Thursday, April 30, 2015

තවත් සුවිශේෂී ශාස්ත්‍රීය විචාරාත්මක හා විවිධාංග බ්ලොග් එකක් "කසාපබ්බත"

වහල් ජාතිය ඇමතුම...!

ජනපති ජාතිය අමතා ජනවාරි 08 වෙනිදා ඇමරිකාව ප්‍රමුඛ යුරෝපය සහ ඉන්දියාව තමා ඇමට යොදා කරන ලද බල පෙරළිය නැතහොත් ආක්‍රමණය විප්ලවයකට සමාන කළේ ය. එය ලෙහෙසි පහසු විප්ලවයක් නොව එක්සත් ජනපදයේ ඒබ්‍රහම් ලින්කන්ගේ වහල් තහනමට සමාන ය. මේ අදීනවිප්ලවය කළේ ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝඩිගේ ඇඳුම ඇඳීමෙන් ද එංගලන්තයේ රැජිනගේ ග්ලවුස් නැති අත වර්ණනා කිරීමෙන් ද සිය ඇඹේනිය ලවා සිය යටත් විජිතවාසී ස්ත්‍රීන් එංගලන්ත රැජිනට ආචාර කරන ලෙස ආචාර කිරීමෙන් ද සිය නිදහස් නිවහල් ආදීනත්වය අකනිටා බඹලොව දක්වා පතුරුවා හළ ජනපති ය.

එදා ලින්කන් වහලුන්ට නිදහස ලබා දෙන විට ඇතැම් වහලුන් ඊට විරුද්ධ වූ බවත් අද තම විප්ලයට අකුල් හෙළන විරුද්ධ වන අය සහ එම වහලුන් අතර වෙනසක් නැති බවත් ඔහු කීවේ ය. ඔහුගේ ඊනියා විප්ලවයට ජනවාරි 08 වෙනිදා විරුද්ධ වූයේ ලක්ෂ 58ක් වුවත් අද, එදා ඔහුට ඡන්දය ලබා දී රටට සිදු කළ මහා අපරාධය පිළිබඳ පසුතැවෙන පිරිස දිනෙන් දින ඉහළ යන හෙයින් එය දැන් ලක්ෂ 70ට ආසන්න වෙතැයි සිතමි.  ඒ කෙසේ වෙතත් ඔහු තමාට එරෙහිව ඡන්දය පාවිච්චි කළ ජනතාව 18 වන සියවසේ එක්සත් ජනපදයේ විසූ වහලුන්ට සමාන කර තිබේ. ඔවුහු නිකන් ම වහලුන් නොව නිදහස එපා යැයි සටන් කළ වහල්ලු ය.

ඇමරිකානු ධනවාදය සහ අධිරාජ්‍යවාදය ද ඉන්දීය කළාපීය ව්‍යාප්තවාදය ද එක පෙළට සිට ජනවාරි 08 වෙනිදා කළ මේ මහා විප්ලවයට පසු "අප්පොච්චි මළෝ...!" යැයි හොටු පෙරා ගෙන සිරිසේන ජනපති ලබා දුන් නිවහල් දේශය බලා එක පිම්මේ දිව ගිය විජිත් විජිතමුණි සොයිසා ලා ද එතෙක් මහින්දගේ දෙපා මුළ ලැඟ සිට කිහිප වරක් උඩු බුරා සිරිසේන වෙත දුව ගිය මර්වින් සිල්වා ලා ද සිරිසේනට කොන්දක් නැතැයි නොහොඹිනා විහිළු කර ඔහුගේ දෙපා මුලට බඩ ගෑ දයාසිරි ජයසේකර ලා ද සැබෑ නිදහසේ අරුත වහා වටහා ගත් නිදහස්කාමී වහලුන් යැයි කිව හැකි ය. 58 ලක්ෂයක් ජනතාව ද එම ජනතා නියෝජිත ද 18 වන සියවසේ නිදහස එපා යැයි කියූ මෝඩ වහලුන් ය.

.............................................................


පිවිසුම
http://kasapabbatha.blogspot.com/ 

Wednesday, April 29, 2015

තවත් අළුත් විචාර ශාස්ත්‍රීය හා තොරතුරු විවිධාංග බ්ලොග් පිටුවක් "සිතුන නිසා"

මෙහෙම පුදුමයක්


19 ? ඔන්න බලාපං වෙන දේ


මොනව හිතුනත් උඹ හෙම මොනවත් ලියන්න එපා ! ආත දුන්න නියෝගයක් හින්ද; හිතෙන ඒව ලියාගන්න බැරුව හිටියෙ. සමහරු ලියල තියන ඒව දැක්කම මයෙත් ඇඟ වෙවුලන්ඩ අරන් තිබුණෙ. මුන් මෙච්චර බය නැතුව ලිය්නනෙ කොහොමද කියල හිතාගන්න බැරුව.

අපේ ආත කිව්වෙ බලය ගත්ත එව්වො රහ වැටුනම ඒක අතාරින්නේ නෑ.මෙච්චරකල් උනේ ඒක කියල.
“ඒ කාලෙ හිතට  හිතෙන, ඇඟට දැනෙන  ඒව කියන්න ගිහින් අපි ජීවිතේ බේරගත්තෙත් අමාරුවෙන්; ඒ හින්ද  නිකං ඉඳිං. නැත්තං උඹ හින්ද මටයි දොස් පරොස්.
ඒකත් ඇත්ත තමයි කියල මාත්  අනෙක් අයගේ ලිපි කියව කියව හිටිය. ආතා හින්ද කලාතුරකින්වත් කොමෙන්ටටුවක් වත් දැම්මෙ හොරෙන්.

“19 ? ඔන්න බලාපං ඕක  කතා කර කර ඉන්නව විතරයි. මොකක් හරි උප්පරවැට්ටියක් කරල ඕක නොකර ඉන්න තැනට වැඩ හරිගස්සනව.“ අපේ ආතට මේපාර නං වැරදුනා. ඊයේ හවස  කට උත්තර නැතුව ගියා.

....................................................


