Thursday, March 31, 2016

කාලීන සිදුවීම් තොරතුරු විචාර සමගින් තවත් විවිධාංග බ්ලොග් එකක් " මතකයේ රැඳුනු තැන් "

කුරුපොඩි ඇල්ල මැද නිධානය...

2013 අවුරුද්දේ වෙසක් පෝය යෙදිලා තිබුනේ 23 වෙනි සිකුරාදා. දවස් තුනේ නිවාඩුව අල්ලලා කොහේ හරි යන්න හිතාගෙන හිටිපු නිසා වාහනේ හදන්න තිබ්බ ගොඩක් අඩුපාඩු හදන්නය කියල මම ඒ දවස්වල “හැමදාම වගේ”යන ගරාජ් එකක් වෙච්ච හුණුපිටියේ තියෙන එරංගගේ ගරාජ් එකට වාහනේ දැම්මේ 23 වෙනිදා පාන්දරින්. වාහනේ හදන්න දාල මම ආපහු වැඩට ආවේ හවස් අතේ අපේ රියදුරු මහත්තැන් කෙනෙක් යවලා වාහනේ ගෙන්න ගන්න බලාපොරොත්තුවෙන්.
හවස 04:00 විතර වෙද්දී වැඩ ඉවර බවත්, වාහනේ ගෙනියන්න එවන්න කියල මට කෝල් එකක් ආවා. අපේ රියදුරු සහ ඔපරේටර් වෙච්ච කරූව තමයි වාහනේ ගේන්න පිටත් කලේ. මිනිහට JCB, Excavator, Tower crane, Crawler crane, mobile crane, Light vehicle, Heavy vehicle, ගල් රෝල්, බොබ් කැට් ආදී එකී නොකී හැම දෙයක්ම ඔපරේට් කරන්නත් ඕනෙම වාහනයක් එළවන්නත් පුළුවන්. ඔන්න ඉතින් මිනිහ ගිහින් ගෙවන්න තිබ්බ බරපතල බිලත් ගෙවල ඉවරයක් වෙලා වාහනේ අරගෙන ඇවිත් තිබ්බා. වාහනේ සයිට් එකට ගේද්දී ඕනෙනම් වෙලාව හවස 05:30 ට වගේ ඇති.

හදල ගෙනාව කිව්වට මම ඉතින් ආයේ ඕක බලන්න ගියේ නැහැ, සුපුරුදු පරිදි රෑ 07:00 ට ඕෆ් වෙලා ගෙදර යන්න පිටත් උනා. අපේ සයිට් එකේ ඉඳලා ගෙදරට යන්න තියෙන්නේ කිලෝමීටර 6 ක් වගේ දුරක්. එදා පාරේ වාහන සෑහෙන වැඩි දවසක්. ගෙදරට යන කිලෝමීටර 6 න් ඕනෙනම් 4 ක් යන්න ඇති. චටස් පටස් වගේ අමුත් සද්ද බද්ද ටිකක් ඇහෙන්න ගත්තා එන්ජිම දිහාවෙන්. තව ටික වෙලාවකින් මොකක් හරි යකඩයක් එකට ඇතිල්ලෙන සද්දයක්.
මේ එක්කම වාහනේ බ්රේක් නැති උනා, පවර් ස්ටියරින් නැති උනා, ඔය වගේ වෙන්න ඕනේ දේවල් ගොඩක් සිද්ධ උනා. ඒ වෙලාවේ මම ආවේ කොළඹ තියෙන අතුරු පාරක, ටිකක් ඉඩ තියෙන තැනකට එනකල් මුළු ඇඟේ හයියෙන් එහෙට මෙහෙට කපකපා මුළු බරම දාල බ්රේක් ගහගෙන ඇවිත් ඉඩ තියෙන තැනක වාහනේ නතර කරගෙන ගරාජ් එකට කෝල් කලා. ඌ කිව්ව විදිහට මට කරදරයක් නැතුව ගෙදරට යා ගන්න පුළුවන්ලු. ඒත් බ්‍රේක් පවර් ස්ටියරින් වැඩ කරන්නේ නැති වාහනේක ඉතුරු කිලෝමීටර් දෙකට ආසන්න දුර යන එක ගැන කොළඹ ට්‍රැෆික් ගැන දන්න කෙනෙකුට තේරෙයි. ආසිරි හොපිටල් එක හරහා නාවලට යන පාරේ ඒ වගේ වෙලාවට යන එක මොන තරම් ලේසි පහසු වැඩක්ද කියලා හිතා ගන්නකො.
 

