Wednesday, June 29, 2016

තොරතුරු විවිධාංග සමග සාහිත්‍යමය රස වින්දනර රැගත් තවත් බ්ලොග් එකක් " අදහස් "

කන්නට යමක් දී යන්නට පුලුවනිද..





ඉන්නට    තැනක් නෑ, එනමුත් මක්      වේද
යන්නට    ලැබුණු අත්වාරුව ඇති    නොමඳ
ගින්නට    කුසේ මෙතුවක් පිළියම්    නොලද
        කන්නට    යමක් දී යන්නට            පුලුවනිද

....................................

පිවිසුම
http://nawaadahas.blogspot.com/ 

Tuesday, June 28, 2016

කාලීන සිදුවීම් තොරතුරු සමගින් තවත් විවිධාංග බ්ලොග් පිටුවක් " සිඩ්නි සිතුවිලි "

බටහිර දෙසට පළමු වරට...!

(2012 ජූනි)
දුම්රිය ස්ට්‍රැත්ෆීල්ඩ් දුම්රියපළ පසු කරමින් තිබිණි.

සිඩ්නි චෙස් ඇකඩමියේ කටයුතු පිණිස බටහිර දෙසට ඇදෙන දුම්රියක නැගී ආ කාලයේ මා පැමිණ තිබුණේ බර්වුඩ් දුම්රියපොළ වෙත පමණි. ස්ට්‍රැත්ෆීල්ඩ් යනු බර්වුඩයට පසු හමුවන දුම්රියපොළ ය. එය පොල්ගහවෙල නැතිනම් මහව හන්දිය දුම්රියපොළ සිහි කළේ එක් ඉලක්කයක් ඔස්සේ ඇදී ආ දුම්රිය මග දෙපසකට බෙදා හරිමින් ගමනාන්තයන් දෙකක් වෙත දුම්රිය යොමු කළ හෙයිනි. බටහිර දෙසට විහිදුණු මාර්ගය පැරමටා සහ බ්ලැක්ටවුන් පසු කරමින් පෙන්රිත් හරහා බ්ලූ මවුන්ටන් කදු ශිඛර දෙසට හෝ රිච්මන්ඩ් ප්‍ර‍ත්‍යන්ත වෙත ජනයා කැටුව යන්නට සූදානමින් සිටි අතර යළි උතුරට හැරුණු මග එපින් ප්‍ර‍ත්‍ය නගරයේදී සිඩ්නියේ සිට එන උතුරුබඩ මාර්ගය හා එක් වීමට දිව ගියේ ය.

මුල් වරට ඇස ගැටෙන බටහිර ඉම් පෙදෙස් දෙස දුම්රිය කවුළුව තුළින් මම බලා සිටියෙමි. වේගයෙන් පසු වී යන දර්ශන පෙළ විටෙක වීදිවලින් බර වී එකිනෙකට ආසන්නයෙන් පෙළ ගැසී තිබුණු නිවාස පන්ති ද, දිගු යායට විහිද ගිය ප්‍ර‍ත්‍ය නගරබද ගොඩනැගිලි ද, සුවිසල් දුම්රිය එකලස් කරන හෝ අලුත්වැඩියා කරන අංගනද මවෙත රැගෙන ආවේ ය.

මා අද හමුවන මිනිසා, නාරද, කවරෙකු විය හැකි ද? මවිසින් මින් ඉහත පළ කරන ලද ‘සිඩ්නි සිතුවිලි‘ ලේඛණ කියවා මවෙත ඊමේලයක් එවා තිබුණු ඔහු මා හමුවන්නට කැමැත්තෙන් පසුවන බව ලියා තිබුණේ ය.

“ඔබ අපට කැපෙන කෙනෙක් බව පෙනෙනවා. වෙලාවක මුණගැහෙමු!“ යනුවෙන් සදහන් කරමින් අවසන් කර තිබුණු ලිපියේ කෙළවර ඔහුගේ දුරකථන අංකයද ලියා තිබිණි. ඒ දුරකථන අංකයට මා ඇමතුමක් දුන්නේ දින දෙකකට පෙර හවස්වරුවක ය.

“හරිම සතුටුයි ප්‍රියන්ත කතා කරපු එක නම්... එන්න පුළුවන් ද පැරමටාවලට අනිද්ද උදේම? මම අනිද්ද නිවාඩු. අපිට ටිකක් කතා කළ හැකි!“

බටහිර දෙසට දිවෙන දුම්රියේ ජනේල කවුළුවක් අසළ අසුන් ගෙන මා මේ ගමන් කරමින් සිටින්නේ ඔහු හමුවන්නට ය. ඔහු කුමන වයසක, කුමන තරාතිරමක, කොයි ආකාරයක මිනිසකු දැයි යන්න පිළිබ කිසිදු අදහසක් නැතිව මා මේ යන ගමනට අර්ථයක් තිබේ ද?