පිවිසෙන්න
http://madthoughtful.blogspot.com/ 

Tuesday, April 28, 2015

අළුත් සාහිත්‍යමය තොරතුරු විවිධාංග රසවින්දන බ්ලොග් එකක් "ටිකක් හිතන්න"

19

හොදත් නරක ඇහුණා කණ දෙදරන්න
උද්ඝ‍ෝෂණද නැගුවා හඩ රැව්දෙන්න
විවිධ වැඩත් කෙරුවලු පහු කරලන්න
රටට හොදයි නම් සම්මත කරලන්න

ජනතා මතය අමතක කරලන්න එපා
නීතිය රටේ කිසිවිට වැනසෙන්න එපා
නිදහස කාගෙවත් අනතුරෙ වැ‍ට‍ෙන් එපා
අනිසි බලය කිසිවෙකුටත් ලැබෙන් එපා


.........................
පිවිසුම
http://hithamutikak.blogspot.com/ 







Monday, April 27, 2015

අළුත්ම තොරතුරු හා විචාරාත්මක බ්ලොග් පිටුවක් "සිංහල බ්ලොග්ගල"

ලබන ආත්මය









ජනප්‍රිය වෙබ් අඩවියක හිට් වූ පුවතක් දැක මෙය කොටන්නට සිත් විය. ඇත්තටම ලබන ආත්මයක් ඇතිද? දෑත් පටලාගෙන සියදිවි නසාගෙන ලබන ආත්මයේ එක්විය හැකිද?



13 වසරේදී ෆිසික්ස් වහවූ නිසා ඒ පීරියඩ් එකට පිට්ටනිය හරහා ගොස් මහජන පුස්තකාලයට යාමේ හොද පුරුද්දක් එකල මට තිබුණි.එහිදී 'අම්මා ගෙන් පටන් ගෙන රුසියන් කෙටි කථා කෙයවිමෙන් අනතුරුව මහාචාර්ය A T කොවුර් ගේ 'දෙවියෝ හා බුතයෝ කෙයවිමෙන් පසු බෝඋතික වාදය ගැන අල්ප මාත්‍රයක දැනුමක් ලබාගතිමි.එහෙත් ඉපදුණුද සිට සිතට වැටී ඇති කරුණු සේදී ගොස් නැත.



කෙසේ වෙතත් අසන්නට දකින්නට ලැබෙන ආකාරයට ලබන ආත්මයක් හෝ අපායක් තිබිය නොහැක. එසේ නැත්නම් මොඋන් අපායේ රජු සමග ඩිල් දමාගෙන ඇත, නැත්නම් මෙතරම් පොදු දේපල හොරා කෑමට යන්නේවත් කුඩා දරුවන් අපහරණය කරන්නේවත්,හැදු වැඩු අම්මා තාත්තා කපා  කොටා මරා දමන්නේ වත්, අවවාදයට වඩා ආදර්ශය උතුම් යි කිඋව් බුදුන්ගේ අනුගාමිකයන් බල්ලන් මෙන් පාරේ  (හැසි)  රෙන්නේ වත්  නැත.

සැමට තෙරුවන් සරණ වේවා , ජේසු පිහිටයි !

...........................................................

පිවිසුම
http://sinhalabloggala.blogspot.com/ 

තවත් එක් තොරතුරු විවිධාංග බ්ලොග් පිටුවක් "ලෝකයේ කොනක"

ස්කෑන් සහ සතොස

බදාදා.............සායන දවස. අවුරුද්දක් දෙකක් තිස්සෙ පුරුදු පුහුණු කරපු මගෙ ඉවසීම , ඉවසලා ඉවසලා බැරිම තැන බිඳිලා යන එකම තැන තමයි සායන කාමරය.  (ඉවසීම බිඳිලා යනවා කිවුවට බනින්නෙ ගහන්නෙ නෑ කාටවත්.....:-) )
ඒත් , කටහඬ ටිකක් උස් වෙනවා. මූණෙ හිනාව අඩු වෙනවා. දාඩිය දාන්න පටන් ගන්නවා.......... තව ලෙඩ්ඩු කී දෙනෙක් ඉන්නවද කියලා එලියට ඔලුව දාලා බලන්න හිතෙනවා........ මේ වගේ ගොඩක් දේවල් වෙනවා.   මොකද්ද මේ වෙනසට හේතුව කියලා හිතලා බලද්දි තමයි තේරුණේ.......  පොදු හේතුව, භාශා ප්‍රශ්නෙ.
සායන වලට එන රෝගීන් කියන ගොඩක් දේවල් මට තේරෙන්නෙ නෑ. වාට්‍ටුවෙ නම් මොකක් හරි තේරෙන්නෙ නැත්නම්, ක්ෂණිකව ඒක තේරුම් කරලා දෙන්න අපේ හෙද නිලධාරීන් සැදී පැහැදී ඉන්නව. ඒත් සායනයෙ ඉන්න සේවකයන්ට සිංහල හොඳින් බෑ. 
ඒ නිසා මට නොතේරෙන දේවල් තේරුම් කරන්න කෙනෙක් සල්ලි වලට හරි හොයා ගන්න හිතිලා තියෙන්නෙ දැන් නම්.  ඊටත් වඩා තියන ප්‍රශ්නෙ , තේරුම් ගන්න ටික නම් කොහොම හරි කරන්න පුළුවන්, ගොඩක් වෙලාවට සායනයෙදි විවිධ රෝගීන්ට විවිධ උපදෙස් දෙන්න ඕන. ඒක තමයි ලොකුම ප්‍රශ්නෙ. කියන්න ඕන කිසිම දෙයක් හරියට කියාගන්න බැරි වෙද්දි දැනෙන ඒ හැඟීම නම් විස්තර කරන්න අමාරුයි. අන්තිමට ලෙඩා හිටියටත් වඩා ලෙඩ වෙලා තමයි මගෙ ලඟින් නැගිටලා යනවා ඇත්තෙ........ 
(හැමදාම ක්ලිනික් එක වෙලාවට "අද නම් දෙමළ වාක්‍ය දහයක්වත් පාඩම් කරනවා කියලා හිතා ගත්තත්, ඒකෙන් එළියට යද්දි ඒ අධිශ්ටානය එහෙමම අමතක වෙලා යනව. ආයෙ මතක් වෙන්නෙ ඊළඟ බදාදා)
ඉතින්, ගිය බදාදාත් මේ වගේම සුන්දර බදාදාවක්.  කොයි තරම් සුන්දරද කියනව නම් අවුරුදු නිවාඩුවට ගෙදර ගිය සමහර අය ඇවිත් හිටියෙත් නැති නිසා, දොස්තරට ලෙඩ්ඩු අනුපාතයේ විශාල වෙනසක් වුණා.  සිංහලෙන්ම කිවුවොත් , ලෙඩ්ඩු වෙනදා වගේම ගනනක් සහ දොස්තරලා එක්කෙනයි.  වෙනදට කලින් සායනය පටන් ගන්න හිතපු මම 7 වෙද්දි සායනයට ගියා. (වෙනදට පටන් ගන්නෙ 8ට) ඒත් ඉතින් මම 7ට ගියා කියල රෝගීන් දන්නෙ නෑනෙ........  මම යන වෙලාවෙ කිසිම රෝගියෙක් ඇවිත් හිටියෙ නෑ. හැමෝම ආවෙ සුපුරුදු පරිදි 7.30 පහු වුණාට පස්සෙ. 
ඒකට තවත් හේතුවක් තමයි, අපේ සායනයට හැතැප්ම ගණන් දුර ගෙවාගෙන එන රෝගීන් ඉන්නව. ඒ මිනිස්සුන්ට යන්න එන්න මුළු උදේ වරුවටම තියෙන්නෙ එක බස් එකයි.  ඉතින් ලෙඩ්ඩු එන්නෙ, අපිටවත් එයාලටවත් ඕන වෙලාවට නෙමේ, බස් එකට ඕන වෙලාවට. ඒ බස් එක වැරදුනොත් එදාට සායනෙත් නෑ.  ඉස්සර යුද්ධ කාලෙ අපිට අහන්න ලැබුණ ගම්මාන වල නම් සහ ඒවගෙ ජීවත් වෙන මිනිස්සු  දැන් සජීවීවම දකින්න ලැබෙන විදිය එක්තරා විදියක පුදුමයක්.  

