Thursday, April 14, 2016

කාලීන සිදුවීම් තොරතුරු විශේෂාංග සමග රසවින්දනය ගෙනෙන තවත් බ්ලොග් එකක් " Dinisuru's Blog "

ඇත්තටම ලස්සනයි . හවස කැලනි ගං ඉවුරේ ඉදන් පංසල දිහා බලන් ඉන්නකොට අදුර වැටෙනකන් තේරෙන්නෑ . ඒ හීනියට එන හුලං පාර ඇග සීතල කරනවා වගේම සමහර වෙලාවට හිත අතීතයට අරන් යනවා. ටිකෙන් ටික වයසත් ගෙවීගෙන යනවා. මේ අවුරුදු කාලේ මුලු පන්සලේම රොබරෝසියා මල් පිපෙනවා. පේරාදෙනිය මල් වත්ත වගේ . ඒ අස්සෙන් තැනින් තැන මැයි මල් එරබදු මල්. සමහර අය අහනවා ඇයි පංසලේ පිපෙන මේ මල් වලට මෙච්චර ආදරේ කියලා ඇයි මල් ගැන කතාකරන්නේ කියලා. ඒකට උත්තර මං ලග නෑ දැන්. හැබැයි කාලයක් තිබුනා මේ මල් එක්ක සෙල්ලම් කරපු මේවා මැද්දෙන් ඇවිදන් ගියපු. වැස්ස වෙලාවට යටට වෙලා හිටපු . කාලයත් එක්කම ඒ හැමදේම නැතිවෙලා ගියා. හරියට දවසක් දෙකක් පිපිලා තිබිලා මේ මල් පරවෙලා බිමට වැටෙනවා වගේ.

මීට අදුරුදු 2 කට කලින් ගම්පහ මල්වත්තේදි ඔයාව හම්බෙලා කතාකරපු හැටි හිනා උන හැටි තාම මතක්වෙනවා අවුරුදු පහක් අපි ආදරේ කලා .හරියටම අවුරුදු පහයි මාස පහක්. ඉස්කෝලේ ටියුශන් ක්ලාස් වල අපේ ආදරේ හොර රහසේම ගලාගෙන ගියා. ඒවා මතක්වෙද්දිනම් ආයේ අතීතෙට යන්න හිතෙනවා. අපි හම්බුන තැන් එමටයි කතාකල දෑ එමටයි.

" මැට්ටි මොකෝ කල්පනාව "

" ජීවිතේ කොච්චර හැල හැප්පීම් ආවත් අපි ඒවට සාර්තකව මූන දෙන්න ඕනේ පැටියෝ "

" හරි දැන් කියන්නකෝ මොකක්ද ඔයාට හැප්පුනේ කියලා"

"මුකුත් නෑ"

"මුකුත් නැතිවෙන්න බෑ . කියන්නකෝ "

" අනේ යනවා යන්න ගෙම්බා . මෙතන මුකුත් දන්නෑ වගේ "

" ඇත්තට මැට්ටියේ ඇහුවේ "

" ඊයේ වෙච්ච දේවල් ගැන "

" ඕවා අමතක කරලා දාන්න . ඒ හැමදෙයක්ම අතීතයක් විතරයි රත්තරං. අපි දෙන්නගේ අනාගතේට ඒ කිසිම දෙයකින් වැඩක් නෑ "

" ඒ උනාට මට දුකයි. එයා ඔයා දිහා බැලුවේ තාමත් ආදරේ වගේ එයාගේ ඇස්වල ඒ දේ තිබුනා. "

" එයාමනේ මැනික මාව දාලා ගියේ. එයා ආයි එන්න හැදුවත් දැන් ඒකට පරක්කු වැඩියි ඔයා තමයි මගේ ජීවිතේ දැන්. කාටවත් දැන් ඒ තැන ගන්න බෑ "
..........................................................
 
පිවිසුම

No comments:

Post a Comment