Wednesday, April 6, 2016

බුදු දහමට හා බුද්ධ ශාසනයට ඇති තර්ජන රටට හෙලි කරන ජාති හිතෛශී බ්ලොග් එකක් " අන්වර් මනතුංගට සහ අපහාසාත්මකව බුදු සසුන විවෙචනය කරන්නන්ට පිළිතුරු "

බුදුදහමට දැන දැනම අපහාස කිරීම

මෑත කාලයේදී  මා නිරීක්‍ෂණය කල දෙයක් නම් බුදුන් වහන්සේට,බුදු දහමට හා භික්‍ෂු,භික්ෂුණි,උපාසක හා උපාසිකා වශයෙන්  වර්ගවී  ඇති බුදු සසුනට දැන දැනම සිංහල මාධ්‍යයෙන්   අපහාස කරන්නවුන් විශාල වශයෙන් සිටින  බවය. මේ අය කරුණු සොයා ගැනීමේ අරමුණෙන් නොව  වැරදි සෙවීමේ අරමුණෙන්ම කරුණු විමසති. එසේ අන්තගාමිව කරුණු විමසන විට ඔවුන්ට පෙනෙන සැම දෙයක්ම පෙනෙන්නේ ඒවා වැරදියට සිදුවූ විධියටය.  මට සිතෙන අන්දමට මේ අය  මෙසේ  කටයුතු කරන්නේ විව්ධාකාර පරමාර්ථ ඉටුකර ගැනීමටය. ඒවා නම් ,

  - තම  ආගමික ලැදියාව ඉස්මතු කිරීමට බුදු දහම             බාධාවක් සේ දකින අයගෙන් සිදුවන අපහාස.
  - තම දේශපාලන අරමුණු ඉස්මතු කිරීමට බුදු දහම        හා සංඝයා වහන්සේලා බාධාවක් සේ දකින අයගෙන්     සිදුවන අපහාස.
 - තම අභිලාෂයන් සහ ලැදියාවන්   ඉස්මතු කිරීමට බුදු     දහම හා බුදු සසුන  බාධාවක් සේ දකින අයගෙන්          සිදුවන අපහාස.

ඉන්පසු තමන් වැරදි යයි කියා සිතු දෙය මහත් ඝෝෂාවක් කරමින් සමාජ ගත කරති. වැදගත් කරුණ නම් එසේ ඉදිරිපත් කල කරුණු ගැන කවරෙකු වසින් හෝ සත්‍යතාවය පෙන්නු පසුවත් එක්කෝ ඒ ගැන නොසලකා හරිති. නැත්නම් වැරදි යයි තමන් සිතු දෙය සමාජ ගත කිරීමට දුන් ප්‍රසිද්ධිය හා එය සනාථ කිරීමට  ඉදිරිපත් කල මතවාදයන්   එම අදහස   නිවැරදි කිරීමට ඉදිරිපත් කරන පිළිතුරු වලට  නොදෙති.

 පහත දැක්වෙන්නේ  බුදුන් වහන්සේට දැන දැනම අසත්‍ය කරුණු මත අපසාස කල මුස්ලිම්  ආගම පතුරුවන්නෙක්ගේ එවන් වෑයමක් නිවැරදි කිරීමට පලවූ පුවතකි. මේ විස්තරය අපේ රටේ පලවූ කිසිදු සිංහල පත්‍රයක පලවූ බවක් මා නම් දැක  නැත. මට මුහුණු පොත හරහා ලැබුණු මෙම අගනා පිළිතුර සහුර්දයන්ගේ කියවීම උදෙසා මගේ veb අවකාශයේ පල කිරීමට සිතුවෙමි.

සමරසේකර    


තව්හිද් ජමාත්, බුදු දහමට අපහාස කළාද නැද්ද? බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ වාර්තාව මෙන්න

tauheed jamaath 2545....................................

පිවිසුම

http://karunadasa68.blogspot.com/ 

 

No comments:

Post a Comment