Saturday, June 13, 2015

ඉතා වැදගත් නවලොව දැනුම හා තොරතුරු තාක්ෂණ වෙබ් අඩවියක් " TechGuru.lk "

BlackBerry සමාගම Android දුරකථන නිකුත් කළහොත් ඔවුන්ගේ අනාගතය කෙසේ වේවිද? 

 
BlackBerry සමාගම වරක් ජංගම දුරකථන ක්ෂේත්‍රයේ පුරෝගාමියා වුනා. පසුගිය වසර 8 පුරාවට iPhone සහ ප්‍රසිද්ධ Android දුරකථන කීපයක් සමග දැඩි තරගයකද නිරත වුවා. නමුත් දැන් ඔවුන්ට හිමි වී ඇත්තේ සියයට 1 ටත් අඩු වෙළඳපොළ කොටසක්.
ඔවුන්ගේ ඉදිරි ජංගම දුරකථන, Android මෙහෙයුම් පද්ධතිය මගින් බල ගන්වන්නට යන බව වාර්තා වනවා. මේ වසරේදී නිකුත් වීමට නියමිත නවතම slider වර්ගයේ දුරකථනය Android සමග පැමිණෙනු ඇතැයි රොයිටර් පුවත් සේවය පසුගියදා වාර්තා කලා. මෙම දුරකථනය ස්පර්ශ සංවේදී තිරයකින් සහ යතුරු පුවරුවකින් සමන්විතයි.
2014 වසර වන විට BlackBerry මෙහෙයුම් පද්ධතිය භාවිත කලේ 0.4% වැනි ඉතා සුළු පිරිසක් පමණයි. ඒ නිසා තම මෙහෙයුම් පද්ධතිය අත හැර Android වෙත මාරුවීමට තීරණය කරන්නට ඇත. කෙසේවෙතත් මේ රොයිටර් වාර්තාවට BlackBerry සමාගම ප්‍රතිචාර දැක්වීම ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. නමුත් ඔවුන් විද්‍යුත් තැපෑල හරහා යැවූ ප්‍රකාශයක දැක්වෙන්නේ තව දුරටත් ඵලදායිතාවය සහ ආරක්ෂාව වැඩි BlackBerry 10 මෙහෙයුම් පද්ධතිය වෙනුවෙන් කැප වී ක්‍රියා කරන බවයි.

“We don’t comment on rumors and speculation, but we remain committed to the BlackBerry 10 operating system, which provides security and productivity benefits that are unmatched,” a BlackBerry spokesperson told Reuters. BlackBerry 10 software was released in January 2013 and powers devices such as the BlackBerry Z10, BlackBerry Q10, BlackBerry Passport, BlackBerry Z30 and BlackBerry Q5″
තවද Google සමාගමද මේ සදහා ප්‍රතිචාරයක් දැක්වුයේ නැහැ. මේ වසරේ පැවැත්වුණු Mobile World Congress හි දී BlackBerry සමාගම නව ජංගම දුරකතනයක් නිවේදනය කලා. එය Samsung Galaxy S6 Edge හි මෙන් curved display එකකින් යුක්ත වුනා. නමුත් එය slide-out යතුරු පුවරුවකින්ද සමන්විතයි. නමුත් එම දුරකථනය රොයිටර් වාර්තාවෙහි සදහන් දුරකතනයද යන්න තහවුරු වී නැහැ. “Leap” ලෙස නම් කර ඇති සම්පූර්ණ ස්පර්ශ සංවේදී තිරයක් සහිත දුරකථනයක්ද ඔවුන් මේ සමුළුවේදී නිවේදනය කරලා.

....................................................

පිවිසුම

http://techguru.lk/ 

1 comment:

  1. min lankawe h4n walata+ milata ikman balapAmak eyida?

    ReplyDelete