Saturday, July 16, 2016

තවත් කාලීන සිදුවීම් විචාර හා තොරතුරු රැගත් විවිධාංග බ්ලොග් එකක් " හෙට එච්චර කළුවර නෑ..! "

බූට් කෑමේ නිවැරදි ක්‍රමය

කෙල්ලෙක් කොල්ලෙක්ට බූට් එකක් තිබ්බොත් හෙවත් ආදර සබඳතාවයකට නැවතීමේ තිත තිබ්බොත් ගොඩක් අය ඒක සලකන්නෙ මහා සහගහන අපරාධයක් විදියට.

කොල්ලෙක් කෙල්ලෙක්ට බූට් එකක් තිබ්බත් එහෙමයි.
කට්ට කාලා කාලා අමාරුවෙන් යාලු කරගෙන, ගෙදර ඈයන්ගෙන් ගේම ඉල්ල ඉල්ල අමාරුවෙන් කරගෙන ගිහින්, අතේ තියෙන තුට්ටු දෙක හිඳෙනකන්ම වියදන් කරල, හීන දාහක් තියන් කරපු ප්‍රේමවන්තයා/ප්‍රේමවන්තිය එකපාරම බූට් එක තිබ්බොත් එහෙම දේකට කොහොමද මූණ දෙන්නෙ?
ගොඩක් අය වරද්දගන්න තැනක් තමා මේක. මගේ දැනීමේ හැටියට ගොඩක් අය බූට් එක කන්නේ මෙහෙමයි..
අපේ කොල්ලො (හැමෝම නෙමේ) කරන්නේ මුලින්ම කෙල්ලව ශේප් කරගෙන ආයෙ යාලු කරගන්න උත්සාහ කරන එක. අන්තිමට ඕක කෙල්ලට වාතයක් වෙන තත්වයටම පත්වෙනවා. කොටින්ම කියනවා නම් කෙල්ල පස්සෙන් බල්ලෙක් වගේ නැට්ට වන වන වැඳ වැඳ යන තත්වයටම පත්වෙනවා. ඒකත් හරි ගියේ නැති වුනාම ඕකෙ ඊලඟ ලෙවල් එක තමා ගේම ඉල්ලීමේ ලෙවල් එක. මරාගෙන මැරෙන්න සූදානම් වෙන පලිගැනීමේ ලෙවල් එක. යාලුවෝ දමා තමා එක දවසක් හරි ආදරේ කරපු ඒ කෙල්ලව චාටර් කරන ලෙවල් එක. මඩ ගහන, නම කැත කරන, තමාගේ සහ ඇගේ ලිංගික ජීවිතය ගැන අනිත් අයට කිය කිය, ඇගේ අලුත් පෙම්වතාගේ ජීවිතයට තර්ජනය කර කර, වෙඩින් ගන්න දෙන්නේ නෑ කියල තර්ජනය කරන ලෙවල් එක. ෆොටෝ තියෙනව නම් ඒව දාල කෙල්ලගේ නමින් ෆේක් අකවුන්ට් එකක් හදල ඒකෙන් මෝඩ චූන් ගන්න ලෙවල් එක. ෆේස් බුක් එකේ බූට් ස්ටේට්ස්, බූට් ෆොටෝස් දමමින් අන් අයගේ අනුකම්පාව සහ අවධානය හිඟාකන ලෙවල් එක…
...........................................................

පිවිසුම
https://asammathasatahan.wordpress.com/ 

No comments:

Post a Comment