Monday, April 25, 2016

කලා සාහිත්‍යමය රස වින්දනය සඳහාම ලියවෙන අළුත්ම බ්ලොග් එකක් " දුමී "

කවි කියන්න අසයි මට

දුහුලු මලක මල් පෙති මත
තැවරුනු මුදු සුමුදු සුවද

හිත පුරාම විද ගන්නට
සදා කල්හි එක විලසට

රේණුව අග පරාග සේ
පිරිලා ඇති සොදුරු සිහින

මද සුලගේ පාව යන්න
ඉඩ හරිනෙමි හෙමින් සැරේ

පාට පාට පෙති විහිදුන
රෝස කුසුම් ලග හිදගෙන

පෙති මත ඇති සුමුදු පහස
පිරිමදිමින සැහැල්ලුවට

රෝස සුවදෙ අනන්තයට
පිය නගනා මොහොතකදී

ආදරයට නුඹ සිහිකර
කවි කියන්න අසයි මට

.....................................

පිවිසුම
http://dumimda.blogspot.com/ 


No comments:

Post a Comment