නැත! එක්තරා අයුරකින් මම ඔහුව ද, ඔහු මාවද හඳුනාගෙන අවසන් ව ඇත. නන්නාඳුනන මිනිසුන් සමූහයක් අභියස සිටින ඔබ එහෙන් මෙහෙන් නැගෙන විසිරුණු දේශපාලනික කතාබස් අතරතුර ඔබට සමීප අදහස් දරන්නකු හඳුනාගන්නේ කොයි ලෙසකින් ද, මොහොතකින් ඔහු හෝ ඇය සමග අදහසක් දෙකක් හුවමාරු කරගන්නේ කොයි ලෙසකින් ද එලෙසම මා නාරද වෙත එක් පියවරකින් සමීප වී හමාර ය. ඔහු මා ලියන ‘සිඩ්නි සිතුවිලි‘වල රසිකයෙකි. මා මෙන්ම හෝ වෙනයම් අයුරකින් මෙරටට ආ ඔහුට මා විඳි මේ හැඟුමන් හමුවී තිබෙනු සැක නැත. මා ලියූ ලේඛණවලින් ඔහු හඳුනාගන්නා ඔහුගේ අතීතය යළි හිස ඔසවා විත් මට ද අත වනයි. එක් අතකින් ඔහු අද මුණගැසෙන්නට බලාපොරොත්තු වන්නේ ඔහුගේ අතීතයම විය හැක. එසේනම් මේ මාගේ අනාගතය ද?
......................................................

පිවිසුම 

Monday, June 27, 2016

තවත් අළුත් තොරතුරු විචාර හා විවිධාංග බ්ලොග් එකක් " ඉලංගකෝන්ගේ විවරණය "

ගණන් තැබීමේ සහ මැනීමේ වැදගත්කම.



මැනීම යනු යම් වස්තුවක, නියමිත ලක්ෂණයකට, ඉලක්කමකින් අගයක් ලබාදීමයි.  

පසුගිය අවුරුද්දේ, මම මිතුරෙකු විසින් ගොඩනංවන මෙගා වෝට් එකක ජලවිදුලි බලාගාරයක් අධීක්ෂණය කිරීමට, ඔහුත් සමග ගියෙමි. එක් වරෙක, බෑවුමේ පහල තරමක යකඩ මඩුවක් සාදන්නට වුවමනා විය.  මඩුවේ යකඩ බාල්ක, අත්තිවාරමේ ඇණ මත, වෙල්ඩින් කිරීමේ උපකරන එතනට ගෙන යාම, සීඝ්‍ර බෑවුම නිසා ඉතාමත් දුෂ්කර විය. මේ නිසා, අත්තිවාරමේ සවිකර ඇති ඇණ වලට ගැලපෙන සේ, බාල්කවල සිදුරු විද, ඒවා ලණු වලට ගැට ගසා, පහත් කිරීමට මම යෝජනා කලෙමි. කාර්මිකයා මෙයට කිසිසේත් කැමති වූයේ නැත. පසුව මෙය කරගෙන යද්දී, මට වැටහුනේ ඇණ අතර දුර, හරියටම මැනගෙන සිදුරු විදගැනීමේදී වැරදිය හැකි යැයි, ඔහුට සැකයක් තිබූ නිසා, ඔහු මෙලෙස, පහසු ක්‍රමය යොදා ගැනීමට පැකුලුනු බවය.
සාමාන්‍යයෙන් ලංකාවේ උතුරේ හැරුනු විට, පර්චස් 10/20 ට වැඩි ගෙවත්තක, අඩු තරමේ පොල් ගස් 5/6 ට වැඩි ගණනක් තිබීම, ග්‍රාමීය පරිසරයක නිසැකයකි. එහෙත්, පොල් ගස් ගණන ඊට වඩා වැඩි වුන තැනක, අයිතිකරු ගෙන් ඔහුගේ හෝ ඇයගේ ගෙවත්තේ පොල් ගස් කීයක් තිබෙන්නේ දැයි ඇසුවොත්, හරි උත්තරයක් ලැබීම අවිනිශ්චිතය. එමෙන්ම, වඩා පලදරන ගස් වර්ග තෝරා ගෙන, පැල කිරීමක් අපට පුරුදු නැත. බොහෝ විට අප ගෙවතු වල ඇත්තේ, ඉබේ පැලවුන ගස් වර්ගය.
එලෙසම අප රටේ සුළු හා මධ්‍යම ව්‍යාපාර, සිල්ලර කඩ, බාබර් සාප්පු, ගැරේජ්, බියුටි සැලෝන්, කම්හල් සහ හෝටල් කුමන ප්‍රමාණයක ගිණුම් මිණුම් තබන්නේද? මම සිතන්නේ උත්තරය 5% කටත් වඩා අඩු බවය. තමන්ගේ ව්‍යාපාරය, පාඩුවට කරගෙන ගොස් ඇති බව දැන ගන්නේ, ව්‍යාපාරය බංකලොත් වූ පසුවය. 
...............................................
 
පිවිසුම

Sunday, June 26, 2016

කාලීන සිදුවීම් තොරතුරු සමගින් අළුත් විවිධාංග බ්ලොග් එකක් " රබාගේ ලෝකය "

අප්පොච්චිගේ ඉස්කෝලේ

බණ්ඩාරවෙල ඉඳන් ඇටම්පිටිය පාරෙ යනකොට දියවුන්නාවෙන් හැරිලා කන්දක් නගින්න තියෙනවා. ඒ කන්ද නැගලා වංගු පාරවල් ඔස්සේ ඉදිරියට යනකොට ලස්සන ගමක් හමුවෙනවා. ඒ ගමේ නම ඇත්තලගෙදර. වටේටම ලස්සන කඳුවැටි. ගම පුරා විහිදුනු කුඹුරු අමුතුම සුන්දරත්වයක් මවනවා.


