Monday, September 1, 2014

සාහිත්‍යමය හා විචාරාත්මක බ්ලොග් පිටුවක් " තරු අරණ"

නෙතු අද්දර - 45 

 එක් අවාසනාවන්ත රාත්‍රියක් උදාකරමින් අම්මා සදහටම දෙනෙත් පියාගත්තා. මා ගැන සොයා බලමින් හැකි හැම විටම මගේ තනියට මගේ ළඟින් හිටිය මගේ අම්මා මට නැති උනාට පස්සේ මා සදහටම තනි උනා යැයි දැනෙන්නට විය. නංගි ගෙදර හිටියත් කන්න බොන්න කියනවා ඇරෙන්න වෙනත් කතාවක් මා සමග නොවීය. මම මගේ වැඩටික පුළු පුළුවන් විදිහට කරගන්න පුරුදු උනෙමි. මල්කි මොන්ටිසෝරි ගිහින් ආවට පස්සෙ මාව සොයාගෙන ආවත් මා සමග ඕනෑවට වඩා එකතු වෙනවට කේෂිණීගේ කැමැත්තක් නොවීය. ඒ නිසා ඈ ඉක්මනින්ම මල්කි මගෙන් ඉවත් කරගත්තා. ඒ හැරුණ කොට සුරංග හෝටලේ ඉඳන් ආවට පස්සේ මාත් එක්ක වචන කිහිපයක් කතා කළා. නංගිගේ වෙනස්කම් එන්න එන්නම වැඩි වුණි. ඇගේ ඇනුම්පදවලින් දැන් මාව ඇයට බරක් වී ඇති බව හැඟෙන්නට විය. මා නිසා සුරංගට නංගිගෙන් දොස් අහන්නට වූ අවස්ථා ද විය. ඒත් සුරංග ඇගේ දෝසාරෝපණ කනකට ගත්තේ නැත. ඇත්තටම සුරංග කොච්චර බුද්ධිමත්ද. එක්කෙනෙකුට කේන්ති ගිය වෙලාවට අනිත් කෙනා ඉවසන්න ඕන. එතකොට සාමය අැතිවෙනවා. දෙන්නම පිස්සු බල්ලො වගේ පොර කන්න ගියොත් මේ පොඩි එකීට ඒක හොඳ නැහැ.

 

 පිවිසුම

http://tharuarana2013.blogspot.com/ 

1 comment:

  1. ස්තූතියි අජිත් මගේ තරු අරණ ඔබේ බ්ලොග් දර්ශකයෙන් හඳුන්වා දුන්නට.

    ReplyDelete