Sunday, August 30, 2015

තවත් තොරතුරු විචාර විවිධාංග බ්ලොග් එකක් " නයියාගේ නයි "

හිරේ යාමට නියමිතයි...



ලගදීම විවාහ බන්දනයට බදුන් වීමට නියමිත බැවින් දැන් දැන් TV එකේ යන්නාවූ wedding programs  බැලීමට ටිකක් විතර උත්සහ ගත්තෙමි.ඒවා බැලීමෙන් පෙම්වතිය පවසනා අරවා මෙව්වා ගැන ටිකක් විතර දැනුමක් ලබාගතහැකියැයි සිතුන නිසා එසේ කිරීමට මා සිත පෙලඹිණි.නැත්නම් ඇය කියන්නාවූ ඇදුම් මෝස්තර හා අනිකුත් සැරසිලි පිලිබ්ද කිසිදු දැනීමකින් තොරව ඔලුව වනන්නට යාම මගේ තත්වයට හොද නැතිවාක් මෙන්ම මගේ pocket එකටද හොද නැතිවිය හැක.

මීට වසර 3කට පමණ පෙරනම් මෙවැනි වැඩසටහනක් ගියේ සිරසේ පම්ණක් විය යුතුය.ඒ දින වල ගෙදරට වී එකේ Channel ටික මාරු කර කර ඔහේ කාලය ගෙවන විට මේවාගේ එව්වා දෑක තිබුනේ සිරසේ පමණි.ඒ දිනවල Channel මාරු කරන අස්සේ අපිට දිරවන්නේ නැති topic එකක් වූ මේ programs ලග ඇස නැවතුනේ ඒවායේ ඇහැට කනට පෙනෙන කෙල්ලන් පෙන්වූ වෙලාවට පමනි.දැන් නම් මේ වර්ගයේ වැඩසටහන් නැති Channel එකක් නැත.හැම එකේම අපේ කසාදය විය යුතු අයුරු පෙන්වන අතර ඒවාට උදාහරන ලෙස ජයටම පැවැත්වූ මගුල්ද පෙන්වයි.ඉස්සර නම් ගමේ රටේ මගුලක් වූ විට ඒක ඉතින් ආයේ බලන්න නම් ඉතින් video කල යුතුය.බැදලා මාස 2,3ක් යනකල් ගෙදරට එන හැම එකාටම video කරපු මගුල දමා පෙන්වන්නේය.අන්තිමට ගෙදර උන්ටම ඕක දැකලා එපා වෙන විට ඒ දර්ශ්නවාර නතර වන්නේය.මොකද ඕක නිතරම දකින කල අලුත බැදපු ජෝඩුවට තමන්වම එපා වෙන නිසාවෙනි.දැන් ඊට වඩා තත්වය වෙනස් අතර මගුල ජයටම කෙරෙන්නේ නම් ගෙදරට එන ඈයින්ට පමණක් නොව මුලු රටටම මගුල් ගෙදර පෙන්විය හැක්.ඒවා පෙන්විය හැකි වැඩසටහන් දැන් හැම Channel එකේම තිබෙන්නේය.ඕවා බලා අපිට තිබෙන්නේ ඒ ආදර්ශ අරගෙන අපේ මගුලත් ජයටම, එන එවුන්ට ඇඩෙන ලෙස සුපිරියටම ගන්නා එකය.
.......................................................
 
පිවිසුම

Sunday, August 23, 2015

රසවින්දන කලා හා විවිධාංග බ්ලොග් එකක් " පින්තූර "

මුුල්ම එක - බලන්ඩකෝ

 මෙයා පොටෝවක් ගහන්න දගලනවාය. එකදාස් නවසිය බර ගනං වල ( කලු සුදු පොටෝවක්නේ - :D ) එකක් කියා හිතෙන්නෙහිය. කොහොම හරි අක්කා ගහන්න කලින් අක්කාගේ ගසලාය (පොටෝව). කොහෙන් උස්සපු පොටෝවක්ද කියලා මතක නැත්තෙහිය.
 .........................
 
