Monday, October 26, 2015

සර්ථක බ්ලොග් රචකයෙකු විසින් බ්ලොග් නොලියන අයගේ නිර්මාණ එළිදැක්වීමට ගත් අනර්ඝ උත්සහයක් " ඔබත් මමත් "

ආදරයේ තවත් එක කතාවක්....

ඉස්සර වාගේ තුරුලේ ඉන්නට
අවසර නැතිමුත් ලොවට හොරෙන්
ඉස්සර වාගේ මා හමුවන්නට
නාවත් හිනැහී ආදරයෙන්
තාමත් මතකයිහිනැහුනු ඔය ඇස්
සෙනෙහස පුරවන් පොකුරු පිටින්
ඉඩ දෙනවාදෝ ඔබේම වෙන්නට
ඔය උනුහුම ලඟ එක මොහොතක්...
එය මට මුලු අහසක්...
ඉස්සර දවසක උනුසුම විද විද
ආදර ලොවකට පාර කියූ
සුන්දර සිහිනය ආයෙත් විඳිනට
එන්න යලිත් මා ලඟට කියූ
පෙම්බර ඔබ හැර වෙන අන් සිතකට
කිසිවිටෙකත් සිත වසඟ නොවූ
පින්බර දවසක ඔබෙ අත අරගමි
පෙම්බර විලසට සිහින මැවූ...
හීන දිගන්තය අද්දර ඉඳගෙන
ඔය නිල් නෙතු යුග දිහා බලන්
ඔය තුරුලේ සැතපී නැලවෙන්නට ආසයි
ඔය පපුතුර මගෙ මුහුන හොවන්
එන්නම් දිනයක ලස්සන උදයක
අලුත් ඉරක් යට ආදරයෙන්
අවසර දෙනුමැන ඔබේම වන්නට
මතු උපදින සැම බවයකමත්...
.............................................

පිවිසුම
http://obathmamath.blogspot.com/ 

No comments:

Post a Comment