...............................................

පිවිසුම
http://widiyabandara.blogspot.com/ 

Tuesday, March 29, 2016

තවත් අළුත් තොරතුරු කාලීන සිදුවීම් විචාර විවිධාංග බ්ලොග් එකක් " මගේ ලොවෙන්... "

අධ්‍යාපනය මොන තරම් සිල්ලරට විකිනෙනවද???

ඒ දවස් වල මම ඉගැන්නුවේ ලංකාවේ ප්‍රමුඛ පෙලේ ප්‍රයිවට් උපාධි කඩයක. කඩයක් කියල නොදැනයි රස්සාවට ගියේ, බුදු අම්මෝ ඉන්ටර්වීව් එකේදි ප්‍රධාන ශාඛා කලමණාකාර තුමා ආයතනය ගැන දුන්නු වර්නනාවෙ හැටියට අපි ගියපු කැම්පස් එක කැම්පස් එකක් මද කියලත් හිතෙන්න ගත්තා...
රස්සාව කරන්න තිබ්බෙ xxxxx ශාඛාවෙ, HNDE ළමයින්ටයි උගන්නන්න තිබුනේ, කලින් සබ්ජෙක්ට්ස් කරපු visiting lecturers ලව මම ආපු නිසා නවත්තපු නිසා එයාල බලපු නැති කෝස් වර්ක් තොගයකුත් එක්ක අලුත් බැච් එකක සබ්ජෙක්ට්ස් කිහිපයක් මට භාර වගකීම් වුනේ....

ටික දවසක් දැහැමෙන් සෙමෙන් කාලය ගතවුනත් හදිස්සියේම මරාලයක් කඩාපාත් වුනා. ඒ තමා උපාධි ප්‍රධානෝත්සවය. එයාලගෙ උපාධි ප්‍රධානෝත්සවය තියෙන්නේ හැම අවුරුද්දෙම දෙසැම්බර් මාසේ. අවුරුද්ද පුරාම විවිධ ඩිප්ලොමා උපාධි අවසාන කරපු ළමයි හැමෝම ඒ අවුරුද්දෙ දෙසැම්බර් තියෙන උපාධි ප්‍රධානෝත්සවය ට සුදුසුකම් ලබනවා.

ඔය කාලෙට හරිම ජන්ජාල ගොඩයි. ලොකුම ප්‍රශ්නෙ තමයි රිපීට් වෙච්ච ළමයි රීසබ්මිශන්ස් අරන් අන්තිම මොහොතේ එන එක.

එහෙම ළමයින්වත් කොහොම හරි කොන්වකේශන් තල්ලු කරන්න කියල අපට දරුණු බලපෑම් එනව ඔය කාලෙට කළමණාකාරීත්වයෙන්.

.........................................


පිවිසුම
http://magelowen.blogspot.com/



Friday, March 25, 2016

තවත් තොරතුරු කාලීන සිදුවීම් විචාර සමග ශාස්ත්‍රීය බ්ලොග් එකක් " නැදිමාලේ miniහෙක් "