මේ ගමේ තියෙන ඉස්කෝලෙ තමයි ඇත්තලගෙදර තක්ෂිලා විද්‍යාලය. 2012-2013 අවුරුද්දේ ජාතික ඵලදායිතා තරඟයෙන් ලංකාවෙ දෙවැනි තැනට පත්වුනේ මේ ඉස්කෝලෙ. දැන් මං කියන්න යන්නෙ ලස්සන කතාවක්. හිතාගන්නවත් බැරි වේවි. ඒත් ආදර්ශයක්. ලොකු ආදර්ශයක් තියෙන නිසා කියවලම බලන්න.


දැන් අපිට යන්න වෙනවා එක් දහස් නවසිය පනස් ගනන් හැට ගනන් වලට. එතකොට මේ ගම ඉතාම නොදියුණුයි කියන එක පැහැදිලිනේ. ඒත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගැමිකම තිබුන අහිංසක ජනතාවක් එහි ජීවත් වුනා. ගමට එන්නට හරි හමන් පාරක් තිබුනේ නෑ. ගමේ වත් අල්ලපු ගමේ වත් ඉස්කෝලයක් නෑ. කොල්ලෝ කෙල්ලොන්ට ඉස්කෝලෙ යන්න කොහොම කට්ටක් තියෙන්න ඇතිද? ඉස්කෝලෙ යන්න නම් ගම් දෙකක් පහු කරලා වෑපස්සාවෙලට යන්න වෙනවා. ඔය අතරෙ ගමේ හිටපු සියාතු මාමා තමාගේ පුතා වෙච්චි බණ්ඩාර කොල්ලව ඉස්කෝලෙට යවනවා. කොහොමෙන් කොහොම හරි සාස්තරේ ඉගෙන ගෙන, ගුරු විද්‍යාලෙටත් ගොහින් බණ්ඩාර කොල්ලා ඉස්කෝලෙ මහත්තයෙක් වෙනවා.


දියතලාව, ඇත්තලපිටිය වාගේ නොයෙක් ප්‍රදේශවල ඉස්කෝල වල ගුරුවරයෙක් විදිහට සේවය සපයනවා. ඔන්න ඔය අතරෙදි දිරිමත් මිනිසකු වෙච්චි බණ්ඩාර ඉස්කෝලෙ මහත්තයා හීනයක් හදා ගන්නවා. මොකක්ද ඒ මගේ ගමට ඉස්කෝලයක්. මගේ ගමට පාරක්. ඇත්තටම ඉස්කෝලෙ මහත්තයෙකුට මෙහෙම දෙයකට අතගහන්න පුලුවන්ද? ඒත් ඔහු වෙනස්. ගෙයින් ගෙට ගොස් ගැමියන්ට මෙහි වටිනාකම කියලා දෙනවා. දැනුම් තේරුම් කමක් තිබුන පිරිසක් ඔහු වටා එකතු වෙනවා. ඉස්කෝලෙට ගොඩනැගිල්ලක් ශ්‍රමදාන මගින් ඉදිවෙනවා. ඒත් කෝ අනුමැතිය. හැතැප්ම ගණන් පයින් ගොස් අධ්‍යාපන බලධාරීන්, දේශපාලකයන් හමුවී එය සැබෑ කර ගන්නට ගත් වෙහෙස ගැන නම් ලියන්නට පිටු සියයක් වත් යාවි. කොහොමින් කොහොමින් හරි ඉස්කෝලෙ පටන් ගත්තා කියමුකෝ. ආරම්භක ලොකු මහත්තයා වෙන්නේ සිල්වා කියලා කෙනෙක්. බණ්ඩාර මහත්තයා ඒ කියන්නේ ගමේ කවුරුත් කියන විදිහට “පඹේ” මහත්තයත් ඒ ඉස්කෝලෙම වැඩ කරනවා. ආරම්භක කාලයේ ගුරු වැටුප් පවා ගෙවුනේ බණ්ඩාර මහත්තයාගේ පෞද්ගලික මුදලින් බව මට ලඟදි දවසක පන්සලේ ලොකු හාමුදුරුවෝ කීවා. ගුරු ගීතයේ දුයිෂෙන්ගේත් ඇත්තලගෙදර ගමේ බණ්ඩා මහත්තයාගේත් තිබුණ අරමුණු සමානයි නේද කියලත් වෙලාවකට හිතෙනවා.


දැන් කතාව ටිකක් වෙනස් වෙනවා. ඔය කියන ඇත්තල ගෙදර තමයි මගේ ගම. පහේ පන්තියට එනකම් ඉගෙනගත්තෙ තක්ෂිලාවේ. ඉස්කෝලෙ පන්ති තිබුනෙත් පහේ පන්තියට වෙනකම් විතරයි. මුළු ඉස්කෝලෙටම තිබුනේ එක ශාලාවයි. මං හෝඩියෙ පන්තියෙ ඉන්නකොට ගුරු මණ්ඩලය පහයි. බණ්ඩාර මහත්තයා තමයි ලොකු පුටුවෙ හිටියේ. මං පහේ පන්තියට එනකොට ඉස්කෝලෙම ගුරු මණ්ඩලය හතර දෙනයි. උපසේන මහත්තයා තමයි මුල් ගුරුතුමා. පල්ලෙ කුඹුරේ නෝනයි එතුමයි තමයි 3,4,5 පන්ති වලට ඉගැන්නුවේ. අපේ අම්මා වෙච්චි අනුලා රත්නායක මහත්මිය තමයි හෝඩිය, 1 හා 2 පන්ති වලට ඉගැන්නුවේ.