පිවිසුම

Saturday, August 22, 2015

තවත් අළුත් දැනුම තොරතුරු හා විවිධාංග බ්ලොග් එකක් " අහසෙන් එන්න "Ahasen Enna" "

එක පොතක්, දෙදෙනෙක්!


කියවීමෙන් මිනිසා සම්පූර්න කරයි යන කියමන ඔබ අසා ඇත.ඔබ ද දැනුම, රසවින්දනය ආදී වශයෙන් වූ විවිද අවශ්‍යතා වෙනුවෙන් පොත් කියවනු නොවනුමාන ය. නමුත් ඔබ මෙන් ඇස ඉදිරියට ගෙන පොත් කියවිය නොහැකි පිරිසක් ද ඔබ සමගම ජීවත් වන බව ඔබ නොදන්නවා ද වන්නට පුළුවන. එබැවින් අද පෝස්ටුව ඒ වෙනුවෙන් වෙන් කිරීමට මම කැමැත්තෙමි.

ඔබ සමග ම මග තොටේ යන එන, කාර්‍යාලයේ සේවය කරන, බස් රතයේ ගමන් බිමන් යන එන මේ පිරිස සුදුසැරයැටිය තම ඇස කරගත් දෘශ්‍යාබාධිත පිරිස ය. මොවුන් ඔබ මහත් ආසාවෙන් කියවන පොත කියවීමට නොහැකිව විඳින අපමන දුක් පීදා ඔබ නොදැන සිටීම විමතියට කරුනක් නොවේ. නමුත් ඔවුන් ද පොත පත වෙත අපමන ආදරය කරන බව නම් කිව හැකිය. කෙතරම් පොත් මිලයට ගත්ත ද, ඒවා ආසාවෙන් ලඟ තබා ගත්තද කියවිය නොහැකිනම් ඉන් ඇති පළය කුමක්ද? 
.............................................
 
පිවිසුම

Thursday, August 20, 2015

අළුත් තොරතුරු විචාර විවිධාංග බ්ලොග් එකක් "4/15 ඉඳං ලියන්නේ යාෂා"

බොකාට බොකියක් - මංගල කිංකිනි

බොකාගේ මනාලියන් බැලීමට යාමේ මිෂන් එක සරුවප්ප්‍රකාරයෙන්ම කෙල නොකව්ට් විය. ඒත් බොකාගේ මෑණියන් ගේම අතෑරියේ නැත්තෙහිය. අම්මලා එහෙමය. බොකාට ගෑණියෙක් මනමාලියෙක් සොයන මිෂන් එක අලුත් රජය යටතේ මංගල කිංකිනි තිරුවට දාන්න තිරණය කලෙහිය. එහෙම වත් ඒකාට හරිගියොත් හොදයිය.

හිං දාඩිය දමා, සහලෝල බඩ බුරුල්වෙන සීන් එක උනේ මටය. බොකාට බොකියක් හොයන්න මංගල දැන්විම ලියන මහගු කර්තව්ය බොකාගේ මැණියන් විසින් මා හට පවරන ලද්දෙහිය. කරන්න වෙන අවමගුලක් නැති හින්දා ඒ මාහැගි පුන්ය කරුර්මය බාභාර ගත්තහිය.

ඒකාට මගුල් සොයන්න අසරන මට ඇට නැති පරිප්පු හොදි එක්ක පාං කන්න වෙලාය. කොහොම ලියන්නද කියලා අයිඩියාවක් එන්නේම නැතිය. හිතලා හිතලා පොටත් ගිහිල්ලාය. කාලා කාලා ඇගිලි දහයේම නියපොතු ටිකටත් බබා හම්බ වෙලාය. හාප්සීට් බන්ඩලේකටම බොකාගේ සාපේ පලිසන් දුන්නෙහිය. අවමංගල දැන්වීම් තීරුව බලලාම හචිමක් යැව්වත් එලියට පයින්නේ බොදු ගොවි කියලාය.

