකබාහු රජතුමාත් තරහෙන් උමතු වෙලා වීදියබණ්ඩාර ගෙන් පළිගන්න හිතුවලු. මේක දැනගත් හැටියේම වීදියබණ්ඩාර කළේ කෝට්ටේ නගරයෙන් පළා යන එක.

මේ වෙද්දි අපි පහුගිය ලිපියෙදි කියපු ඉන්දියාවේ සමොරින් වරයා නැවතත් මායාදුන්නේ රජු එක්ක සමාදාන වෙලා ඔහුට හමුදා පවා එවලලු තිබුනේ. ඉතින් මේ ශක්තිමත් වෙලාවේ කෝට්ටේ ආක්‍රමණය කරන්න ඕනේ කියලා මායාදුන්නේ හිතුවලු. ඒ අනුව දෙස් විදෙස් සේනා කැටුව මායාදුන්නේ කෝට්ටේ ආක්‍රමණය කරන්න පිටත් උනා ලු. මේ වෙලාවේ අසරණ වෙන බුවනෙකබාහු රජතුමා, ආපහු වීදියබණ්ඩාර ගේ සහය පතනවා. ඉතින් වහාම ක්‍රියාත්මක වෙන වීදියබණ්ඩාර සේනා සංවිධානය කරලා පෘතුගීසි හමුදාවත් එක්ක එකතු වෙලා මායාදුන්නේට අන්ත පරාජයක් ලබා දෙනවා.

 
 ................................................ 

පිවිසුම
http://pahanyaaya.blogspot.com/

Wednesday, April 6, 2016

බුදු දහමට හා බුද්ධ ශාසනයට ඇති තර්ජන රටට හෙලි කරන ජාති හිතෛශී බ්ලොග් එකක් " අන්වර් මනතුංගට සහ අපහාසාත්මකව බුදු සසුන විවෙචනය කරන්නන්ට පිළිතුරු "

බුදුදහමට දැන දැනම අපහාස කිරීම

මෑත කාලයේදී  මා නිරීක්‍ෂණය කල දෙයක් නම් බුදුන් වහන්සේට,බුදු දහමට හා භික්‍ෂු,භික්ෂුණි,උපාසක හා උපාසිකා වශයෙන්  වර්ගවී  ඇති බුදු සසුනට දැන දැනම සිංහල මාධ්‍යයෙන්   අපහාස කරන්නවුන් විශාල වශයෙන් සිටින  බවය. මේ අය කරුණු සොයා ගැනීමේ අරමුණෙන් නොව  වැරදි සෙවීමේ අරමුණෙන්ම කරුණු විමසති. එසේ අන්තගාමිව කරුණු විමසන විට ඔවුන්ට පෙනෙන සැම දෙයක්ම පෙනෙන්නේ ඒවා වැරදියට සිදුවූ විධියටය.  මට සිතෙන අන්දමට මේ අය  මෙසේ  කටයුතු කරන්නේ විව්ධාකාර පරමාර්ථ ඉටුකර ගැනීමටය. ඒවා නම් ,

  - තම  ආගමික ලැදියාව ඉස්මතු කිරීමට බුදු දහම             බාධාවක් සේ දකින අයගෙන් සිදුවන අපහාස.
  - තම දේශපාලන අරමුණු ඉස්මතු කිරීමට බුදු දහම        හා සංඝයා වහන්සේලා බාධාවක් සේ දකින අයගෙන්     සිදුවන අපහාස.
 - තම අභිලාෂයන් සහ ලැදියාවන්   ඉස්මතු කිරීමට බුදු     දහම හා බුදු සසුන  බාධාවක් සේ දකින අයගෙන්          සිදුවන අපහාස.

ඉන්පසු තමන් වැරදි යයි කියා සිතු දෙය මහත් ඝෝෂාවක් කරමින් සමාජ ගත කරති. වැදගත් කරුණ නම් එසේ ඉදිරිපත් කල කරුණු ගැන කවරෙකු වසින් හෝ සත්‍යතාවය පෙන්නු පසුවත් එක්කෝ ඒ ගැන නොසලකා හරිති. නැත්නම් වැරදි යයි තමන් සිතු දෙය සමාජ ගත කිරීමට දුන් ප්‍රසිද්ධිය හා එය සනාථ කිරීමට  ඉදිරිපත් කල මතවාදයන්   එම අදහස   නිවැරදි කිරීමට ඉදිරිපත් කරන පිළිතුරු වලට  නොදෙති.