අපි මේ හදන්නෙ වව්ලාගේ මගුල් ගෙදර යන්න 


ගෝලීය වෙළඳපොළ මිහිතලය මත බිහි විය යුතුමය. ගෞරවණීය ජීවිතයක් නිවහල් මරණයක් මිනිස් වර්ගයාට එතෙක් මෙතෙක් නොමැත. නමුත් අත්විඳින්නට සිදුව තිබෙන අහේතුව නිෂ්පාදකයාත් වෙළෙන්දාත් පාරිබෝගිකයාත් ප්‍රතිවිරෝධී ශක්තීන් වශයෙන් වෙන්ව පැවැතීමය. පාරිබෝගිකයාගේ මිළ දී ගැනීමේ ශක්තිය දුර්වල කරවන ධනවාදී මූල්‍ය කළමණාකරනය මානව සංහතියේ අපේක්ෂා භංග කරමින් සිටී.
පාරිබෝගිකයෙක් සහ වෙළඳ පොළක් නැති ඉතිහාසයක තිබුණේ ප්‍රාථමික පරිභෝජනයක් පමණි. වෙළඳාම සමාජ සංවර්ධනය සම්බන්ධයෙන් අනිවාර්යක්වූ විට අංකුර පාරිබෝගිකයෙක් බිහි කරමින් ක්‍රමයෙන් හට ගත් ප්‍රාථමික වෙළඳ පොළක් පූර්ව ධනවාදී යුගයන්හීදීද අපට දැක ගතහැක. ‍තෝරාගත් වෙළඳ බෝග සහ අප්‍රධාන භාණ්ඩ කිහිපයක ප්‍රවර්ධනය හැරුණ කොට සාපේක්ෂ වෙළඳ පොළ ආකෘතියක් ලෝකයට හඳුන්වාදීම යටත් විජිත යුගයේදීද මග හැරී ගියේය. අම්මා පාවිච්චි කළ මහන මැෂිම දියණියටත් දියණියගේ දියණියටත් වශයෙන් පරිබෝජන වටිනාකම පරම්පරා ගනනාවක් පුරා එක තැන නතර වී තිබුනේය. තවත් මහන මැෂිමක් එකතු කෙරුනේ නැත. තාත්තා පරිහරණය කළ උපකරණය හෝ භාණ්ඩය  පුතාගේද ජීවිත මෙවලම බවට යටත් කළ ප්‍රාථමික කුල ක්‍රමයත් ජාතිකවාදයත් ආගමිකවාදයත් කාර්මික විප්ලවයෙන් සියවස් කීපයකට පසුද ලොව පුරා සමහර තැනවල තවමත් පවතියි. යම් දවසක අන්තර්ජාතික වෙළඳ පොළ මහ පාරට පැමිණියේ නම් ඒ පැමිණියේ නාස්තිකාර ජාවාරමක් ලෙස හෝ වෙළඳ පොළසූරා කෑමේ යෝධ යාන්ත්‍රණයක් හැටියටය.
ධනවාදී ප්‍රාග්ධනයේ ආරම්භක යුගය වෙළඳපළ හැදී වැඩී පෝෂණය වන්නට නිරෝගී ගර්භාෂයක් මෙන්  විය. නමුත් පසුව එළැඹුන එහි හොඳම කාලයේදී ධනවාදය ක්‍රමයෙන් කොල්ලකාරී වෙමින් වඩ වඩාත් ම්ලේච්ච වෙමින් ප්‍රාග්ධනය හිංසන අවියක් කරගත්තේ මිහිමත බිහිවන්නට විළිරුදා දුන් නිවහල් වෙළද පොළ වහාම ගබ්සා කොට දමමිනි . ගෝලීය වෙළඳ පොළ යනු ධනවාදී ප්‍රාග්ධනයට අනුව අධිරාජ්‍යවාදී මූල්‍ය යාන්ත්‍රනයමය. ඒ සඳහා අවශ්‍ය තරමට වැඩියෙන් උදාහරන ලෝකයා ඉදිරි පිට ඇත. ඛනිජ තෙල් සහ දියමන්ති අපනයනයකරුවෙකි නයිජීරියාව. නමුත් ඒ සඳහා වන අන්තර් ජාතික වෙළඳපළේ පංගුව දියමන්ති සහ ඛනිජ තෙල් උදුරා ගෙන යන ධනවාදී ප්‍රාග්ධන හිමිකාරීත්වයටය. ඝානා, මාලි, බුකීනා කැෆේ අන්ත දුගී රටවල්ය. ආර්ජන්ටිනාවද සරු රටක් නොවේ. නමුත් නිපදවන්නේ රත්තරංය. ගොඩ ඒමක් මේ රටවලට නැත්තට නැති කරමින් මේ ධන සම්පත පොදි ගහ ගනිමින් සිටින්නේ ලෝක බැංකුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් මගිනි. ඉරාකය සහ ලිබියාව සුනු විසුනු කළේ ඛනිජ තෙල් සම්පත උදුරා ගන්නටය. ඒ ඛනිජ තෙල් වෙළඳපළම සිරියාව මරණයේ අඩවියක් කරමින් තිබේ.. 

....................................................................

