Sunday, July 10, 2016

තොරතුරු විවිධාංග සාහිත්‍යමය රසවින්දන සමගින් අළුත් විවිධාංග බ්ලොග් එකක් " සීමා මායිම් ඉක්මවා "

ඔබේ කරුණාවට ස්තූතියි


දහම සොයා..-අංක:-1
.................................
ඔබේ කරුණාවට ස්තූතියි ...
මා සංවේදනා සුසුම් අතරින් කාලයක් පුරාවට මහා ගිනි ජාලාවක් මැද තනිව කාලයක් ගෙවී ගිය බව මා පමනක්ම දනිමි...ඒ කුමන් නිසාදැයි මට නොතේරුම්කමක් නැත්තේම නැත.කෙතරම් එය පැවසූවත් හිතේ ගින්දර තව තවත් ඇවිලෙනවා මිසක්ක එය සිහිල් නෙවෙන නිසා මා මේ අවස්තාවේ එය මතක් නොකරමි.ලෝකයේ බොහෝ දේ සිදු වන්නේ අප නොසිතන දේවල්ය."අචින්ති තම්පි බවති චින්ති තම්පි විනස්සති"බුදුන් දෙසූ ඒ වදනට අනුවනම් සත්තකින්ම මා ජීවිතය අවබෝධ කරගන්නේ බුදු දහමට අනුවය.ලෝකය යම් තරමින් මා අල්වාගෙන එහි යම් යම් තැන් අවබෝධයකින් පසුවෙමි.සිත නිවන සැනසිල්ල පතා එකම එකම වතාවක් මා  බුදු දහම සොයා සංසාරයේ කී වතාවක්නම් ඇවිද ගොස් අත්ද?කියා මා නොදනිමි.නමුදු මේ ආත්ම භාවයේදී මම එය අවබෝධ කරගන්නට වෙහෙස වෙමි.යම් යම් උත්සහ දරමින් ලෝකයෙ පවතින් එකම දෙය එසේත් නැතිනම් පඨවි ,අපෝ, තේජෝ,වායෝ,නම් මහා භූතයන්ගේ එකතුව මා සොයමි.  තද ගතිය අලෙන සුළු බව මා දැන් මද පමනින් අවබෝධ කර ඇත්තෙමි.නමුත් මා සසරේ අතිර බව බොහෝ ලෙසින් දැනගෙන සිටිමි නමුත් අවබෝධ කර ගැනීමට යම් මැලි බවක් දක්වමි .එයට හේතුව වනු ඇත්තේ නිතැතින්ම මාගේ කෙළෙස් මාරයා නිසා වනු ඇතියි මට සිතේ .සසර ගමනේදී මට එය යම් තැනකදී එයද අවබෝධ කර ගැනීමට අපහසුතාවයක් නොවේ යැයි මා සිතමි.පෙර හුරුව ඇති බැවින් යම් තැනකදී එය මට අවබෝධ  වෙවි.ඉතින් සමිඳ මා වෙත කරුණා කලා ඔබ වහන්සේට කෘතවේදීත්වය පුද කරමි.
......
සිරිවිමල හිමි..
..............................................

පිවිසුම 
 

No comments:

Post a Comment