බොදු ගොවි (බොදු ගොවි කිවාට ඒ ඇට රිලවා වැස්සකට වත් පංසලකට යන්නේ නැත්තෙහිය, ඒකා වවන්න දන්නේ කොන්ඩෙයි රැවුලයි විතරක්මය), 1948 පෙබරවාරි 31 උපන් වයස නොපෙනෙන ( පුත්තලං බූරුවෝ පට්ටියක වයස තියන ඒකාගේ වයස නොපෙනෙන්න නං ඇහේ සුද තියෙන්න ඕනෙය) උගත් බුද්දිමත් ( ඒ ගැන කියන්න ගියොත් මට කක්කල් කැස්ස හැදෙන්නෙහිය) තල එලලු රූමත් දායාද හිමි පවුලේ එකම පුත්තර රත්නයට සුරා සූදුවෙන් තොර උගත් බුද්දිමත් කඩවසම් දියණියක් සොයන්නේ මවය. කේන්දර එපාය. කෙලිංම කතා කරන්න. 0791233212
.........................................

පිවිසුම
http://yasha88.blogspot.com/ 

Saturday, August 15, 2015

හඳුන්වාදෙන අළුත් කලා සාහිත්‍යමය රසවින්දන බ්ලොග් පිටුව "කුඹුක් සෙවණ"

ඇති නැති බව

ඇති නැති.දුපත් පොහොසත්,ලස්සන අවලස්සන
 හැකියාව නොහැකියාව කියන දේ මේ ලෝකේ පවතින්නේ ඇයි කියල හිතෙනවා.මේ හැමදේම කරන්නේ මේ සියල්ල අතර දූලනය වීමට නොවේද ???.හොරකම් කරන්නෙත් බොරු කියන්නෙත් හැම මගුලක් ම කරන්නේ මේ ඇති විෂමතාවයන් නිසනොවේද
මේ ළමයින් දෙන්න කෑම කඩයක් දෙස බලන් හිඳිම අතිශයින්ම සන්වේදී අවස්ථාවක් .අවන්කවම මත ඔය විදියටම ඔහොම කරලා තියෙනවා .අය්යල කියල කියන එකෙක් මට උපහාසාත්මක කතාවකුත් කළා 

බාෂාව ආගම කුමක් උවත් බඩගින්නට ඇත්තේ එකේම අරුතකි :( මේ සින්දුව මෙහෙම හිතෙන්නේ කොහොමද කියන එක පුදුමි ඒ තරම් නිර්මාණශීලි 
මා කුඩාකල සිට යමක් දැනගැනීම මහා ලොකු දෙයක් උන සමාජයක් තිබ්බේ උසස්පෙළ මහන්සිවෙලා පාඩම් කරත් අනික වගේ කාලකවත් වෙන්න බැරි වීම .පන්තියේ ප්‍රථමයා වීම වැනි දේවල් ඇති වන්නේ මේ බෙදීම නිසයි .මා හදාරන උපාධිය තෙවන වසරට යනව්ටියි මට තේරුනේ කොහොමේද
නැති වීම අර්ථය මෙචර සැරට දනුන්නේ කොහොමේද කියල.සාමාන්‍ය ඉස්සර දාපු කුප්පි වලට වඩා .ශිෂ්‍ය උපදේශක (Student Tutor) උන විට ඒ දේ තදින් දැනෙයි.මා නැවත online ලකුණු වැඩි උන එක GPA ගැන ආඩම්බර නොවෙමි මොකේද මේ බෙදීම අනික් පැත්තේද සිටින බැවිනි  ..............................................

පිවිසුම
http://kumbuksevana.blogspot.com/ 










Friday, August 14, 2015

තවත් කලා සාහිත්‍යමය රසවින්දන බ්ලොග් එකක් " mini කවි "

ප්‍රේමය විවෘත කර

කල් පනින්නට පෙරාතුව 
ප්‍රේමය
විවෘත කර සුවද
විදගත යුතුය...

අත්ලෙන් ලිස්සා නොයාමට
විලංගුලා
හදේ ගැඹුරක 
තැම්පත් කලයුතුය...