පිවිසුම
http://minihek.blogspot.com/ 

 

Wednesday, March 23, 2016

කාලීන සිදුවීම් තොරතුරු හා රසවින්දනය රැගත් තවත් බ්ලොග් පිටුවක් " මොන්ටිසෝරිය "

අම්මාට ලියුමක්..

තව ටික දොහයි මාසේ අන්තිම වෙන්න..
මගේ රත්තරන් අම්මේ
මම පඩි අරන් අද හෙට එනතුරු ගමට...
තිස් තුන් කෝටියක් දෙවි පිහිටයි නුඹට





මේ පැත්ත හරිම පුදුමයි..‍යහපත්, මිනිස්සු යටපත් කරගෙන අයහපත් මිනිස්සු නැගිටිනවා අම්මේ..ඒත් ඒ අය අතරේ මම හෙමින් හෙමින් මගේ ජීවිතය ලස්සනට ගොඩනගනවා..
මම දුකෙන් ඉන්නවා කියලා හිතන්න එපා.. මම ගොඩක් සතුටෙන්..බොරු නෙවේ.. අම්මව මම දවසක මෙහෙ එක්කගෙන ඇවිත්ම පෙන්නන්නම්.. අම්මටත් ගොඩාක් ආස හිතේවි..

මේ දවස්වල වැඩ ටිකක් වැඩියි තමයි.. ඒත් මම මේ පාර ගෙදර ආවම කෙට්ටුවෙලා වගේ, ඇදීල ගිහිල්ල කියල එහෙම දුක් වෙන්න එපා අම්මේ.. මේ දවස් ටිකේ විතරයි ඉතින් මෙහෙම...

මට මෙහෙට හේවිසි හඬක් නම් ඇහෙන්න නැහැ අම්මෙ... ඒත් පල්ලියේ යාතිකා, කෝවිලේ ගීතිකා ඇහෙනකොට මට ගමේ පන්සල මතක් වෙනවා.. සුදු සිල් රෙද්ද ඇඳන් පිච්ච මල් සුවඳක් ඇඟේ තවරන් පෝය දවසට අම්ම ඉන්න හැටි එතකොට මට මතක් වෙනවා.. කොච්චර වැඩ කරලා ආවත්.. මගේ මහන්සිය ආගිය අතක් නැති වෙනවා අම්මේ එතකොට...

අපි ඉස්කොලේ යන කාලෙ වගේ උදේ පාන්දර ඇහරගෙන දුක් විඳින්න ඕන නෑ අම්මේ දැන්.. අම්මට දැන් වයසයි නෙ.. ලෙඩ වෙන්න පුලුවන්..
අම්ම දැන් විවේක ගන්න ඕන කාලෙ. අම්ම ඒ කාලෙ මාව බලාගත්ත වගේ මටත් පුලුවන් දැන් අම්මව බලාගන්න..
පුළුවන් නම් මම ඉක්මනට ගෙදර එනකන් හැමදාමත් මට හීනෙන් පෙනි පෙනි මම එනකන් වෙනද වගේම බලන් ඉන්න....

 තුන් සරණයි...

 ලියුම ගොඩනැගුන අදහස

 https://youtu.be/OV6NgsichG8 

.................................................

පිවිසුම
http://ravinyasitha.blogspot.com/ 

Tuesday, March 22, 2016

අළුත් තොරතුරු තාක්ෂණ හා අන්තර්ජාල සන්නිවේදනය සම්බන්ධ බ්ලොග් එකක් " Rukaa Tricks "

සුපිරිම ආතල් සිංහල Facebook Photo Comment මිටියක් මෙන්න ගන්නෝ...

Facebook කියන්නේ ලෝකයේ තියන ජනප්‍රියම Social Network එකයි.
Facebook වල අපි දාන Comment වලට Photos දාන්න පුළුවන් පහසුකම ගිය වසරක Facebook විසින් ලබා දුන්නා.

ඉන් පසු Facebook Photo Comment ඉතාමත් වේගයෙන් ජනප්‍රිය උනා.
කොතරම් ජනප්‍රිය වෙළද කියනවානම් මේ වෙන විට Sinhala Facebook Photo Comment සිය දහස් ගණනක් නිර්මණය වෙලා තියනවා.
අද රුකා ඔබට ලබා දෙන්නේ එවැනි Sinhala Facebook Photo Comment මිටියක්....