.................................................................................................

පිවිසුම
http://lokayekonaka.blogspot.com/

Saturday, April 25, 2015

නව සාහිත්‍යමය රසවින්දනාත්මක බ්ලොග් එකක් "හදවත"

ඔරුව කුමටද



                                       හුදකලාවෙ ඔරුව පෙරලි
                                       නුපුරුදු සිසිලක
                                       මා සිරවි......

මල් රේණු කැලතුනු
 සිතල ජලය ගලා යයි
හින වෙවි මත් වෙවි
කිමිදෙමු ප්‍රේමනිය
තටාකයෙ..........!!!

අවැසි  නැත  එතරවන්නට
ඔරුව කුමටද
එහෙව් මෙ මට
පා වෙවි ඉමි
සිසිල් දිය මත෴෴෴











.......
පිවිසුම
http://vimues.blogspot.com/ 






අළුත් විස්තර විවිධාංග තොරතුරු බ්ලොග් පිටුවක් "මලියගේ සටහන"

වීරයෙක් උවමනාකර තිබේ



අද කතාවට පාදක වෙන්නේ දකුණු ඉන්දියානු සිනමාපට පිලිබදව.ඒත් මේක මුලු ලෝකෙම තියෙන සිනමාවට ඍජුව සම්බන්ද වෙනවා.සාමාන්යයෙන් දකුණු ඉන්දියානු,එහෙමත් නැතිනම් දමිල සිනමාව කිව්ව ගමන් අපට මතක් වෙන්නේ වලි.කඩු,පිහි,මන්නා ආදියෙන් පටන් අරන් තුවක්කු‍‍‍‍‍‍‍‍,රසායනික අවි දක්වා මේවා ප්රසාරණය වෙනවා.මේ සිනමාවේ දක්නට ලැබෙන කතාමාලාවල ප්රධාන දෙයක් තමයි අසාධාරණයට විරුද්ධව නැගීසිටීම කියන එක.
සාමාන්යයෙන් ඉන්දියාව ලොකප්රසිද්ධ වන කාරණයක් තමයි ඉන්දියානු පොලීසියේ දූෂණ,අල්ලස් ආදිය නිසා.ලොකයේ අපකීර්තිමත්ම පොලීසිය ලෙසට හැදින්වුවාට කිසිම වරදක් නැති බවය මගේ අදහස.(ලංකාවට නම් මේ ගැන ටිකක් ආඩම්බර වෙන්න පුලුවන්..ටිකක් ..) වගේම දියුණ වෙමින් පවතින රටවල පවතින බහුල වශයෙන් පවතින අල්ලස් ගැනීම(දියුණු රටවල මෙය කිසිසේත්ම සිදුවන්නේ නැතැයි මෙයින් අදහස් නොකෙරේ) හා දේශපාලුවන්ගේ ජඩ ක්රියා සම්බන්ධව තියුණු පුහාරයක් එල්ල කිරීමට මෙම සිනමාකරුවන් නිබදවම යත්න දරයි.
............................................................

පිවිසුම
http://maliyagesatahana.blogspot.com/ 
 

Monday, April 20, 2015

තවත් තොරතුරු හා විවිධංග බ්ලොග් එකක් "EMC.TK"

ගුවන්යානා ගෙනයන නැවක අසිරිය



නිමිට්‌ස්‌ පංතිය (Nimitz class) එක්‌සත් ජනපද නාවික හමුදාවට අයත් විශාලතම ගුවන්යානා ගෙනයන න්‍යෂ්ටික බල ගැන්වූ නෞකාවන් අයත් වන පංතියකි. එම පංතියේ මුල්ම නැව දෙවන ලෝක යුද්ධයෙදි ඇමෙරිකානු පැසිෆික්‌ නාවුක බලකායේ අණදෙන නිළධාරිව සිටි අද්මිරාල් චෙස්‌ටර් නිමිට්‌ස්‌ සිහිවීම පිණිස යූ එස්‌ එස්‌ නිමිට්‌ස්‌ ලෙසින් නම් කර තිබේ. දැනට නිමිට්‌ස්‌ පංතියට අයත් නැව් 10 ක්‌ සේවයේ යෙදී සිටී. වර්තමානයේ ගොඩනඟමින් පවතින ජෙරල්ඩ් ආර්. ෆොaර්ඩ් පංතියට පමණක්‌ දෙවන විය හැකි නිමිට්‌ස්‌ පංතියේ නැව් සැලකෙන්නේ ගොඩනැගූ සහ සේවයේ පවතින විශාලතම යුද්ධ නෞකා ලෙසිනි. නිමිට්‌ස්‌ නැවකට ගුවන් යානා 90 ක්‌ ගෙනයා හැකිය. එසේම න්‍යෂ්ටික බලය යොදා ගැනීම නිසා නැවත ඉන්ධන ලබා දීමක්‌ නැතිව වසර 20කට වැඩි කාලයක්‌ ක්‍රියාවේ යෙදීමට හැකිය. පනස්‌ වසරකට වැඩි ආයු කාලයක්‌ මේ පංතියේ නැව් වලින් අපේක්‌ෂා කෙරේ.


........................................................
පිවිසෙන්න
http://www.ellamixcom.tk/ 

Sunday, April 19, 2015

තවත් අළුත් සාහිත්‍යමය හා විචාරාත්මක බ්ලොග් පිටුවක් "පොතක මහිම"

අපේ ගමේ විත්ති - පියසේන කහඳගමගේ


ගම්බද සිරියාව අපුරුවට මනසෙහි සිත්තම්වන ගෙත්තමක්...

වියැකී ගිය පැරණි ගමක පැවති සොඳුරු වූ ආශ්වාදය යලිත් විඳගන්නට නගරබදව කාර්යබහුල ජිවන රටාවකට හුරුවූ ඔබ බොහෝදෙනෙක් එක සිතින් මනාප ඇති.

වැව අද්දර කජු සෙල්ලං කර මහන්සි වූ විට පින්තලියෙන් පැන් පොදක් තොල ගාන්නට...

සුවාරිස් මුත්තාගේ පිඟානෙන් බතල කා රුකඩ සෙල්ලම් බලන්න යන්ට...

පෙරහැර බලා සල්පිලෙන් බඩු ගන්න...

කරත්ත කාරයින්ගේ කඩෙන් තේ බී කිතලගමට නෑගම් යන්ට...

තවත් අටුවා ටීකා මොටද...

කහඳගමයන්ගේ මේ සොඳුරු රචනය අදින් වසර හැටකට පමණ එහා වූ සොඳුරු ගම්මානයකට නෑගම් යාමට අවැසි ඔබ සඳහාමයි...


පිවිසෙන්න
http://pothakamahima.blogspot.com/ 

Saturday, April 18, 2015

අළුත් සාහිත්‍යමය විවිධාංග බ්ලොග් එකක් "ප්‍රභාතය"

වීදුරු කටු

යකඩ සපත්තුවෙන්
හැමදාම පාගන
දූවිල්ල අතර
ඉඳ හිට
වීදුරු කටු
ඇති බව
යාන්තමට
ලේ බිඳුවක්
යටි පතුලෙන්
නොදැනුනත්
එළි බහින බව
පෙනෙනතුරු
නොසිතෙන අන්දම 


පිවිසුම
http://vimukthidehigolle.blogspot.com/ 

හඳුන්වාදෙන විශේෂ දැනුම හාතොරතුරු බ්ලොග් එකක් "ප්‍රභාස්වර"

සංවර්ධනය වන රටවල ජිවිත හානි වලකන කාලගුණ මධ්‍යස්ථානයක්

 
කාලගුණය සෑම විටම නොමිලේ සැපයේ. එහෙත් හදිසි කුණාටු,ගංවතුර වලින් ජීවිත හා දේපල හානි අවම කර ගැනීම සඳහා සූදානම් වීමට කාලගුණය ගැන නිවැරදි අනාවැකි පල කිරීමට  අවශ්‍යය. ඒ සදහා භාවිතා කළ යුතු උපකරන හා සන්නිවේදන ක්‍රම මිල අධිකය.  ත්‍රිමාන මුද්‍රණය හා ලාභදායි වානිජ ඉලෙක්ට්‍රොනික් ආධාරයෙන් රු 20000ක් වැනි මුදලකට කාලගුණ මධ්‍යස්ථාන ඇති කිරීමට හැකි බව USAID සංවිධානය ප්‍රකාශ කරයි. එමඟින් සංවර්ධනය වන රටවලට කාලගුණ තොරතුරු වඩාත් නිවැරදිව ලබා ගැනීමේ පහසුකම් සලසා දීම වඩා පහසු වනු ඇත.

....................................................

පිවිසුම
http://vidathanet.blogspot.com/ 

Friday, April 17, 2015

හඳුන්වදෙන විවිධාංග තොරතුරු බ්ලොග් පිටුව "පුංචි කැකුළු මල්"

76. කිටි කිටි ගවුම

හෙට උදේ පාන්දරම තුශානි ගෙදර කට්ටියත් එක්ක ගමේ යන්නයි ලෑස්තිවෙන්නේ. ගම කිව්වේ තුශානිගේ තාත්තගේ ගම. අකුරැස්සේ තමයි යන්නේ. 

ගමේ ගියාම අවුරුදු තෑගී නම් ගොඩයි. ඒ තෑගී වලින් තුශානි වැඩිපුරම කැමති, ගමේ හිටිය තුශානිගේ තාත්තාගෙ නංගිගෙ අතින්ම ලස්සන මහලා හම්බවෙන ගවුම අදින්න. ඒ ගවුමත් ඇඳගෙන තාත්තාගේ නංගීගේ දුවයි, මල්ලිගේ දුවයි අපේ මල්ලියි එක්ක ගමේ ඇවිදින්න යන්න තුශානි ගොඩක් ආසයි. 


