Monday, September 29, 2014

අළුත් රසවින්දන හා විවිධාංග බ්ලොග් පිටුවක් "චක්කරේ"

කවුද වැටුනලූ.....


ලේ දන් දීම ගැන මොකද හිතන්නේ?? ඒක ලොකු පින්කමක් තමා..පුළුවන් හැටියට සහභාගී වෙන්ඩ ඕන පුන්‍යකර්මයක්.... සැප්තැම්බර් ම‍‍ාසේ රූපේලාගේ පන්සලේ ලේ දන් දීමේ පින්කමක් තිබුනා..අනේ ඉතින් Clz කට් කරගෙන රූපේ ගියේ අතාත් එක්ක... බර මැනලා දීපු ෆෝම් එකත් පුරවලා පෝලිමේ වාඩි වුනේ ඩොක්ටර් ගාවට යන්ඩයි. විනාඩි 15කට පස්සේ ලේ ගන්න බෑග් 4ක් එක්ක ගිහින් ඇදකට සෙට් වුනේ ඒ මහා පුන්‍යකර්මයටයි..ලස්සන මිසී කෙනෙක් ඇවිත් නම ගම අහලා ලේ ගන්ඩ පටන් ගත්තා... ලේ දෙන තුන්වෙනි පාර හින්දා රූපේ හිටියේ මාර කොන්ෆිඩන්ට් පිට...ඇයි ඉතින් ආයේ වෙන දේවල් ඔක්කෝම දන්නවනේ..විනාඩි 20ට විතර ලේ දීපු ගමන් ඇදෙන් නැගිට්ටේ ගිහින් මයිලෝ එකක් ගහන්ඩයි...රූපේට මතක විදියට අඩි 10ක් විතර ගියා...ඇස් දෙක නිලංකාර වෙලා යනවා අන්තිමට මතකයි..


පිවිසුම
http://chakhkare.blogspot.com/ 

No comments:

Post a Comment