Sunday, April 10, 2016

රසවින්දනය සමග කාලීන තොරතුරු හා වෙනත් විවිධාංග අප වෙත ගෙනෙන තවත් අළුත් බ්ලොග් පිටුවක් " ලේ පාට හීන "

නොනැවතී බුබුළු පිඹින බීර හීනයක කිමිදෙමි.


නොනැවතී බුබුළු පිඹින බීර හීනයක කිමිදෙමි.

"දුඹුරු පැහැ දිය පසා කරගෙන උඩ නගින
සුදෝ සුදු පෙණ කැටිත්තක සිරවෙමි.
හදිසියේ තෙරපි තෙරපී උඩ අවුත්
පෙණ කැටිත්තට නියකොණින් ඇන සිදුරු කර
පුපුරවා දමමි."



පතුල සිතිවිලි උපද්දයි...
පතුලටම සිරව ඉනු නොහී සිතිවිලි
පෙණ කැටිත්තක එතී
හිටිගමන් කලඑළි බසී.
කලත කලතා බීර, අවුත් උඩ
මට වද දිදී ලියැවෙයි....

             හාල් සුවඳ, කෙටෙන හාලක අමු පුසුඹ, මෝල්ට් සුවඳ, දහයියා පුසුඹ පහුකරං මං ඇවිදන් එනව. ටිකකින් නැහැ තුඩු හාරවන් කටුක ඇමෝනියා ගන්ධයක් දැනෙයි. ඊළඟට නැහැ තුඩුවලට රිංගන්නෙ ඒ කෙටුන ධාන්‍ය වල පැහෙන සුවඳක්. බීර ගැන දන්න ඇත්තො දන්නව මේ සුවඳ... ජීවිතේට බීර උගුරක් තොල නොගෑවුණත් මටනං දැන් වෙරි. නැතිවෙයිද ඉතිං...? උදේ ඉදන් රෑ වෙනකල් මගෙ ස්වාසනාලිකා, අනු ස්වාසනාලිකා පහුකරන් ගර්තවලත් පිරෙන්නෙ මේ පැහුං පුසුඹ වෙච්චිකොට, සුවඳ දැනෙද්දිත් මට වෙරි.
...........................................................
 
පිවිසුම
 

3 comments:

  1. මේ පැත්තේ එන්න මං පරක්කු වුණා වැඩිද? අර අපි විදුහල්පතිතුමාගෙ කාමරේට යන්නෙත් ටික වෙලාවක් ඇඹරිලා පස්සෙ හොම්බ දාලා බලලා විදුහල්පති කණ්ණාඩි දෙක උඩින් බලලා ඔළුවෙන් ඇතුළට කතා කලාමනෙ.

    ස්තුතියි ලේ පාට හීන ගැන කිව්වට ....

    ReplyDelete
    Replies
    1. බය වෙන්නෙපා මෙතූ. ඇතුළට එන්න. මං ලාලුයි. හිකිස්...

      Delete
  2. ස්තූතියි අජිත් උදව්වට. ජය වේවා.

    ReplyDelete