සුන්දර සහ අසුන්දර මතක
ගැමි දරැවෙකු විඳිනා
සුන්දර සහ අසුන්දර අත්දැකීම් සමුදායක් මගේ ළමා කාලය තුළ විඳීමට මට හැකියාව ලැබුනි.
දැන් කුරහන් හේන නමින් බ්ලොග් එකක් කලද මා
හට විඳගැනීමට නොහැකි වූයේ හේන් ගොවිතැන පිළිබඳ අත්දැකීම් පමණක් කීවොත් නිවැරදිය.
ගම්මානයක, කෘෂිකාර්මික වටපිටාවක විඳිනා සෑම අත්දැකීමක්ම පාහේ විඳගැනීමට මට හැකියාව
ලැබුණි. සමහර අත්දැකීම් ඒ කාලයේ හැටියට තරමක රලු කර්කෂ ලෙසකින් දැනුනද අද අතීතය ස්මරණය කරමින්
සිනාසීමට හේතු සාධක සපයා දෙන්නේ එම අත්දැකීම්ය.
ගිනි තැපීම
සීතකරයි උඳුවප් මහ
දුරැත්තේ .... යනුවෙන් මා කුඩා කල ඇසූ කවියක මුල් පදය මට මතක ඇත. මේ කවියේ සඳහන්
ආකාරයටම දෙසැම්බර් සහ ජනවාරි මාස අධික ශීත කාලගුණයක් සහිත කාලයක් විය. අපේ
නිවස පැවතියේ තුන් පැත්තකින් වෙල් යායකට
මායිමවය. වෙලත් අපේ ඉඩමත් අතරින් ගලා බැස්සේ ඇල පාරවල් දෙකකි. දෙසැම්බර් ජනවාරි
කාලයේ උදයට මේ ඇලවල්වලට බැසීම අයිස් ඇලකට බසිනවා වැනි වැඩකි. ගමේ අවසන් කෙලවර වූයේ
අපේ වත්තයි. ඉන් පසුව පැවතියේ කිලෝ මීටර් ගණනාවක් ඈතට දිවෙන වෙල් යායකි. වෙල් යාය
දෙපැත්තේ අක්කර සිය ගනනක පොල් වතුය.
දෙසැම්බර් - ජනවාරි
කාලයේදී වෙල් යාය පුරා උදේ පාන්දරට මීදුම සේ පැතිර පවතින පින්නත්, දවාලට නත්තල්
කුණාටු වශයෙන් හඳුන්වන හිම වැස්සක් වැනි පොද වැස්සත් ඇති කරනුයේ නිදාගැනීමට උනන්දු
කරවන කම්මැලිකමකි. මෙම කාලය කුඩා අපට සුන්දර අත්දැකීම් එක්කල කාලයක් විය. පාසැල්
නිවාඩු දෙන මේ කාලයේ කොස් ගස් සහ දෙල් ගස්වලින් වැටෙනා කොල සවසට අතුගා ගොඩවල්
ගැසීම අපේ සිරිතයි. එම කාලයට උදේ පාන්දරට ඇතිවන අධික ශීතලෙන් බේරීමට පාන්දර 5.30
පමණ අවදි වී එම රොඩු ගොඩවල්වලට ගිනි තබා වටේට ඉඳගෙන සීතතැපීම අපේ පුරැද්ද විය. සමහරවිට
වැඩිහිටි පිරිමි සහ වයසක උදවියද මෙයට එකතුවෙති. අම්මලා තේ ටිකද මෙතනටම ගෙනැවිත්
දෙයි. සමහරවිට මේ ගිනි ගොඩට අපි අවටින් අහුලාගතහැකි කොස් ඇට හෝ කජු ඇට දමා
පුලුස්සා කන අවස්ථාද ඇත. කථා කියමින් සිසෙමින් ගෙවූ එම අවස්ථාවන් අද මට සිහි
ගන්වන්නේ ගොඩ් මස්ට් බී ක්‍රේසි චිත්‍රපටයේ එන අප්‍රිකානු ගෝත්‍රික ජීවිතයයි. අද
කාලයේ නම් අපේ දරැවෙකුට වුවද අපි ගිනි ගොඩක් ලඟට තබා ගෑස් ලිප අසලටවත් යන්නට
දෙන්නේ නැත.
.........................................
No comments:
Post a Comment