මං හෝඩියේ ඉද්දි ලොකු ඉස්කෝලෙ මහත්තයා වෙලා හිටියේ අර බණ්ඩා මහත්තයා. හරිම තේජාන්විතයි. අඳින්නේ ජාතික ඇඳුම. පහේ පංතියට සිංහල උගන්වනවා මං බලන් හිටියා පොඩි එකා කාලේ තාමත් මතකයි. ඒත් ඒ උත්තම පුරුෂයා මං හතරෙ පංතියෙ ඉඳිද්දි මේ ලෝකෙ හැරගියා. මං ජීවිතේ වැඩිම දුක්වුන දවස එදා. ඒත් ඒ කාලෙ මං අඬන්න ලැජ්ජයි. ඇඬුවේ හැංගි හැංගි.
 
 
.................................... 

පිවිසුම




Saturday, June 25, 2016

තොරතුරු කතන්දර ඇතුළු විවිධාංග පිරි අළුත් බ්ලොග් පිටුවක් " මගේ හෝබෝ කතා "

සන් වූ කොන්ග් අපරදිගට ගිය ගමන (iii)

*ඕං මුලින්ම කිව්වා මේකෙ බරසාර විචාරයක් එහෙම නෑ. රජ වානරයාගේ අපරදිගට ගිය ගමනේ දී සිද්ධ වුණු සිද්ධි ගැන විතරයි ඇතුලත් වෙලා තියෙන්නෙ. කතන්දර කියවන්නන් සඳහා පමණයි!  
මායා මුගුරත් හොරාකාගත්තු රජ වානරයා කලින්ටත් වඩා එක එක මගෝඩි නටන්න පටන්ගත්තා. අර අපි පොඩි කාලෙ පන්තියේ දඟ ළමයි ගැන ටීචර්ට පැමිණිලි කරනවා වගේ මේ අමරණීය මැර වානරයා ගැන වටපිටාවේ කට්ටියම දෙව්ලොව විසූ ජේඩ් අධිරාජ්‍යා වෙත පැමිණිලි කරන්න පටන් ගත්තා. ලොං-වැං මුහුදු මකරුන් වඳුරු තඩියා තමන්ට අපහාස කළ බවටත් තමන්ගෙන් හොරා කෑ බවටත් ජේඩ් අධිරාජ්‍යාට පැමිණිලි කිව්වා. ඊලඟට දුක්ගැනවිලි කිව්වෙ යෙං-ලෝ-වැං. එයා තමයි අපායෙ රජ්ජුරුවෝ. අර කාලකන්නි වඳුරා මගේ අපායේ සේරම රාජකාරි අවුල් කරලා, යෙං-ලෝ-වැං මැසිවිලි කිව්වා. අපායේ තියනවාලු එක ලෙජරයක්. මේ ලෙජරයේ අමරණීය නොවන සියලුම දෙනාගේ ආයු කාලය සඳහන් වෙලා තියනවාලු. මේ ලෙජරයට අනුව සන් වූ කොන්ග්ගේ ආයු කාලයත් ඉවර වෙන්න කිට්ටු හන්දා, මල් හා පළතුරු කන්දේ ටිකක් ඇලවෙලා නිදාගෙන හිටපු සන් වූ කොන්ග්ව අපායේ යමපල්ලෝ ගිහිල්ලා අපායට කුදලාගෙන ආවා. අවුරුදු ගණනාවක් දුක් විඳලා විඳලා තාඕ සාස්තරයත් උගෙනගෙන අමරණීය භාවය ලඟා කරගෙන හිටපු රජ වානරයාට, මේ ආකාරයට තමන්ගේ ආත්මය අපායට කුදලාගෙන ඒම පිළිබඳ පුදුමාකාර කේන්තියක් ආවා. තමන්ගේ කනතුරෙහි සඟවාගෙන සිටි මායාකාර මුගුර එළියට අරගත්තා. මෙතෙක් වේලා ඉඳිකටුවක් තරම් කුඩා වෙලා තිබුණු මායාකාර මුගුර මගා දැවැන්ත මුගුරක් බවට පත් වුණා. මේක ටිකක එහාට මෙහාට වනලා, තමන් ඉගෙන ගත්තු සටන් ක්‍රම වලින් කීපයක් පෙන්වපුවාම අනේ අර අසරණ යමපල්ලෝ ටික හොඳටෝම බය වෙලා. යමපල්ලො ටික බය කරගත්තු රජ වානරයා වැරදියට දත්ත එක්කාසු කරලා තියන ලෙජරය වහාම තමන් වෙත ගෙන එන්න කියලා යමපල්ලන්ට අණ කරනවා. ඉතින් අනේ අර බිරන්තට්ටු වෙච්චි යමපල්ලෝ ටික අපායේ ලෙජරට මේ වඳුරු තඩියාට ගෙනැවිත් දෙනවා. බොහොම කේන්තියෙන් ලෙජරය අතට ගත්තු රජ වානරයා වහාම ඉන් තමන්ගේ නම කපා හරිනවා. ඒ විතරක් නම් බැරියැ, මේ ඇට්ටරයා, ලෙජරයේ සටහන් කර තිබුනු මනුතලයේ හිටපු වඳුරු සංහතියේම නම් ටික කපා දානවා! මේ වඳුරු තඩියාගේ වැඩ නිසා දැන් මගේ අපයට එන පිරිසත් හුඟක් අඩුවෙලා ගිහින්,  යෙං-ලෝ-වැං කංකෙඳිරි ගානවා. 


.......................................