..................................................

පිවිසුම
http://rukaatricks.blogspot.com/ 

Monday, March 21, 2016

Sunday, March 20, 2016

කාලීන සිදුවීම් තොරතුරු කලා රසවින්දනය සමග විවිධාංග බ්ලොග් එකක් " Art Blog "

වැරදි බෝඩ් දෙකක් එකට එකතුවුනහම වෙන දේ

 මේ තියෙන්නෙ එකිනෙකට ලම්භකව තියන බෝඩ් දෙකක්. ප්‍රධාන පාරෙන් හැරිල යන්න තියෙන්නෙ වැසිකිලියට.  නමුත් එතනම ජීවිතයට ඔවදනකුත් ලියලා. මේ දෙකම එකට අහුවෙන්න මම පොටෝ එකක් ගත්තා. එතකොට එන්නෙ ටිකක් වෙනස් විදිහෙ අදහසක්.
මම මේක ගත්තෙ ත්‍ර්කුණාමලයෙ කෝනේස්වරම් කෝවිලට යන පාරෙ තිබිලා.

වෙන වෙනම ගත්තහම කිසි වැරැද්දක් නැතත් එකට ගත්තහම නම් වස වැරැද්දක්.
..................................................
පිවිසුම

Saturday, March 19, 2016

කාලීන සිදුවීම් තොරතුරු විචාර හා විවිධාංග බ්ලොග් පිටුවක් " ක්සැන්ඩරයාගේ කොළම "

ගුගල් යුනිකෝඩ් අපලය.

ක්‍රෝම් අපලය යනු ගුගල් ක්‍රෝම් හරහා සිංහල කියවීම / ලිවීම සිදු කරන සියල්ලන්ටම පොදුවේ ඇති ගැටළුවකි. එනම් සිංහල අකුරු නිසියාකාරව නොපෙනීම නැතිනම් font rendering නිසියාකාරව නොවීම. 

සිංහල බ්ලොග්කරුවෙක් / කමෙන්ට් කරන්නෙක් / පාඨකයෙක්  විදියට ඔබටත් ක්‍රෝම් අපලය තිබේද? එසේ නම් අපි සියල්ලෝම එකතුවී ඒ ගැන ගුගල්ට කියමුද?

ගුගල් ක්‍රෝම් යනු මේ වන විට වැඩියෙන්ම භාවිතා වන අන්තර්ජාල පිවිසුම් මෙවලමක් වී හමාරය. එකක් එහි වේගවත්බව නිසාත් භාවිතයේ පහසුව නිසාත් බොහෝ දෙන මෙය වත්මනේ භාවිතා කරයි. (මේ ගැන නං ගොඩක් විවේචන ඇත. ඇත්තෙන්ම එහි වේගය පරිඝනකයේ මතකය කා දමන්නක් වුවද නව සංස්කරණය සහ වේගය ගැන පැවසීමේදී එය වැඩිදියුණු කර තිබෙනු දැකිය හැකි අතරම මතක භාවිතය ද මදක් අඩු වී ඇත..)

නව සංස්කරණයක් පැමිණීම ඔස්සේ ගුගල් ක්‍රෝම් ද සිංහල බ්ලොග් ලියන කියවන සැමට කොකා පෙන්වමින් යන කාලයක අපේ එකමුතුව පෙන්වා මේ අඩුව  නිවැරදි කරගන්නට උත්සාහයක් නොදරන්නේ ඇයි ද මට සිතේ. ඒ නිසා මේ පෝස්ටුව මගේ බ්ලොග් කටුවේ එල්වීමට මට සිතිනි.

හරි, අටුවා ටීකා ටිප්පනි ඉවරයි කරන්න ඕනේ මෙච්චරයි, ක්‍රෝම් එකේ දකුණු පස ඇති මෙන්න මේ වගේ   බොත්තම වෙත යන්න. එය ක්ලික් කල පසු ලැබෙන මෙනුවේ අවසාන තේරීමට කලින් එක (අන්තිම එකේ සිට එකක් ඉහලට) තෝරන්න. ඔව්, හෙල්ප් (Help) කියල තියන එක තමා, J. එහි තේරීම් තුනක් තිබෙන අතර අවසාන තෝරාගැනීම කරන්න(Report an Issue) , නැතිනම් කෙටි පාර Alt + Shift + I
මේ ඔස්සේ ඔබට මේ දෝෂය ගැන ගුගල්ට කීමට හැකියාවක් ඇත.

