Thursday, July 21, 2016

තවත් අළුත් සාහිත්‍යමය රසවින්දනාත්මක බ්ලොග් පිටුවක් " අළුත උපන් කවි "

සසල ඇසල

ඇසල අහසේ සසලව
මතක අඳුරක් සැරිසරයි
සස ලපය ලෙස බරැති කඳුළක
කැළල සඳ වත මත දිළෙයි

ස්වරය වරදක් වූ‍ නිසාව‍ෙන 
පියාපත් සිඳ ඝාතනය කළ 
කුරුල්ලකුගේ මෘත දේහය
තවම මාවත අස තිබෙයි

මිතුරු බිතු සිතුවම් මත
වසුරු ගා  වනසා දැමූ 
නීච අත් රහසේම
මතකයන් වමාරා කයි

පුස්තක ස‍ොහොනක
පණ පිටින් අකුරු ද‍ැවෙනා
රුදුරු රූපය
නෙත් ඉදිරිපිට මැවෙයි
මිනිස් ප්‍රඥාලෝකයන්
කළු ඇසල කුහරයක සැඟව යෙයි

සිර කරන්නට නොහැකි කවියක
යප‍ොලු පිටුපස රැඳුනු සිතිවිලි
නිරන්තරවම නඟන නාදය
සුළඟ තුළ දැවටී හමයි

ඒ සුළං වැද සලිත
නාඳුනන මලක පෙති මත
රුහිරු බිඳුවක් 
තවම දිදුළනු පෙනෙයි

 ප්‍රභාත් චින්තක මීගොඩගේ
..........................................

පිවිසුම
http://aluthaupankavi.blogspot.com/ 
 

No comments:

Post a Comment