පිවිසුම
https://myhobotales.blogspot.com 

Friday, June 24, 2016

තවත් තොරතුරු කාලීන සිදුවීම සමග විචාර රැගත් ශාස්ත්‍රීය බ්ලොග් පිටුවක් " උදිත ‍ගේ අන්තර්ජාල සටහන "

 උදිත ‍ගේ අන්තර්ජාල සටහන

British voters have elected to leave the European Union in a national referendum. The UK Independence Party (UKIP) leader Nigel Farage declared Friday Britain’s “independence day.” That is quite a statement given British history. A little over two and a quarter centuries ago, America had its own first Independence Day, and the British Empire was the super-state from which Americans declared independence. Independence is not isolation. History has come full circle; in a sense, today we are seeing the American Revolution in reverse. In many ways, the European Union is a lever of US global hegemony. By seceding from the EU in spite of threats from Washington, Britain is declaring partial independence from America. It must be noted that independence is not isolation. This is the key distinction that is intentionally blurred by the “Better Together” rhetoric of the “Remain” camp. When they scaremonger about “leaving Europe,” it conjures images of Britain abandoning Western civilization. But “the West,” as in the US-led alliance of neo-colonial powers, is not the same thing as Western civilization. And the European Union is not the same thing as Europe. Exiting a mega-state in defiance of an imperium is not withdrawing from civilization. In fact, such an exit is propitious for civilization.
.............................. 

පිවිසුම
http://udithame.blogspot.com/

Wednesday, June 22, 2016

කාලීන තොරතුරු විචාර සමග ශාස්ත්‍රීය බ්ලොග් පිටුවක් " සම්මා දිට්ඨි "

2-පශ්චාත් නූතන ආගම- බුද්ධාගම සහ නිර්ආගමික බුදු දහම 

යුරෝපයේ ඇතිවූ පොතස්තන්ත ආගමික ව්‍යයාපාරයට හේතු වූ චින්තන විප්ලවය පිලිබඳව මීට පෙර ලිපියේ සදහන්කර ඇත. ජනතාවගේ  ලෞකික අධිකාරී බලය රාජ්‍යයට හිමි වීමත් කතොලික පල්ලියේ අධිකාරී බලය විවිධ පාර්ශව ඔස්සේ බෙදී යෑම ගැනත් එහි සඳහන් කර ඇත. නූතන  ආගම යන සංකල්පය බිහි වන්නේ මේ යුගයටත් පසුවය.

පොතෙස්තන්ත ව්‍යයපාරය කතොලික පල්ලියට එරෙහිව බිහිවූ ව්‍යයාපාරයක් මිස දෙවියන්ට එරෙහිවූ ව්‍යයාපාරයක් නොවීය. නමුත් පල්ලියේ නියාමනයෙන් මිදුනු නිදහස එතෙක් නොවූ නව මානයන්ගෙන්  දැනුම එක්රැස්කිරීමට සහ නිර්මාණය කර ගැනීමට  යුරෝපීයයන්ට ලැබනු අවස්ථාවක් විය. මෙය අවසන් වන්නේ පල්ලියට, ආගමට පමනක් නොව දෙවියන්ටත් විරැද්ධ වූ නිදහස් චින්තකයන් පිරිසක් බිහිවීමෙනි. මේ පිරිස දෙවියන් මෙන්ම යක්ෂයාද ආගම තුලටම දමා ආගමට පිටින් නිර්ආගමික සංකල්ප නිර්මාණය කර ගැනීමට උත්සාහ කලහ. අප දන්නා වර්ථමාන ආගම යන සංකල්පය බිහි වන්නේ මේ නිර්ආගමික සංකල්ප සමගයි.

සංකල්පීය දැනුම යනු නිශ්චිත අරමුණක්, කාර්‍යයක් ඉටුකර ගන්නා උපකරනයකි. ආගම යනු දැනුම් පද්දතියක් නම් එයින් කෙරැනේ අධිසංකල්පගත කල යම් යම් විස්වාසයන් හරහා  නිෂ්චිත අරමුණක් ඉටුකර ගැනීමට ගත් උත්සාහයකි. එය නීතිය, සදාචාරය හෝ අචාරධර්ම රැක ගැනීමේ අධ්‍යයාත්මික කාර්‍යය පමනක් නොවේ.  දැනුම නිර්මාණය, පවත්ගෙන යාම, සාමූහික, සංස්කෘතික ඒකීයත්ව රැකගැනීම ආදී වූ විවිධ අරමුණු ගණනාවක් විවිධ කාල වකවානුවල ආගම මගින් ඉටුකර ගැනින. අඳුරැ යුගයේ ආගමට  සියලු මිනිස් ක්‍රියාකාරකම් පාලනය කිරීමට හැකි වන්නේ මෙවැනි බොහෝ කාර්‍යයන් ඉටුකර ගැනීම සඳහා අවශ්‍යය වූ සංවිධාන ව්‍යූහයක් ගොඩ නගා ගැනීමට ආගමික ආයතන සමත්වීම නිසයි. 
..................................................