ඉතිං අපි ගුගල්ට එහෙමවත් කියල හැදෙන්න කියමු නේද?
..........................................................
 
පිවිසුම

Friday, March 18, 2016

තොරතුරු විවිධාංග සමග රසවින්දනය රැගත් තවත් බ්ලොග් එකක් " විල් තෙරේ කිඹුලි "

88.උඩු ගුවනේ නත්තල හා යාළුකම සොයා ගාල්ලට- 01


ලංකාවට හීනෙකින්වත් දෙසැම්බරයක යන්න නොහිතපු වෙලාවක අපි දෙන්නටම හදිස්සි නිවාඩුවක් ලැබුන නිසා 24 වෙනිදා රාත්‍රි 9ට විතර ඉතාලියේ ලියනාඩෝ ඩාවින්චි ගුවන් තොටුපලෙන්  ලංකාව බලා පිටත් උනා...පැය 5පමණ පියාසර කිරීමකින් කටාර් කුවින්ස් ගුවන් තොටුපලට ලගා වීමට නියමිතවද තිබුනා...මගේ හිතේ හරිම කුතුහලයක් තිබ්බා ගුවන් යානයක් තුල නත්තල සැමරුම කොයි වගේ වෙයිද කියලා..කෙමින් කෙමින් 12 වෙද්දි කිසිම මගියෙක් හැල හොල්මනක් නැතුව තම,තමාගේ පාඩුවේ අසුන් වල ඉඳගෙන සමහරෙක් රෑපවහිනී තිරයට නෙත යොමු කරන් සමහරෙක් නිදී කිරා වැටෙමින් සිටියා.... අවසානෙදි කිසිම හැල හොල්මනක් නැති මිනිසුන් මොහොතක් නිරික්ෂණය නරලා ජැනෙල් කවුලුවෙන් පිටත බැලුවා තිත්ත කළුවරයි.. ඊලග මොහොතේ අසුනෙන් නැගිටලා මගේ කරේ දාන බෑග් එක කැබින් එකෙන් අරන්... මම ගුවන් ගත වෙන්න කලින් බෑගයට ඔබා ගත් නත්තල් තෑග්ග හබියා අත තියලා විශ් කලා... මට හරිම අපැහැදිලිතාවයක් තිබ්බේ ලෝකයම සමරණ නත්තල ඇයි මේ මිනිස්සු සමරන්නේ නැත්තේ කියලා...
            කාල වේලාව හරියත්ම ගුවන් යානය කුවින්ස් ගුවන්තොටුපොල වෙත ගොඩ බැස්සා... මගේ ඇස් අදහ ගන්න බැරි තරම් පුදුමයට පත් වුනා එකම එක නත්තල් සැරසිල්ලක්වත් නැති ගුවන් තොටුපලේ සියළු දෙනා සාමානය දිනයක් වගේ වැඩකටයුතු කරමින් සිටියා.ඒ එක්කම හබියාගෙන් මම ඇහැව්වා

"ඒ මොකද හලෝ,නත්තලට සැරසිලි නැත්තේ"

"මුස්ලිම්නේ ඒකයි"

එතනින් එහාට මම මොකුත් අහන්න ගියේ නෑ,
මුස්ලිම් තමා ඉතින් ඒත් නත්තල් ගහක් හැදුවට මැරෙනවද?
අපේ කොච්චරනම් බෞද්ධ නොවන අය වෙසක් එකට කූඩු හදනවද? නත්තලට කතෝලික නොවන අය නත්තල් ගස්,ගවලන හදනවද?
අනේ මුන්ටනේ බැරි....
කියලා හිත... හිත ඊලග ගුවන් යානය එන තෙක් රැදවුම් මැදිරියේ ඉන්න කොට අපේ මෙතුවා එක්කත් විස්තර ටිකක් කතා කරන්න හම්බුනා  හරහා..ඉතින් කාල වෙලාව ආවම අපි ලංකාව බලා පිටත් වෙන ගුවන් යානයේ අසුන් ගෙන පැය 5කට ආසන්න පියාසර කිරීමකින් පසු  නත්තල් දා 15.30වන විට ලංකාවට ගොඩ බැස්සා අම්මත් තාත්තත් අපිව ගන්න ගුවන්තොටුපලට ඇවිත් හිටියා...අම්මලාට ඒ නත්තලට හම්බුන හොදම තෑග්ග තමා අපි ගෙදර ආව එක... මම අවුරැදු නවයකට පස්සේ අම්මලා එක්ක නත්තල් සැමරැවා...හරිම සතුටු නත්තලක් ඔය විදිහට ගෙවිලා ගියා


