Sunday, October 25, 2015

අළුත් සාහිත්‍යමය රසවින්දන විශේෂාංග බ්ලොග් එකක් " අමාගේ හීන සාප්පුව "

කොටහළු ගෙදර

මේ බිනර මාසේ..බිනර මල් කොච්චරවත් පිපිලා වැලි මිඳුලේ වැතිරිලා ඉන්නේ මේ කාලෙට තමා...කොහොමත් බිනර වැස්සට ගහක මලක් කොළයක් බිමට නොවැටි තියෙන්නේ කලාතුරකින්...ඒ තරම් බිනර වැස්ස හරිම තදයි...මම ඉන්නේ අපේ ගෙදරටම තියෙන කාමර දෙකෙන් සේපාලිකා ගහ ගාව තියෙන පුංචි කාමරේ එක මුල්ලක...කලින් දවසේ යටි බඩ රිදෙන්න ගත්තම අම්මා සූදුරුයි සුදුළුණුයි බැදපු වතුර දුන්නා මට යාන්තම් මතකයි...උදේ නැකිටින කොට අම්මා මම කොටහළු වෙලා නිසා මේ කාමරේ මුල්ලක ඉන්න ඕනි කියලා කම්මුළ් දෙපැත්ත තද කරලා ඉම්ඹා..සේපාලිකා මල් මේ වෙලාව වෙනකොට බිම වැටිලා සුදු රෙද්දක් වගේ..ජනේලේ වහලා තිබ්බට සුවඳ මල් ගහ යට ඉන්නවා වගේ දැනෙනවා...ආච්චි අම්මා දැන් වරු ගානක් තිස්සේ මං ලඟ...ආච්චි අම්මා එක්කම මුට්ටියක බැහැලා මම දිහා බලාගෙන ඉන්න පොල් මලත් මට තනි රකිනවා....
කාමරේම ගිලිලා තිබ්බේ අළු පාට කළුවරක...භූමිතෙල් ගඳ මුහු වෙච්ච චිමිණි ලාම්පු එළියෙන් මට ආච්චි අම්මාගේ මූණ පේනවා....ආච්චී අම්මා නින්දත් නොනින්දත් අතර යාන්තම් ඇස් පියාගෙන වුන්නා...කාමරේ දොර වහලා නිසාත් ජනේලෙ වහලා නිසාත් පිට සිද්ද වෙන දේවල් ඇහෙනවා මිසක් පේන්නේ නැහැ...මට ඒක හරියට රේඩියෝ අහනවා වගේ හැඟිමක්...
 "දුවගේ කොටහළු නැකත අප්පච්චිට හොද නැහැලු"
එහෙම කිව්වේ අම්මා කියලා කටහඬින් අදුන ගන්න පුළුවන්...
අප්පච්චි කලේ උගුර පාදපු එක විතරයි...අම්මා දොර ඇරගෙන ආවේ ඒ වෙලාවේ...
 "දුවේ බත් කටක් කමු නේද?" කියාගෙන අම්මා සුදට හදපු මොනවාද මන්දා කැව්වා...අප්පච්චි ගෙනාපු මුද්දරස්පලම් හම්ම වුනේ බත් ඔක්කෝම කැවට පස්සෙ...පොල් මල මැද්දෙන් පත්තු වෙලා තියෙන පොල් තෙල් පහන නිසා පොල් මලේ කළු පාට දුම් බැඳිලා...අම්මා ආයිත් එළියට ගියාම ආච්චි එක්ක කාමරේ තනි වුනා....

............................................... 

පිවිසුම
http://amagesihinasappuwa.blogspot.com/ 

No comments:

Post a Comment