පිවිසුම
http://dittiya.blogspot.com/ 

 

 

Monday, June 20, 2016

කාලීන සිදුවීම් තොරතුරු විචාර සමගින් රසවින්දනය ගෙනෙන තවත් අළුත් බ්ලොග් එකක් " මාතරේගෙ දිනපොත "

ආසම චිත්‍රපට සින්දු 10ක්



ලංකාවේ සිනමාව පටන්ගත්ත තැන නෙමේ අද තියෙන්නෙ ..ගොඩක්ම වෙනස් තැනක..කඳු පල්ලන් පහුකරගෙන ගලාගෙන යන සිංහල සිනමාව තුලින් ගොඩාක් ලස්සන චිත්‍රපට බිහිවෙලා තියෙනව .... චිත්‍රපටයක් ජනප්‍රිය වෙන්න සහ ඒක මිනිස්සු අතරට යන්න රූපමය දායකත්වය විතරක් මදි,, සංගීත රසයත් ඕනේ..ඇත්තටම බැලුවොත් චිත්‍රපට ගීත ඒ චිත්‍රපටයේ සාර්ථකත්වයට සෘජුවම බලපානවා කිව්වොත් නිවැරදියි.. ලස්සන සින්දුවක් තියෙනවනන් චිත්‍රපටය තුල ඒක අහන බලාපොරොත්තුවෙන් චිත්‍රපටය බලන රසිකයොත් ඉන්නව..

ඉතිං  මේ ලිපිය ලියන්නේ සිංහල චිත්‍රපට සින්දු 10ක් ගැන...මේවා ඉතා ඈත අතීතයෙන් වත් මෑත කාලයෙන්වත් තෝරගත්ත ගීත නෙමේ..දශකයකට විතර කලින් හොඳටම ජනප්‍රිය උන ඒවා..සමහර ගීත අහද්දී අපි ඒ ගීතයත් එක්ක අතීතයට ඇදිල යනව.. අතීතය සිහි කරවන පැරණි මතක අලුත් කරවන ලස්සන ගීත ටිකක් මේ.. කොහොම උනත් මගේ රසයේ හැටියටයි මම මේ ගීත තෝරාගත්තේ... ඔබෙත් මේ වගේ සිත් ගත් චිත්‍රපට ගීත තියෙනවනං යටින් අදහස් දක්වන්න... ගායනය/ පද රචනය අනං මනං මුකුත් දැම්මේ නෑ මොකද මේ කාලෙ කාටවත් ඒව අදාළ නැති නිසා... රසවිඳින්න..

.......................................................

පිවිසුම
http://matharayek.blogspot.com/ 

Sunday, June 19, 2016

කතා කාලීන තොරතුරු විචාර රසවින්දන රැගත් බ්ලොග් පිටුවක් " ගැමියාගේ පත් ඉරුව "

අපි රොකට් යවපු හැටි




2001 වසරයි. මා වන විට සිටියේ 5 ශ්රේණියේ B පන්ති කාමරයේයි. එය තට්ටු 3ක් වූ බිල්ඩිමක ඉහළම තට්ටුවේ වූ පන්ති කාමරයයි. එම තට්ටුවේ තවත් පන්ති කාමර 3ක් තිබුනද අපේ පන්තියේ තරම් කෑ ගැහිල්ලක් ඉන් එකකවත් නොතිබුණි. එයටද හේතුවක් තිබුණි. 5 A පන්තිය මොරමුදලී සර්ගේය. 5 C පන්තිය පෙරේරා සර්ගේය. පොඩ්ඩ එහා මෙහා වුනොතින් දෙන්නගෙන් හොද කෑමක් අනිවාර්ය නිසා පන්තිවල එවුන් ලේසියෙන් පන්තියේ විගඩම් නොකරති. හැම අඩුපාඩුවක්ම පිරවූයේ අපේ පන්තියයි. පන්තිය භාරව සිටියේ අපේ පන්තියේ එකෙක්ගේම මෑණියයි. Rivisara ඔව් උඹත් හිටියේ අපේ පන්තියෙම තමයි. උඹ නිසා මං අම්බානක ගුටිකාලත් තියේ .

ඉතින් මේ කියන්නට යන සිද්ධිය මතක් වුනේ එක්තරා ෆිල්මක් බැලුවාට පස්සේ ගැන අන්තිමට කියන්නම්. කාලේ මට මතක හැටියට තුන් දෙනා තුන් දෙනා තමා හිටියෙ එක පේලියක. මගෙ පේලියෙ හිටියේ Shohan සහ Pasan. අපි ඉතින් පොඩ්ඩ වෙලාවක් හම්බුනු හැටියේ ක්ලිප් ගේම් මැරුවා ඉස්සර. නොතේරුම් කාලෙනේ කාලේ කිව්වේ විලි ගහනවා කියලා. හැබැයි උසස් පෙළ කාලේ ඒක අපි මාරු කරගෙන හිටියා ක්ලිප් ගහනවා කියලා
...........................................

පිවිසුම
http://pathiruva.blogspot.com/ 

Friday, June 17, 2016

තොරතුරු කාලීන සිදුවීම් හා විචාර හා රසවින්දනය සමගින් තවත් අළුත් බ්ලොග් එකක් " කලණ මිතු "

මලණුවණි

                        

      

ලපේ හන්ගමින් පුරසඳ

වැණුවාට
ඔපේ පොත්තෙ විතරයි පුන්පොහොරෑට
ලිපේ පුළිගුවත් තනියම දෙයිපාට
අපේ මළණුවන් රැවටුණි දෝකාට
  
මලේ පිරෙන රොන් ඇති මල්වරදාට
ලොලේ කර වහති නිලමැස්සොත්ඊට
හැලේ මිලින වී කුසුමත් පෙතිපාට
මලේ, නාඩපන් මල උබෙනූනාට

  
සිනේ රූ පෙමින් විසිතුරුකෙරුවාට
උණේ ගැනෙන හැටි විරහව ආදාට
සෙනේ දිය සොයා කතරේදිව්වාට
අනේ මිරිගුවෙන් පල නැහැතිබහාට
........................................