 

...............................................................

පිවිසුම
http://shanu1987.blogspot.com/ 






Thursday, March 17, 2016

දැනුම තොරතුරු සංවාද හා විචාර සමග විවිධාංග බ්ලොග් පිටුවක් " කතිකා සංවාද මණ්ඩපය "


Urban Planning: the future – special reference to Sri Lanka by Ashley de Vos – Part 3

Sri Lanka and the Urban Environment
There is a need to preserve the historical and important parts of the City. The conserved buildings should project the evolution of the City and its historicity. Like a old beautiful grandmother. The wrinkles on her face is an integral part of her personality, it gives her character and her due place and stature in society. She is not for sale. Gentrification is not the answer to the development of the city
Slide50
Slide51
Slide52
Slide53
Slide54
Slide55
Slide56
Slide57
Slide58
Slide59
Slide60
Slide61
Slide62
Slide63
Slide64
Slide65
Slide66
Slide67
Slide68
Slide69
Slide70
Slide71
Slide72
Slide73
Slide74

...........................................................

පිවිසුම
https://kathika.wordpress.com/

 

Wednesday, March 16, 2016

කාලීන සිදුවීම් තොරතුරු විචාර ඇතුලත් තවත් අළුත් බ්ලොග් එකක් " සුදු කුකුළා/white cock "

Best universities in the world.ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල

Are you looking for the best universities in the world?
According  to http://www.webometrics.info/en/world the following  are the best 100 universities in the world.