ඔන්න එක අවුරුද්දක තුශානිට නැන්දාගෙන් ලැබුනු අවුරුදු ගවුම තුශානිට ටිකක් හිරටයි තිබුනේ. 

ඔව් අනේ... තුශානි ටිකක් බතල වෙලා හිටියේ.  හි..හි...

හෝව් හෝව්... ඉතින් කලින් අවුරුද්දට වඩා ඊලඟ අවුරුද්ද වෙනකොට ඕනම ළමයෙක් ටිකක් උස
වෙනව මහත වෙනවනේ.. නේද ? 

ඉතින් තුශානිත් ටිකක් උස වෙලා චූට්ටක් විතර මහත් වෙයි කියලා  නැන්දාට අමතක වෙන්න ඇති. 

අයියෝ චුට්ටක් හිර වුනාට මොකද, අවුරුද්දට නැන්දා ලස්සනට මහලා දීපු ගවුම අඳින්නේ නැතුව ඉන්න පුළුවන්යෑ. ඒ නිසා ටිකක් අමාරුවෙන් වුනත් කොහොමහරි ගවුම ඇඳගත්තා. වැඩේ කියන්නේ ගවුම මහලා තිබුනු පැට්න් එකේ හැටියට ඒ ගවුමට සිප් එකක් වත් දාලා තිබුනේ නෑ. ඒ නිසා මුලින්ම අත්දෙක දාලා ගවුම ඔළුවෙන්ම දාලා තමයි ඇඳගන්න වුනේ. ඔන්න ඔය පල්ලේහා රුපේ තියෙන විදිහට තමයි ගවුම තිබුනේ. 
......................................................
පිවිසුම

Thursday, April 16, 2015

නව සාහිත්‍යමය රසවින්දන බ්ලොග් එකක් "බිනරිගේ ලෝකය"

දකීවි නුබෙ සිරුර විනිවිද...





සිහින පොදි බැදන්
ගතට දිරි අරන්
ලැබුවාට ශිල්ප
රගන්නට...

අඩ අදුරු රැගුම් හල තුල
මතුවෙවි ශුන්ගාරය
ශිල්පියෙකු සමග නටන නැටුම්
දකින උන් බදීවී පද නුඔට...

සහකරුගෙ දැත් අතර
කිටි කිටියෙ සිරවෙන සිරුරෙන්
ලැම පීරා මෑත්වන සේද සලුවෙන්
දකීවි නුබෙ සිරුර විනිවිද...

නොදකිවි කිසි දිනෙක නුබෙ රැගුම්
උන් ශුන්ගාරයට මුවාවි
ලෙබල් ගසාවි නුඔත්
බඩුවක්ය කියා...

-බිනරි-

පිවිසුම
http://dmangala6.blogspot.com/

Tuesday, April 14, 2015

තවත් විචාර රසවින්දන හා විවිධාංග බ්ලොග් එකක් "තරුරසී"

වසන්තයේ සිනමා දැක්ම


ආදරය... සාමය.. සතුට පිරුණු නව වසරක් වේවා හැමදෙනාටම...

අද 14... ඊයෙ ලිව්ව සටහන දාන්න බැරි වුණා.. සිග්නල් අවුලක් නිසා... වසන්තයේ මගේ සිනමා දැක්මේ ආරම්භයයි මේ....

......

සිරි සිරි පොද වැස්ස දවස පුරාම.. විටෙකදි මොර සූරන වැස්සක්.. දරාගන්නම බැරි දුක් කන්දරාවක් හිර කරගත්ත පපුවක් වගේ මුළු අහසම අන්ධකාරයෙන් බර වෙලා...

නත්තල දියබත් කළ ඒ වැස්සම අද අවුරුද්දටත් අත පොවල.. ඒත් හිතේ කාන්සියක් තිබුණෙ නැහැ. කවුරුන් හෝ ඒවි, කවුරුන් හෝ සුබ පතාවි ඒ කිසිම බලාපොරොත්තුවක් නැති නිසාම ද මන්දා පාළුවක් දැණුනෙත් නැහැ.. උදෙන්ම කළේ කෝපි කෝප්පයක් හදා ගෙන ‘‘මායාවාසයේ‘‘ තනි වුණ එක.. අයියෙන්දේගේ මායාවාස ඔයා කියවන්නම ඕන පොතක් කියල, තිළිණ කළේ තිසර.. අවුරුදු නිවාඩුව පටන් ගත්තෙම එයින්. දුම්රිය ගමනත්, බස්රිය ගමනත් මොහොතක විඩාවක් නොගෙනෙන තරමට මං මායාවාසයේ අතරමං වෙලා උන්නෙ...

දෙවෙනි වතාවටත් චූටි මිමී එක්ක ටින්කර් බෙල් කාටුන් එක බලන්න වුණා ඉන්පස්සෙ. ‘‘අර ඇස් පේන්නැති අයියගෙ චිත්‍රපටිය දාන්න..‘‘ ඇය ඇවටිලි කරන්න පටන් ගත්තා...  ඊයෙ රෑ හැමෝම එක්ක බැලුව මජිද්ගෙ චිත්‍රපටියම ආයෙම චූටි මිමියි.. මම යි බලන්න ගත්තා. 

පිවිසුම
http://tharurasi.blogspot.com/ 

සැමට සුභ නව වසරක් වේවා.


උදාවූ සිංහල අළුත් අවුරුද්ද සියල්ලන්ටම සතුට සෞභාග්‍ය පිරි නව වසරක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම මේ නව වසරේ තවත් ශ්‍රී ලාංකික සිංහල බ්ලොග් කරුවන් වැඩි වැඩියෙන් බිහි වේවා කියලත් ඉත සිතින් ප්‍රාර්ථනා කරන්න කැමතියි.