පිවිසුම




















































































Thursday, June 16, 2016

ළමා සාහිත්‍ය සමගින් දරුවන් සඳහා අළුත් බ්ලොග් එකක් " අංකුර "

චූටි කුරුල්ලෝ



චන්දු නදී සෞභාග්යා කෑ/දැර/බස්නාගල මහ විදුහලේ  අට වසර   පංතියේ ඉගනුම ලබන දියණියකි.මේ ඇය විසින් රචනා කරන ලද කවි පංතියකි.කුඩා ඇයට ඔබෙන් අදහස් හා මඟ පෙන්වීම්  ඉතා වටීවි.
..................................
පිවිසුම

Monday, June 13, 2016

තොරතුරු විචාර විවිධාංග රැගත් තවත් අළුත් බ්ලොග් එකක් " කතා පෙට්ටගම "

සඳලුතලේ වලු සෙලවේ....


මේ කියන්ට සූජානම් වෙන සංගෑදිය වෙලා තියෙන්නේ ඕං මං පොල්කිච්චා විස්ස විජ්ජාලෙ යන්ටත් සෑහෙන කාලෙකට කලිනුයි බොලල්ලා.
මං හිතන්නේ හාල් පොලු  ආංඩුව පිහිටෙව්ව කාලෙ වෙන්ට ඕනෙ.

මේ කතා කෑල්ල අහුල ගත්තෙ නම් ඉතිං පොල්කිච්චට නිකන් කට තියන් ඉන්ට බැරුව පේරාදෙනියෙ හොස්ටල් වලට ගැහැනු පිරිමි ළමයි බෙදල තියෙන විදිහෙ අවුලක් පෙනිල ඒ මොකෝ කියල ජේස්ට උත්තමයින්ගෙන් අහපු පුරස්නෙකින් අප්පා..

හැම විස්ස විජ්ජාලෙකම වගේ පිරිමි හොස්ටල් තියෙන්නෙ එක කිට්ටුව වගේම තමයි කාන්තා හොස්ටල් තියෙන්නේ එවායෙන් ටිකක් ඈතට වෙන්ට එක පොකුරට .

..................................

පිවිසුම
http://storybox2016.blogspot.com/ 

Sunday, June 12, 2016

කාලීන සිදුවීම් තොරතුරු විචාර සමගින් අළුත් විවිධාංග බ්ලොග් එකක් " මම කොයි වගේද ? "

රනිල් හාමු

 රනිල් හාමු....            

