Sunday, April 24, 2016

බුදු දහම හා දහම් දැනුම සම්බන්ධ වැදගත් බ්ලොග් පිටුවක් " Nirvana Dhamma "

මෙත් සිතක සහ වංචනික සිතක වෙනස...

“යම්පිච්ඡං න ලබති තම්පි දුක්ඛං - යමක් කැමති සේ නොලැබීමද දුකකි” පෙර නොඇසූ විරූ ලෝකය නොදන්නා තාක්... පෙර නොඇසූ විරූ දුක නොදක්නා තාක්... පෙර නොඇසූ විරූ දහමෙන් පෝෂණය නොවන තාක්... කැමති සේ නොපවතින ලෝකයක් තමන්ට කැමති සේ පවත්වා ගැනීමේ හිස් වෑයමක යෙදෙන්නේ... කෙසෙල් කඳක් පතුරු ගසමින් හරයක් සොයන්නා සේමයි...

කෙනෙක් අපට රිසි සේ කටයුතු නොකරයි... එන්න අප ඔවුන් සකසමු... යමෙක් දහමක් නොදරයි... එන්න අප ඔවුනට බලහත්කාරයෙන් දහමක් දෙමු... කෙනෙක් අඳිනා ඇඳුම නොගැලපෙයි... එන්න අප එය අපට රිසි ගැලපෙන විදියට හඳමු... ඔහු අප කියනා දෙය පිළිනොගනී... එන්න අප කෙසේ හෝ පිළිගන්නවමු...

අපට රිසි සේ නොවේ නම් අපට ඒ ඇසුර නොවේවා! එන්න අප එකතුවී පතමු... අපේ සිත් පිරිසිදුයි එන්න අප තදින් අධිටන් කරමු... පූජා තබමු... සෙත් පතමු... පහනක් දල්වමු... ඉටි පන්දමක් දල්වමු... මේ ලෝකය අපට රිසි සේ සකස් වේවා... අඳුර නැතිවී ආලෝකය වේවා... අපට රිසි දෑ ලොව ප්‍රකට වේවා... අපට රිසි ලොවක් නැඟේවා...
..................................................

පිවිසුම
http://blog.nirvanadhamma.com/ 

No comments:

Post a Comment