Friday, April 14, 2017

සුභ නව වසරක් වේවා !


කොතරම් කාර්ය බහුල උනත් අපේ බ්ලොග් ලියන සියළු සහෝදර සහෝදරියන්ටත් ලක්වාසී සියළු දෙනාටත් සින්ඩිය තුලින් සුබ පතන්න අමතක කරේ නෑ ඔන්න. එහෙනම් හැමෝටම සුබම සුබ නව වසරක් වේවා.

Wednesday, April 5, 2017

තොරතුරු කාලීන සිදුවීම් රසවින්දන සමගින් විචාර රැගත් ශාස්ත්‍රීය බ්ලොග් එකක් " කසීර "

අප්‍රේල් 04 : සාහසික වෙඩි පහරකින් මාටින් ලූතර් කිං ජීවිතක්ෂයට පත් වේ. 

 

 

1968 වසරේ අද වැනි දවසක සාහසික වෙඩි පහරකින් මාටින් ලූතර් කිං ජීවිතක්ෂයට පත් විය. 

"මට සිහිනයක් තිබේ - මගේ දරුවන් හතර දෙනා ඔවුන්ගේ සමේ පැහැයෙන් නොව , චරිතයේ හරයෙන් මනින්නා වූ දේශයක ජීවත් වන ආකාරය මම එ සිහිනයෙන් දකිමි. මට සිහිනයක්‌ තිබේ - යම් දවසක ජෝර්ජියාවේ රතු කඳු මුදුනෙහි අතීත වහලුන්ගේ දරුවන් සහ අතීත වහල් හිමියන්ගේ දරුවන් එක මේසයක්‌ වටා සහෝදරත්වයෙන් එක්‌ රොක්‌ වී ප්‍රීතියෙන් සිටිනු දැකීම මගේ එ සිහිනයයි." 1963 අගෝස්තු 28 වැනි දා වොෂිංටන් නුවර ලින්කන් අනුස්මරණ ශාලාව ඉදිරිපස දී මාර්ටින් ලූතර් කිං හෙවත් කළු සුදු භේදයෙන් පීඩාවට පත් වී සිටි තිස් හතර හැවිරිදි කළු ඇමරිකානුවා එලෙස තම සාමකාමී ආවේගය වදන් වලට මුසු කළේය. දෙලක්ෂ පනස් දහසකට අධික ඇමරිකානුවන් සංඛ්‍යාවක් සහභාගී වූ , මිනිත්තු දහ හතක් පුරා දිව ගිය ඒ මනනන්දනීය දේශනය යම් තාක් දුරකට ඵල දරමින් ඊ ළඟ වසරේදී සිවිල් අයිතිවාසිකම් පනත සම්මත විය.
..........................................................
 
පිවිසුම
 

Wednesday, March 15, 2017

කාලීන තොරතුරු විවිධාංග විචාර සමගින් අළුත් ශාස්ත්‍රීය බ්ලොග් එකක් " බව "

විප්ලවවාදී කලාව සහ විප්ලවවාදී දේශපාලනය

Malevich

බොහෝ දෙනෙක් පෙන්වා දී ඇති ආකාරයට – උදා: ස්ලැවෝයි ජිජැක්, ජොන්-ලක් නොන්සි – පෙරටුගාමී කලාව සහ පෙරටුගාමී දේශපාලනය අතර තිබෙන්නේ කිසියම් ආකාරයක ආතතිගත සම්බන්ධයකි. බැලූ බැල්මට, ස්වභාවික තත්වයන් යටතේදී, ‘හරිනම්’, වියයුතු දෙය මෙය නොවනා බව පැහැදිළි වෙයි. අපට සිතෙන්නේ රැඩිකල් කලාව සහ රැඩිකල් දේශපාලනය යනු එකම ක්‍රියාවලියක නිමේෂයන් දෙකක් කියාය. අවසන් අරුතින් ගත්විට මේ දෙකෙන්ම සිදු කරන්නේ වියහැකි දෙය සහ වියනොහැකි දෙය අතර ඇති බෙදුම් රේඛාව වෙනස් කිරීම කියා පැවසිය හැකි වේ. ෆ්‍රෙඩ්රික් ජේම්සන් ගේ ජනප්‍රිය නිදර්ශනය ඇසුරින් අපි මෙම අදහස පැහැදිළි කර ගනිමු.
මෙයට දශක කීපයකට පෙර අපගේ සාමූහික අනාගතය පිළිබඳව සංවාදය කේන්ද්‍රගත වූයේ සමාජවාදය, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය, ජාතිකවාදය ආදී දේ අතරින් වඩා සුදුසු වන්නේ කුමක්ද යන්න පිළිබඳවයි. ඉතා රැඩිකල් ලෙස අප ජීවත් වන සමාජය වෙනස් වියහැකි බව කිසිවෙකු ප්‍රතික්ෂේප කළේ නැත. ඒ අනුව, එම සමාජ පරිවර්තනය අයත් වූයේ ‘වියහැකි දෙයෙහි’ කලාපයටයි. නමුත් අද වන විට, සමාජයේ සාතිශය බහුතරයක් දෙනා, මේ ආකාරයට සමාජයේ රැඩිකල් පරිවර්තනයන් අපේක්ෂා කරන්නේ නැත. අපගේ නිහඬ එකඟතාවයට අනුව වෙළඳපොල මගින් පාලනය වන ආර්ථිකය සහ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යනු අපට පරිකල්පනය කළ හැකි එකම සාමූහික අනාගතයයි. එහි වෙනසක් වනවානම් එසේ විය හැක්කේ ලෝක විනාශයෙන් පමණි. වෙනත් ආකාරයකට කියන්නේනම්, අපට අද සමාජ ක්‍රමයේ රැඩිකල් පරිවර්තනයක් වෙනුවට ලෝක විනාශය පරිකල්පනය කරගැනීම වඩාත් පහසු වෙයි. එම තේමාව රැගත් චිත්‍රපටි, දෛවඥයන්ගේ පුරෝකථන ආදිය මගින් නියෝජනය කරන්නේ මෙම සමාජ පරිකල්පනයයි. අද දවසේ බටහිර ලෝකයේ දේශපාලඥයන් සම්ප්‍රදායවාදී වන්නේද එසේත් නැතිනම් ප්‍රගතශීලී වන්නේද යන්න මැන ගැනීම සඳහා තිබෙනා මූලික නිර්ණායකයක් වන්නේ ඔවුන් පරිසර අර්බුධය පිළිගන්නා අයද, එය ප්‍රතික්ෂේප කරනා අයද යන්නයි. සමාජයේ රැඩිකල් පරිවර්තනයකට වඩා ලෝක විනාශය පරිකල්පනය කිරීම පහසු වනවා යන්නෙහි අර්ථය මෙයයි. ඒ අනුව, ජේම්සන් ගේ නිරීක්ෂණය මෙයයි, අද දවසේ සමාජ පරිවර්තනය යන්න අයත් වන්නේ ‘වියනොහැකි දෙයෙහි’ කලාපයටයි.
........................................................

පිවිසුම
https://bavaweb.wordpress.com/