Sunday, April 12, 2015

තවත් වැදගත් විචාරාත්මක ශාස්ත්‍රීය හා තොරතුරු බ්ලොග් අඩවියක් "සෙනෙවිරුවන්"

යහ පාලනයට අනුව ගැසූ කූරගල තුරුම්පුව


                                         
                                        

              බළන්ගොඩ තන්ජන්තැන්න ගමේ පිහිටා තිබෙන
 ඓතිහාසික ගල්ලෙන් ආරාම සංකීර්ණයක් වන
 කූරගල බෞද්ධයන් අතර ජනප්‍රිය ව තිබෙන්නේ බුදුන්
 වහන්සේ ගේ ලංකාගමනයත් සමග බැඳි සිදුවීම්
 නිසාය. බෞද්ධයන්ගේ විශ්වාසය වන්නේ බුදුන්
 වහන්සේ කූරගලට වැඩම කල බවයි.කූරගල
 හිටුවන්ගල පර්වතයේ පැවති අවතල හැඩයේ සිරිපතුල්
 ලාංඡන කීපයක් ගැන කූරගල ගමේ වැඩිහිටියන් අතර
 තිබෙන  ප්‍රවාද මෙයට සාක්ෂි වශයෙන් දැක්විය
 හැකිය. එබැවින් කූරගල පුදබිම බෞදධයන්ට ඉතා
 වැදගත්ය. පුරා විද්‍යාවට වසර එකසිය විසිපහක
 ඉතිහාසයක් තිබෙන්නේ නම් කූරගල බෞද්ධ
 උරුමයට වසර දහස් ගණනාවක ඉතිහාසයක් හිමිය.
 එහෙව් කොට 1971දී මේ පුදබිම පුරා විද්‍යා
 දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත. එහි වරදක්
 නැත. වර්තමාන නීතියට අනුව රජයේ ඓතිහාසික
 දේපළ ආරක්ෂා කිරීමටත් සංරක්ෂණය කිරීමටත්
 තිබෙන ආයතනය වන්නේ මේ දෙපාර්තමේන්තුව
 බැවිනි.

           එහෙත්  1930 පමණ සිට මෙම ලෙන් සංකීර්ණයට වැද එහි තිබෙන බුදු පිළිම හා සිරිපතුල් කඩා ලෙන් චිත්‍ර මත අරාබි අකුරු කුරුටු ගෑ මරක්කලයන් එයට අයිතිවාසිකම් පවසා එහි ඉඳි කිරීම් කරද්දී පුරාවිද්‍යාවේ ඇත්තෝ නිහඬවම සිටියහ. කූරගල ගල මුදුනේ පිහිටි ඓතිහාසික මාරජී සෑයේ ගඩොල් එකින් එක ගලවා කන්දෙන් පහළට හෙළීම මේ මරක්කලයන් විනෝදාංශයක් කර ගත්තේ අද ඊයේ සිට නොවේ. ඔවුන්ගේ සෑම වන්දනා වාරයකදීම එලෙස සිදුවනවිට පුරා විද්‍යා නිළධාරීන් කලේ චෛත්‍ය වටා  කටුකම්බි ගැසීමය.මරක්කලයන් ගේ තාඩන පීඩන නිසා ගරා වැටුණු මාරජී සෑය යළි පිළිසකර කිරීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කීප විටක්ම උත්සාහ දරණ ලදී. එහිදී මෙහි අරක් ගෙන සිටි අබුසාලි ඇතුළු මරක්කලයන් එයට විරුද්ධ විය. මෙහි තිබෙන ලෙන් ලිපි පිටපත් කර ගැනීම සඳහා කිරිඇල්ලේ ාණවිමල නාහිමියන් ඇතුළු පිරිසක් එහි ගිය විට උන්වහන්සේලාට විරුද්ධව බළන්ගොඩ පොලීසියට පැමිණිලි කළ බව ද සඳහන්ය. නමුත් කූරගල වෙනුවෙන් කැප වුණු සිංහල බෞද්ධයන් නිසා දිනෙන් දිනම එහි අයිතිය නැවතත් හෙළි පෙහෙලි වූ බව කිව යුතුය. නමුත් හිටපු පුරා විද්‍යා කොමාසාරිස් වරයකු වූ රාජා ද සිල්වා 1972 සැප්තැම්බර් 13 දින  යැවූ ලිපියක් මගින්  කූරගලට අයිතිවාසිකම් කියන මරක්කලයන් එහි තව දුරටත් ස්ථාවර වූ බව  පැහැදිලිය. 


පිවිසුම
http://seneviruwan.blogspot.com/ 

මහනායක හිමියනි ඔබවහන්සේට නිවන් සුව අත්වේවා!


මහ නායක හිමියනි, ඔබ වහන්සේ රටට කළ ජාතික ශාසනික මෙහෙවර අප ඉතා බැතියෙන් සිහිපත් කරමු. අපවත් වී වදාල අස්ගිරි පාර්ශවයේ මහ නායක හිමි අති පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියන්ට නිවන් සුව ලැබේවා.

Friday, April 10, 2015

හඳුන්වාදෙන නව සාහිත්‍යමය රසවින්දන හා විවිධාංග බ්ලොග් පිටුව "සන්දේශය"

අම්බලමේ පිනා


 ''අම්බලමේ  පිනා
වළං කදක් ගෙනා
ඒක බිඳපි ගොනා
ඒකට මට හිනා''

මෙය කුඩා ළමයාගේ සිට වැඩිහිටියා දක්වා අපි හැමෝම දන්නා කට වහරේ ඇති ජන කවියකි.මෙම කවිය නිර්මාණාත්මක ලෙස දිගු කර මුල් කවියේ අර්ථයට සාපේක්ෂව වෙනස් වූ අපූරු අර්ථයක් හැඟවෙන ලෙස රචනා කරන ලද කවි පෙළක් පසු ගිය දා එනම්,2015-04-09 වන බ්‍රහස්පතින්දා දිවයින වටමඬල අතිරේකයේ පල විය.එය මෙසේ ය,