අතේ රේඛා කියැවුමට
තදින් ම
ඔබ සුරත
අල්ලා ගතයුතුය...

දුර ගමනක ඇරඹුමට
පෙරාතුව
ඔබ විසින්
පොරොන්දු දියයුතුය...
.................................
 
පිවිසුම

Tuesday, August 11, 2015

කලා සාහිත්‍ය හා රසවින්දන බ්ලොග් එකක් " හිරු පමණි සාක්කි "

යුද්දයෙන් මැරුණේ මිනිසුන් එකහමාරක් පමණකි – පුවඟු දිවයිනේ රහතුන්

1525771_502236369891493_1829922796_n
දුටුගැමුණු මචං
කෝමද ඉතිං වං හුං
ගේම දැක්කද අපි මෙහේ දුන්
සදා සොත්ථිය මීක් නෑ උං
“හුදෙක් රජ සැප පිණිස නොව මෙය”
එළ ටෝක් එක තාම වැඩ බං!
තෑන්ක්ස් අම්මප හිටිය නං හෙම
දානවා උඹෙ කටේ මසුරං

සොහොං මදිවට ගරු නම්බු තව
උඹත් ඇත්තට පොරක් මඤ්ඤං
දැම්මා ඩෝසර් ගෙටත් කෙරුවා
කතා කරනා එකත් තහනං

..................................

පිවිසුම
https://hirupamanisaakki.wordpress.com/ 

දැනුම තොරතුරු විචාර හා විවිධාංග බ්ලොග් පිටුවක් " අපේ අහස "

Prison Break වල D B Cooper මතකද?-ඇමරිකානු ගුවන් ඉතිහාසයේ නොවිසඳුණ ගුවන් මංකොල්ලය......


Prison Break නම් වන ජනප්‍රිය රූපවාහිනී වැඩසටහන ඔබට මතක ඇතිවාට සැකයක් නැහැ. 2009 වසරේ දී ඇමරිකාවේ විකාශය වූ මෙම රූපවාහිනි නාට්‍යය ශ්‍රී ලංකාවේ ද විකාශය විය. මෙම නාට්‍ය මාලාවේ පළමු නාට්‍ය ගොනුවේ (Season 1) සිටි එක් චරිතයක් ඔබට මතක ඇති. චාර්ලස් වෙස්ට්මෝලන්ඩ් Charles Westmoreland යනුවෙන් හැඳින්වූ මෙම චරිතය වැඩිහිටි එකක් වූ අතර නිතරම තනිව සිටියේය. ඔහුගේ තනියට සුරතලයට ඇති කරන බළලෙකු සිටි අතර මෙම නාට්‍ය මාලාවේ ප්‍රධාන චරිතය වන මයිකල් ස්කොෆීල්ඩ් විසින් මෙම නිහඬ චරිතය හඳුනා ගන්නේ D.B. Cooper ලෙසිනි.
http://bloggersdelight-dk.bloggersdelight.netdna-cdn.com/wp-content/blogs.dir/81927/files/2015/04/prison-break-season1-episode8.png
(Charles Westmoreland චරිතය)

ඔබ දන්නවාද මේ D.B. Cooper යනුවෙන් හඳුන්වන පුද්ගලයා ඇමරිකානු ගුවන් ඉතිහාසයේ දශක ගණනාවක් තිස්සේ කථා බහට ලක්වන ඒ වගේම කිසිම දිනක හඳුනා නොගත් සත්‍ය ගුවන් මංකොල්ලකරුවෙක් බව. 

