Thursday, October 29, 2015

තොරතුරු විචාර හා සාහිත්‍ය රසවින්දනාත්මක විවිධාංග බ්ලොග් එකක " SLWAYS.COM "

රතු හිවලා

සීතල නදීට අලුත් දෙයක් නොවේ. ඇඟට දැනෙන නොදැනෙන තරමේ සිතලකටත්, තම දෙමවුපියන් තුරුලේ ගුලිවෙන සිඟිති දරුවන් අතරේ නදීව උණුසුම් කලේ මහා විශාල කාමරයක් තුල වාසය කල ප්‍රාණයක් නොමැති පුළුන් පුරවන ලද සතුන්ය. ඉතින්, මහා පාන්දරක දැනෙන මෙවන් සීතලක් වුවත් ඉවසන්නට නදීට හැකිය. ඒ හැකියාව ඇයම ප්‍රගුණ කරගත්තක් විය.
මිදුම තුලින් විනිවිද ආ වීදි ලාම්පුවේ මූසල එළියත්, බස් රථයක් එනතුරු කල්මරන කඩිසර මිනිසුන්ගේ නිදිබරිත මුහුණුත් නදී තුල ජනිත කලේ කාලකන්නි කළකිරීමක සිතිවිලිය.
එහෙත් එය අරුමයක් නොවන්නේ,සාමාන්‍යයෙන් ස්වභාවධර්මයාගේ හැසිරීම් රටා තුලින් මතුවන අසිරිමත් බවක්ට නදීගේ සිතිවිලි තුල ඉඩහසරක් නොමැති වීම හේතුවෙනි.එම සිතිවිලි සෑම විටකම ඇයට කරදරයක්ම පමණක් විය.මේ අමුතු ජිවන රටාව නදී විසින්ම ඇතිකරගත්තක් නොවේ.ඇය වටා ගොඩනැගුනු විනාශකාරී පවුල් පසුබිම ඇගේ මේ චර්යාවන්ට උඩගෙඩි දුන්නේය. එසේ නදීගේ සිතේ ඇති වූ විරූපී සිතුවිලි මදක් හෝ සිමා කලානම්,පෙර කී පුළුන් පිරවූ සතුන්ගේ ආදරය විය හැකිය.ඇයට තනිව ජිවත් වෙන්නට වුවමනා නොවිය. එහෙත් අවට සමාජය සමඟ ගැටෙන්නද ආශා නොකලාය.ඇය තනිකම මගහැර ගත්තේ අධි සුපෝඛබෝගී කාමරය තුල සිටි ප්‍රාණයක් නොමැති සුරතලුන්ගෙනි.ඇගේ ලෝකය එකී සුරතලුන් පමණක්ම විය!

භාහිර සමාජය හා නොගැටෙන්නට නදී උත්සාහ කලද එය තාත්වික නොවීය.ඇගේ මේ අත්භූත චර්යයා ඇතුලත් ජිවන වෘතාන්තය සටහන් කරන්නට භාහිර සමාජයේ උපකාර ඇයට අත්‍යවශ්‍යය. ඇය එය සැහෙන තරමකට වටහා ගෙන ඇත.එය යතාර්ථයක් කරමින් නදී මේ යන්නේ භාහිර ජිවිත හා ගැටෙන්නටය.ඒ මහා කාලයකට පසුවය. භාහිර යැයි කීවට හුදෙක් එය භාහිර සමාජයම නොවීය.නදී මේ ගැටෙන්නට යන්නේ තමා මේ අභූත ලෝකයට ඇද දැමු දෙමාපියන් මුණ ගැසීමටයි. නදීගේ ජිවිතයේ ඇති අප්‍රසන්නම හා අත්‍යාවශයම ගැටීම වන්නේද මෙයයි. මක් නිසාද යන්න වටහා ගැනීමට නදී තම දෙමාපියන් හා ගැටෙන තෙක් බලා හිඳිම සුදුසුය.

.................................................... 

පිවිසුම
http://www.slways.com/

No comments:

Post a Comment