CountryPresence Rank*Impact Rank*Openness Rank*Excellence Rank*
1
Harvard University
bandera
3
2
12
1
2
Stanford University
bandera
1
3
8
2
2
Massachusetts Institute of Technology
bandera
2
1
6
9
4
University of California Berkeley
bandera
14
4
17
13
5
Cornell University
bandera
8
5
2
21
6
University of Michigan
bandera
11
6
19
4
7
University of Washington
bandera
33
8
18
7
8
University of Wisconsin Madison
bandera
6
9
15
22
9
University of Pennsylvania
bandera
7
10
88
11
10
Columbia University New York
bandera
50
7
35
14
11
University of California Los Angeles UCLA
bandera
47
12
42
6
12
(2) Pennsylvania State University
bandera
146
14
1
38
13
University of Oxford
bandera
15
16
92
5
14
University of Cambridge
bandera
29
17
72
10
15
Yale University
bandera
9
13
104
19
16
University of Toronto
bandera
36
36
24
8
17
University of Texas Austin
bandera
83
11
29
45
18
University of California San Diego
bandera
68
26
36
15
19
University of Illinois Urbana Champaign
bandera
4
25
30
39
20
Eidgenössische Technische Hochschule ETH Zürich / Swiss Federal Institute of Technology Zurich
bandera
42
38
20
26
21
(2) Johns Hopkins University
bandera
108
44
185
3
22
Duke University
bandera
119
28
109
18
23
University of British Columbia
bandera
44
43
46
23
23
University of North Carolina Chapel Hill
bandera
85
27
89
31
25
University of Florida
bandera
74
33
9
43
26
University of Chicago
bandera
35
19
184
56
27
New York University
bandera
84
21
101
47
28
Princeton University
bandera
63
15
83
77
29
University College London
bandera
55
51
74
12
30
Michigan State University
bandera
54
23
13
92
31
University of Maryland Baltimore
bandera
62
24
53
73
32
University of California Davis
bandera
115
37
79
33
33
Purdue University
bandera
154
20
46
84
34
University of Southern California
bandera
104
34
64
49
35
Texas A&M University
bandera
73
35
22
89
36
Carnegie Mellon University
bandera
67
22
31
126
37
University of Arizona
bandera
110
29
49
80
38
(2) California Institute of Technology Caltech
bandera
13
52
37
59
39
Rutgers The State University of New Jersey
bandera
98
32
25
98
40
University of Pittsburgh
bandera
111
56
61
30
41
University of Tokyo / 東京大学
bandera
153
74
27
24
42
Northwestern University
bandera
138
55
219
27
43
Ohio State University
bandera
135
60
51
35
44
University of Virginia
bandera
20
30
250
102
45
University of Edinburgh
bandera
71
53
81
48
46
University of California San Francisco
bandera
40
110
32
17
47
Peking University / 北京大学
bandera
90
50
503
36
48
University of Colorado Boulder
bandera
130
40
104
93
49
(2) Universidade de São Paulo USP
bandera
27
72
13
83
50
Georgia Institute of Technology
bandera
101
54
74
68
51
National Taiwan University
bandera
21
65
16
95
52
Tsinghua University China / 清华大学
bandera
496
41
734
28
53
University of California Irvine
bandera
217
47
157
76
54
Washington University Saint Louis
bandera
196
64
92
46
55
University of Utah
bandera
95
48
78
97
56
Utrecht University / Universiteit Utrecht
bandera
28
112
83
32
57
Arizona State University
bandera
103
46
113
108
58
Boston University
bandera
118
62
170
62
59
Simon Fraser University
bandera
133
18
127
269
60
Zhejiang University (National Che Kiang University) / 浙江大学
bandera
356
42
680
50
60
McGill University
bandera
116
85
98
52
62
Vanderbilt University
bandera
97
71
294
60
62
Indiana University Bloomington
bandera
99
31
108
193
62
(2) Universidad Nacional Autónoma de México
bandera
12
39
4
314
65
Ruprecht Karls Universität Heidelberg
bandera
30
102
122
63
65
University of Helsinki / Helsingin yliopisto
bandera
18
94
28
101
67
Kyoto University / 京都大学
bandera
34
149
11
64
68
University of California Santa Barbara
bandera
152
66
176
91
69
Virginia Polytechnic Institute and State University
bandera
106
49
38
171
70
University of Nottingham
bandera
214
45
380
114
71
University of Queensland
bandera
23
148
154
44
72
University of Alberta
bandera
147
88
143
69
73
North Carolina State University
bandera
76
57
66
160
74
University of Iowa
bandera
181
73
54
111
75
University of Melbourne
bandera
167
118
371
34
76
University of Oslo / Universitetet i Oslo
bandera
26
101
34
120
77
Catholic University of Leuven
bandera
143
146
119
42
78
University of New South Wales
bandera
65
115
301
61
79
National University of Singapore
bandera
515
124
64
29
80
Ludwig Maximilians Universität München
bandera
228
135
60
51
81
University of Hong Kong
bandera
66
109
48
117
82
Ghent University / Universiteit Gent
bandera
41
200
44
70
83
Tufts University
bandera
46
59
565
180
83
University of Copenhagen / Københavns Universitet
bandera
39
186
246
54
85
Australian National University
bandera
175
75
204
133
86
University of Rochester
bandera
17
107
234
123
87
University at Buffalo
bandera
19
81
123
198
88
Brown University
bandera
82
86
417
125
89
École Polytechnique Fédérale de Lausanne
bandera
225
121
89
81
90
University of Georgia
bandera
125
63
92
214
91
Iowa State University
bandera
151
80
67
161
92
University of Kentucky
bandera
93
95
9
186
93
University of Manchester
bandera
197
175
259
41
94
Università di Bologna (Università degli Studi di Bologna)
bandera
16
161
139
99
95
University of California Santa Cruz
bandera
172
58
203
215
96
Universität Hamburg
bandera
10
127
170
143
97
University of Nebraska Lincoln
bandera
121
61
21
310
98
University of Amsterdam / Universiteit van Amsterdam
bandera
354
123
571
40
99
(1) Seoul National University / 서울대학교
bandera
369
111
275
66
100
(1) Technische Universität München
bandera
141
178
113
78

 
..............................................................................
පිවිසුම
http://sudukukula.blogspot.com/