ජීවිතේ ඔක්කොම ඉවරයි...මරුනනං ඉවරයි...ෆුල්...ඉතේ අමාරුවෙන් ඉටියෙ...දැන් ඉතිං මොකක්ද කරන්නෙ...ඔළුව හැරුන අතේ යනව...ධර්මේ අයියගේ පොට් එකට වෙනකං ඉබේටම ආව...බොක්කා මල්ලි...මොකෝමේ... #කල පැරදිල... වගේ....ඌට කියල වැඩක් නෑ මේවා...ඌත් කරන්නෙ අපිව ඌරංකන එකනේ...දාපං යකෝ බාගයක්...මොකෝ බං තදවෙල...ඔය අමු මිරිස් කරලකුත් ගනිං උ#තෝ...මොකෝ බං මළ පැනල...අදනම් උඹ ඔක්කොම සල්ලි ටික පැරදිල වගේ ....නයට නම් බෑ පුතෝ VAT එක ගාල තියෙන්නේ...වෙනද ගානට බෑ...බඩු ගණං...එකම මොනර කොලයක් ශාක්කුවේ තියෙනව...ඉන්දා ගනිං #$ත...ඔළුව සාක්කුවට වැටෙනකං වල් ෆැන්ටා ගහල...පාරට සලස් උනා....මාර ගහ යට ඌ ඉන්නව ගොදුරක් එනකං රබර් ඇහැ දාගෙන...මාතලී මල්ලි... මච්චාආආං.... දාපං මාව...පිටකෝට්ටේට....ෂිරිකොතට...පේමන්ට් එක ගාව බැස්ස...දවල්ට බෙදාගත්ත ...බත්එක කන්න ලැබුනෙ නෑ...
                  ලොක්ක අම්බුවෙලා...උගේ මව්ගුණ ගායනා කරල...වැල්ල වත්තට ගීන්...කෝච්චියට පනිනවා.. ගන්ඨාර...කුලුනෙ නොමිලෙ උනු ගාල දුන්න වෙලාවෙ... ආමුදුරුවෝ කිව්ව...මේ කල පිණෙන් 
බොක්ක උපාසක මහත්තයට...දිව්‍ය ලෝකෂම්පත් ලැබෙනවා කියල...අදාලයි...බයවෙන්න දෙයක් නෑ....පණ්ඩිත ආමුදුරුවෝ මට සුවර්.... ඔක්කොම කෙලවෙලා ඉන්න වෙලාවේ තවත් පරක්කු වෙන්න නාකයි...පනිනව රූණුකුමාරිට...,කෙලින්ම තව්තිසා දිව්‍යලෝකේ...                          
                              කෑවෙත් නෑ...ගිලෙන්නෙ නෑ...බඩ ගිනියි...කෙලින් ඉන්න පනනෑ...ෂිරිඔත ඉස්සරහ මං වැටිලා ඉටිය...ඇඟේ ලොං ගහක් නැති නාටු බල්ලෙක්ට මචං කියා කිය...ඌ මූඋන ලෙවකකා...කෙඳිරි ගානාව...මට දුකයි මචං උඹ ගැන..ගෑණි වගේ පඩි දාට විතරක් බොරුවට පෙන්නන පඩ ෂිනමා නෑ...මං දන්නව උඹ මට ඇත්තටම ආදරෙයි ! ඔළුව අතගෑව විතරනේ..මුණ.ලෙවකනව ලෝකයක් නැතිව...හරියට ඉස්සර ...ෂික් ඒව ඕනෙනෑ...උඹටත් බඩගිනි ඇති....අවංකවම සොරි මචං... උඹට ලකී යෝගට් එකක් වත් අරන්දෙන්න විදියක් නෑ...පාර ඇදයි..ෂික්...මේවගේ ලාන්තරස් වෙන්න වැදුනෙ නෑ...කවදාවත්...අරූ යූරිය වැඩියෙන් දාල... නෙද්දකිං හොර #ත්තල දෙන්න..ප්පච්චියි...පන්නික්කියයි...කාපට් එක ඇදේට දාල තියෙන්නේ...කිශූඋ...කිශූඋ...කිශූඋ...පී ..පෝ .පී ..පෝ...පී ..පෝ...උටා...ශයිරන් දාගෙන හෙඩ් ලයිට් ගාගෙන...පඩ ෂෝ එක දාගෙන ලොක්කගෙ පෙරෑර එනව...නැගිට්ට නෙවෙයි නැගිට්ටුනා... 
                 මං සිරිකොත ඉස්සරහ පාරට බැහැල...සරම උස්සලා ලබ්බ පෙන්නලා කුණුහබ්බ දෙකයි කිව්වෙ ලොක්කට...මෝටාර් මල්ටිබැරල් වැදිල මගේ ගේ ෆ්ලැට්ලා වෙලා තියෙද්දි....ඒම කොමද ඩෝ ...කෝටි ගණන් දීල කාර් ගන්නෙ...බ්‍රාආආආආආස්..ශ් ශ්....කාර් එක නැවැත්තුව...STF කාරයෝ මිනි ඌෂි කොක් කරන් ඩිෆෙන්ඩර් වලින් පැන්න...හුටා වෙඩි තිව්ව නම්...ලබ්බේ හුලං ගිහිං ඒකත් නිට්ටාවටම හොඳ වෙනව...මාත් ඔරිජිනල් ලූඇම්පී කාරය..ඩෝ  අරිය...ජේආර්ගෙ කාලෙ ඉඳන් රනිල් ආමුට මයි වැඩ කලේ....ලොක්කා මාව අඳුනගත්ත ...පෝන් ඒකත් කනේ ගාන් ලොක්ක එලියට ඇවිත්..මගේ නියම නම කියල කථා කළා...ශරත් මෙහෙට එන්න... කෝම උනත් ආමු ජෙන්ටල් මෑන්....ඒ වෙනෂට...අපි ගරු කරන්න ඕනෙ...ලොක්ක මට අත වැනුව...උස්සපු සරම පාතට දාගෙන...ඔළුවකා කා... මං ආමු ගාවට ගියා...මේ  ශරත් උඹ කෑව බිව්ව නම්...පාරෙ කෑ ගහන්නෙ නැතුව... නම් ත්‍රී වීල් එකක් අරගෙන ගෙදර පලයන්... ආමු පන්ෂීයක් කෝට් එකෙන් ඇදල දුන්න...තව ඩින් ගෙන්  STF කාරයෝ උඹට වෙඩි තියනව ...අපි ෂෑර්ලට බොක්කෙන් ...ෂෑර්ල අපීට බෙලෙක්කෙන්... ඒඒඒම...කරන්න එපා ෂෑර්...." හරි හරි .මං මේ පරිපූරක ඇස්ත මේන්තුව අදම  කැන්සල් කරන්නම් " ඔයා ගෙදර යන්න ... 
                   කොයේ යන්නද ..ෂෑර්...යන්න ගෙයක් නෑ ...ගේ ෆ්ලැට්....හරි හරි ගේ හදාගන්න සල්ලිත් දෙන්නම් ...ඔයා අදරෑට මෙහේ ඉන්න...පොලිස් කාරයින්ට කිව්වා ළමයි මේ මගේ සපෝටර් කෙනෙක් එයා ඇතුලට එක්කං යන්න...තේ එකකුත් ගෙනැත් දෙන්න.  ගෝනවල සුනිල් මරුවට පස්සේ ෂර් මට තමයි වැඩ බාර දුන්නෙ.අරීරීද...එකෙන් මේකෙන්...දිව්‍ය ලෝකේ යන්න තිබුණු චෑන්ස් ඒකත් නැති උනා....දැන් .අපිට  ඕන විදියට ඩෝ...අපි  රට පාලනය කරන්නේ..කියල උන්ට  චන්දෙ දීපු මාජනයට තගරිය දාපු රාජීතයගෙයි ගයන්තයගෙයි ප්ලෑන් එක...බොක්කා එක ෂෝ එකෙන්...චක බ්ලාස්ට් කරලා දැම්ම... අඩෝ බොලා දෙන්නට වඩා හුඟක් දිග ගැරඞි මේ...බොක්කට පෑගිලා තියෙනවා....වෙපන් ඒකත් ඉවරයි...ආමුට කියල 9MM එකක් ඉල්ල ගන්න ඕනෙ මගේ ආරක්ෂාවට...ෂීන් එක දැන් FB එකේ ඇති... #කල... හමාරයි !. කෝ බොක්කට සම්මාන !... #ක තමයි ! 


.........................................................

පිවිසුම
http://4s7sw.blogspot.com/