දිනෙක විකසිත පෙති
ළපටි වටකුරු නෙත් යුගින් මතුවුන
දිලෙන බියමුසු බෑල්ම,
ඉඳින් මගහරිමි මම, මටම රහසින් ලුහු බඳින තෙක්..
දිලෙන බියමුසු බෑල්ම,
ඉඳින් මගහරිමි මම, මටම රහසින් ලුහු බඳින තෙක්..
සන්සුන් උවන, සිල්ගත් පිළි, වසා සිටින
යොවුන් සිතුවිලි අවදි වන තෙක්…
යොවුන් සිතුවිලි අවදි වන තෙක්…
මුවැත්තියක දෙතොල් මදින් මද නැගෙන දගකාර
සිනහව සොඳුරු වන තෙක්..
සිනහව සොඳුරු වන තෙක්..
ඒ පියුම කුලුදුලේ තම ප්‍රථම පිනි බිඳු විඳ ගැනුම තෙක්…
බලා හිඳිනෙමි පිපෙනු ඉඩ හැර,
පිපෙන දිනකදි රකින්නට ඇති තෙක්…
පිපෙන දිනකදි රකින්නට ඇති තෙක්…

..........................................
පිවිසුම
http://ucsc.lk/students/blog/
No comments:
Post a Comment