Wednesday, September 3, 2014

කලා හා සාහිත්‍ය බ්ලොග් පිටුවක් "කාලාකාශය"

අතථ්‍ය කඳුළු 



 ලෝකයේ අනෙක් පස
චිත්‍රාගාර තුල මැවෙන
අතථ්‍ය සිහින මත දුවන
නළු සුද්දන් මල විට ගලන
මුහුණු පොත බිතු තෙමන

අංකිත කඳුළු කැට කොහි ද?
අංකිත සොටු දියර හිඟ ද?

පුංචිම රටක තැනක
දහඩිය තුලින් ඉපිද
වේදිකා මතින් නැගිට
පාදම තැනි තථ්‍ය මිනිසුන්
කලා පස පොහොර කර මල විට


 පිවිසුම















No comments:

Post a Comment