අම්බලමේ පිනා
අම්බලමේ පිනා වළං කදක් ගෙනා ඒක බිඳපි ගොනා නොවනු එයට හිනා
තව දිනයක පිනා කදත් රැගෙන එනා පුරුදු පරිදි ගොනා කද බිඳගෙන යනා
ඉන් නොසැලෙන පිනා කරබාගෙන එනා යළිදු වළං තනා කදත් රැගෙන යනා
මහ මඟ එන පිනා දුටුව පරණ ගොනා පිම්මෙන් දිවගෙනා යයි කද බිඳගෙනා
දුකම පුරුදු පිනා 
යළිදු  ගෙදර එනා තණ මිටියක් මනා කද බැඳගෙන එනා
ඔහුව දැකපු ගොනා හෙමිහිට ළං වුණා තණ මිටියට ගොනා කෙමෙන් වසඟ වුණා
හීන්සැරේ පිනා මිතුරු කරන් ගොනා යළි නිවසට එනා කරත්තයක් තනා
අම්බලමේ පිනා වළං ගැලකි ගෙනා ඒක අදින ගොනා ඒකට මට හිනා....
සුදේශ් කවීශ්වර කැලණිය විශ්වවිද්‍යාලය
(2015-04-09/දිවයින-වටමඬල)
.......................................................................
 
 
පිවිසෙන්න

Thursday, April 9, 2015

හඳුන්වාදෙන වැදගත් වෛද්‍ය උපදේශන හා දැනුම බ්ලොග් පිටුව "දත් වෙද සුමිතුරු"

විදුරුමස් රෝග II (Periodontal Diseases)

කලින් ලිපියෙන් විදුරුමස් රෝග හැදෙන්නේ කොහොමද, විදුරුමස් රෝග වල රෝග ලක්ෂණ ගැන එහෙම කතා කරපු නිසා අද විදුරුමස් රෝග ගැන තවත් වැදගත් තොරතුරු ටිකක් කියන්නම්.

විදුරුමස් රෝග සඳහා වැඩි අවදානමක් ඇති කරන සාධක කිහිපයක් තියෙනවා. මේ සාධක එකක් හෝ කිහිපයක් තියෙනවානම් ඔබට විදුරුමස් රෝග සෑදීමේ අවදානම වැඩියි.

  • දුම්පානය: දුම්පානය ඔබට විදුරුමස් රෝග ඇති කිරීමේ හැකියාව වැඩි කරනවා. ඒ වගේම විදුරුමස් රෝග සඳහා කෙරෙන් ප්‍රතිකාර වල කාර්යක්ෂමතාවයටත් දුම්බීම බලපානවා. ඔබ නිතර දුම්පානය කරන කෙනෙක් නම් මේ ප්‍රතිකාර වලින් කිසිම ප්‍රතිඵලයක් නැති වෙන්න පුළුවන්. 
  • හෝමෝන අසමතුලිතතා: විශේෂයෙන්ම කාන්තාවන්ගේ ගර්භණී සමයේ සිදුවන හෝමෝන වෙනස් වීම විදුරුමස් රෝග් සඳහා බලපාන්න පුළුවනි. 
  • දියවැඩියාව: පාලනය නොකරන් ලද දියවැඩියා තත්වය නිසා විදුරුමස් රෝග සඳහා කෙරෙන ප්‍රතිකාර වලින් යහපත් ප්‍රතිඵල නොලැබෙන්න තිබෙන හැකියාව වැඩියි. 
  • අනෙකුත් රෝගී තත්ව: විශේෂයෙන්ම ඒඩ්ස්, පිළිකා වැනි රෝගී තත්ව නිසාත් විදුරුමස් රෝගී තත්ව ඇති වෙන්න පුළුවන්. 
  • විවිධ බෙහෙත් වර්ග: උපත් පාලන පෙති, විශාදය (depression) සඳහා ලබාගන්න බෙහෙත් වර්ග (anti depressants) සහ හෘද රෝග සඳහා ලබාගන්න සමහර බෙහෙත් වර්ග මේ සඳහා හේතු වෙන්න පුළුවන්. 
  • ජානමය හේතු 
  • මානසික ආතතිය 
  • මන්දපෝෂණය 
  • ස්ථූලතාවය 
ඔය වගේ විවිධ හේතු විදුරුමස් රෝග ඇති වෙන්න බලපාන අවදානම් සාධක විදියට ක්‍රියා කරනවා. 

සාමාන්‍යයෙන් විදුරුමස් රෝග වැඩිපුර දකින්න ලැබෙන්නේ වයස අවුරුදු 30ට වඩා වැඩි පිරිමි අයගේ බවයි පර්යේෂණ වාර්තාවල සඳහන් වන්නේ. 

විදුරුමස් රෝග වල රෝග ලක්ෂණ කලින් ලිපියේ දක්වා තිබෙනවා. ඔබට එම රෝග ලක්ෂණ තියෙනවා නම් ඉක්මනින් ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත්. 

විදුරුම රෝග සඳහා ප්‍රතිජීවක ඖෂධ, මුබ සේදුම් දියර ආදිය භාවිතා කරන්න ඕනේ වෛද්‍ය උපදෙස් යටතේ පමණයි. වෛද්‍ය උපදෙස් වලින් තොරව ඒ සඳහා යොමුවීම සුදුසු නැහැ. 

දත් බුරුසුවකින් දත් මැදීමට ආදේශකයක් විදියට මුඛ සේදුම් දියර භාවිතා නොකළ යුතුයි. මුඛ සේදුම් දියරයෙන් දත් වල් බැඳී ඇති මැලියම් ඉවත් වන්නේ නැහැ. ඒ නිසා දත් බුරුසුවකින් දත් මැදීම අත්‍යවශ්‍ය වෙනවා. 

විදුරුමස් රෝග වළක්වා ගැනීම සඳහා පහත දක්වා ඇති උපදෙස් අනුගමනය කරන්න පුළුවන්. 

