Thursday, July 14, 2016

කොළඹ ඉතිහාසය සමග තවත් තොරතුරු ගෙනෙන අළුත් බ්ලොග් එකක් " කොලොම්පුරේ "

කොළොම්පුරේ නගර සභාව 

කොළාම්පුරේ නගර සභාව කියන්නේ ලංකාවේ වසර 150 ක ඉතිහාසයක් තියෙන පැරණිතම හා ප‍්‍රමුඛතම පලාත්පාලන ආයතනය කියලා ඔයාලා දන්නවාද? ඔන්න මම කොළොම්පුර සවාරියෙන් යන්න හදන්නේ කොළඹ නගර සභාව දිහාවටයි. එකතුවෙන්න මාත් එක්ක නගර සභාවේ අතීතයට ගොඩවැදිලා එන්න. 

 බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයේ පාළනයට යටත්වෙලා තිබුන අපේ රටේ ඇතිවෙච්චි කැරලි හා විරෝධතා නිසා යම් තරමකට හරි ස්වයං පාලන ක‍්‍රමයක් ලබාදෙන්නට බි‍්‍රතාන්‍යයන්ට අවශ්‍යවෙලා තිබුණා. එ් නිසා කොළඹට නගර සභාවක් ලබා දෙන්න  ඕනේ කියලා බි‍්‍රතාන්‍ය පාර්ලිමෙන්තුවේදි ඔවුන් යොජනාවක් සම්මත කරගත්තා. එ් 1850 වර්ෂයේදි. වර්ෂ 1865  නොවැම්බර්  25 දින ප‍්‍රසිද්ධ කරපු නිවේදනයක් මගින් කොළඹ නගර සභාව පිහිටුවනු ලැබුවා. නගර සභාවේ මුල්ම නාගරික සිමාවන් විදිහට කොල්ලූපිටිය, කොම්පඤ්ඤ වීදිය, කොළඹ කොටුව, ශාන්ත සෙබස්තියන්, පිටකොටුව, ශාන්ත පාවුලූ පෙදෙස, කොටහේන, නිව් බසාර් සහ මරදාන තමයි අයත්වූනේ.
නාගරික මන්ත‍්‍රිවරුන් ලෙසන් ඉදිරිපත්විමට සුදුසුකම් ඇති පුද්ගලයින් පිළිබඳ ලේඛනයක් සකස් කරන්නට 1865 දෙසැම්බර් 08 දින කොළඹ කච්චේරියේ විශේෂ රැස්විමක්ද පැවැත්වූවා. මේ රැස්විමට සහභාගිවූවන් ගේ කමිටුව විසින්  පිළියෙල කරගත් ලැයිස්තුව දවස් 14ක් පුරා කොළඹ කච්චේරියේ ප‍්‍රසිද්ධ කෙරුවා. ඊට පස්සේ නාගරික මන්ත‍්‍රීවරුන් තොරාගැනිම සඳහා රැස්විම ඉදිරියේදි පැවැත්වෙන බව පත්තරවලත් ගැසට් එකෙත් පලකෙරුවා. 
......................................................

පිවිසුම
https://kolompure.blogspot.com/ 

 

 

2 comments: