Friday, October 2, 2015

අළුත් තොරතුරු විචාර හා විවිධාංග බ්ලොග් පිටුවක් " මගේ බ්ලොග "

01. මාධ්‍යයවේදියාගේ අපූරු උපාය...

එක මනුස්සයෙක් හිටියා. එයා මාධ්‍යයවේදියෙක්. එයාගේ රස්සාවනේ ඉතින් පුවත් වාර්තාකරණය කියන්නේ. ඒ නිසා මේ මිනිහා මොන දේ කරත් කොහෙන් හරි ප්‍රවෘත්තියක් මවලා හරි තමන්ගේ සාක්කුව පුරවා ගන්න තමයි උත්සාහ කරේ...
මෙයා යන යන තැන පොඩි කැමරාවක් අරන් යන්නෙත් කවදා කොතැනක කෙලෙසක අලුත් දෙයක් වෙයිද කියලා නොදන්න නිසාමයි. ඒ වගේම හැම දෙයක් ගැනම පුදුම විපරමකින් තමයි හිටියේ...


එක දවසක් පාරේ යනකොට මෙයාට කතාවක් ඇහුණා. ඒ කොල්ලො දෙන්නෙක් ගේ පොඩි කතාවක්. මේ කෙනා තමන්ගේ වැඩෙත් කල් දා ගෙන ඒ කතාවට ඇහුම්කන් දෙන්න පටන් ගත්තා...

"එතනමයි ලු නේද?"
"ඔව් මචන්, එහෙම තමයි ආරංචිය."
"යමුද බලන්න?"
"යමන් යමන්."

මේ ටික ඇහුණා විතරයි මේ මිනිහා තවත් ඒ පැත්තට කණ් දෙන්න උණා. යන ගමනත් නතර කරලා කොල්ලො දෙන්නා පස්සේ වැටුණේ තවත් ඒ ගැන තොරතුරු ටිකක් හොයා ගන්න බලාපොරොත්තුවක් ඇතුවයි.
කැමරා එකත් ලෑස්ති කර ගෙන කොල්ලෝ දෙන්නා පස්සේ මෙයා දැන් යන්නේ
"අනතුරක්"
කියන එක ඉවකින් වගේ දැනිච්ච නිසා...


පිවිසුම
http://magebloga.blogspot.com/ 

No comments:

Post a Comment