  • සිනිඳු කෙඳි ඇති (soft) බුරුසුවකින් දවසට දෙවරක් දත් මැදීම. මේ සඳහා ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේප වර්ගයක් පාවිච්චි කරන්න. 
  • සෑම මාස 6කට වරක්වත් දන්ත වෛද්‍යවරයෙක් හමුවෙලා ඔබේ දත් පරීක්ෂා කරගෙනීම. 
  • දුම් පානයෙන් වැළකීම.
  • දියවැඩියා තත්වය පාලනය කර ගැනීම. 
විදුරුමස් රෝග වළක්වා ගැනීම මගින් දිගු කාලයක් පවතින් සුන්දර සිනහවකට හිමිකම් කියන්න ඔබටත් පුළුවන්. 



විදුරුමස් රෝග ගැන වගේම අනෙකුත් ගැටලු ගැනත් අපිට ලියන්න. මේ සඳහා කමෙන්ට් වගේම, මේ පිටුවේ උඩින්ම දක්වා තිබෙන ඊමේල් ලිපිනයත් භාවිත කරන්න ඔබට පුළුවන්. 

පිවිසුම

Tuesday, April 7, 2015

විවිධාංග විචාර හා තොරතුරු බ්ලොග් එකක් " සඳුනිමා "

32. අප්‍රේල් මෝඩයා.......... April Fool



කට්ටියටම සුභ උපන්දිනයක් වේවා එහෙනම්.විශේෂයෙන්ම අද කාන්තා පාර්ශ්වයට වැදගත් දිනයක්ලු නේද? මමත් හරියටම දන්නේ නැහැ, හත වසරේ කෙල්ලෙක් තමයි මටත් කිව්වෙ.



උපුටාගැනීම - චූටි මල්ලි සහ පොඩි මල්ලි ෆේස්බුක් පිටුව



ඉතින් දවසේ වැදගත්කම ගැනත් හිතලා බලලා කාලෙකට කලින් අන්තිම පේලියට ලියුව එකක් ආයෙම උස්සන් ආවා.කලින්ම කියනවා උපුටාගත්තේ ඊයකින්. කියවන උන් කියවපල්ලා. බණින උන් බැනපල්ලා. අත කසනවටයි, ආසාවටයි ලියන්නේ.අනිත් කාරණේ හැම වෙලේම හැමෝවම සතුටු කරන්නත් බෑ, ඇත්ත සිද්ධිම හැම වෙලේම ලියන්න කියලා නීතියකුත් නෑනේ.
.................................................................
පිවිසුම

Monday, April 6, 2015

නව විස්තර විවිධාංග රසවින්දන බ්ලොග් එකක් " සිතූගේ සිතුවිලි "

තිමිර 09

කතාවේ මුල් කොටස් බැලුවේ නැත්තම් මෙතනින් බලන්න. 
තිමිර 03
තිමිර 04
තිමිර 05
තිමිර 06
තිමිර 07
තිමිර 08

"සඳා? කවුද අම්මෙ සඳා කියන්නේ? මේ ඉන්නේ රන්දි නේ?"  ශශික එහෙම කිව්වෙ අම්මා දිහා බලාගෙන. මමත් බලන් හිටියේ මේ මොනවත් තේරුම් ගන්න බැරුව. 

""හරි පුතේ... ඒ දවස්වල මගෙ හොඳම යාළුවා තමයි සඳා කියන්නේ.. මේ දුව ආයෙත් ඇරපු අතක් නෑ සඳා වගේමයි.. ඒකයි මම එකපාරටම රැවටුණේ..." ශශිකගේ අම්මා එහෙම කිව්වේ අපිට කෝපි අල්ලන ගමන්. 

"ඉතින් ආන්ටි දැන් එයා නැද්ද? එයාට මොකද වුණේ?" මම එහෙම ඇහුවෙ තවත් විස්තර දැන ගන්න අරමුණෙන්. 

"ඒක දිග කතාවක් දුව..." ශශිකගේ අම්මා එහෙම් කිව්වේ දිග සුසුමක් හෙළන ගමන්. 

"ආන්ටිට කරදරයක් නැත්තම් අපි කැමතියි ඒ කතාව අහන්න.." මම එහෙම කිව්වෙ සඳා ගැන තවත් තොරතුරු දැනගන්න ඕනෙ වුණ නිසයි. 

"දුවලා අහලා තියෙනවද ගල්කන්ද වලව්වෙ කතන්දරේ?" ආන්ටි එහෙම ඇහුවම මොකද්ද දෙන උත්තරේ කියලා මට හිතාගන්න බැරි වුණා. 

"කඩේ මුදලාලිනම් එහෙම කතාවක් කිව්වා ආන්ටි.. ඒත් හරියටම කතාව දන්නේ නැහැ." වාසල මල්ලි යන්තම් මැද්දට පැනලා මම පත්වුණ අපහසුතාවයෙන් ගලවගත්තා. 

"ගල්කන්ද වලව්වෙ සඳා මැණිකේ තමයි ඒ දවස්වල මගේ හොඳම යාළුවා. අපි පොඩි කාලේ ඉඳන්ම හැදුනේ වැඩුනේ එකට. ඉස්කෝලේ ගියේ එකට. සඳා නම් දවසෙන් වැඩි හරියක් හිටියේ අපේ ගෙදර." 

"සඳාගේ තාත්තා එයා පොඩි කාලෙදිම නැති වුණා. ඊට පස්සෙ සඳාලගෙ අම්මා තමයි එයාලව බලාගත්තේ. මේ ගමේ ඉඩ කඩම්, වතුපිටි වුණත් වැඩි හරියක් ගල්කන්ද වලව්වට  අයිතියි. ඉතින් එයලට අඟහිඟයක් නම් තිබ්බෙ නැහැ." 

"සඳාට හිටියේ අයියලා දෙන්නෙක්. ඒ අයියලා දෙන්නා නම් පුදුම තරම් නපුරුයි. හැම වෙලේම හිතුවේ ඉඩකඩම්, නම්බුව ගැන. එයාලා ළඟ වැඩ කරපු මිනිස්සුන්ටත් හරිම නපුරු විදියට සැලකුවේ. ගමේ මිනිස්සුන්ට  ඒ දෙන්නා ගැන නම් තිබ්බෙ හොඳ ආකල්පයක් නෙවෙයි." 

.................................................................

පිවිසුම
http://sithuwili-sithu.blogspot.com/