Monday, October 19, 2015

තොරතුරු කාලීන සිදුවීම් විචාර ඇතුලත් විවිධාංග බ්ලොග් එකක් " සංවේදී "

රාජ්‍ය සම්මාන මායාව සහ ග්‍රන්ථ ප්‍රකාශක මාෆියාව

මගේ පියාගේ කෘතියක් රාජ්‍ය සම්මානයක් උදෙසා නිර්දේශ වී ඇති බව අහම්බයෙන් දැනගන්නට ලැබුණි. (Link) මුළදී මා එය විශ්වාස නොකළත් (ඔහුගේ කුසලතාවය පිළිබඳ අවිශ්වාසයක් නිසා නොව, රටේ ක්‍රමය පිළිබඳව ඇති සුපහන් සංවේගය හේතුවෙන්) එය සත්‍යයක් බව දැනගන්නට ලැබුණි. 
මේ ඒ පිළිබඳව උදම් ඇනීමක් නොව, කලාකරුවෙකුගේ ජයග්‍රහණයක කැටිව ඇති, මතුපිටින් ලොවට නොපෙනෙන කටුක යථාර්ථය පිළිබඳ හෙළිදරව්වක් යයි කිවහොත් වඩාත් නිවැරදිය.
'පළමු දඩයම' මෑතකදී ග්‍රන්ථයක් ලෙස දොරට වඩින්නට පෙර එය පළමු වරට උපත ලැබුවේ වේදිකා නාට්‍යයක් ලෙසටය. ඒ අතීතය මින් වසර 8ක්, එනම් 2007 දක්වා ඈතට දිව යයි. නමුත් එහි වස්තු බීජය ම'පියාගේ සිත තුළ පිළිසිඳ ගන්නට ඇත්තේ ආසන්න වශයෙන් මීට දශකයකට පමණ පෙරාතුව ය.
එයට මුල්වූ සංවේදී අත්දැකීම නොහොත් වස්තු බීජය බොහෝ දෙනා නොදනී. සිද්ධිය සැකෙවින් මෙසේය:
දැන් විශ්‍රාම සුවයෙන් පසුවන ම'පියා එකල මාතර නගරයේ ප්‍රමුඛතම බාලිකා විද්‍යාලයක නාට්‍ය හා රංග කලාව පිළිබඳ ඇදුරුතුමන් විය. 
වෙනත් සංස්කෘතියක් නියෝජනය කළද, නාට්‍යකරණයට සහජ දක්ෂතා පෙන්නුම් කළ දක්ෂ ශිෂ්‍යාවක් විය. ජීවිතයේ සාමාන්‍යපෙළ කඩඉම වුව පසු කළේ නොමැති වුවද ඇගේ දෙමාපියන්ගේ අභිලාෂය වූයේ ඇය කුඩා කලම ගිවිසගත් පරිදි වය්‍යාපාරික තරුණයෙකුට විවාහ කර දීමය. මේ පිළිබඳව සිසුවිය  තුළ අබමල් රේණුවකුදු කැමැත්තක් නොවුවද, දෙමාපියන් ඒ සඳහා ඇයට බලකර සිටින්නට වූහ. මේ පිළිබඳ සිත් තැවුලෙන් නොකා නොබී දින ගත කළ ඇය පිළිබඳ ම'පියාට දැනගන්නට ලැබුණි.  ඔහු ඇගේ නිවසට ගියේ ය. එහිදී ගුරුවරයෙකු වශයෙන් ඔහු හද කම්පා කරවන අත්දැකීමකට මුහුණ පාන්නට සිදුවිය.
..................................................

පිවිසුම
http://sanwedi.blogspot.com/ 

1 comment:

  1. හරි හරි මගේ ළග තියෙනවා

    ReplyDelete