 පහත දැක්වෙන්නේ  බුදුන් වහන්සේට දැන දැනම අසත්‍ය කරුණු මත අපසාස කල මුස්ලිම්  ආගම පතුරුවන්නෙක්ගේ එවන් වෑයමක් නිවැරදි කිරීමට පලවූ පුවතකි. මේ විස්තරය අපේ රටේ පලවූ කිසිදු සිංහල පත්‍රයක පලවූ බවක් මා නම් දැක  නැත. මට මුහුණු පොත හරහා ලැබුණු මෙම අගනා පිළිතුර සහුර්දයන්ගේ කියවීම උදෙසා මගේ veb අවකාශයේ පල කිරීමට සිතුවෙමි.

සමරසේකර    


තව්හිද් ජමාත්, බුදු දහමට අපහාස කළාද නැද්ද? බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ වාර්තාව මෙන්න

tauheed jamaath 2545....................................

පිවිසුම

http://karunadasa68.blogspot.com/ 

 

Monday, April 4, 2016

කාලීන සිදුවීම් තොරතුරු විචාර සමග රසවින්දන්ය රැගත් තවත් බ්ලොග් එකක් " අසුරයා ගේ තැන "

කූඩාරම

61604713046136c44707126e060b5425 

ඊයෙ එකෙක් කතා කරලා ටෙන්ට් එකක් ඉල්ලුවා. එතකොට තමා මට මතක් වුණේ කූඩාරමක් ගන්න මං හිතන් හිටියා කියලා.කූඩාරමක් නෙමේ පා ගමන් යන්න සම්පූර්ණ ගමන් මල්ලක්ම හදා ගන්න ඕනෙ කියලා අදහසක් හැම පාගමනක් යන්න දවසකට කලින් මට ඇති වෙනවා. මුලින්ම අපි කූඩාරම් ගැන කතා කරමු.
පාගමනට අවශ්‍යම හා සොයා ගැනීමට අපහසුම ද්‍රව්‍ය මා පෙර කී කූඩාරමයි. මට මුලින්ම මතක් වෙන්නේ බාලදක්ෂ කුටියේ වූ හම යනකන් පාවිච්චි කල කිලෝ 10ක් විතර බර යකඩ කූරු සහිත කාර් ටෙන්ට් එකයි. ශාප කරමින් පරිහරණය කරත් එය අවුරුදු10ක් පමණ හොදින් පරිහරණය කල බව දන්නෝ දනිති. පාගමනක් සදහා සුදුසු කූඩාරමක පහත සදහන් දේවල් සලකා බැලිය යුතුය.
................................................

පිවිසුම
https://dinukathilanga.wordpress.com/ 

 

 


Sunday, April 3, 2016

කලා සාහිත්‍යමය රස වින්දනය සමගින් තවත් අළුත් බ්ලොග් එකක් " නිම්නයක තනි වී හීන දකින්නී... "

රැදෙනු එපා කිසිම දිනක අන් සතු හැගුම් වලම...

නියම අයිතිකරුවන් ලඟ තබා ආ විට
දැනෙන සහනය
නොලැබෙනු ඇත කිසිම දිනක
ජිවිතයම එලිය කරන සහන් එළිය
තමා තුලම සොයනු මිසක
රැදෙනු එපා කිසිම දිනක අන් සතු හැගුම් වලම... 

.................................................

පිවිසුම
http://nimnyakatanivi.blogspot.com/ 
 

Saturday, April 2, 2016

සාහිත්‍යමය කලා හා රසවින්දනය ගෙනෙන අළුත් බ්ලොග් පිටුවක් " ආඩම්බරකාරී "

හීන

හීන හුළගට වෙනස්කම් කරනවා වෙගයි.මං බාෙහා ම  අමාරැෙවන්  හොයා ගත්තු සල්ලි වලින් බණ්ඩාරෙවලට ටිකට් ඒකක් අැරන් පාන්දර කෝච්චියේ ගෙදර යන්න බලන් ඉස්ටේසමේ කෙලවරෙන් බඩු මල්ලක් තියන් ඉඳෙගෙන හිටියා.. හීන කප්පරක් කඩා වැටිලා හිතක් අසරණ වුණා ම දැනෙන හැගීම හිත අස්සෙ තියන් මං නුවර ඉස්ටේසමේ....
පැරදුණු මිනිහෙක් ගෙ අතීතය තුවාලයක්. වර්තමානය වේදනාවක්.. අනාගතය හීනයක්...
         අාඩම්බරකාරී 

..................................................

පිවිසුම
http://admbarakari.blogspot.com/