ඒ 1971 නොවැම්බර් මාසයේ 24 වන දින සවස් වරුව විය. Dan Cooper යනුවෙන් තමන්ව හඳුනා ගත් මනාව හැඳ පැළදි පුද්ගලයෙක් ඇමරිකාවේ ඔරිගොන් හි පිහිටි පෝට්ලන්ඩ් ගුවන් තොටුපලට පැමිණ වොෂින්ටන්හි සියැටල් වෙතට යාමට “නෝත් වෙස්ට් ඔරියන්ට්“ (North West Orient) ගුවන් සේවයේ අංක 305 දරණ ගුවන් යානයේ ටිකට්පතක් වෙන් කර ගත්තේය. මෙම ගමන සඳහා විනාඩි 30 ක් පමණ ගත වේ. මෙවර ගමන සඳහා යොදවා තිබුණේ බෝයිං 727-100 වර්ගයේ ගුවන් යානයකි. ඔහුට 18 C ආසනය වෙන් වී තිබිණ. අඩි 5 අඟල් 10 ක් පමණ උසවු මෙම පුද්ගලයා වයස අවුරුදු 45 ක් පමණ වුවෙකියි පසුව මගීන් විසින් සඳහන් කරන ලදී.
....................................
පිවිසුම

Monday, August 10, 2015

වැදගත් ළමා සාහිත්‍ය හා රසවින්දන බ්ලොග් එකක් " පුංචිත්තා "

ආදර්ශමත් කතා --- සත්තිකුඹ ජාතකය






 අද දුවල පුතාලට පුංචිත්තා සඳහා මේ කතාව නැන්දට ලබා දුන්න ඩිලාන් මාමාටත් , කතාව හා චිත්‍ර ඇන්ද ගයාශාන් ඇල්පිටිය මාමාටත් මුලින්ම බොහෝම පින් හා අවසර . මේ කතාව පුතාල හැමෝටම බොහොම වටිනවා. හොඳින් හිතට ගන්න ඕනෙ.
................................

පිවිසුම
http://punchiththa.blogspot.com/ 

Tuesday, August 4, 2015

අළුත් තොරතුරු විවිධාංග බ්ලොග් එකක් " දුම් රියේ ගමනක් යමු "

මොනවද මේ කෝච්චි වලට දාලා තියෙන නම් 1

'උඩරට දුම්රිය මාර්ගය'

  • උඩරට මැණිකේ-කොළඹ සිට බදුල්ල 
  • පොඩි මැණිකේ -කොළඹ සිට බදුල්ල 
  • ටිකිරි මැණිකේ -කොළඹ සිට හැටන් 
  • සෙන්කඩගල මැණිකේ -කොළඹ සිට මහනුවර 
  • සියනෑ කුමාරි -මහනුවර සිට මාතර 


'උතුරු දුම්රිය මාර්ගය'

  • යාල් දේවි-කොළඹ සිට කන්කසන්තුරේ 
  • උත්තර දේවි -කොළඹ සිට කන්කසන්තුරේ 
  • රජරට රැජිණ -මාතර සිට වව්නියාව


'ත්‍රිකුණාමලය මාර්ගය සහ මඩකලපුව මාර්ගය'

  • උදය දේවි -කොළඹ සිට මඩකලපුව 
  • මීනගයා-කොළඹ සිට මඩකලපුව 
..............................................
පිවිසුම
http://dumriyegamanakyamu.blogspot.com/ 

Monday, August 3, 2015

වැදගත් දැනුම තාක්ෂණික හා තොරතුරු බ්ලොග් එකක් " සිප්සවිය "

Introduction to Chemical bonds

What holds atoms together in chemical compounds?

               Certainly, there must be some force holding them together; the forces that hold atoms together are called chemical bonds. Without chemical bonds, the world would have only free atoms or ions. We could not have the amazing variety of substances. There would be no water and no food. And there would be no life!!. After all, all living things are made up of million of atoms and ions bound together forming molecules. Chemical bonds are the "glue" of every molecule. Although the basic principles of bond formation are always the same, chemical bonds show a variety of forms and strengths. More over, different elements have different bond forming abilities. For example, hydrogen atoms always form chemical bonds, but helium atoms never do.
Introduction to Chemical bonds
Image  1: Formation of Hydrogen molecule

Valence electrons

                    As you know electrons move around the nucleus of an atom in different orbitals or various energy levels. These energy levels are numbered from the nucleus to the out side. There is a maximum number of electrons that each energy level can hold. e.g 1s2 , 2s2 ,  2p2, 3s2 , 3p6, 3d10………. The number of electrons shown respectively in different energy levels is called the electrons configuration of that particular element. Valance electrons are the outermost electrons of an atom which are important in determining how the atoms reacts chemically with other atoms.
...............................................

පිවිසුම
http://www.sipsawiya.com/ 

Saturday, August 1, 2015

කාලීන සිදුවීම් තොරතුරු විචාර හා විවිධාංග බ්ලොග් පිටුවක් " දේශකයා "

වැස්ස...!! (Is it going to rain?)

උදේ වරුවේ ඉතා සිහින් වැහි පොදක් වැටී තැනින් තැන තෙමුන තාර පාරේ මා වෙනදා මෙන්ම ඇවිදිමින් සිටියෙමි. ලෝකය පුරාම මේ වෙලාවට සිදුවන හැමදේම ඒකාකාර යැයි සිතෙන තරමටම පාර තොටේ හමුවන, ඇස ගැටෙන හැම දෙයම ඒකාකාරී වී ඇත. එලෙසම මාද, ජිවිතයේ යම් ඒකාකාර බවක සිරව ඇති බවක් දැනී හදවත තුල නැගුණු වියලි සුසුමක් එක් වරම මගේ ජිවිතය මහා පාලු ලෝකයක් බව ඒත්තු ගන්වන්නට විය. දස දෙසින් ඇසුන නොයෙකුත් ශබ්දයන් කර්ණ පටලය තුලින් මොලයට ඇතුල් වුවද, මොළය තුල ශබ්දවාරක තරංගයක් ක්‍රියාත්මක වන තරමට මා තුල නිශ්ශබ්දතාවයක් තිබිණි. එහෙත් පිටතින් ඇසෙන ශබ්ද අබිබවා යන තරමේ මහා ගාලගෝට්ටියක් මගේ හිත තුල නිතරම පැන නැගෙන බව මා දැන සිටියෙමි. එය අවසන් වන්නේ නින්දට යන විට පමණක් බව සිතුවද, නින්දේදිද විටින් විට ඇහැරෙන්නේ මේ ගාලගෝට්ටිය නිසාම බවද මම දැන සිටියෙමි. කිසිවෙකුගේ හෝ අනුකම්පාවක්, පිළිගැනීමක් නොපැතු මම, හිත තුලම ගුලිව තනිව වාසය කරන්නට බොහෝ සේ කැමතිව සිටියෙමි.

එහෙත් මාගේ ඒකීය ලෝකය, අලුතින් ලැබුන රැකියාව නිසා වරින් වර මගෙන් පලා යන ආකාරය පුදුමයෙන් සේ මා බලා සිටියෙමි. දුරකට යාමට නොදී නැවතත් එය ඇදගෙන ගොස් බොටුවෙන් අල්ලා මගේ ඒකීය පාලු ලෝකය තුලම සිර කරන්නට මා දැරූ තත් විටෙක නිශ්පල විය. කිසිවෙකුගේ කිංකිණියකට, මුව පුරා පැතිරෙන සිනහවකට, හැක හැකයකට, ශබ්ද පිරුණු දෙතුන් දෙනෙකුගේ සමාගමයකට, කාර්යාලය තුලදි මගේ සිත තව දුරටත් මට වහල් නොවන බව තේරුම් යාමෙන් ඊට ඉඩහසර නිරායාසයෙන්ම සලසා දීමට මා හට සිදු විය. වතුරේ ඔබා පාගාගෙන සිටි රබර් බෝලයක් මතු පිටට පැමිණිමට දරණ වෙහෙසට සමාන වෙහෙසක් දරමින් මගේ තනිකම, පාලුව මගෙන් පලා ගොස් කොතැනක හෝ සිට මටම විරිත්තන විට දැනෙන කටුක වේදනාව, විටෙක සතුටක්ද, නැතහොත් සිහින්ව පාරන සිතුවිල්ලක්ද යන්න හදුනා ගත නොහැකිව මා ලත විය.
.........................................

පිවිසුම
http://deshakaya.blogspot.com/